IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ප්‍රහාරයට ලක්වූවෝ ගෙදර එති

තමිල්නාඩුවේ වෙල්ලක්කන්නි කතෝලික දේවද්ස්ථානය වන්දනා කිරීමට ගොස් කොටි හිතවාදී ‘අපි දෙමළ‘ සංවිධානයේ ගල් මුල් ප්‍රහාරයට හා මරණීය තර්ජනවලට මුහුණදුන් කතෝලික වන්දනාකරුවෝ 184 දෙනෙකු මිහින් ලංකා විශේෂ ගුවන් යානයකින් කටුනායකට රැගෙන එනු ලැබූහ. ඔවුන් ගමන් කළ බස් 7ටම ගල්මුල් වැදී අලාභහානි සිදුවී ඇත. කාන්තාවන් 47කට හා ළමයින් කිහිපදෙනෙකුට ද ගල් මුල් වැදී තිබිණි. ඔවුන් බොහෝ දෙනාගේ මුහුණුවල  බිය පහවී නොතිබිණි. වන්ධනා සංවිධායක පැවසුවේ තමාගේ 17 වැනි ගමනේදී මේ සිද්ධිය වූ බවයි.  



අදහස් (0)

ප්‍රහාරයට ලක්වූවෝ ගෙදර එති

මංජු Wednesday, 05 September 2012 01:19 PM

"මේ තරම් ලස්සන මිනිසුන් මිනිස්සු වගේ ජීවත් වෙන, මොළය තියෙන උගත් මිනිසුන් ජීවත් වෙන රටක" අනේ ඇත්තට, මේ වගේ මිනිස්සු ඉන්නවද මේ රටේ? මට කියන්නකෝ මොළය තියෙන උගත් එක මිනිහෙක්ගේ නමක්. (නි)

:       0       0

රංගා ශානි. Wednesday, 05 September 2012 01:20 PM

හොඳ වැඩේ ..වෙන යන්න තැනක් ඇත්තෙම නැද්ද ? යන්නකො දඹදිව..(ස)

:       0       0

අසිත Wednesday, 05 September 2012 01:42 PM

බුද්ධියෙන් කිතුනු වෙලා වගෙයි. (නි)

:       0       0

තිහගොඩ Wednesday, 05 September 2012 01:38 PM

වදින්න ගිය දේවාලේ හිසේ කඩන් වැටුනෝ (ස)

:       0       0

ද සිල්වා Wednesday, 05 September 2012 02:03 PM

ඉන්දියාවේ කතෝලික සිද්ධස්ථාන වන්දනාමාන කිරීම කතෝලිකයන්ගේ අයිතියක් (නි)

:       0       0

සදුන් Wednesday, 05 September 2012 07:39 AM

කරදරයක් නැතුව ආපහු ආපු එකත් ලොකු දෙයක් (නි)

:       0       0

අරු Wednesday, 05 September 2012 02:11 PM

අනේ මිනිසුනි ‍, අනුකම්පාවක් කියලා දෙයක් දන්නේ නැද්ද? (නි)

:       0       0

ද සිල්වා Wednesday, 05 September 2012 02:12 PM

මානව හිමිකම් සංවිධාන මේ ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

අහිංසා Wednesday, 05 September 2012 07:53 AM

ඔන්න බලන්න. මිහින් ලංකා ශ්‍රී ලංකාවට ලොකු පාඩුවක් කළත් මේ වගේ වෙලාවට ප්‍රයෝජනවත් වුණ හැටි. (නි)

:       0       0

තරු Wednesday, 05 September 2012 07:50 AM

වදින්න ගිය දෙවියන් පිහිට වෙලා නැහැ වගෙයි. (නි)

:       0       0

රන්වන් Wednesday, 05 September 2012 08:05 AM

මිහින් ලංකා එකට වෙච්ච පාඩුවෙන් මේ වගේ වෙලාවකට ප්ලේන් 10ක් කුලියට ගන්න තිබ්බා. (නි)

