පැරිස් නුවර ජේතවනාරාම බෞද්ධ විහාරස්ථානයේ 2013 වෙසක් උත්සවය ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පුජ්‍ය මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.
මෙම පින්කමට පැරිස් බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමි, පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමි සහ කිරින්දේ පේමසිරි, මහගම සුනීත, මාපලගම ජිනානන්ද, පරපේ විමලරතන සහ බුරුමයේ උකුමාර යන ස්වාමීන්වහන්සේලා සහභාගී වුහ.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාරත්න හඟවත්ත මහතාත් රසාදරී හඟවත්ත මැතිනියත් සහකාර ශ්‍රී ලංකා තානාපතිනි ස්වර්ණා පෙරේරා මැතිනිය ඇතුළු පැරිස් නුවර ජීවත්වන විවිධ රටවලට අයත් බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් එදින පිංකමට සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්! (නි)
මම අවංකවම ගෞරවය දක්වන හිමිනමක් . මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමියන්. ලංකාව පමණක් නොව වියට්නාම් කාම්බෝජ ලාඕස් බටහිර ජාතිකයන් විශාල වශයෙන් පැමිණෙන තැනක් .මේ පන්සලට බොහෝ ආධාර ලැබෙන්නේ ලංකාවේ අයගෙන් නොව වෙනත් ආසියාතික ජාතිකයන්ගෙනි. වැදගත් අරුත් තිබෙන බණ දේශනා කිරීමට මේ නාහිමියන්ට හොඳ අවබෝදයක් තිබෙනවා. අපට විදේශ රටවලට අවශ්‍ය මේ වගේ බුද්ධ පුත්‍රයන්. බුදු දහම ගැන හසල දැනිමක් තිබෙනවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා , නිවන් ලැබේවා! (නි)
මේවට තමයි කියන්නේ ෂෝ කියලා. (දී)
අප මව්බිමේ අධ්‍යපනය ලබන ආර්ථික අගහිඟකම් වලින් පෙලෙන වෛද්‍ය විද්‍යලයේ දරුවනට ශිෂ්‍යත්ව ලබාදෙමින් සහ තවත් විවිධාකාර පුන්‍ය කටයුතු වල නිරත වෙමින් මහත් වූ ශාසනික සේවාවක් ඉතා නිහඬව කරන අපේ හාමුදුරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! ආයු රක්ඛන්තු ආවඩා! (නි)
හොද ආරම්භයක්. (නි)
මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමියන් , නිහඩව කරන සේවය අප බොහෝ අගය කළ යුතු දෙයක්. එනිසා නාහිමියන් සිටින පන්සල බුදු දහමෙන් එලිය වැටිලා. එම එලිය ලබා ගන්න ලෝකයේ බොහෝ දෙනෙක් මෙම පන්සලට පැමිණෙනවා . ඔවුන් බුදු දහම අවබෝධ කර ගන්නවා. ඉතා දුර්ලබ හිමිනමක්.වටිනාකම කියා නිම කරන්න බැහැ. සැමදම මේ සේවය අප සියලු දෙනාටම ලබා දීමට මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමියන් හට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
මුරුන්ගස්යායේ ඥානිස්සර ස්වාමීන් වහන්සේ මම වසර තිහක කලක සිට හඳුනමි. උන්වහන්සේ කරන නිහඬ සේවය අපි සියලු දෙනාම අගය කල යුතු වේ. උන්වහන්සේට දීර්ගායුෂ ලැබේවා. සියලු කටයුතු සඵල වේවා. (නි)