IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පුරාවිද්‍යාව වාර්ගික ප්‍රශ්නවලට ඈද ගන්න එපා

(අංජුල මහික වීරරත්න)

පුරාවිද්‍යාව වාර්ගික පදනම් වලින් ගෙන දේශපාලනය කිරීමෙන් වලකින්නැයි බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

පුරාවිද්‍යා පනත සංශෝධනය කළ යුතු තැනකට පැමිණ තිබෙන බව කී කාරියවසම් මහතා මුලතිව් කුරුන්දි විහාරය පිළිබඳව පැන නැගී ඇති ප්‍රශ්නයේදී අදාල පුරාවිද්‍යා ප්‍රදේශයට ඉඩ දී  ඊට ඔබ්බෙන් තිබෙන  ප්‍රදේශය ජන ජීවිතය සඳහා සාමාන්‍ය පරිදි ලබා දිය යුතු බව දැනට පවතින අදහස යැයි කීය.

ජනාධිපතිවරයා පුරාවිද්‍යා භූමි සම්බන්ධව කළ  ප්‍රකාශය මුල්කරගෙන ආගම පටු අරමුණින් දේශපාලනයට යොදා ගන්නා විවිධ පුද්ගලයන් ප්‍රකාශ  නිකුත් කරන්නට පටන්ගෙන තිබෙන බව කී කාරියවසම් මහතා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරන ගමන් ජන ජීවිතය ද කළමනාකරණය කරගත යුතු බව සඳහන් කළේය.



අදහස් (7)

පුරාවිද්‍යාව වාර්ගික ප්‍රශ්නවලට ඈද ගන්න එපා

සත්‍ය ගවේෂී. Wednesday, 14 June 2023 05:47 PM

කුරුන්දි විහාරස්ථානයේ හාමුදුරු නමක් සත්‍ය පහදා දී තිබෙන වීඩියෝවක් යූටියුබ් එකේ තියෙනවා. ඔබතුමා ඇතුළු කණ්ඩායම මුලින්ම එය කියෙව්වොත් තමා වඩා හොඳ. උන්වහන්සේ ද්‍රවිඩ මන්ත්‍රීවරුන් ඉඩම් ගැන දරන වැරදි මතය ගැනත් හොඳ හැටි සාක්ෂි සහිතව පහදා දී තිබෙනවා. රටට ඉතිහාසය උගන්නන්න කලින් මේ රටේ දේශපාලකයන් ඉතිහාසය නිවැරදි ලෙස නැවත ඉගෙන ගැනීම වැදගත්... ලෝකයේ මොන දේට බෙහෙත් තිබුණත් මෝඩකමට බෙහෙත් නැත.

:       4       30

Anil Wednesday, 14 June 2023 06:21 PM

මෙයාලා දන්න පුරාවිද්‍යාව... අනේ අඛිල, ඔයත් හොඳයි රනිල්ට නම්...

:       3       20

de silva Wednesday, 14 June 2023 06:25 PM

ඔය කරගන්න හදන්නේ ඔබලාට ලැබුණු 3% නැතිකර ගන්න.

:       3       16

Bamunuarachchi Wednesday, 14 June 2023 07:40 PM

දෙමළුන් සමග ඇතිකර ගන්න සෑම ප්‍රශ්නයකම මූලය වාර්ගිකයි. වාර්ගික ප්‍රශ්නය කොටස් දෙකකට බෙදෙනවා. 1. ජාතිවාදය 2. ආගම් වාදය. ජාතිවාදය නැවත උප කොටස් දෙකකට බෙදෙනවා. ඒ ඉඩම් හා භාෂාලෙස. දෙමළුන්ට උතුරේ අයගේ පැවැත්ම තිබුණා කියලා පෙන්වීමට පුරාවිද්‍යාමක සාධක නැත. ඔවුන් කරන්නේ අපේ ඉතිහාසය උන්ගේ ඉතිහාසය ලෙස පෙන්වීමට කටයුතු කිරීමයි. එසේ කිරීම පහසුවී ඇත්තේ රනිල් ජෙප්පෝ වැනි නරුම සිංහලයින්ගෙන් ඔවුන්ට ලැබෙන සහයෝගයයි. තව කිවයුතු දේ බොහෝමයි. හම්බයෝ දෙමළුන්ට වඩා භයානකයි... එයත් සිහියේ තබාගෙන කටයුතු කරමු.

:       0       1

Shaaagala Wednesday, 14 June 2023 08:24 PM

පුරාවිද්‍යාව කන්නද? අපිට ඕනේ සමලිංගිකත්වය.... එජාප සමලිංගික මණ්ඩලය

:       0       0

Senaka Wednesday, 14 June 2023 09:53 PM

ආර්ථිකේ යන්තම් අටවලා ජනතාවගෙන් ගත්තු සොච්චම් පැහැදීමක් තිබ්බ නම් ඒකත් ඉවර කර ගත්තා දෙමළ ඡන්ද ගන්න ගිහින්. එක පාරකුත් මුස්ලිම් ඡන්ද ගන්න ගිහින් පාස්කු ප්‍රහාරෙ කෑව මතක නැද්ද? යන්තම් අගරදගුරු රාජපක්ශලගෙ ගිණුමට ඒක දාල ඔහෙලව බේරුවෙ. මේ පාර මොකාද බේරන්නේ?

:       0       0

Bamunuarachchi Thursday, 15 June 2023 05:00 AM

පුරාවිද්‍යා වටිනාකමක් ඇති දේවල් තිබෙන්නේ මේ සිංහල රටේ සිංහලයාගේ පෞරාණිකත්වය ඔප්පු කිරීමටයි. ඒ පුරවිද්‍යාත්මක දේවල්වල වටිනාකමක් සුළු ජාතිකයින්ට නොමැත. එම නිසා මේ රටේ පුරාවිද්‍යාත්මක වටිනා ඉඩම් සුළු ජාතීන්ගේ පැවැත්මට දෙනවා හා ඉල්ලනවා කියන්නේ සිංහල ජන වර්ගයාට විරුද්ධ වීමක්. ඒ නිසා මේ රටේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පන්සල් සතු ඉඩම් දෙමලුන්ගේ පැවැත්මට දීම වාර්ගික අර්බුදයකට මුල පිරීමක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 311 1

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 492 1

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 476 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


තාත්තයි දුවයි මීගමු කලපුවේ සැඟවෙයි
2024 නොවැම්බර් මස 24 481 0

මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත


කැරට් - ගෝවා මිල ලෙල්ලටම බහී
2024 නොවැම්බර් මස 24 523 0

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ


වැ.බ. පොලිස්පතිගේ ස්ථානමාරු ලේඛනය කොමිසම ආපසු හරවයි
2024 නොවැම්බර් මස 24 914 0

පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 507 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2025 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site