IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ප්‍රතිපත්තිවලට එකඟ නම් රනිල්ට පොහොට්ටුවේ ඉඩ තියනවා

(යොහාන් භාසුර)

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති කරුණු සමඟ එකඟ විය හැකි නම් තව දුරටත් එම පෙරමුණ තුළ ඉඩ ඇති බවත් වික්‍රමසිංහ මහතාගේ එම වාසනාවන්ත අපේක්‍ෂකත්වය එම පක්‍ෂයේම කණ්ඩායමක් නැති කළාදෝ යන ගැටලුව මතු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද (30) පැවසීය.

ධම්මික පෙරේරා මහතාගේ ව්‍යාපාරික ප්‍රතිපත්ති සහ පොදුජන පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්ති ගැලපුණ හොත් වාසනාවන්තම අපේක්‍ෂකයා ධම්මික පෙරේරා මහතා වියහැකි බව කී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රධාන අපේක්‍ෂකයන් හතර දෙනෙක්, බලකඳවුරු හතරක් අතර සටනක් වන මෙවර ජනාධිපතිවරණයේදී සංඛ්‍යා ලේඛණ අනුව පොහොට්ටුවේ අපේක්‍ෂකයා නියත වශයෙන්ම ජය බව ද සඳහන් කළේය.  

කොළඹදී අද (30) පෙරවරුවේ පැවැති උත්සවයකට සහභාගි වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා එසේ පැවසීය.

ව්‍යාපාරික සහ ආර්ථික ඇසක් නම් ධම්මික පෙරේරා මහත්මයා ද, තරුණ සහ ආර්ථික ඇසක් නම් නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා ද, ජ්‍යෙෂ්ඨයෝ හැටියට බලනවා නම් තමවත් කණ්ඩායමක් එම පක්‍ෂය තුළ සිටින බව ද ඒ මහතා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වර්තමාන ජනාධිපතිතුමා එම ධූරයට පත්කළ පසු ඇමතිකම් සහ රාජ්‍ය ඇමතිකම් ඇතුළු විවිධ තනතුරු දරපු අය වැඩි සමීපභාවයක් ඇති බවත් ජනාධිපතිවරයා ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටීම නිසා ජයග්‍රහණය කරවිය හැකි යැයි ඔවුන් විශ්වාස කරනවා ඇති බවත් ඒ මහතා කීය.

පොදුජන පෙරමුණ අතහැරලා ඔවුන් වෙන පැත්තකට ගොස් ඇතැයි හෝ පක්‍ෂය ඔවුන්ව නෙරපාහැරියා හෝ නිලවශයෙන් කිසිඳු තීරණයක් නොමැති බවත් පොදුජන පෙරමුණ එක කණ්ඩායමක් හැටියට නවක අපේක්‍ෂකයෙක් සමඟ දේශපාලන ගමන යෑමට තව දුරටත් උත්සහ කරන බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙරට ලියාපදිංචි, වැඩිම ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් පත්කළ පක්‍ෂයක් වන බව කී ඒ මහතා කිසිඳු කෙනෙක්ට තනි තනියෙන් තීරණ ගත නොහැකි බව ද සඳහන් කළේය.

හැටනව ලක්‍ෂයේ ජනවරම තියෙන්නේ කොහෙද පිළිබඳව තව නොදන්නා නිසා ජනතාවට වගකියන පක්‍ෂයක් හැටියට පුද්ගල චරිතවලට අවශ්‍ය ආකාරයට කටයුතු කළ නොහැකි බවත් අනිවාර්යෙන්ම පොහොට්ටුවෙන් අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බවත් තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවසන් මැතිවරණයේදී ඡන්ද ලක්‍ෂ 70 ක් ගත් පක්‍ෂයක් වීම නිසා ඡන්ද ලක්‍ෂ 30 කින් ආරම්භ කළ හැකි එකම පක්‍ෂය එම පක්‍ෂය බවත් අවසන් මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද විසිහත් ලක්‍ෂයක්, අනුර කමාර දිසානායක මහතා ඡන්ද ලක්‍ෂ හතරක් සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඡන්ද ලක්‍ෂයකටත් අඩු නිසා මනාප ගණන් නොකළ බවත් ඒ මහතා කීය.

