ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කඩාකප්පල් කිරිමේ අරමුණින් පාර්ලිමේන්තු කලබලය සැලසුම් කළ බව පෙනේ යැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවීම වළක්වා රට හදිසි මහ මැතිවරණයකට ගෙන ගොස් එයින් දේශපාලන වාසි ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමහරුන් කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ව්‍යවස්ථා සංශෝධනයට ගැනීමට නියමිත තිරණාත්මක අවස්ථාවේදීම හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසම හමුවට කැඳවිම ද සැක සහිත බව රණවක මහතා කිවේය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මෙන්ම මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරිම සඳහා ශ්‍රි ල නි ප ය ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ද ජාතික හෙළ උරුමය එකඟ බව හෙතම කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදි අද (21) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ මගේ ඡන්දය මෙයාට දුන්නේ . (ස)
තුට්ටුවකට විශ්වාසයක් තියන්න බැරි කුමන්ත්‍රණ කාරයෙක් රනිල් වගේ තක්කඩියෙක් සමග පොදු අපේක්ෂක ඡන්දෙට වැඩ කළේ බම්බුවටද? රට නිදහස් කළ නායකයාට මේ අය ණය ගැතියි.(බ)
විරෝධතාවල පෙරමුණේ හිටියේ අල්ලස් කොමිසමෙන් තේ පානයට ආරාධනා ලබල කොමිසම සමඟ පිලිසඳරේ යෙදිච්ච මන්ත්‍රීන් පිරිසක් නේ. (ස)
බෝදිලිමාට වෙනස් කරගන්ට කොයිතරම් පාට තියෙනවාද ? ඉස්සර ඉඳං ඕක මම දැක්කා. (ස)
එයා දැන් ඇත්තක් කිව්වත් ජනතාව බලන්නේ වපර ඇහෙන්.තමුන් ගැන ජනතාව තැබූ විශ්වාසයට කණකොකා හඬලා ඉවරයි (නි)
අපි නම් දැන් ඕවා අහන්නේ නැහැ (නි)
රට නිදහස් කරදුන් හිටපු ජනපතිතුමාට සහ එයට අභීතව නායකත්වය දුන් ගෝඨාභය මැතිඳුන්ට කරන අවමන් නිසාම අපිට නම් සමහරු මතක්වෙනකොටත් අප්‍රසන්නයි.බොරුවට එජාපයටත් එහි නායකත්වයටත් දැන් කැගහන්න එපා.රට අද වෙනකොට පක්ෂ, පාට, ජාති වලින් බෙදිලා. (නි)
මම නම් කියන්නේ සංශෝධන අනවශ්‍යයි. විධායක ජනාධිපතිධූරය සඳහා ඡන්දයක් පවත්වන්න. (නි)
ඔබට මගේ ඡන්දයද මින් ඉදිරියේදී කිසි දිනක ලබා නොදෙමි (රට විනාසය කරා යන ගමනට දායක වීම නිසා ). (ස)
ජනතාවට පිළිගත හැකි ප්‍රකාශයකි. දැනට සිටින දේශපාලකයන් අතරින් රටක නායකත්වයකට ඉතා සුදුසු බුද්ධිමත් නායකයෙකි මෙතුමා.අනාගත අගමැති වුනොත් එය ජනතාවගෙත් රටෙත් වාසනාවකි. (ස)
චම්පික ලොක්ක කට්ටිය දාල වගේ කමෙන්ට් කරන්න (ස)
හෙට දිනය අද දකින නායකයා ඔබයි චම්පික. (බ)
චම්පිකට ඕනේ බලය සහ බලය විතරමයි. වරක් ජාතිකත්වය මාකට් කරන්න බැරි මළකඳක්ය කියලා බෙදුම්වාදය පස්සෙත් ගිය ඔහු ජාතිකත්වයට තැනක් ඇති බව පෙනුණාම නැවත බොරු ජාතිකත්වයක් මවාගෙන අන්තිමට ඒ බොරු ජාතිකත්වය ගිය ජනපතිවරණයේදී සැබෑ ජාතිකත්වය වනසන්න පාවිච්චි කළා. දැනුත් ඔහු වැඩ කරන්නේ රටට සතුරු විදේශ බලවේග වල දේශීය ඉත්තෙක් හැටියටයි. (ස)
