ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පූණ්‍යයෝත්සවය එරට වෙසෙන විවිධ ජාතික බෞද්ධයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 22 සහ 23 දිනවලදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නා හිමියන්ගේ අනුශසනා පරිදි පවැත්වු මෙම පින්කමට පැරිස් බෞද්ධ විහාරාදිපිත කෝ. ආනන්ද රත්මලානේ සමාධි බෞද්ධ විහාරාධිපති මාපලගම බුද්ධසිරි, කයිකාවල සුනන්දාරාමාධිපති බෝපිටියේ විජිත, තල්ගස්වල පුණවර්ධනාරාමාධිපති මානම්පිට අමිත, කොලොන්නාව බෝධිරාජ විහාරාධිපති බොරැල්ලේ කෝවිද, මිරිසවැටිය රජමහා විහාරවාසී ඊතන වැටුණුවැවේ ඤාණරතන, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසි මාපලගම ජීනානන්ද සහ තංගල්ලේ සුමංගල යන හිමිවරු ද වැඩම කළහ. ප‍්‍රංශයේ වෙසෙන සෝභිත සමනක්කොඩි, ගීතානී වීරසිංහ යුවළ හා චන්දන, සුබෝධනී මැණික්පුරගේ යුවළ කඨින පිංකමේ දායකයෝ ය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd