IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පේරාදෙණිය සරසවිය දින නියමයක් නොමැතිව වසා දමයි

( චමිල් රූපසිංහ)


පේරාදෙණිය විශ්ව විද්‍යාල්‍ය දින නියමයක් නොමැතිව වසා දැමිමට විශ්ව විද්‍යාල පාලක සභාව තීරණය කර තිබේ.


දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඇතිවි ඇති අර්බුදකාරි තත්වය හේතුවෙන් 2018 ජූනි මස 27 දින අද සිට ක්‍රියාත්මක වන පරිදි පේරාදෙණිය විශ්ව විද්‍යාල සියලු අධ්‍යයන කටයුතු සදහා වසා තැබීමට  විශ්ව විද්‍යාල පාලක සභාව විසින් තිරණය  කර ඇත.


සියලු විශ්ව විද්‍යාල සිසුන් නේවාසිකාගාර හා විශ්ව විද්‍යාල භුමියෙන් අද (27) පෙරවරු 6.00 ට පෙර ඉවත් විය යුතු බවත් නැවත විශ්ව විද්‍යාලය ආරම්භ කරන දිනය මාධ්‍ය මගින් නිවේදනය කරනු ලබන බවද පාලක සභාව පවසයි.


මෙම කාල සිමාව තුල සිසුන්ට විශ්ව විද්‍යාල පරිශ්‍රයට ඇතුල්විමට තහනම් වන අතර හදිසි අවශ්‍යතාවයකට විශ්ව විද්‍යාල පරිශ්‍රයට ඇතුල්විමට අවශ්‍යනම් එය සදහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන විනායාරක්ෂක නිලධාරි හෝ ප්‍රධාන අරක්ෂක නිලධාරියාගේ අවසරය ලබා ගත යුතු  බවද පාලක සභාව පවසයි.



අදහස් (7)

පේරාදෙණිය සරසවිය දින නියමයක් නොමැතිව වසා දමයි

dinesh Friday, 27 July 2018 08:26 AM

මේ රටේ දරුවන් උසස් අද්‍යාපනය ලබනවට එක දේසපාලන පක්ෂයක් හැර අනිකුත් පක්ෂ සියල්ලම අකමැතියි.මුලින්ම ගේනවා සිංහල පමණයි ඉංග්‍රීසි එපා කියා.දැන් කව්රුත් දන්නවා ඉංග්‍රීසි අතහැරීමෙන් අපි අවරුදු ගණනක් පස්සට ගිය කියා. දැන් කරන්නේ විශ්ව විද්‍යාල ළමුන් නොමග යවා ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා,කියමනක් තිබෙනව.ඔබට උගත් මිනිසුන් පාලනය කිරීම අපහසුයි කියා එනිසයි විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරන්න හදන්නේ .අපේ කාලෙත් ඔය වැඩ ටික ටික තිබුණ.

:       3       16

Sanath Friday, 27 July 2018 08:32 AM

අගෝස්තු වැකේෂන් එක නිසා වැඩිය අවුලක් වෙන්නේ නැහැ.

:       0       2

Mahee Friday, 27 July 2018 08:38 AM

අර ඉස්සර කාලෙ අවුරුදු 2 ක් වහල තිබ්බේ, අන්න ඒ වගේ අවුරුදු දෙකකට විතර වහල තියන්න. ඉගෙන ගන්න උවමනාව සහ හැකියාව තියෙන එකා පුද්ගලික තැනකින් ඉගෙන ගෙන හරි ජීවිතේ හරි ගස්සා ගනී.

:       860       235

tommy Friday, 27 July 2018 10:17 AM

පේරාදෙණියේ ප්‍රශ්නයට මුල් වුයේ සිසුන් නියමිත දේශන ගනනට සහභාගී නොවීමයි. අග්නි දිග සරසවියේ ප්‍රශ්නයට මුල් වුයේ පළමු වසර සිසුන්ට නවක වදය දීමයි. මේ සිද්ධීන් දෙකම පවතින නීතියට පටහැනිය. දැන් සිසුන් කරන්නේ තමන් විසින් ඇති කර ගත් මේ ප්‍රශ්න විසදා දෙන මෙන් කියමින් ටයර් පුච්චමින් පාරවල් දිගේ ඇවිදිමින් සාමාන්‍ය මහජනයාට හිරිහැර කිරීමයි. මහජන බදු මුදල් සරසවි නඩත්තුව සඳහා යොදවන්නේ අධ්‍යයන කටුයුතු සඳහා පමණක් වන අතර, සිසුන් නියමිත පරිදි අධ්‍යයන කටුයුතු වල නියැලෙන්නේ නැති නම් සරසවි වසා තැබීමේ ප්‍රශ්නයක් නොමැත.

:       609       250

රවිඳු Friday, 27 July 2018 12:58 PM

ලංකාවේ විශ්ව විද්‍යාල නේවාසිකාගාර දේශපාලන අතකොලු බවට පත්වෙලා. රටට හා ජනතාවට ඉමහත් කරදරයක් බවට පත්වී තිබෙන මේ විශ්ව විද්‍යාල සංස්කෘතිය නිමා කල යුතුව තිබෙනවා. ඒ නිසා ඉදිරි වසර කීපයකට විශ්ව විද්‍යාල වසා දැමිය යුතු වෙනවා.

:       0       0

ගාමිණී Friday, 27 July 2018 02:13 PM

තම උපාධියේ ප්‍රමිතිය අඩූ කරන්න කියලා සටන්කරන පුදුම දරුවො

:       0       0

විකුම් රංගන Friday, 27 July 2018 04:11 PM

වෙනත් ගැටළු වලට වඩා මෙතන තිබෙන්නේ මානසික ප්‍රශ්නයක්. මානසික රෝගීන් උපාධි නෙමේ, මොනවා ගත්තත් රටටවත්, ඒ අයටවත් පලක් නැහැ. උපාධියට ප්‍රථමයෙන් මේ මානසික රෝගීන්ව සුව කිරීමේ ක්‍රම වේදයක් ආරම්භ කල යුතු වෙනවා. වර්තමානයේ පවා ලංකාවේ තිබෙන ප්‍රධානම ගැටලුවක් වන්නේ, මෙවන් උන්මන්තකයින් උපාධියත් කරේ තබාගෙන සමාජ ගතවී සිටීමයි. ඔවුන්ගේ තිබෙන අන් තට්ටුව දෙස සංයමයෙන් බලා සිටිනවා හැර අපි වෙන මොනවා කරන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site