රනිල් වගෙ බල ලෝභීන් පිනට පත් උනාම වෙන දේවල් තමයි මේ. චම්පික, අවැසි තැන නැගී සිටි ඔබට අපි සැමදා ගරු කරන්නෙමු. ජ.වි.ප.යත් තම පක්ෂය රැක ගන්න පමණ බවයි පෙනී යන්නේ. (ස)
මොන රටක් ද මොන පක්ෂයක් ද ? ඔහු නායකයා වනු ඇත. (ස)
ඉතාමත් නින්දිත ආකාරයෙන් රට බේරාගත් නායකයාට පහර ගසමින් රටට යුද ජයග්‍රහණයට අවමන් කල යුද විරුවන් දන්ගෙඩියට දක්කන්න වෙරදරන පාර්ශවයන් සමග හිරිකිතයක් නැතුව හිටගෙන ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුනට කඩේ ගිය චම්පික ,හෙළ උරුමය පිලිබදව තිබු අපේ බැදීම සම්පුර්ණයෙන් බිද දැම්මවූ මේ චම්පික නායකයා වේවි කවද හරි ..මේ රටේනම් නෙමෙයි..(ස)
චම්පික නායකයා වෙන්නෙ නෑ (බ)
අනේ චම්පික මහත්තයෝ, මේ ආණ්ඩුව පත්කරගන්න දගලනකොට කිව්වේ ඔයාල මේ ආණ්ඩුවට වැරදි කරන්න දෙන්නේ නැහැය, එහෙම කළොත් ඔයාල ඒවාට විරුද්ධ වෙනවය කියල. දැන් බලපුවහම ඔයගොල්ලන්ටත් කොලේ වහන කට්ටියක් ආණ්ඩුවේ ඉන්නවා කියල ඔයාම කියනවා. එතකොට අපි තමුන්නාන්සේලාව පත් කළේ මේ බහුබූත අහන්නද. තමුන්නාන්සේලාගේ වැඩ ගැනත් දැන් අපිට තියෙන්නේ තද කලකිරීමක් විතරයි. (බ)
රනිලුත් එක එක පූජාවල් කර කර හීන මවන්නේ 'විධායක ජනාධිපති/අගමැති' වෙන්නයි. එයා විධායකයේ 'රස' දැකලා තියෙනවනේ. දැන් එයාට ඕනේ ඒක විඳින්න. ඒක හරියට 'ඉඟුරු දීලා මිරිස් ගත්තා' වගේ වැඩක් වෙයි. පේනවනේ මහ බැංකුවේ සිද්ධිය. ඒකට විරුද්ධ වෙන්නේ චම්පික ඇමැතිතුමා නිසා, එතුමාගේ චරිතය රනිල් ගේ හෙංචයියන් ලවා ඝාතනය කරනවා. එක එක සමීක්ෂණ පවත්වලා ලැබිලා තියෙන ප්‍රතිඵල වලින් ප්ලෑන් කරන්නේ යූ.ඇන්.පී. දිනලා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය අල්ලන්න. මොකද දෙමල, මුස්ලිම් ඡන්ද ෂුවර් එකට එයාට නිසා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන කුමන්ත්‍රණයේ පිටුපස ඉන්නෙත් එයා. එතකොට සිංහල ඡන්ද දෙකට කැඩෙනවනේ. රට ගැන හිතන හැමෝටම තියෙන්නේ පාට දේශපාලනය අමතක කරලා නිදහසෙන් පස්සේ මාරුවෙන් මාරුවට රට කාපු ඔය පක්ෂ දෙකටත්, සිංහල තරුණ ජීවිත බිලි දීපූ ජේ.වී.පී. එකටත් ඡන්දය නොදී 'හෙළ උරුමය' බලයට ගේන්න. (බ)
මෙයා හෙට දිනය අද කොච්චර දැක්කද කියලා දන්නෝ දනිති. ඒ නිසාම මීළග මැතිවරණයට නාම යෝජනා ගන්නේ කොහෙන්ද කියලවත් හිතා ගන්න බැරි තරමටම මේගොල්ලෝ දැන් නන්නත්තාර වෙලා.(බ)
හෙළ උරුමය දැන් සංශෝදනයට කැමතිද? (අ)
ව්‍යාවස්තා සංශෝදනය හා මැතිවරණ ක්‍රමය යන දෙකම මේ වෙලාවේ කර ගත යුතුය. පාඨලී ඔබ හෙට දින රටේ නායකයා විය යුතුය. (ර)