IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පර්පචුවෙල් ව්‍යාපාර සමූහයේම ගිණුම් තහනම් කරයි

 

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පචුවෙල් ව්‍යාපාර සමූහයට අයත් සමාගම් 28හිම බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකය පියවර ගෙන ඇතැයි මහ බැංකු ආරංචි මාර්ගවලින් පැවසේ.


බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් ඇලෝෂියස් මහතා අධ්‍යක්‍ෂධූරය හෙබවූ මෙම සමාගම්වල ගිණුම් පවත්වාගෙන යන සියලුම බැංකුවලට මහබැංකුවෙන් පසුගිය බදාදා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එම ගිණුම්වල මුදල් ඉවත්කර ගැනීමට යන බවට බුද්ධි ඒකකයට ලැබී ඇති තොරතුරු අනුවය.


ගිණුම් අත්හිටුවීමත් සමඟ අදාළ සමාගම් 28ට තම ගිණුම් භාවිත කරමින් කිසිඳු මූල්‍ය හෝ ව්‍යාපාරික කටයුත්තක නිරතවීමට නොහැකි වේ.


මෙසේ තහනමට ලක් කළ සියලුම බැංකු ගිණුම් එකින් එක ගෙන පරීක්ෂාවට ලක්කිරීමට මහ බැංකුවෙන් පියවර ගෙන ඇති අතර එසේ කරනු ලැබ ඇත්තේ සේවක වැටුප් ගෙවීම වැනි එදිනෙදා කටයුතු  කරගෙන යෑමට එම සමාගමට පහසුකම් සැලසීම සඳහාය.


එම නිරීක්ෂණ සහ විමර්ශන කටයුතුවලින් අනතුරුව අදාළ බැංකු ගිණුම් හරහා සිදුවන නෛතික මූල්‍ය ගනුදෙනු සඳහා පමණක් ඉඩ ප්‍රස්ථාව ලබාදෙන බව ද අදාළ ආරංචි මාර්ග කියයි. 


මෙසේ එම සමාගම්වල ගිණුම් තහනම් කිරීම සඳහා හදිසියේ පියවර ගෙන ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ අරමුණින් යැයි ද පැවසේ. 


මහ බැංකුව මගින් මෙසේ බැංකු ගිණුම් තහනම් කරනු ලැබ ඇති සමාගම් අතර පර්පචුවෙල් ටේ‍රෂරීස් පුද්ගලික සමාගම, පර්පචුවෙල් ඇසට් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම, පර්පචුවෙල් කැපිටල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම, ඩබ්. එම් මෙන්ඩිස් සහ සමාගම, ඉන්ටග්‍රේටඞ් මීඩියා නෙට්වර්ක්ස් පුද්ගලික සමාගම ද වේ. 


භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු සඳහා පර්පචුවෙල් සමාගම විසින් පවත්වාගෙන ගිය ගිණුම් දෙකක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් මීට ඉහතදී තහනම් කරනු ලැබූ අතර අලුත්ම තහනම පනවා ඇත්තේ ඊට අමතරවය. 


කලින් තහනම් කළ වත්කම්වල වටිනාකම මුදලින් රුපියල් බිලියන 12.5කි. මෙයින් රුපියල් බිලියන 7.5ක් මුදල් වන අතර ඉතිරි ඒවා සුරැකුම්පත් වේ. එම තහනම ඉවත් කර ගැනීම සඳහා පර්පචුවෙල් සමාගම් සමූහය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය ද ප්‍රතික්ෂේප කෙරිණි.

 

මුදල් විශුද්ධිකරණය රෙගුලාසි සහ පරිපාලනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසිනි. පර්පචුවෙල් සමාගම ප්‍රාථමික හා ද්විතීය වෙළෙඳපොළේ කරන සියලු වෙළෙඳ කටයුතු තාවකාලිකව නවතා දැමීමට මූල්‍ය මණ්ඩලය තීරණ කර තිබිණි. 

සන්ඬේ ටයිම්ස් ඇසුරිනි

055



අදහස් (37)

පර්පචුවෙල් ව්‍යාපාර සමූහයේම ගිණුම් තහනම් කරයි

Jayasinghe Sunday, 28 January 2018 03:36 PM

හොරකම් කරපු සල්ලි මොන මෝඩයෝද ලංකාවේ බැංකු වල දාන්නේ?

:       21       172

nishaSunday, 28 January 2018 05:39 PM

කලින් කට්ටිය වගේ පිටරටවල් වල තැන්පත් කල හැක

:       90       153

chamindaSunday, 28 January 2018 10:19 PM

අනික හොදරම් කරපු සල්ලි මේගොල්ලන්ගේ නමට තියෙන ගිණුම් වලවත් නැතුව ඇති. ඩුබායි ගිණුම්වල බැලුවනම් ඇති.

