IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ප්‍රියමාලිගෙ ගනුදෙනුවලට අපේ සම්බන්ධයක් නෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තිළිණි ප්‍රියමාලි නැමැති සැකකාරියගේ මුදල් ගනුදෙනු වලට  තමා හෝ තම පවුලේ කිසිවකුත් සම්බන්ධයක් නැති බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

තමා එම සැකකාරිය සහ තවත් පුද්ගලයකු මුදා හැරීමට දුරකතන ඇමතුමක් දී බලපෑම් කළ බවට සමගි ජන බලවේගය පක්ෂයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මැතිසබයේදී ප්‍රකාශයක් කළ බවත්  තමා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු සඳහන් කළේය.

තමා එම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නැති හෙයින් පොලිසියට යෑමේ අවශ්‍යතාවක් නැතැයි  මන්ත්‍රීවරයා කීවේය.

මුදල් විශුද්ධිකරණය ගැන මහ ඉහළින් කතා කරන මන්ත්‍රීවරුන් කළ යුත්තේ එවැනි ව්‍යාපාරවල  මුදල් ආයෝජනය  කළ දේශපාලනඥයන්ට එපමණ මුදලක් ලැබුණේ කෙසේදැයි සෙවීම මිස තමාට හෝ තම පවුලට මඩ ගැසීම නොවන බවද රාජපක්ෂ මහතා පැවසීය

මෙම ප්‍රකාශය  සම්බන්ධයෙන් තමා වරප්‍රසාද කමිටුවට පැමිණිලි කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (24)

ප්‍රියමාලිගෙ ගනුදෙනුවලට අපේ සම්බන්ධයක් නෑ

JASON Wednesday, 19 October 2022 04:52 PM

සම්බන්ධකම් එළියට එන්නේ එළිවන ජාමෙට...! 

:       5       63

ගමේ එකාලා Wednesday, 19 October 2022 05:05 PM

මොකට කියනවද..? කිසිම ගෑනු හුටපටයකට සම්බන්ධ නැති අපූරු සුද්දවන්තයා . තමුන්ගේ පැටිකිරිය ගැන දන්නෝ සහසුද්දෙන්ම දන්නවා.

:       4       75

ddd Wednesday, 19 October 2022 05:11 PM

අනේ පව්... බේබි මේවට සම්බන්ධ නැහැ... ඉක්මණට ඡන්දයක් ආවානම්...!

:       5       61

දිමුත් Wednesday, 19 October 2022 05:12 PM

හා... අපි පිළිගත්තා...!

:       4       51

චතුරි Wednesday, 19 October 2022 05:22 PM

අපොයි වලිකුකුලන්ට කොහෙන්ද ඔයතරම් මොලයක්... මහබැංකුවේ යතුර අතේ තිබිලත් වැඩක් කෙරුවාද? අප්පච්චි තමයි අම්මණ්ඩියි ඒකට හරි යන්න වැඩේ කෙරුවා. මොවුන්ට ඉගෙනීමත් නැහැ සාමාන්‍ය දැනුමත්... නැහැ... තුන්දෙනාම කිරි දරුවන් වගේ... පියමාලි මේ වගේ දෙයක් කෙරුවේ.... අඩුම ගානෙ මන්ත්‍රීකමක් වත් නැහැ. නුඹලා හොරා කෑවේ බලය අතට අරන් දුප්පත් ජනතාවගේ මුදල්... පින් කැටේ සල්ලි මේ සේරම ජනතාවගේ මුදල්. ඒ හොරා කාපු මුදල්. මාස 3ක් ඇතුළත ප්‍රියමාලි අතට ගත්තා. මල් වට්ටි පූජා කෙරුවේත් නැහැ මේ වැඩෙට. ගැහැණුමොලෙ හැඳි මිටේ දිගයි කිව්වට. පිරිමින්ගෙ මොලෙ කොහෙද දන්නේ නැහැ.. නාමල් බේබිට පාර පනින්නවත් දන්නවද දන්නේ නැහැ... පසුගිය ටිකේ හිටියේ කොල්ලන්ට බයේ බංකරවල. දැනප්පච්චි පුතාලා එළියට බැහැලා රට හිනස්සනවා...!