:       0       0

වරුණ Wednesday, 05 September 2012 08:09 AM

ලංකාවේ ඉන්න තමිල්නාඩු මුදලාලිලාට දැන් මොකද කරන්නේ? (නි)

:       0       0

සෑම් Wednesday, 05 September 2012 08:09 AM

තාමත් මෙයාලගේ පුල්ලි අළුයට ගින්දර වගේ තමයි. යාපනයට ගියත්, වන්නියට ගියත්, මඩකලපුවට ගියත් තාම සමහර දෙමළ මිනිස්සු අපි දිහා වෛරයෙන් තමා බලන්නේ. සිංහලයනි, පරිස්සමින්. (නි)

:       0       0

රීනෝ Wednesday, 05 September 2012 02:24 PM

රංගශානි, දඹදිව තිබෙන්නෙත් ඉන්දියාවේම තමයි (නි)

:       0       0

කුරුවිට Wednesday, 05 September 2012 02:24 PM

දෙවියනි ඔබ කොහිද ................. ..... නරය මම ඉන්දියාවේ ‍වෙසෙමි. (ස)

:       0       0

ග්‍රේෂන් Wednesday, 05 September 2012 08:10 AM

කෙසේ නමුත් ඉන්දීය මධ්‍යම රජය සමග මේ ගැන සාකච්ඡා කළ යුතුයි. දෙරටේ ස්ථාවරයන් අනුව තමිල්නාඩුව සම්බන්ධව අපගේ සීමාවන් පැනවිය යුතුයි. (නි)

:       0       0

රොහාන් Wednesday, 05 September 2012 02:36 PM

මේක සංවිධායකයන්ට හොද ව්‍යාපාරයක් වේවි. (නි)

:       0       0

හේමන්ත Wednesday, 05 September 2012 02:37 PM

තමන්ගේ අනුගාමිකයන් රැක ගන්න බැරි දෙවියන්ගෙන් මොන යහපතක්ද බලාපොරොත්තු වෙන්නේ? (නි)

:       0       0

සරත් Wednesday, 05 September 2012 08:28 AM

මහ වැස්සකට පස්සේ ගස් වල වතුර ටික වෙලාවක් යනකන් වැටෙනවානේ.(ස)

:       0       0

මංජුල Wednesday, 05 September 2012 02:33 PM

රංජිත්ගේ කටේ මසුරන් දාන්න වටිනවා. (නි)

:       0       0

ජෝයි Wednesday, 05 September 2012 08:39 AM

දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා !(ස)

:       0       0

ඉනෝකා Wednesday, 05 September 2012 10:29 PM

දෙවියන්වහන්සේ ජීවමානයි. දිය බුබුළේ, වැලි කැටයේ හැමතැනම ඉන්නවා කියලයි කියන්නෙ. ඒක එහෙම නම් මේ අය ඇයි දෙවියන් වදින්න තමිල්නාඩුවට යන්නෙ. ඔය කියන දෙවියන් අපේ රටේ නැතුවා වද්ද? අනේ මට නම් පිස්සු වගෙයි. (නි)

:       0       0

eresh S kumara Wednesday, 05 September 2012 08:44 AM

ඉන්දායාව ඇරුණම වෙන යන්න තැනක් ඇත්තෙම නැද්ද අපේ සිංහල අයට .කවදාහරි ත්‍රස්තවාදය නැවතත් හිස ඔසවන්නේ තමිල්නාඩුවෙන්...(ස)

:       0       0

තාරක Wednesday, 05 September 2012 02:39 PM

අයියෝ සල්ලි

:       0       0

අමිල කටුනායක Wednesday, 05 September 2012 08:51 AM

ඒ ඇති වුණ ප්‍රහාරය බලද්දි මේ අය පණ ‍බේරන් ආව එකත් දේව හාස්කමක්..(ස)

:       0       0

හිරුණි Wednesday, 05 September 2012 08:51 AM

තරූ........... වදින්න ගිය දෙවියන් පිහිට වුණ නිසයි මෙයාල ශ්‍රී ලංකාවට අරක්ෂ කරල රැගෙන එනු ලැබූවෙ. (ස)

