අජන්ත කුමාර අගලකඩ
හෙට පෙරවරුවේ සිදු කෙරෙන කැබිනට් සංශෝධනය යටතේ අමාත්‍යංශ විෂය පථයන්වල පුළුල් පෙරළියක් සිදු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
මුළු ඇමැති මණ්ඩලයම අලුත් කැබිනට් මණ්ඩලයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ හෙට පෙරවරු 10ට දිවුරුම් දීමට නියමිතය.
එහිදී ඇමැතිවරුන්ට දැනට හිමිවී ඇති ඇමැතිධුරවලට අයත් විෂ්‍ය පථයන් ගණනාවක්ම වෙනස්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ.
අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති සංස්කෘතික විෂයට අදාළ මධ්‍යම සංස්කෘතිය අරමුදල, අපේ ගම, ජාතික කලා මණ්ඩලය, ජාතික සංස්කෘතික කලා මධ්‍යස්ථානය, ජනකලා කේන්ද්‍රය, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ටවර්හෝල් රඟහල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතන සංස්කෘතික අමාත්‍යවරයා යටතට පත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.
රජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ දැනට පවතින ජාතික චිත්‍රපට සංස්ථාවද නැවත සංස්කෘතික අමාත්‍යංශය යටතට හෝ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.
මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය අමාත්‍යංශ දෙකක් ලෙස වෙන් කෙරෙනු ඇතැයි වාර්තාවේ.
මේ අතර ජාතික ආණ්ඩුවේ කැබිනට් අමැතිවරුන් 47 දෙනකු සිටි අතර එය 42ක් පමණ දක්වා අඩු වනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පරස්පර ඇමැතිධුර හෙට ගලපයි - විෂය පථවල ලොකු වෙනසක්
Samab Monday, 30 April 2018 05:11 PM
ඒ අයම පටලගෙන ඒ අයම විසදගන්නවා... පිලිවෙලක් ප්‍රතිපත්තියක් නැති පාලකයන්ට රටක් ගොඩ ගන්න පුලුවන් වෙයිද? අපේ රට හරි අවාසනාවන්තයි...
Sunil Monday, 30 April 2018 06:11 PM
පරණ කුට්ටම නැවත ඇනීම.
sugath sanjeewa Monday, 30 April 2018 09:48 PM
මේ දෙන්නටම දැන්ද මේවා තේරිලා තියෙන්නෙ.......
surath Monday, 30 April 2018 10:55 PM
අච්චාරු හා ලුණු ඇඹුල්
TD Monday, 30 April 2018 11:06 PM
අලුත් කැබිනෙට් සංසොදනයේදී එම තනතුරු ලබාදිය යුත්තේ යමක් ගැන ගැඹුරින් සිතන්න, ලෝකය සමග වැඩකලහැකි, ගනුදෙනු කළහැකි උගත් පුද්ගලයන්ටය. මේ ලෝකයේ රටවල් දියුණු වී තිබෙන්නේත් දියුණුවන්නෙත් නිර්මාණශීලි දක්ෂ පුද්ගලයන්ට අවස්ථාදීමෙන්ය. කැබිනට් තනතුරු දීමේදී පාර්ලිමේන්තු ගොස් නිදාගන්න ඇමතිවරු සහ මන්ත්‍රී වරු සිටින්නේ ආසියාවේ රටවලය. ලංකාවෙන්ම් එය ඉතා සුලබ දසුනකි. එය ඉතාම කණගාටු දායකය. පාර්ලිමේන්තුවට සහ විශේසයෙන් රටේ බදු ගෙවන මහජනතාවට කරන කරන නිගාවකි. විදේශිය තානාපති දූත පිරිස පවා පාර්ලිමේන්තුවට පැමිණෙති. පාසල් ළමුන් පාර්ලිමේන්තුවට පැමිණෙනවා. ලංකාවේ අලුත් පාර්ලිමේන්තුවෙන් පාසල් ළමුන්ට ආදරශයක්වන සේ කටයුතු කිරීම කරන්නේ නම් වටිනේය. සමහරු නිදිය, සමහරු දුරකථන ඇමතුම්වල වෙනත් රාජකාරිය. 2018 මැයි 1 වනදා හෙට ලංකාවේ පත් කෙරෙන් නව කැබිනෙට් මණ්ඩලයේ වැදගත් තනතුරක් වන දේසපාලන තනතුරක් නොවන කැබිනෙට් ප්‍රකාශක තනතුර දියයුතු වඩාත්ම සුදුසුම පුද්ගලයා එරාන් වික්‍රමරත්නය. යමක් ඉතා සරලව සහ පැහැදිලිව කිවහැකි අවශ්‍ය දේ පමණක් කතා කරන ගැටුම් වලට නොයන කෙනෙකි.
සතයපාල Tuesday, 01 May 2018 02:30 AM
ඕක පත් නොකර ඉන්න බැරිද.විෂය පතයන් විදයාත්මක හෝ අවිදයාත්මකව බෙදුවත් ඕවා කරන්නේ හිටපු සෙට් එකමනේ !
sachith Tuesday, 01 May 2018 03:37 AM
දැන් හෙට ඉදල ශ්‍රී ලංකාව සීග්‍ර සංවර්ධනයක් ලබයි නේද. අනේ මෙනෙහෙත් විහිලු. මේ සන්සොදනෙන් වෙන්නේ අඩුවෙන් කාපු අයට ටිකක් වැඩියෙන් කන්න අවස්ථාව ලබා දෙන එක මිසක් වෙන මොකක්ද.
Ajantha Tuesday, 01 May 2018 03:37 AM
ඔව් ඔව් මහ බැංකු හොරුන්ට දීල තියෙන විෂය පථය මදි හින්ද වෙන්න ඇති තවත් දෙන්න හදන්නෙ. දැන් මහ බැංකු හොරුන්ගෙ මහ මොලකාරයන්ට දීපු දඩුවම මොකද්ද. හාල්මැස්සෝ විතරක් හිරේ දාල වැඩක් නැහැනේ.
rama Tuesday, 01 May 2018 03:51 AM
විසය මාරු කලට වැඩක් නේ ඔළුගෙඩි මාරු කරන්නේ නැතුව මොනවත් කරලා වැඩක් නේ මහජනතාවගේ බදු බර ඓයන් කරන්නේ නැතුව
Ranga Tuesday, 01 May 2018 04:38 AM
ආනේ...විද්‍යාත්මකව විෂය පථය මොකක්ද කියල හොයාගන්න අවුරුදු 3 ක් ම ගිහිල්ලනෙ...
Rasi Tuesday, 01 May 2018 04:59 AM
දැන් සියලු දෙනාම ලෑස්ති වෙන්න, හෙට ඉදල රට වේගයෙන් විද්‍යාත්මකව දියුණු වෙන්න යන්නේ.
wimal Tuesday, 01 May 2018 05:10 AM
අහවල් දෝෂය අද නොවේ හෙට!!!!!!!!
ලුම්බිණි Tuesday, 01 May 2018 05:20 AM
ඇමති මණ්ඩල සංඛ්‍යාව අඩු කර දුන්නොත් ලොකුම සේවයක්.