:       4       52

siril Wednesday, 19 October 2022 05:24 PM

මේ අයගේ පින්තූර නැතිව නිවුස් එක විතරක් දාන්න බැරිද? ලේ කෝප කරන්නේ නැතිව...

:       4       76

විපරමා Wednesday, 19 October 2022 05:41 PM

දුප්පත් මහජනතාවගේ ලේ දහඩිය මහන්සිය උරාබිව්වා. මුහුණ දකින එකත් හරිම පිළිකුල්...

:       3       69

dddWednesday, 19 October 2022 07:06 PM

ඇත්තටම මේ රාජපක්ෂලාගේ මුහුණු දකින එක අප්‍රසන්නයි.

:       3       53

fairoos Wednesday, 19 October 2022 05:27 PM

අනේ ඔව්, රාජපක්ෂ පවුල කොහේද මේ වගේ පොඩි කේස්වලට සම්බන්ධ වෙන්නේ..? සුනාමි අරමුදල වගේ නම් කමක් නැහැ...

:       3       46

Shantha - Qatar Wednesday, 19 October 2022 05:39 PM

මෙන්න බේබි අඬනවා... බොහෝම කාලෙකින් එළියට ඇවිත්... ඔයාගේ වගකීමෙන් කියන කතා දැන් ඉවරයි...

:       3       47

siri Wednesday, 19 October 2022 05:40 PM

සමහරු හරි හමන් රස්සාවක් කරන්නේ නැතුව, තවත් සමහරු සුළු රස්සාවක් කරමින් උපන්දා සිට මහජනතාවගේ මුදලින් අධි සුඛෝපබෝගී ජීවිත ගෙවමින් මාලිගාවල ජීවත්වෙන්නේ කොහොමද කියලයි මම මේ දස අතේ කල්පනා කරන්නේ...!

:       3       46

මැක්ස් Wednesday, 19 October 2022 05:48 PM

මේ කතගේ හොරවැඩට රාජපක්ෂ කෙනෙකු ද සම්බන්ධ බවට ව්‍යාජ පුවතක් හෝ පළ වනතුරු ඇඟිලි ගනිමින්, දෑස් දල්වා බලා සිටින්නෝ කොපමණ වේද?

:       36       18

බද්රානි Wednesday, 19 October 2022 06:24 PM

මැක්ස් ඔහෙලාට වගේ බොරුවට අනුන්ට බොරු චෝදනා කරන්න මේ රටේ කාටවත් පිස්සු නැහැ. ජානකී සිරිවර්ධන නමැති මේ ආයතනයට සම්බන්ධ තැරව්කාර කාන්තාව තවමත් නිදැල්ලේ සිටීම ගැන ඔබ මොකද කියන්නේ? ඇය පසුපස සිටින දේශපාලන හස්තය ගැන ඔබ දන්නේම නැතිද? අසාද් සාලි මේ ගැන ප්‍රසිද්ධියේම කිව්වා. ඒවා ඔහෙලාට ඇහෙන්නේ නැද්ද? එතුමා මේ ආයතනයේ ආයෝජනය කොට තිබෙන්නේත් මේ ජානකී කියන කාන්තාව මාර්ගයෙනුයි. කොහොමත් ඉතින් හොර තක්කඩියන් තොත්ත බබාලා වගේනේ හැසිරෙන්නේ...!

:       4       33

අඩෝ පොල්බෑ මූනා Wednesday, 19 October 2022 05:53 PM

එතකොට ප්‍රියමාලිගේ ලොකු බොසා, ද චීෆ් හොරා, මිලියන 70ක් ක්‍රිෂ් ගනුදෙණුවට ඔහේට දුන්නේ නැද්ද?

