IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුව කැඳවන දෙවැනි ගැසට්ටුවෙත් ගැටලුවක්

සුජිත් හේවාජුලිගේ

පාර්ලිමේන්තුවේ අලුත් සැසිවාරය සම්බන්ධයෙන් නිකුත් කෙරුණු පළමු ගැසට් නිවේදනය වගේම දෙවැනි ගැසට් නිවේදනයේත් දෝෂ තිබෙන හෙයින් ඒ සම්බන්ධයෙන් තුන්වැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවන බව පාර්ලිමේන්තු බලධාරීහූ පවසති.

දෙවැනි ගැසට් නිවේදනයේ දෝෂ ජනාධිපති කාර්යාලයට දැනටමත් දැනුම් දී ඇතැයි ඔවූහු කියති.

ගැසට් නිවේදනයක මෙවැනි දෝෂ තිබීම ප්‍රශ්නයක් බවත් ඒ සම්බන්ධයෙන් කෙනෙකුට නීතිමය තර්කයක් පවා ගොඩ නැගිය හැකි හෙයින් මෙවැනි අවස්ථාවකදී කළ යුත්තේ කුමක්දැයි නීතිපතිවරයාගෙන් කරුණු විමසීම වැදගත් වන බවත් නීති අංශ පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා නිකුත් කළ පළමු ගැසට් නිවේදනයේ තිබූ අඩු පාඩුව වූයේ එහි නව සැසිවාරය පටන් ගන්න වේලාව සඳහන් නොවීමයි. පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ වේලාව සඳහන් කරමින් ජනාධිපතිවරයාගේ අණ පරිදී අප්‍රේල් මස 23 වැනිදා සඳුදා අංක 2068/1 දරණ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරුණේ ඒ අනුවය.

ඒ ගැසට් පත්‍රයේ ඇති වරද නම් එහි ඊට අදාළ නොවන ව්‍යවස්ථා වගන්තියක අංකයක් සඳහන් වීමයි . ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ 70වන ව්‍යවස්ථාවේ (4) වැනි අනු ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තු සැසිවාරය කැඳවන බවයි. ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ එම අනු වගන්තිය පහත දැක්වේ.



අදහස් (25)

පාර්ලිමේන්තුව කැඳවන දෙවැනි ගැසට්ටුවෙත් ගැටලුවක්

rasika Thursday, 26 April 2018 06:19 PM

මේකවත් හරියට කරන්න බැරුව කොහොමද රටක් දියුණු කරන්නේ.. රටක් පාලනේ කරන්නේ.

:       1       772

hilina Thursday, 26 April 2018 08:24 PM

මීට කලින් ක්‍රමය වුයේ පහලින් යම් වරදක් සිදු වූයේනම් එම වරද නිවැරදි කරවන්නේ අත්සන් කරනු ලබන බලධාරියා විසිනි. දැනට මේ ඇති සෙස්ස පස්සට.

:       0       34

de silva Thursday, 26 April 2018 09:16 PM

මට පෙනෙන විදිහට මේක පාර්ලිමේන්තුව ආරම්භ කරන දිනය කල්දමාගැනීම සදහා හිතාමතාම කරන උප්පරවැට්ටියක් , පත්කරගත්ත දවසේ ඉඳල ඇහෙන්නේ අරය නිසා මේක කරන්න බැහැ මෙය නිසා අරක කරන්න බැහැ . බැහැ නැහැ බැහැ , අන්තිමට පාර්ලිමේන්තුවත් පටන් ගන්න බැහැ ගැසට් එක නැහැ .

:       0       64

Rasi Thursday, 26 April 2018 10:56 PM

මට නම් එක දෙයක් පැහැදිලියි, මේ රට තව දුරටත් කර ගෙන යන්න දෙන එක හරිම භයානකයි. මේ විදිහට හොයන්නේ බලන්නේ නැතුව මේක විතරක් නෙවෙයි, දැන් කීයක් නම් අත්සන් කරලා තියනවා ඇතිද?

:       0       47

prakaash Thursday, 26 April 2018 11:11 PM

මේක ආණ්ඩුවක් නොවන බව ජනතාව තේරුම් ගත යුතුය. බැරි වැඩ නොකරන් අබරෝ කියන්නේ ඕකට තමයි.

:       0       41

bandula Thursday, 26 April 2018 11:47 PM

බැරි වැඩ නොකරන් අබරෝ කිවුවලු

:       0       2

lalithsjm Friday, 27 April 2018 01:04 AM

මහජන මුදල් නිරපරාදේ විනාශ කරන්න විතරක් දන්නා මේ අයගෙන් මොන වැඩක්ද රටට ?

:       0       30

maalaka Friday, 27 April 2018 01:12 AM

මේක අරින්නෙම නැතුව ඉන්න බැරිද.?

:       0       9

davin Friday, 27 April 2018 01:35 AM

වැඩ බැරි බොස්ලා එක්ක ඉන්නකොට නිලධාරීන්ටත් වැඩ බැරි වෙනවා නේද? අපේ ආණ්ඩුවට වැඩ බැරි එකේ අපි වැඩ බැරි රටක් වෙනවා. මදැයි, ලෝකේ භයානකම ත්‍රස්තවාදීන් පරදවපු ආණ්ඩුවක් එපා කියලා අපිත් කොරගත්ත දේ. අපිටත් වැඩ බැහැ.

