වැව හාරන මුවාවෙන් වැලි හැරීමක් අනුරාධපුර පලාගල පරවහගම ග්‍රාම නිලධාරී වසමේ රත්මල්ගහවැවේ ක්‍රියාත්මක වෙන බවත් යන්ත්‍ර සුත්‍ර යොදා වළවල් හැරිම පස් සේදීම නිසා සතකුට හෝ වැවට පැමිණීමට නොහැකි බවත් කියති.
උතුරු මැද වාරිමාර්ග අමාත්‍ය එච් .බී.සේමසිංහ මහතා එකවරම කියා සිටියේ මේ පිළිබඳව තමන් කිසිම දෙයක් නොදන්නා බවය. දිගින් දිගටම ලංකාදීපය මේ පිළිබඳව ඇමැතිවරයාගෙන් කරුණු විමසා සිටියේ වසර ගණනාවක් ඉතා ප්‍රසිද්ධියේ සිය අමාත්‍යංශයේ නාමය රජයේ නාමය භාවිතා කරගෙන යන වැලි සේදීම අලෙවි කිරීම නොදන්නවා යයි පැවසීම පිළිගැනීමට නොහැකි බවයි.
දුරකථනය විසන්ධි කළ ඇමැති පැයකට පමණ පසු නැවත අපට ඇමතුමක් ගෙන මෙසේ කිවේය. ‘මම මේ ගැන වාරිමාර්ග ප්‍රධානීන්ගෙන් අහලා බැලුවා. ගොවි සංවිධානයේ ඉල්ලීමක් මත වැව හාරන්න රොන් මඩ ඉවත් කරන්න අවසර දීලා තියෙන්නේ‘
අපට පුළුවන්ද ඒ වාරිමාර්ග නිලධාරියාව සම්බන්ධ කරගන්න යැයි අප විමසීමක් කළෙමු ‘නෑ මගේ ළග නොම්බර නෑ ගිහින් මුණගැසෙන්න‘ යයි කිවේය.
වසර දෙකකට ආසන්න කාලයක් මේ වැව හැරීම සිදුකරගෙන යන බවත් මේ වනතුරුත් සිදුකර ඇත්තේ වැලි සෝදන රොන් මඩ වලින් වැව පිරී ඇති බවත් ගොවිතැනට සතා සිව්පාවාට ජලය අහිමි කිරීමද ඉපැරණි වටිනා ගස් කොළන් ටික විනාශ කිරීම මේ වනවිට සිදුවන බවත් අපි හෙළි කළෙමු.
මේ ප්‍රදේශය හා වැව කහල්ල පල්ලෙකැලේ වනජීවී කලාපයට අයත් ය. වනජීවී කලාපයක මේ ආකාරයෙන් යන්ත්‍ර සුත්‍ර යොදාගෙන රජයේ හා දේශපාලන අධිකාරියේ නම් කියමින් ජනතාව බියගන්වා මෙය සිදු කරන බවත් හෙට අනිද්දා වර්ෂාව ලැබුණහොත් මේ වැව විශාල අනතුරකට පත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බවත් ගම්මු කියති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා ඇමති වුනත් ඔයාට හැම දවසෙම හැම තැනම ගිහින් හොයන්න බෑ. ඇමතිවරු ඉන්නේ ප්‍රතිපත්ති සම්පාදනයට. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන්න තමයි අදාළ නිලධාරීන් ඉන්නේ. ඒ පැත්තේ ගොවි සංවිධානය නම් ඉල්ලීම කරේ, එයාලාම දන්නවා ඇති කොහොමද මෙහෙම වෙන්නේ කියලා. මොකද ගොවි සංවිධානයත් ඔය පැත්තෙම එකක්නේ.(හේ)
කෝ මේ ලොක්කෝ? ඔවුන් ඇස් පියාගෙන ඉන්නේ කාලා ඉවර වෙනකන්ද? මේ රටේ අනාගත පරපුරට ඉන්න තැනක් මොවුන් තියන්නේ නැහැ. (නි)
සමහර මෝඩ යෝ කියන විදියට කපුවාගේ පුතා දෙවොලේ කැත කළාට කපුවා පලි නැතිලු. ගල්ෆ් වල ඉඳල ශ්‍රී ලංකාව දිහා බලන්න එපා. (අ)
ලංකාවේ මිනිස්සු දන්නා දේටයි නොදන්න දේටයි හැම එකටම හොට දානවා, වැව හාරන්න කොන්ත්‍රාත්තුව ගත්තු මිනිස්සු අස් කරන වැලි හා පස් කන්නද? ඒවා විකුණලා ලාබ වැඩි කරගන්නවා, නිලධාරි දැනගන්න ඕනා වැඩේ හරියට කරවාගන්න පාගා ගහලා පිස්සු නටන්නේ නැතිව. (බ)
රුපවති, ඔබ සහ අපි මොනවා කරන්නද, සොරකම් සහ වැරදි හදන්න ආපු අයම මේවා කරනවා නම් , එන ඡන්දය වෙනකම් බලාගෙන ඉමු. හැබැයි එතකොට රටෙන් වැඩි කොටස අකර්මන්‍ය වෙලා තියේවි. ඉතුරු කොටස වත් බේරගන්න එකතු වෙමු (බ)
මගෙන් අහන්න එපා. අනේ මම නම් ඕව දන්නේ නෑනේ. (බ)
මේ වගේ සිද්ධි තව කොච්චර වෙනවද?(හේ)
