(ඉන්දිකා රාමානයාක සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය)
විවිධ ධනවතුන් සහ දේශපාලකයන් රැසකගෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කළ බවට කියන තිළිණි ප්‍රියමාලි නමැත්තිය ගේ පෙම්වතා බව කියන ව්‍යාපාරික හවුල්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගත්තේය.
සැකකාරිය සමග එක්ව පුද්ගලයන්ගේ මුදල් වංචා කිරීම සහ මෙම මුදල් වංචාවට ආධාර අනුබල ලබා දීම , සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
විදේශ රටවලින් මෙරටට ඉන්ධන ගෙන්වා වැඩි ලාභයක් ලබා දෙන බවට පවසා සැකකාරිය හා සැකකරු තමන් ගෙන් ඕස්ට්‍රෙිලියා ඩොලර් 60,000 ක්, ඇමැරිකානු ඩොලර් ලක්ෂයක්, හා කිලෝ එකකට වැඩි රන් බඩු ප්‍රමාණයක් ලබාගෙන මුදල් වංචා කළ බවට පවසා එම කෝටිපති ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර පැමිණිලි කර තිබු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම වංචා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව මෙම සැකකරු පැමිණි ඇති අතර සිද්ධිය සම්බන්ධයෙවන් පැය 9 අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු පස්වරු 6.30 ට පමණ ඔහු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ ලේකම්වරයකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කටයුතු කර මොහු පසුව තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සමග සමීප සම්බන්ධකම් පවත්වා ඇති අතර, ඇගේ පෙම්වතා වශයෙන් කාලයක් කටයුතු කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම වංචාව සම්බන්ධයෙන් තිළිණි ප්‍රියාමාලි නමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිළිණි ප්‍රියමාලි නැමැත්තිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 19 දින දක්වා රිමාන්ඩ් බාරයට පත්කර ඇත.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රියමාලිගේ ව්‍යාපාරික සගයකු අල්ලයි
Hemantha kumara Monday, 17 October 2022 08:09 PM
මට දුක ප්‍රියමාලිගේ පෙම්වතා නොවීම නිසයි.
chandima Tuesday, 18 October 2022 09:29 AM
ඒ බිස්නස් එකට සල්ලි දාපු ඔක්කොම ව්‍යාපාරික සගයෝ තමයි.