පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථි වෙබ් නාමාවලිය විශ්ව විද්‍යාලයීය කලාගාරයේදී බදාදා පස්වරු 2.00 ට විවෘත කිරීමට නියමිතය.
1942 සිට 2012 උපාධි ප්‍රදානෝත්සවය දක්වා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබු සියළු උපාධිධරයින්ගේ විස්තර ඇතුලත් ප්‍රථම නාමාවලිය මෙයයි.
ලොව පුරා විසිරී සිටින පේරාදෙණිය විද්‍යාර්ථින් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධකර ගැනීමට මෙම වෙබ් අඩවියෙන් හැකි බවත් එමගින් පේරාදෙණිය සරසවියට අත්‍යවශ්‍ය දකුණු ආසියා කලාපයේ පර්යේෂණ හා පරියේෂණ පුහුණ මධ්‍යස්ථානයක් තනා ගැනීමට සහය ලබා ගැනීමට හැකි වනු ඇති බවත් සංවිධායක කමිටුව වෙනුවෙන් ආචාර්ය නිමල් හෙට්ට් ආරචිචි කියයි.
හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ ආචාර්ය විමල් ප්‍රනාන්දු එම කමිටුවේ කමිටු සාමාජිකයෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක් (නි)
ඉතාම වැදගත් ක්‍රියාවක්.පේරදෙණි සරසවි මාතාවගේ සුජාත දූ පුතුන් රටට වැඩදායක විදියට සමාජයට එක වෙලා ඉන්නවා (නි)
ඉතාමත් උසස් වැඩක් අපේ සුභ පැතුම් (දී)
කාලෝචිත පියවරකි. තෙරුවන් සරනයි. (නි)
මෙය ලෝකයේ අනෙකුත් රටවල සිටින අප විද්‍යාර්තීන් එකට එකතු කිරීමේ මහඟු ප්‍රයත්නයක් බව මගේ හැගීමයි. (නි)
සතුටුයි. ජයවේවා..!!! (නි)
අගය කළ යුතු උත්සාහයක්. උපාධි තියෙනවා කියා කියා ඉන්න බොරු කාරයන්වත් අල්ල ගන්න පුළුවන් වේවි කියලා හිතනවා. (නි)
හොඳ වැඩක් ...අපිට එකතු වෙලා වැඩක් කරන්න පුළුවන්.. (ස)
වෙබ් අඩවිය ගැන ප්‍රවෘත්තිය තිබ්බට ඒකේ වෙබ් ලිපිනය දාලා නැහැනේ (නි)
කාලෝචිතයි. උගතුන් හමුවීමට සහ ඉගෙනීමට උපකාර ගන්න අයට ප්‍රයෝජනවත්. (ස)