:       0       41

rocky Friday, 27 April 2018 02:08 AM

"විනාස කාලේ විපරීත බුද්ධිහ්!"

:       0       7

බාලසූරිය Friday, 27 April 2018 02:36 AM

මෙි වැඩ නිවිස්වලටම ගන්න ඕන සැලසුමකට හදපුවා වාගේ එහෙමනමි ඒවා පහත් වැඩ. මෙිවාට වගකිවයුත්තන්ට නිසි ක්‍රියාමාර්ග ගතයුතුයි.

:       7       59

Raveendra Friday, 27 April 2018 03:01 AM

දැන් බලනකොට "බාලාංසේ" පන්තිවල ඉන්න ළදරුවන්ට වෙන්න ඇති අදාළ ලිපි ලේඛන පුරුදු පුහුණු වෙන්න ලියන්න කියලා ඇත්තේ ? එහෙම නැත්නම් මුද්‍රණ දෙපාර්තුමේන්තුවේ ඉන්නේ පාසලේ පළමු පන්තියටවත් නොගිය මහාචාර්යවරුද.?

:       4       34

Madu Friday, 27 April 2018 03:08 AM

මේක කැඳවන්නේ නැත්නම් තමයි රටට යහපතක් වෙන්නේ. රටට තියන ලොකුම හෙනේ මේක ඇතුලේ ඉන්න කට්ටිය

:       0       12

jayantha Friday, 27 April 2018 03:43 AM

මේක තමයි අපේ රටේ තත්වය. මේවගේ සරල දෙයක්වත් හරියට කර ගැනීමට නොහැකි මිනිස්සුන්ගෙන් මේ රට ගොඩ ගැනීමට නොහැකිය. අපේ නායකයෝ කටින් තමයි වැඩ. කතාව නම් කැබිනට් ඇමති පත් කරන්න ජාත්‍යන්තර පිළිගැනීම් වලට අනුව.

:       0       37

janaka jayasinghe Friday, 27 April 2018 04:04 AM

මෙහෙමත් ආණ්ඩුවක් ආයෙත් මේ රටට පහල නොවේවා.!

:       0       62

Soma dubayi Friday, 27 April 2018 04:07 AM

සමහරුන්ට යහපාලය තේරෙන්නේ නෑ. ආණ්ඩුවට බනින්නේ ඒකයි.

:       136       1

RNG Friday, 27 April 2018 04:37 PM

සමහරක්ට නම් යහපාලනේ තේරෙන්නෙ නෑ කියලා දාන අදහස්වලින්ම තේරෙනවා කොහොමත් ..

:       0       31

KANDEPOLA Friday, 27 April 2018 04:20 AM

ලැජ්ජාවේ බෑ...

:       0       39

වසන්ත Friday, 27 April 2018 04:22 AM

මේ ආණ්ඩුවට අවුරැදු තුනයි. තවමත් තනතුරු තානාන්තර වලට පොරේ. තව හැදෙන පාටකුත් නෑ. හයියෙන් ලොකු හූවක් කියනවා ඇර වෙන කරන්න දෙයක් නෑ.

:       0       28

සතයපාල Friday, 27 April 2018 04:46 AM

විශ්‍රාම වයසත් පැනලා කාළයක් තිස්සේ සේවය කරන නිළධාරින් පරිපාලන සේවයේ මුල් පුටුවලට ලැගගෙන ඉන්නකොට මේවගේ අඩුපාඩු වෙනවා. නියමිත වයසෙදි විශ්‍රාම යන්න අකමැති නිළධාරින්ව වෙනත් සැහැල්ලු රාඡකාරි සදහා අනුයුක්ත කිරිම මගින් රාජය සේවය නිවැරදි කාර්යක්ෂම සේවයක් බවට හැරවිය හැකිවේවී.

:       1       23

දිලුම් Friday, 27 April 2018 04:53 AM

මටනම් කියන්න තියෙන්නේ... මේ ගැසට් ගහන්නයි ඒවා බෙදන්නයි යන වියදම ඔය වැරදි කරන අයගෙන් කපා ගන්න.

:       0       80

රවින් Friday, 27 April 2018 05:37 AM

අනේ අපොයි අපේ රටේ නිලධාරීන්ට වෙච්ච නස්පැත්තිය. කිසිම දෙයක් හොයල බලලා හරියට කරන්න බැරි නිලධාරීන් ඉන්න එකම රට හැටියට ගිනස් පොතට එකතු වෙන්න හිතිලද? ගැසට් එක අත්සන් කරලා තියෙන්නේ රාජ්‍ය සේවයේ ඉහලම නිලධාරියා.

:       0       39

sarath perth Friday, 27 April 2018 08:14 AM

මහබැංකු හොරකම ඇරෙන්න යහපාලනයට කිසිම වැඩක් හරියට කරගන්න බැහැනේ..

:       0       37

ප්‍රීති Friday, 27 April 2018 08:15 AM

මොන්ටිසෝරි මොළ කාරයෝ! පල් මෝඩයෝ!!

:       0       57

Fernando Sunday, 29 April 2018 01:37 AM

ගැසට් එකක් හරියට නිකුත් කිරීම ලේකම්ගේ වගකීමක්... මහජන මුදල් නාස්ති කරන මෙවැනි ලේකම්ලා වහාම ඉවත් කළ යුතුයි. මෙය කඩාකප්පල්කාරී වැඩක් වෙන්නත් පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 31 0

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 172 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 2537 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 736 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 240 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 595 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 516 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 293 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site