ජනාධිපතිතුමා මොනවත් දන්නේ නැ. (අ)
යහා පාලනය කියන්නේ හුදෙක් වචනෙට සීමාවුණු දෙයක් කියල උතුරුමැද පළාතෙන් මනාවට ඔප්පු වෙනවා, අවුරුදු 18 පස්සේ මේ දේශපාලන ගොබිලුනට බලය ලැබුන නිසාම තම හිතවාදීන් සතුටු කරන ආකාරය මෙහෙමයි (බ)
යාලුවෝ කරන දේවල් මැති ඇමතිලා දන්නේ නැහැ මැති ඇමතිලා කරන දේවල් අගමැති දන්නේ නැහැ (අ)
මේ යන්ත්‍රවල සද්දේ ඇහෙනවා නමුත් පොලිසියට ඇහෙන්නේ නැහැ. පොලිස්සියේ උපාය දුතයන් ඉන්නවා නමුත් ඒ යටත් පෙනේනේ නැහැ .හැබැයි ඒ ඔක්කොම මාධ්‍යයට පේනවා. දැන් අපේ ජනපති මේක පත්තරෙන් බලල මොනවහරි කරයි.(අ)
ෂා .. හාරන කට්ටිය හරි ලස්සනට දන්නවා වගේ රොන් මඩ තියෙන තැන් ටික.ඕවලට තමයි දේශපාලන බලය ඉල්ලන්නේ . නැතුව රට හදන්න නෙමෙයි (බ)
පරිසරය විනාස කරන ඕන කෙනෙක් විනාස වෙලා යන්න ඕනේ.. (ම)
මේවන කොට කරලා තියෙන විනාශේ මුළු රටම හාරලා වැලි ලොරිකාරයන්ට විකුණනවා තව අවුරුදු 5 ක් කළොත් මේ රටේ දෙගොල්ල මාරුවෙන් මාරුවට...?දැන් මාධ්‍ය වර්තාකරුවන් නොහිටින්න මේ රටේ ජනතාවට කිසිවෙකුගෙන් පිහිටක් නැති වීම රටක් ජනතාවක් හැටියට අපි දේශපාලුවන් ගැන ලැජ්ජාවිය යුතුයි...? (බ)
තමන්ගේ ගමට ඈවිත් ගම විනාස කරනකන් බලන් ඉන්න මේ මිනිස්සු ඈවිල්ලා කවුද? විනාස කරන එවුන්ට ගහලා එලවන්නේ නැතුව..අවුරුදු 2ක් මේ ගොල්ල මොනවද කරේ? (හේ)
තම තමන්ගේ හෙන්චයියලාට වැඩ භාර දුන්නම ඔහොම තමයි කාබාසිනියා කරන්නේ..ඊට පස්සේ ඇහුවාම කියන්නේ මම දන්නේ නැහැ කියලා.(හේ)
දැන් වත් සද්දේ නැතුව හිටියා ඇති කියලා හිතන්න බැරිද. වෙනස් වුනා කියලා වැරදි නැති හොඳ වැඩ බලාගෙන අපි අවුරුදු දෙකකට කිට්ටු කාලයක් හිටියා නේද.(හේ)
සදාචාරමත් විපක්ෂයක් නැතිද අපට මේවා ලොකු තැන්වල අසන්න. ලොකු තැන දැන ගන්නේ සිදුවීමෙන් පසුව පුවත් පත් වලින් කියල කියනවනේ. මහා ඇමැතිත් මේක අනුමත කරනවා නම් ,ඉතින් වැටත් නියරත් ගොයම් කනවා වෙන්න ඇති. (බ)
රට අනිත් පැත්ත පෙරලලා හරි ඡන්දෙන් පත් වෙන්නේ රට හදන්න කියලා නේද? ඉතින් හිමාල් තමන්ගේ පළාතේ වෙන දෙයක්වත් දන්නේ නැති අය රටේ අනිත් දේවල් කොහොම දැනගනිවිද? ඒකම තමයි අද අපේ රටට වෙලා තියෙන්නෙත්.(හේ)
රුපවතී, ඔයා කලබල වෙන්න එපා. ඔක්කොම මේවා කරන්නේ රජයෙන් අනුමැතිය අරගෙන වෙන්න ඇති. (නි)
මේ ඇමති මේක නොදන්නවා නම් මොකටද ඇමති වෙලා ඉන්නේ? (හේ)
ඇමතිතුමාට එන්න කියන්න පෙන්වන්න (බ)
හර්ෂ, එහෙමද?එතකොට අපි ලයිට් බිලක් නොගෙවා, වරිපනම් නොගෙවා, බදු නොගෙවා හිටියොත්, උසාවියක නඩුවකට නොපැමිණියොත් විතරද පොලිසියෙන් ඇවිල්ලා කුදලාගෙන යන්නේ? නීති හදන තැනක පාර්ලිමේන්තුවක වගකීමක් දරන මිනිසුන්ට නීතිගරුකව වැඩ කරන්න බැරි නම් ඒ මිනිසාගේ දේපල, රැකියාව සියල්ල අහෝසිවන පරිදිත් නීති සැකසිය යුතුයි. (නි)
මොන පාලනේ ආවත් ඕවා නවත්තන්න බෑ. (හේ)
ගොවි සංවිධානයේ ඉන්න අය ගැන හෙව්වා නම් දැනගන්න පුළුවන් කවුද මේක කරවන්නේ කියලා. අමාත්‍යවරයාට වැඩබිමෙන් බිමට යන්න බැහැ. ඒකට තමයි වාරිමාර්ග නිලධාරීන්, තාක්ෂණික නිලධාරීන් ඉන්නේ. (නි)
මේ මොන අපරාධයක්ද? කෝ මේ මැති ඇමතිවරු? (නි)