:       2       29

Aith NissankaSunday, 28 January 2018 10:47 PM

ඔය කියන විදියට රුපියල් බිලියන 12.5කි අත් හිටිව තියෙන්නේ! ඔය කියන ඒවා ඇත්තනම් අඩුම ගානේ ජාමේ බෙර ගන්න පුළුවන් වේවි! මොකද පරණ හොරු හොරකම් කරපු ඒවායින් මොකවත් ඉතුරු කරලා නැහැනේ. අර හෙජින් ගනුදේනුවල ග්‍රීක් බොන්ඩ් ගනුදෙනුවල සතයක් වත් පියව ගන්නවත් හම්බ උනේ නැහැනේ.

:       142       290

sachithMonday, 29 January 2018 02:50 AM

එකනම් ඇත්ත. හොදම ටික ස්විස් බැංකු, මොසක් ෆොන්සේකා වගේ ආයතන හරහා ආයෝජනය කරලා ඇත්තේ. මෙහෙ තියාගෙන ඇත්තේ පොඩි ගානක්.

:       0       31

sathyapalaMonday, 29 January 2018 06:42 AM

ජයසිංහ ඔබ හරි. ඔය මහලොකුවට පල කරන පුවතට අදාල තහනම් කල ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය කොතරම්ද කියලා හෙළි නොකරන්නේ ඇයි? ඔය තහනම් කල ගිණුමේ ඇත්තේ සොච්චම් මුදලක්. ඔක්කොම එළියට අදින්න කල් දීලා තහනම් කරනවා. මේවා ජනතාවට "මෝඩ චූන්" දෙන වැඩ...

:       11       9

sirimal Sunday, 28 January 2018 04:00 PM

ඡන්දයක්වත් ලඟදි තියෙනවද? මේ ගිඩිගෑවිල්ලේ හොරුන්ට දඬුවම් දෙන්න පටන් අරන්ද තියෙන්නේ?

:       2       261

PereraSunday, 28 January 2018 04:39 PM

චන්දයක්වත් ලගදී තියනවද කියා අහන්නේ ඔයා මොන ලෝකයේද ඉන්නේ? දැන්ද නැගිට්ටේ?

:       24       31

samanMonday, 29 January 2018 04:19 AM

වැඩබැරි ටාසන්ගේ වැඩ මේවා.අයෙත් අපිව අන්දන්න හදනවා.චන්දෙන් පස්සේ නැවතත් පුරුදු විදිහටම දීගේ ගෙනියනවා.

:       53       69

Raveendra Sunday, 28 January 2018 04:40 PM

අර ලෝකේ හොදම කෑදැත්තට ( ලෝක හොරාට) නිකන් ලැබුන දුප්පත් පොල්අතු සෙවිලි කල ගේ පොඩ්ඩට මොකද කරන්නේ ???

:       0       22

Ranil Sunday, 28 January 2018 05:05 PM

අශ්වයා ගියා කියල ෂුවර් නේද? එහෙනම් ඉස්තාලේ වහමු .

:       0       57

සපුමල් බණ්ඩාර Sunday, 28 January 2018 06:57 PM

අශ්වයා පැනලා ගියාට පස්සෙ ඉස්තාලේ වහලා දාලා වැඩක්ද​? දැනටමත් මේ සල්ලි රටෙන් පිට කරළා ඉවරයි. ඩුබායි මෂ් රික් බංකුවේ තිබුණ රාජපක්‍ෂලාගේ සල්ලි ආපහු ගෙනාවද​? මේ සල්ලි වලටත් ඒ ටිකම තමා.

:       1       119

VajiraMonday, 29 January 2018 06:48 AM

මේ දෙගොල්ලන් ගසා කාපු මහජන මුදල් අපේ රටේ සංවර්ධනයට යෙදෙව්වා නම් මේ වෙනකොට අපිට හොංකොං, සිංගප්පූරුව වගේ දියුණු වෙන්න තිබුණා. ඇස් පනා පිට මේවා පෙනි පෙනී තවමත් අපේ රටේ මිනිස්සු පෝලිමේ ගිහින් මේ අයට කතිරෙ ගහනවා. දේශපාලකයෝ නිවැරැදි කරන්න නම් ඊට කලින් රටවැසියෝ නිවැරදි වෙලා ඉන්න ඕනෑ.

:       0       103

ranji Sunday, 28 January 2018 08:11 PM

මේ තහනම පෙබරවාරි 11 දා වෙනතුරු විතරද ?

:       0       88

surath Sunday, 28 January 2018 09:03 PM

තවත් ඡන්ද මගඩියක් වගෙ. ඡන්දයෙන් පස්සේ අත්හිටවු කාලයේ පාඩුව පොලියත් එක්ක සමාගම් වලට ගෙවයි?

