සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු ආරාධිත පිල අතර බිනෝනිහිදී පැවැති තුන්දින පුහුණු ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය. තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ ඊයේ (11) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල කඩුලූ තුනක් දැවී ලකුණු 207 ක් ලබා සිටියේය. තරංග පරණවිතාන විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 161 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 100 ක් ලබා සිටියදී සෙසු පිතිකරුවන්ට අවස්ථාව ලබා දෙමින් පිටියෙන් ඉවත් විය. පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු ආරාධිත පිල සියලූ දෙනා දැවී ලකුණු 357 ක් රැස් කළේය. මෙහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ දිල්හාර ප‍්‍රනාන්දු ලකුණු 76 කට කඩුලූ හතරක් දවා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් ප‍්‍රදීප් මෙම තරගයේ පන්දු යවමින් සිටියදී ආබාධයකට ලක්වීමෙන් තරගයෙන් ඉවත්වීමට සිදුවිය. මෙම තරගයේදී නුවන් ප‍්‍රදීප්ට යැවිය හැකි වුයේ ඕවර 1.4 ක් පමණි. නුවන්ගේ ආබාධය තරමක් අසාධ්‍ය තත්ත්වයේ ඇති බවත් ඔහුව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සිදුවනු ඇති බවට ද වාර්තා වේ. වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ පළමු දිනයේ තරගය පැවැත්වීමට නොහැකි විය. ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය මේ මස 15 වැනිදා ආරම්භ වේ.
දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට
පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප
පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පරණවිතානගෙන් ශතකයක්