:       0       0

ලලිත් Wednesday, 05 September 2012 02:48 PM

මොනවා වුණත් තමිල්නාඩු කොටි හොදයි (නි)

:       0       0

නන්දි Wednesday, 05 September 2012 02:49 PM

අනේ ඇත්තට ලකාවේ ඉන්නේ කොයි වගේ අයද ?ලෝකෙම දෙවියන්ගෙන් ඈත් වෙන කලෙක අපේ අය මේක බදාගෙන මැරෙන්න හදනවා.ආගමක් තෝරාගන්න කලින් තමන්ගේ හිතට එකගව හොදට හොයල බලල තෝරාගන්න කියල ඔය සිංහලයන් ගෙන් ඉල්ලන්න කැමතියි .මෙච්චර වටිනා දහමක් තියෙන රටක ඉපදිලා නිකන් ලෝකෙට ලජ්ජා වෙන පුවත් මවන්නේ නැතුව.මොකද ලෝකෙම දන්නවා මේක බෞද්ධ රටක් කියල . (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 05 September 2012 08:58 AM

ඔතන දේශපාලකයෝත් ඉන්නවද ?(ස)

:       0       0

අනුරුද්ධ Thursday, 06 September 2012 04:13 PM

හැම එකකටම ආගම ගාවා ගන්න එපා. (නි)

:       0       0

මංජුල Wednesday, 05 September 2012 08:59 AM

දෙවියන් වහන්සේට ස්තූති වේවා! (නි)

:       0       0

සංක Wednesday, 05 September 2012 09:04 AM

හිරුණි තරූ........... වදින්න ගිය දෙවියන් පිහිට වුණ නිසයි මෙයාල ශ්‍රී ලංකාවට අරක්ෂ කරල රැගෙන එනු ලැබූවෙ. -------------------------- හැබැයි දැන් මොනවා හරි උනා නම් මේ ගොල්ලෝ කියන්නේ දෙවියන් වහන්සේ පරීක්ෂා කරන්න තමා එහෙම කරේ කියලයි .... (ස)

:       0       0

දුමින්ද Wednesday, 05 September 2012 09:00 AM

තමිල් නාඩු අයගේ අනුවන කමක මහත.(ස)

:       0       0

කංකානම Wednesday, 05 September 2012 02:53 PM

ඔයාලත් එන්නකෝ මෙහෙට (නි)

:       0       0

ජයී Friday, 07 September 2012 01:01 PM

බැතිමතුන් සිත් රි‍දෙව් දෙව් මැදුරු සිර කෙරෙව් මුළු ලොවම දැන් බලව්...........(ස)

:       0       0

පින්කි Wednesday, 05 September 2012 09:22 AM

මොනවා හරි වුණා නම්, බුදු දහම - කර්මය පළ දීම කිතු දහම - විපාක ලැබීම. (නි)

:       0       0

Cahmika Nissanka Wednesday, 05 September 2012 10:57 PM

කෝ මේ අයට කඩේ ගිය අය..!!(නු)

:       0       0

කුමාර Wednesday, 05 September 2012 09:30 AM

මෙච්චර අරියාදු කරද්දිත් මොකට යනවද මන්දා ? මේ ගුවන්යානයට මුදල් ගෙව්වේ කවුද (ස)

:       0       0

සුසිල් Wednesday, 05 September 2012 09:41 AM

සිංහලයනි තමිල් නාඩු යන්න එපා..‍අපේ සල්ලි මොනවටද එයාලට දීලා එන්නේ..ඔයාලට දෙවිපිහිටයි..(ස)

:       0       0

මදුල Wednesday, 05 September 2012 10:05 AM

මේවා හෙලාදකින්නවත් කොන්දක් ඇති බලධාරියෝ නැද්ද . ජනතාවත් ගුටි කකා වදින්න යනවා . (ස)

