ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශිෂ්ටතම නිලධරයකු වූ ජයම්පති හෙට්ටිආරච්චි (69) අභාවප්‍රාප්ත විය.
වසර 33ක සේවයකට හිමිකම් කියන ඔහු අනුරාධපුර සහ කළුතර මහ දිසාපති ලෙස කටයුතු කළේය. ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් ආයතන අධ්‍යක්ෂ ජනරාල් හා කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශ ලේකම් පදවිය ද හෙබවූ හෙට්ටිආරච්චි මහතා සිව්දරු පියෙකි. ඒ මහතා ජනප්‍රිය රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි ගේ සොහොයුරා ද වේ.
2006 දී විශ්‍රාම ගිය ඔහු කොළඹ නාලන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. දේහය නාවල කොස්වත්ත පාරේ අංක 162/1 නිවසේ (ඔපියුලන්ට් කේටර්ස් ආයතනය සමීපයේ) තැන්පත් කර ඇත.
නාවල පොදු සුසාන භූමියේදී බදාදා (26) අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපහාර වේවා ඔබට! (නි)
ඇත්තටම ජනතාවට උදව් කරන්න බලපු යහපත් නිලධාරියෙක්. ඔබට නිවන් සුව! (නි)
අවංක දක්ෂ නිළධාරියෙක්. ඔබට නිවන් සුව (නි)
එතුමාට නිවන්සැප ලැබේවායි පතමි (බ)
ඔබට නිවන් සුව ලැබේවා. (බ)
ජයම්පති හෙට්ටිආරච්චි මහතා වියෝයු බව ඇසු මට ඇත්තෙන්ම මහත් සංවේගයක් ඇති වුනේ රටට නිහඬව තම සේවය ඉටු කළ දක්ෂ විශිෂ්ට පරිපාලන නිලධාරියෙකු අප අතරින් නැතිවීම නිසයි.මා හා ජයම්පතී 1970 දශකයේ ඇක්වයිනාස් හිදී නීති උපාධිය හැදෑරුවා. මිතුර ,ඔබ අපෙන් වෙන්ව ගියත් ඔබේ නාමය මෙරට චිරාත් කාලයක් පැවැතෙනු ඇති.ඔබට නිවන් සුව අත්වේවා. (බ)
මගේ 75 කණ්ඩායමේ සාමාජිකයෙකුගේ වෙන්ව යාම පිළිබදව බෙහෙවින් ශෝක වෙමි. ඔබට අජරාමර නිවන් සුව පතමි. (අ)