:       3       42

පිටරැටියා Wednesday, 19 October 2022 06:03 PM

රටම විනාශ කරපු දූෂිත පවුල් පාලනේ අය කරපු දේවල්, ගනුදෙනු ගැන මුලු ලෝකෙම දන්නවා. රටම හොරාකාලා ජනතාව රවට්ටපු මහපාරට ඇදලාදාපු දූෂිත දේශපාලුවන් කියන දේවල් කවුද විශ්වාස කරන්නේ? හොර පෙරකදෝරුවන් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       3       34

Buddika Wednesday, 19 October 2022 06:45 PM

කවද්ද මේ පරපුර පිළිගත්තේ... කරපු මහා පරිමාණ හොරකම්..? අදයි කියන්නේ නෑ කියලා.. ඒත් රටම දන්නවා මේ රටේ ධනය හොරකම් කළේ රාජපක්ෂ පරපුර කියලා. ඒ නිසාම ඔවුන් මෙම සිද්ධියට සම්බන්ධ වෙලාම ඇති...

:       4       26

සෙනෙවිරත්න Wednesday, 19 October 2022 08:15 PM

තමුන් නැහැ තමයි.. තමුන් මොකටද මෙයාට සල්ලි දෙන්නේ දැනදැනම? තමුන්ගේ නියෝජ්‍යයා වන ජානකී හරහා කලු සල්ලි කාරයින්ගේ සල්ලි වලට ගේම දුන්න, ක්‍රිස් ගනුදෙනුව ජනතාව දන්නවා...

:       2       19

සෙනෙවිරත්න Wednesday, 19 October 2022 08:19 PM

මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ සහ නාගරික මන්ත්‍රීතුමිය සංවාදයේදි කියන ව්‍යාපාරය මේක තමයි. දෙන්නම ඒක හංගනවා. තමන් ව්‍යාපාරයකට ආයෝජනය කරලා ඒක පාඩු වුණාම හාමුදුරුවෝ මොකටද පාඩුව ගෙවන්නේ? ආයෝජනයක් කළානම් පාඩුව සහ ලාභය විඳගත යුතුයි.

:       2       19

siri Wednesday, 19 October 2022 08:26 PM

රට බංකොලොත් කරපු....

:       0       0

ජගත් ලියනගේ Wednesday, 19 October 2022 08:55 PM

ඔහේගෙ කට්ටියකුත් එක්ක ගත්ත පිංතූර එඩිටින් කියලා, ඔය එක්කම කියන්න අමතක වෙන්න ඇති නේ...

:       0       0

Baiya Thursday, 20 October 2022 12:14 AM

ඊළඟ අගමැති ,ඊට පස්සේ ඊළඟ ජනපති වෙන්න ඉන්න උත්තමයාට දෝශාරෝපනය කරනා හරි .පව් දෙයියනේ .ඔහොම කරන්න එපා මිනිසුනේ.

:       0       0

විපරමා Thursday, 20 October 2022 01:57 AM

හෙල්පින්ග් හම්බන්තොට ,සිරිලිය ,වගේ පවුලේ උන්ගෙ නම් වලට ගිණුම් තිබුනා .ඒවායින් ගසාකාපුවා ඇතිනේ ?

:       0       0

Demuni Uduwara Thursday, 20 October 2022 05:22 AM

ශ්‍රීමත් ජෝන් කොතලාවල 1956 දී දුරාචාර භික්ෂුන් සම්බන්ධයෙන් අනුමාන කළ දේ දැන් ඔප්පු වී ඇත!

:       0       2

Gunendra Thursday, 20 October 2022 10:22 AM

දෙමුනි සමග 100% එකඟයි

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1047 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2155 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1638 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1589 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1056 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 783 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25705 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1844 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site