(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සැපයුම පැයකට ආසන්න කාලයක් අක්‍රියවීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සෙවීමට විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි නිලධාරීන් ඇතුළු සේවකයන් දස දෙනෙකුගෙන් පසුගිය දින කිහිපයේදී ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සැපයීම මෙසේ පැයකට ආසන්න කාලයක් අක්‍රියවූයේ මුළු රටේම විදුලිය පසුගිය 3 වැනිදා විසන්ධවූ අවස්ථාවේදීය.
විදුලිය විසන්ධි වන අවස්ථාවලදී ක්‍රියාත්මක කෙරෙන විදුලි උත්පාදක යන්ත්‍රයට අවශ්‍ය ප්‍රමාණයට ජලය නොසැපයීම නිසා එම යන්ත්‍රය හදිසියේම අක්‍රියවීමෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය මෙසේ අක්‍රීයවී ගොස් ඇති බව දැනට කරන ලද මූලික විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.
මෙය කඩාකප්පල් ක්‍රියාවක් දැයි දිගින් දිගටම සොයා බලන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමට ලක්ව ඇති නිලධාරීන් සහ සේවකයන් අතර පාර්ලිමේන්තු ඉංජිනේරු අංශයේද විදුලිබල මණ්ඩල අංශයේ සහ ජල සම්පත් මණ්ඩල අංශයේද අය වෙති.
මේ පරීක්ෂණය අවසන්වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කතානායකවරයාට මේ පිළිබඳව විශේෂ වාර්තාවක් බාරදීමට නියමිතය.එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව කතානායකවරයා ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ගයක් ගනු ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
අයවැය විවාද පැවැත්වෙන අවස්ථාවක පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සැපයුම මෙලෙස අක්‍රීයවීම බරපතළ තත්වයක් බව සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ අමාත්‍ය චමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී පසුගියදා පෙන්වා දුන්හ.
මැතිසබයේදී පසුගියදා අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සැපයුම ක්‍රියාත්මක කිරීමේ කටයුතු විදුලිබල මණ්ඩලයෙන් ඉවත් කර පාර්ලිමේන්තුවේ පාලනයට වහාම ගැනීම වැදගත් අවශ්‍යතාවක් බවයි.
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුවේ විදුලිය නැතිවීම: සී.අයි.ඩී වාර්තාව ළඟදීම කතානායකට