:       0       18

saman Sunday, 28 January 2018 11:10 PM

මේ පාර කොච්චර දැගලුවත් නිදහස් පක්ෂෙට 2/3 ක බලයක් ලැබෙන්නේ නැහැ. පොහොට්ටුව මේගොල්ලන්ගේ ඡන්ද ලක්ෂ 5 ක් විතර කඩනවා.

:       9       113

Bamunuarachchi Monday, 29 January 2018 12:08 AM

මොන බිස්නස් කාරයත් උපායශීලීව සල්ලි හම්බ කරනවා එය වලක්වන්න බැහැ. ඒ උපාය වලට අසුනොවීම්ට සහ ජනතාව අසු නොකිරීමට නීති සම්පාදනය කිරීමේ රජයේ වගකීමයි. බැංකු කොල්ලයේදී සිදුවුයේ එම සමාගමේ උපායවලට රජයේ ඉහලම තැන්වලින් සහ ඉහලම අයගෙන් අනුග්‍රහය ලැබීමයි. තරඟ ක්‍රමයට කොන්ත්‍රාත් ලබාගන්නා සමහර අය පර්පෙචුඅල් සමාගම අනුගමය කල ක්‍රමයට අනිකුත් කොන්ත්‍රාත් කරුවන් සමග කතා කොරගෙන කොන්ත්‍රාත් ලබාගන්න ක්‍රම ඇත. එමනිසා මෙම බැංකු වචාවට දඬුවම් ලැබිය යුත්තේ රජයෙන් මෙම වංචාවට අනුග්‍රහය දුන් අයයි. බැලුබැල්මට අගමැති මුදල්ඇමති පාද සටහන් දැමුවෝ සහ සමහර බැංකු නිලදාරීන් මෙම වංචාවට මුලින්මම දඬුවම් ලැබිය යුත්තෝය. මගේ අදහසනම් මාමා දඬුවම් ලබිය යුතුය නමුත් බෑනා වරදක් කරනැත ඔහු උපාය ශීලීය. තම පුද්ගලික වාසියට රටේ ආර්ථිකය පාවාදුන් එවුන් බයිබලයේ එන ආකාරයට ගෝල්ෆේස් පිට්ටනියට ගෙනවුත් ගල්ගසා මරා දැමිය යුතුය. බැංකු වංචාවලට සම්බන්ද නොමතිබවින් පලමු ගල මට ගැසිය හැක.

:       99       180

අලුගොල්ල Monday, 29 January 2018 12:22 AM

හොරෙක් හොරබඩු ගෙදර සාලයේ තියනවද? නැහැනේ. ඒ වගේ මේ හොරා සහ නායකයා හොර සල්ලි පිටරටකට ගෙන ගොස් ඇතිවාට සැ ක නැත. අන්තිමට මහබැංකු කොල්ලයක් වෙලා නැතිය කියාවි. හොර නායකයා ගොරක දඩමස් කරන දඩමස් ගොරක කරන ජාතියේ මිනිහෙක්.

:       16       7

Lapaya Monday, 29 January 2018 01:46 AM

ඡන්ද ගුණ්ඩු. පෙබරවාරි 10 න් පස්සේ මහ බැංකු කොල්ලය මතකත් නැහැ.

:       1       14

appuhami Monday, 29 January 2018 01:59 AM

දැන් අර පොහොට්ටුවට තව ටොපික් එකක් හොයාගන්න වෙනවා ඡන්දෙට කලින්

:       118       145

indunil Monday, 29 January 2018 01:59 AM

මිනිස් ජීවිතයක වටිනාකම කීයද?

:       0       3

rama Monday, 29 January 2018 03:47 AM

පිස්සු වැඩ රනිල් කියනවා නේ සල්ලි අඩු නෑ කියල, අපරාදේ මේ මිනිසුන්ගේ සාදාරන සල්ලි

:       15       17

bandara kuwait Monday, 29 January 2018 04:14 AM

රනිල් සහ පිරිවර මේ මඩවලෙන් ගැලවිය යුතුමය නැත්නම් එය පිරිසිදු පක්ෂයේ අනාගතයටම අගුනදායකය

:       13       13

Rasi Monday, 29 January 2018 04:51 AM

නාට්ටිය නැගල යනවා. නළුවෝ දැන් කරනම් ගහල බල්ටිත් ගහනවා. සමහරවිට අර කවුද කිව්වා වගේ ඇදුම් ගලවල නිර්වස්තරවත් දුවන්ට ඉඩ තියෙනවා. අපේ සමහරු ඒ අය ගලවපු ඇදුම් ඇදගන්නත් ඉඩ තියෙනවා. පෙබරවාරි 11 උදේට බලාගන්න පුළුවන්!