අපේක්‍ෂකයා පිළිබඳව ගැටලුවක් නොමැති මෙන්ම පක්‍ෂයේ ඡන්ද පදනම පිළිබඳව විශ්වාසයක් තිබෙන බව කී ඒ මහතා පැවසුවේ මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්‍ෂ 35 ක් 40 ක් ජනාධිපතිවරණය ජය ලැබීමට ප්‍රමාණවත් වනු ඇතැයි විශ්වාස කරන බවත්ය.



අදහස් (7)

ප්‍රතිපත්තිවලට එකඟ නම් රනිල්ට පොහොට්ටුවේ ඉඩ තියනවා

අරවින්ද මොනරවිල Tuesday, 30 July 2024 03:29 PM

ඇට පිටින් ගහලා මරු කියවනවා පිස්සා.......

:       3       45

ගමේ එකාලා Tuesday, 30 July 2024 03:55 PM

පොදුජන පෙරමුණට මොනවද තියෙන ප්‍රතිපත්ති? මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය මැරකම්,බොරුව,රැවටිලි ,,බලතණ්හාව මිසක් වෙන මොනවද?

:       4       44

බණ්ඩා Tuesday, 30 July 2024 04:26 PM

හරි මිනිහෙක් මේ කියන්නේ.Lol ඒත් ඇත්ත මේක! උපුටා ගැනීම: “ එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චඳ්‍රසේන ඒ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.”

:       0       21

මහසෙන් Tuesday, 30 July 2024 04:30 PM

ධම්මික පෙරේරා මහතාගේ ව්‍යාපාරික ප්‍රතිපත්ති සහ පොදුජන පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්ති ගැලපුණ හොත් වාසනාවන්තම අපේක්‍ෂකයා ධම්මික පෙරේරා මහතා වියහැකි බව කී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රධාන අපේක්‍ෂකයන් හතර දෙනෙක්, බලකඳවුරු හතරක් අතර සටනක් වන මෙවර ජනාධිපතිවරණයේදී සංඛ්‍යා ලේඛණ අනුව පොහොට්ටුවේ අපේක්‍ෂකයා නියත වශයෙන්ම ජය බව ද සඳහන් කළේය. *** චන්දේ තියන්නකො..ආස හිතෙන ප්‍රථිපලයක් ලැබෙයි ..

:       2       40

Sidda Tuesday, 30 July 2024 04:36 PM

රනිල් පොහොට්ටුවට ගැලපෙන්නේ නෑ. ඒ වගේම පොහොට්ටු හැටියට පෙනී සිටි කොටසක් ඒ අය මනමේ කුමරියන් බව දැන් ඉතින් පෙන්නලා තියෙනවා. ඒ මනමේ කුමරියන් හට යන තැනක යන්න කියලා (හොරු ගොඩක් ගියා කියලත් හිතාගන්න) ඉතුරු අය දැන්වත් තමුන් කලදේ ගැන හිතලා වැරදි හදාගන්න පුලුවන්ද බලන්න. රනිල් මනමේ කුමරියන්ව බාරගෙන ඒ අය ඉල්ලන සැප සම්පත් දේවිද නැත්නම් තමන්ගේ වැදි කණ්ඩායම එක්ක පුරුදු විදිහට ගමන යාවිද කියන එක ඉස්සරහට අපිට පෙනේවි. නමුත් ඔය මනමේ කුමරියන් ටිකව නම් ආපහු පොහොට්ටුවට ගන්න එපා.

:       4       17

Dayan Tuesday, 30 July 2024 04:41 PM

ආසයි බයයි .ඕනෑම පක්ෂයක් යටතේ තරඟ කළත් පක්ෂ දෙකම පරාජය වෙනවා.

:       1       25

Bamal Tuesday, 30 July 2024 05:39 PM

ඔයා කවුද? රනිල්ට ඕඩර් දෙන්න ඔයාට තියෙන ඔය අසනීපයට තවමත් බෙහෙත් හදලා නැහැ. ඔයාට තියෙන අසනීපය බෙහෙතක් හදනතුරු මොන්ටිසෝරියකට යන්න...

:       0       19

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2713 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1955 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2826 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2864 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 651 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1292 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36028 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 515 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site