:       0       0

ප්‍රදීප් Wednesday, 05 September 2012 03:30 PM

දැන් තියෙන්නෙ කොයි ආගමද උසස් කියන ප්‍රශ්නෙද ? නැත්නම් තමිල්නාඩුවෙ අය අපේ අයට ගහපු එකද? බලන් ගිහාම කොයි රටේ අයද වැඩිය මෝඩ කියන ගැටලුව මට එනවා. අපේ මිනිස්සු කොච්චර පටු විධිහටද හිතන්නෙ. ඇයි හිතන්න බැරි මේත් අපේම සිංහල මිනිස්සු කියලා. (ස)

:       0       0

පෙරේරා Wednesday, 05 September 2012 10:07 AM

ලංකාවේ සාමය උදාවුණත් තමිල්නාඩුවේ එසේ නොවන බවයි පෙනෙන්නේ (නි)

:       0       0

නිමල් Wednesday, 05 September 2012 03:25 PM

වදින්න ගිය දේවාලේ හිසට කඩන් වැටිලා ව‍ගේ...(ස)

:       0       0

විජේ Wednesday, 05 September 2012 03:29 PM

ඉන්දියාවට විරුද්දව සද්දේ දාන්න කෙනෙක් ඉන්නවද ??? මෙහේ ....(ස)

:       0       0

විජේ Wednesday, 05 September 2012 03:31 PM

හොඳ වැඩේ (ස)

:       0       0

රොෂාන් Wednesday, 05 September 2012 10:15 AM

තමිල්නාඩුව නෙමෙයි ඉන්දියාවත් අවශ්‍ය නැහැ අපිට (නි)

:       0       0

කෙවින් Wednesday, 05 September 2012 10:21 AM

මොකටද අපේ මිනිස්සු එහේ යන්නේ? (නි)

:       0       0

සනත් Wednesday, 05 September 2012 03:46 PM

අහිංසා , තවත් ලංකාවේ ඉන්නේ මොකටද ඔයා? (නි)

:       0       0

කුරේ Wednesday, 05 September 2012 11:00 AM

කොච්චර යන්න එපා කිවුවත් යනවා (නි)

:       0       0

චාර්යා Wednesday, 05 September 2012 10:59 AM

ගල් වදින කොට දෙවියා කොහෙද දන්නේ නෑ හිටියේ නේද? අනේ මෙහෙමත් අන්ධ ගොලු බිහිරින්.........අපිත් ලෑජ්ජා නෑතිව යනවා මේ තරම් ලස්සන, මිනිස්සු මිනිස්සු වගේ ජීවත් වෙන, මොලේ තියෙන උගත් මිනිස්සු ජීවත් වෙන රටක ඉදන් මොලේ කලදක් නෑති, මහ පාරේ ටොයිලට් යන, සත්තු වගේ මිනිස්සු ඉන්න රටකට දෙවියන් පුදන්න. ඈයි මේ රටේ දෙවියන් නෑද්ද?(ස)

:       0       0

ජයී තිසර Saturday, 08 September 2012 12:39 AM

බැතිමතුන් සිත් රි‍දෙව් දෙව් මැදුරු සිර කෙරෙව් මුළු ලොවම දැන් බලව් ඉන්දීය මළ ඉලව්(නු)

:       0       0

නිරන්ජන් Wednesday, 05 September 2012 11:06 AM

දෙවියන් වහන්සේටම භාර දෙන්න. දෙවියන්වහන්සේම මේ ගැන බලාගනීවි..(ස)

:       0       0

ඩොන් Wednesday, 05 September 2012 11:07 AM

පව් පාලකයින්ට බනින්න එපා..(ස)

:       0       0

නයන Wednesday, 05 September 2012 04:19 PM

ප්‍රදීප් පටු විදියට හිතන්නේ ඔයානේ .දැන් එතකොට මේ මිනිස්සුන්න්ට පිහිට උනේ මිනිසෙක්ද නැත්තනම් දෙවියෙක්ද ?ඔය බය ඔක්කොම ඇරිලා යාවි ලඟම තියෙන පන්සලකට ගිහිල්ල බෝධි පූජවක් කරගත්තනම්.(ස)

