IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පෙරහරට ගෙනා අලියා සිසුවා බිලි ගනී

(අජිත්ලාල් ශාන්තඋදය , ජයන්ත නානායක්කාර සහ ඉන්දිකා රාමනායක)


පනාමුර, කාවන්තිස්ස රජමහා විහාරස්ථානයේ පෙරහරට ගෙන ආ අලියකු අසලට ගිය දොළොස් හැවිරිදි දරුවකු එම අලියා  පහරදීමෙන් පසු මියගොස් ඇති බව පනාමුර පොලිසිය පවසයි.

අලියා පහර දීමෙන් බිම වැටී සිටි දරුවා වහාම ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

හදිසි ඒකකයට ඇතුළත් කළ පසු පැයක පමණ කාලයක් රෝහලේ වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය ඇතුලු සේවකයන් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් ගත්ත ද ටික වේලාවකින් ඔහු මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.

ඇඹිලිපිටිය, පනාමුර පාරේ දෙකේ කණුව, ගල්අමුණ පාරේ පදිංචිව සිටි මුණසිංහගේ ලකිඳු නෙත්සර මුණසිංහ (12) දරුවා මෙසේ මියගොස් ඇත. ඔහු පනාමුර මහා විද්‍යාලයේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

පෙරහරට ගෙනා මෙම අලියා පන්සල පිටුපස තේක්ක ඉඩමක බැඳ තිබුණි. අලියා බැඳතිබූ ස්ථානය වටා තුන් පැත්තකින් කම්බි ගසා තිබුණි. පාසල ඇරී තවත් ළමයකු සමග පන්සල පැත්තෙන් පමණක් කම්බි නොගසා තිබු අතර මියගිය දරුවා අලියා ළඟට ගොස් ඇත්තේ එතැනින් බව පොලිසිය පැවසුවේය.



අදහස් (9)

පෙරහරට ගෙනා අලියා සිසුවා බිලි ගනී

wedage Friday, 15 September 2023 04:40 PM

අලියා බලාගන්න කෙනා කොහේද හිටියේ?

:       1       7

සෙනෙවිරත්න Friday, 15 September 2023 05:29 PM

පනාමුරේ ඇත්ගාලේ පරණ කෝන්තරයක් පිරිමහගත්තා වෙන්න බැරිද?

:       0       9

පැරතුම් Friday, 15 September 2023 05:39 PM

කඨින පිංකමට අලි මොකටද? මේ කාලීන බෞද්ධයෝ හාමුදුරුවරුත් එක්ක හවුල්වෙලා හදාගත්තු නවීකරනය කරන ලද දේවල්...!

:       2       30

ලුම්බිණි Friday, 15 September 2023 06:20 PM

අද හැම පින්කමටම අලි ගේන එක පුරුද්දක් වෙලා. කාටද පිස්සු කියලා හිතාගන්න බැහැ...

:       0       10

පිටිගල මිලානෝ Friday, 15 September 2023 06:28 PM

චුල්ල හත්ථි පදෝපම සූත්‍රය හැරුණු විට බුද්ධ ධර්මයයි, අලි ඇතුනුයි අතර සම්බන්ධයක් තිබේද? සාදු කඨින පිංකමට අලි ගෙනැල්ලා මිනිස්සුන්ට ධර්මය පහදන්නද යන්නේ? මහජනයා ගැවසෙන තැනක අලියෙක් ගෙනැල්ලා ගාල් කරගත්ත එකට සාදුවත් අත්අඩංගුවට ගන්න.

:       2       8

වසන්තිFriday, 15 September 2023 07:47 PM

පිටිගල මේ දවස්වල මිලාන් ඉන්නවා කියලා ආරංචියි...

:       0       1

sampath Friday, 15 September 2023 07:36 PM

ළමයි ගැන මීට වඩා හොයන්න බලන්න ඕනේ. ඇත් ගොව්වා බොන්න ගිහින්ද? අනෙක කවුරුහරි ඇතාට අනතුරක් කළත් ගොව්වා දන්නේ නැහැ.

:       0       1

ranjith Saturday, 16 September 2023 07:03 AM

තිරිසන් සතුන් ඔවුන්ගේ වාසස්ථානවල නිදහසේ ඉන්න නොදී උන් ගාල් කරගෙන කරන වැඩ නිසා අහිංසක ජීවිත විනාශ වෙනවා.

:       1       1

චිරන්ත Saturday, 16 September 2023 02:08 PM

මම මේ නොදන්නා නිසා අහන්නේ ඇත්තටම ඇඹිලිපිටිය දිස්ත්‍රික්කයක් වුනේ කවද්ද කියලා කියන්නකෝ මොකද මට ළඟදී විභාගයක් තියෙනවා. බැරිවෙලා හරි ලංකාවේ දිස්ත්‍රික්ක කීයක් තිබේදැයි ඇහුවොත් දෙන්න උත්තර නැහැ. ඇත්තටම දිසා මහරෝහල නොකියා ඇඹිලිපිටිය මහ රෝහල කිව්වාම තියෙන වැරැද්ද මොකක්ද මහත්තයෝ..?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 158 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 269 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 188 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 142 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 497 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 102 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 280 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1335 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site