වව්නියාව කුරුමන්කාඩුවේ ව්‍යාපාරිකයකුගේ නිවසකින් මාස තුනක පමණ වයසැති කොටි පැටවකු සොයාගත් බවත් දින ගණනාවක් නිරාහාරව සිටි එම කොටි පැටවා අද (29) උදේ මිය ගිය බවත් වව්නියාව වනජීවී අඩවි ආරක්ෂක එන්.ඩී.ලයනල් මහතා කියයි.
මෙම කොටි පැටියා විකිණිමට ගෙන එන්නට ඇතැයි පොලීසිය සැක කරයි. දම්වැල්වලින් ගැටගසා සිටි කොටි පැටවා වද හිංසා වලට ලක් වී ඇතැයිද ඔහු පැවසීය.
කෑම නැතිකමින් කොටි පැටවා මිය ගිය බව පශු වෛද්‍ය නිලධාරී බී ගිරිධරන් මහතා කියයි. ලෝකයේ කොටි උප විශේෂ නමයක් හඳුනාගෙන ඇත. ඉන් ශ්‍රී ලංකාවේ වනාන්තරවල දක්නට ලැබෙන කොටියා පැන්තරා පාඩුස් කොටියා ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වයි. එම සත්ත්ව විශේෂය වඳවීයාමේ තර්ජනයට මුහුණ දී ඇතැ ලෝක සංරක්ෂණ සංගමය කියයි. මියගොස් ඇත්තේ එවැනි සතෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මේ මිනිහවත් දම්වැල් වලින් ගැටගහල කැලේට ගිහින් අත අරින්න ඕනා කොටි අම්මට කන්න (නදී)
ශ්‍රි ලංකාවේ කොටියන් ඉන්නවාද? (නි)
හෙන ගහනවා මේ වගේ අපරාද වලට, කිසිම හිතක් පපුවක්, නැති, රටේ සම්පත් රක ගන්න ඕනේ කමක් නැති ජාතියක් බවට අපි පත්වෙමින් ඉන්නේ...එක ලොකු කණගාටුවට කාරණයක්. (ස)
මේ වගේ අපරාධ වලට මොන වගේ දඬුවම් දුන්නත් මදි. (අ)
හෙන ගහන අපරාධයක්නේ. සතෙක් ගැටගහගෙන කන්නෙ නොදී තියාගන්නෙ උන් මිනිස්සුද ? (නදී)
මූ මරුනේ කන්න නැතුව මුගේ ලොකු අප්පොච්චි මැරුනේ වෙඩි කාලා (නදී)
මේවා කරන ලොකු පවු කාරයන්ටයි සල්ලි වලට වැඩ කරන ගෝලයන්ටයි දඬුවම් නැද්ද? ඒ ගැන දැන ගන්නයි අපිට ඕනේ? (නදී)
මිනිසුන්ට මොනවා වෙලාද (නදී)
මොවුන්ට දැඩි දඩුවම් දෙන්න. මේ වගේ රටටම අයිති සත්ව සම්පත් විනාස කරනවට. (නදී)
මොහුට දැඩි දඬුවමක් දෙන්න ඕනෑ. (නි)
මෙවන් නරුමයන් ගෙන ගොස් බොහෝ කාලයක් වැලිකඩ බත් කන්න යොදවන්න. කැලේ සතෙක්ට වත් පාඩුවේ ඉන්න දෙන්නේ නැති පිසාචයෝ. (නදී)
නඩුවෙන් බේරෙන්න කරන්න තියෙන දේ දන්නවනේ, නේද? (නදී)
මෙවන් ක්‍රියා සදහා නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න. (නදී)
මේක නම් අපරාධයක් (නි)
සතෙකුගේ ජීවිතයකටත් මෙහෙම වදහිංසා කරන අපරාධකරුවන්ට දඩුවම් පැමිණිය යුතුයි. (නි)
මොන ආගමක වුණත් කියන්නේ මේවා සහගහන අපරාධ කියලා. (නි)
ලොකු අපරාධ මේවා. ඒ සතා කැලේ ඉන්න එකෙක් මිස ගෙදර තියාගන්නා ජාතියේ බල්ලෙක් නොවෙයිනේ? (නි)