:       0       0

සන්ධ්‍යා Wednesday, 05 September 2012 11:11 AM

අපි මෙම ප්‍රහාරය හෙළා දකිමු (නි)

:       0       0

ජගත් Wednesday, 05 September 2012 04:26 PM

මේ අය මෙච්චර මහත් වෙලා තියෙන්නේ මොනවා කාලද දන්නේ නැහැ. (නි)

:       0       0

රංජිත් Wednesday, 05 September 2012 04:35 PM

ඉන්දියාවත් වර්ජනය කරයිද දන්නේ නෑ? (ස)

:       0       0

මුදිත Wednesday, 05 September 2012 04:35 PM

කෝ අර කෑ ගහන කට්ටිය? ලෝක ප්‍රජාවට කියන්න අපිට වෙන අසධාරණේ ගැන. කොහොම කියන්නද හිතට එකගව. නේද? (නි)

:       0       0

විකී Wednesday, 05 September 2012 11:10 AM

ඔලිම්පික් උළෙලේ ඉන්දියානු කණ්ඩායමට අයත් නොවන කෙනෙක් ගමන් කළා කියල ඉන්දියාව ඔලිම්පික් කමිටුව සමාව ගත යුතු බව කිව්වා. දැන් බලමු මේවට ඉන්දීය රජය සමාව ගන්නවද කියලා (ස)

:       0       0

මේරි Wednesday, 05 September 2012 11:22 AM

නැවත නම් යන්න එපා (නි)

:       0       0

මේරි Wednesday, 05 September 2012 11:25 AM

ඇයි මේ අදහස් ප්‍රකාශ කරන්නන් අනෙක් ආගම් වලට අගෞරව කරන්නේ? (නි)

:       0       0

රංජිත් Wednesday, 05 September 2012 11:28 AM

තමිල්නාඩුට කියන්නේ මහ පාර වැසිකිලියක් කරගන්නා හා රැවුල් කොටයක් වවාගත් නළුවා චිත්‍රපටියේදී මැරුනොත් තිරයට ගල් ගහන ජාතියේ මෝඩ රැලක් ඉන්න පැත්තක්. එනිසා තමයි වසර 2500 කට කලින්, කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකරගත් ඒ සත්‍ය දර්ශණය ලංකාවට එව්වේ. ලංකාවේ දෙවියන්ට බාර දුන්නේ රැකගන්න. අපි ඔය මෝඩ‍යන්ට අනුකම්පා කරමු. බුදු දහම රැක ගමු (ස)

:       0       0

කන්කානම්ගේ Wednesday, 05 September 2012 11:30 AM

ඉන්දියන් කෙනෙකුට ලංකාවෙදි මෙහෙම කවුරුහරි ගැහුවා නම් බලන්න තිබුණා එහෙනම් වැඩේ. (නි)

:       0       0

පද්ම Wednesday, 05 September 2012 11:35 AM

ඇයි දෙවියන්ට බැරි උනේ මෙයාලව ගල්මුල් වලින් බේරලා .. බස් රථ වලට කරන්න හදපු අලාබය වලක්වන්න.. මෙයාල ගියේ දෙවියෝ වදින්නනේ.. මේක හෙළා දැකල ප්‍රකාශයක් කරන්න පුළුවන් කවුරුත් නැද්ද? (ස)

:       0       0

අහිංසා Wednesday, 05 September 2012 11:37 AM

මේ කට්ටිය දමාගෙන ඉන්න රත්රන් මාල ටික දැක්කම ඉන්දියන් කාරයෝ හොඳයි කියල හිතෙනවා ලංකාවෙනම් මෙලහටත් කඩාගෙන දුවල (ස)

:       0       0

සහන් Wednesday, 05 September 2012 11:35 AM

තමිල්නාඩු ද්‍රවිඩයන් කී දාහක් අපේ රටේ රැකියා කරනවද , එයාලා ගැන ගන්නා තීරණය කුමක්ද? වරකාපොල නගරයේ පමණක් ආපනශාලා දෙකක ඉන්දියානු කෝකියන් 10 ක් පමණ ඉන්නවා. (ස)

:       0       0

සුසිල් Wednesday, 05 September 2012 11:46 AM

අහිංසා, මොකද රත්තරන් මාල ගැන හොයන්නේ? ඊර්ෂ්‍යාද? (නි)

:       0       0

සුසිල් Wednesday, 05 September 2012 11:43 AM

මොන ආගම ඇදහුවත් වෙන්න තියෙන දේ වෙනවාමයි (නි)

:       0       0

ගයාන් Wednesday, 05 September 2012 11:51 AM

එයාල මෝඩ උනා කියලා අපි මෝඩ වෙන්න හොද නෑ.(ස)

:       0       0

පියල් Friday, 07 September 2012 07:35 AM

අයියෝ සල්ලි කියලා කියන්නද

:       0       0

රීනෝ Wednesday, 05 September 2012 11:57 AM

ඉන්දියාවේ වගේම ලංකාවෙත් ජාති ආගම්වාද වපුරන මිනිස්සු ඉන්නවා (නි)

:       0       0

සිරී Wednesday, 05 September 2012 12:00 PM

මගේ නෝනගෙත් පුදුම වදයක් තිබුනේ ඉන්දියාවේ යන්න ඕන කියල නය වෙලා හරි, යන්තම් ටික කාලයකට හරි කල් දමාගන්න පුළුවන් උනා මේ ප්‍රහාරය නිසා. දෙවියන්ට ස්තුති වේවා (ස)

:       0       0

අර්නස්ට් Wednesday, 05 September 2012 12:09 PM

ශ්‍රී ලංකා කතෝලික සභාව මෙයට දැඩි පියවරක් ගත යුතුයි. (නි)

:       0       0

ජීවක Wednesday, 05 September 2012 12:14 PM

මිනිස්සුන්ගේ මෝඩවැඩ වලට දෙවියෝ පළි නැහැ (නි)

:       0       0

අනුරංග Wednesday, 05 September 2012 12:27 PM

වේලක්කන්නි ගියෙ, වේලක් කන්නෑතුව …කාලකන්නි දුන්නෙ ,දෙවියන් සිහිවෙන්න. (නි) …

:       0       0

අමිල කටුනායක Wednesday, 05 September 2012 12:39 PM

හොරු තවත් ඉන්නවනේ. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 05 September 2012 12:56 PM

සියළු දෙනාම මතක තියාගන්න, දෙවියන් වහන්සේට බණින එක වැරදියි කියලා (නි)

:       0       0

ලියනගේ Wednesday, 05 September 2012 12:49 PM

මොනවට යනවද මන්දා ගුටිකන්න? (නි)

:       0       0

පීටර් Wednesday, 05 September 2012 07:06 PM

දැන් දෙවියන් ඉන්නේ ඉන්දියාවේද? මං ඒත් හිතුවා ආශ්චර්යයේ තරම දකිනකොටම. (නි)

:       0       0

දිලිප් Thursday, 06 September 2012 08:37 AM

අනේ මන්දා. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 05 September 2012 01:00 PM

අපේ සහෝදර හෙළයන් දරු පැටවුනුත් රුගෙන නැවත පැමීණීම ගැන සතුටුයි‍‍....(ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 05 September 2012 01:13 PM

ඉන්දීය රජය ප්‍රවේශම් නොවුණහොත් ඊළග ඊලාම් සටන තමිල්නාඩුවේ පටන් ගන්න බැරි නැහැ. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 05 September 2012 01:15 PM

දෙවියන් නැහැ තමයි. නැත්නම් ජය සිරි මහා බෝධියේදී සහ දළදා ප්‍රහාරයේදී මියගිය අය බේරෙන්න තිබුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1131 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 15 0

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 87 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 351 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1227 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 281 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site