IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ප්‍රමිති ආයතන ලොක්කකුගේ ප්‍රමිතිය නැතිවීම ගැන කෝප් අප්‍රසාදය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා සුදුසුකම් සම්පූර්ණ නොකළ නිලධාරියකු පත් කිරීම සම්බන්ධයෙන්  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) අප්‍රසාදය පළවිය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කමිටුව  අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතිය වැඩි කිරීමට කටයුතු කළ යුතු යැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි නිලධාරීන්ට  උපදෙස් දී ඇත.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය 2020 වසරේ සිට වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කමිටුවේ අප්‍රසාදය පළවිය.  එම වාර්තා කඩිනමින් ඉදිරිපත් කරන ලෙසටද නියෝග කෙරිණ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පසුගිය වසර පහක කාලයේදී සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමටද  කෝප් කමිටුව නියෝග කළේය.

ආයතනයේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා ජාතික විශ්වවිද්‍යාල මෙන්ම  පෞද්ගලික අංශයේද සහාය ලබා ගන්නා ලෙස කෝප්  කමිටුව නිර්දේශ කළේය.

මේ අතර එස්එල්එස් ලාංඡනය නොමැති ටින් මාළු වෙළෙඳ පොළේ අලෙවි කෙරෙන බව කෝප් කමිටුවේදී තොරතුරු අනාවරණය විය.

එම ලාංඡනය ලබාගෙන ඇත්තේ ටින් මාළු ආයතන පහළොවක් පමණක් බව ආයතනයේ සභාපතිවරයා පැවසීය.

ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය ප්‍රධානීන් මාස 3 කින් නැවත කැඳවීමටද කෝප් කමිටුව තීරණය කළේය.

මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර ලොහාන් රත්වත්තේ සහ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම් අනුර ප්‍රියදර්ශන යාපා ඉරාන් වික්‍රමරත්න නිමල් ලංසා  සංජීව එදිරිමාන්න උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ ,රාජිකා වික්‍රමසිංහ, මධුර විතානගේ සහ  මහාචාර්ය චරිත හේරත් යන මහත්ම මහත්මීහුද  තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය නිරන්ජන් ගුණවර්ධන ,ශ්‍රී ලංකා ප්‍රමිති පමිති ආයතනයේ  සභාපති අසංග රණසිංහ, අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා  සේනාරත්න  යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.



අදහස් (0)

ප්‍රමිති ආයතන ලොක්කකුගේ ප්‍රමිතිය නැතිවීම ගැන කෝප් අප්‍රසාදය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 37 0

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 114 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


ආරුක්කු පාලම උඩ ඉන්දු - ලංකා සලරුවක්
2024 ඔක්තෝබර් මස 09 20 0

ඇල්ල දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා පටයක රෑගත කිරීම ඊයේ(09)වැනි දින සිට ආරම්භ විය.


නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීම අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 09 640 1

ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීමේ සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හ


හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 513 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1854 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39592 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25767 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site