(අංජුල මහික වීරරත්න)
ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ලෝකයට සහාය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දේශගුණික විපර්යාස අද ලෝකයටම අභියෝගයක් වුවද ඒ පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට මධ්‍යස්ථානයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටවල් රැසක් සහභාගී කර ගනිමින් එම කටයුත්ත සිදු කිරීමට ශ්‍රී ලංකාව මුල පුරා ඇති බව ද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (11) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 10 වන පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය අමතමිනි.
විශිෂ්ඨ සේවා ගුරු උපහාර හා විශිෂ්ඨ පාසල , විශිෂ්ඨ සේවාවක් සිදු කළ ප්‍රාදේශීය පරිසර නිලධාරීන් හා කාර්යාල ද මෙහිදී ඇගයීමට ලක් වූ අතර පරිසර නියමුවන් 129 දෙනකු සඳහා ජනාධිපති පදක්කම් පිරිනැමිණි.
පරිසර නියමු ජනාධිපති පදක්කම ජාතික පරිසර නියමු වැඩසටහනේදී ලබා ගත හැකි ඉහළම පදක්කම වන අතර විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී එම පදක්කම්ලාභීන්ට අතිරේක ළකුණු හතරක් හිමිවේ.
විශිෂ්ඨතම පාසල ලෙස ජනාධිපති පරිසර නියමු පදක්කම් ලාභීන් 14 දෙනෙකු බිහි කළ අරලගංවිල විලයාය ජාතික පාසල සම්මාන ලැබූ අතර වැඩිම ජනාධිපති පදක්කම් ලාභීන් පිරිසක් (25) බිහි කිරීමට මග පෙන්වනු ලැබූ මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය විශිෂ්ඨතම කාර්‍යාලයට හිමි සම්මානය දිනා ගත්තේය.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පරිසර නියමුවෝ ජනපති අතින් සම්මාන ලබති
විසිල් Friday, 12 May 2023 07:21 AM
දේශගුණික විපර්යාසයන්ට දියුණු රටවල දායක භාරය තුල නොදියුණු රටවලට හිමි විය යුතු කොටස ඩොලර් වලින් ඉපයීමට උත්සාහ ගැනීම අගය කල යුතුය. රනිල් මහත්තයෝ රට තුල දේශපාලන විපර්‍යාසයක් වීමට ඉඩ හරින්න. පවුල් පරම්පරා දේශපාලනය නිසා රට විනාශ වී ඇත. (ඔබත් පරම්පරා දේශපාලනයේ නිසා අකමැති ඇති ) දියුණු රටවල් පාලනය කරන්නේ පවුල් කිහිපයකට අයිති ගොන් කබ්බන් කිහිප දෙනෙකු නොවේ. සමාගම් පාලනය අපට අවශ්‍ය නැත.
Perera Friday, 12 May 2023 10:27 AM
දැන් එතකොට ලෝක පරිසර විපර්යාසවලට විසඳුම් හොයන්නේ ඔය චායාරූපයේ ඉන්න වෙන්න විද්වතුන් සෙට් එකද ?
දමයන්ති Friday, 12 May 2023 12:50 PM
ජනාධිපතිතුමා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පතල් සදහා අනුමැතිය දෙන්නෙ ඔප්පුව බලා අයිති කරුගේ හා අදගොවියාගේ කැමැත්ත මත පමණයි එහෙම බලපත්‍ර අරගෙන බැකෝ යන්ත්‍ර මගින් පතල් කැපුවම අවට නිවාස වලට හානියක් වෙනවාද ජල උල්පත් සිදීයාමට ඉඩ තිබේද කදුවැටි නාය යයිද කිසිවක් බලන්නෙ නැහැ ඒ නිසා පරිසරයට ඇල්මක් දක්වන ඔබතුමා ඒ ගැනත් අවධානය යොමුකරනවා නම් ඉතාමත් හොදයි