:       1       4

wasantha Monday, 29 January 2018 04:55 AM

මෙහෙම තත්වයක් ඉහතදී නං අපි දැක්ක නා. තවම හොඳයි.

:       2       1

soma dubayi Monday, 29 January 2018 05:14 AM

මෙතන වැරද්දක් වෙලා නැහැ කියල රනිල් මහත්තය කිව්වනේ,ඒ නිසා බැදුම්කරේ ගැන තවදුරටත් පරීක්ෂණ කරන්න ඕනේ නෑ

:       0       2

asanga Monday, 29 January 2018 05:16 AM

ඇත්තටම මේක අශ්වයා පැනල ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ වැඩක්. දැන් කට්ටිය ඔක්කොම පැනල ඉවරයි. මේකට සම්බන්ද හොරු තාම නිදැල්ලේ.

:       0       4

Bamunuarachchi Monday, 29 January 2018 05:33 AM

මහින්ද පරදවා සිරිසේන දින්නේ ඡන්ද ලක්ෂ දෙකහමාරක් සිරිසේනට ඡන්ද දීපු නිසාය. 2020 දී මහින්ද මහතාට ඡන්ද ලක්ෂ 5 ගන්නට පුලුවන්නම් අනිවාර්යෙන්ම මහින්ද මහතාට සිරිසේන පරාජය කල හැක. රනිල් ගැන ප්‍රශ්නයක් නැත 2020 දී ඔහු නැවත 2015 වෙන් එහාට තල්ලු වී යනවාය.

:       169       87

සපුමල් බණ්ඩාරMonday, 29 January 2018 09:12 AM

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්දට තුන්වෙනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැරි බව මේ බමුණා දන්නේ නැද්ද​? මහින්දට විතරක් නොවෙයි අමෙරිකානු පුරවැසි බව හිමි ගෝඨා, බැසිල් දෙන්නටත් ඉදිරිපත් වෙන්න බෑ.

:       0       128

NissankaMonday, 29 January 2018 09:22 AM

අළුත් හොරු එලවලා ආපහු පරණ හොරුන්ම ගේන්න ඕනද​? ඇයි විකල්පයක් ගැන හිතන්න බැරි. බමුණුආරච්චි වගේ ඡන්ද දායකයො ඉන්නකල් මේ කුජීත දේශපාළුවෝ හොරකම් කරන්න බය වෙන්නේ නෑ.

:       0       123

Ruwan Monday, 29 January 2018 06:09 AM

බමුණුආරච්චි 19 වැනි සංශෝධනය නිසා මහින්ද මහතාට ආයේ ජනාධිපතිවරණයට ඉල්ලන්න බැහැ.

:       1       2

aseMonday, 29 January 2018 07:16 AM

අද "සිදට්ට" වැරදිලා වගේ !!

:       0       0

BamunuarachchiMonday, 29 January 2018 12:21 PM

ඔබ හරි. මම තර්කයක් ඉදිරිපත් කලේ.

:       0       0

gamarala Monday, 29 January 2018 06:48 AM

කිරිඇල්ල කියනවා 10න් පස්සේ රනිල්, මෛත්‍රි යළිත් ප්‍රේම සම්බන්ධය අලුත් කරනවලු. එදාට බලාගනිමු කියනවා කොහොමද ලව් එක කියලා. මේ අයට මේ රට ගොඩනගන්න තිබෙන අවශ්‍යතාවය දැන් හිතාගන්න පුළුවන් නේද? ඔය බැංකු මංකොල්ලයත් යටයන්නේ ඔයවිදියට... පොහොට්ටුවට බයවෙලා එක එක පිස්සු කතා වේදිකාවල දොඩවනවා ජනතාව රවට්ටන්න. ලේසි වෙන්නේ නැහැ වගේ මේදාපාර නම්...

:       0       3

nanda malani Monday, 29 January 2018 09:27 AM

තහනම් නොවේ.. තාවකාලිකව අත්හිටුවලා. තහනම් කරානම් ඉතින් උසාවි නියෝගයක් තියනවනේ. නැවත කෙසේවත් කොහෙවත් අයකරගෙන නැහැනේ. බොරු මවලා දූපත් ජනතාව දිගටම අන්දනවා.

:       0       0

තුෂාර Monday, 29 January 2018 09:49 AM

අඩුම තරමේ එහෙම හරි යම් පියවරක් ගැනීමත් ලොකු දෙයක්. පසුගිය ආණ්ඩු විසින් නොකරන ලද දෙයක්...

:       0       0

sena* Wednesday, 31 January 2018 12:51 PM

මේක බොරු කතාවක්... ගතවුණු කාලයේදී මුදල් අාරක්ෂක තැන්වලට අැදගෙන අැති..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 55 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 241 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 96 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 270 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 504 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 229 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 499 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site