(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලු පක්ෂ ලබන මස 11 දින වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්වන බව එහි මහලේකම් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පාර්ලිමේන්තුව නියොජනය කරන හා නොකරන සියලු පක්ෂ හා දේශපාලන කණ්ඩායම් එකතු කර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් දේශපාලන බලවේගයක් බවට පත් කිරීම සඳහා සියලු පියවර ගන්නා බව ද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු හා දිස්ත්‍රික් සංවිධායකවරු පත් කරගැනීම සඳහා එම පක්ෂ මූලස්ථානයේදී පැවති සම්මුඛ පරීක්ෂණ අවස්ථාවට සහභාගීවීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය රටේ ශක්තිමත් දේශපාලන බලවේගය බවට පත් කිරීමට කටයුතු කරන බවද අමරවීර මහතා කීවේය.
ඉදිරියේ දී තවත් සුළු පක්ෂ ගණනාවක් සමග සාකච්ඡා කරන බව ද හෙතෙම කීවේය.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලු පක්ෂ එ.ජ.නිසට
Hafeel Thursday, 28 October 2021 01:37 PM
එහමනම් දැනට එක් ආසනයක් පමණක් තියන රනිල්ටත් මේ සන්ධානයට එකතු වෙන්න පුළුවන්.
Prase Thursday, 28 October 2021 03:06 PM
පොහොට්ටුවෙන් පුළුවන් එකතු වෙන්න
අම්බලමේ පිනා Thursday, 28 October 2021 04:21 PM
ඒ කියන්නේ ත්‍රීවීලර් පක්ෂ නේද? (සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික කියන රෝද තුන) මට හිතෙනවා අපේ ගෙදරට පක්ෂයක් පිහිටුවා ගන්න...
සුමිත් ප්‍රියදර්ශන Friday, 29 October 2021 08:22 PM
හැමෝටම තියෙන්නේ තම තමන්ගේ පක්ෂ, කණ්ඩායම් ගොඩනගන්න, ශක්තිමත් කරන්න වුවමනාව විතරයි. රට ගොඩගන්න කිසිම වුවමනාවක් නෑ. හැම කෙනාගේම බංකොළොත් වෙච්ච දේශපාලනය හදන්න යොදවන කාලය එකමුතුවෙලා රට ගොඩගන්න යොදවපල්ලා..
Mahesh panditharatna Saturday, 30 October 2021 06:36 AM
ආයේ ඕකට එකතුවුණා කියලා වෙනසක් මේ රටේ වෙන්නැහැනේ... දැනටත් ඔයගොල්ලෝ ආණ්ඩුවේ කොටසක්නේ.. කොහොමත් පොහොට්ටුවේ සභාපති ඔය පක්ෂෙ නායකයානේ.. දැන් ඔය හදන්නේ ආණ්ඩුවට පළාත් සභා ඡන්දය දිනන්න බැරි නිසා පොහොට්ටුවෙන් නැතිව එක්සත් ජනතා නිදහස් සන්ධානෙන් ඊළඟ ඡන්දෙට ඉදිරිපත් වෙන්න... මොන සංධානේ ගැහුවත් මේ ආණ්ඩුවේ මොන යම් හෝ කොටස් කාරයෙකුට ආයේ මේ රටේ මිනිස්සු ඡන්දේ දෙන්නැහැ...