මීසම් සභාවේ විරෝධය නොතකමින් නීතිවිරෝධී ලෙස රාවතාවත්ත රෝමානු කතෝලික පල්ලියට මීටර 40 ක් තරම් සමීපව සුරාසැලක් විවෘත කිරීමට සුරාබදු කොමසාරිස්වරයා අවසර දී ඇතැයි මහජන අයිතින් සුරැකීමේ ව්‍යාපාරය චෝදනා කරයි.
මායිම් දුර වෙනුවට ව්‍යාජ මැනුම් ක්‍රමවේදයක් භාවිත කරමින් දේවස්ථානයට ඇති දුර වැඩි කර මෙම සහතිකය ලබාගෙන ඇතැයි එම සංවිධානයේ ප්‍රචාරක අධ්‍යක්ෂ ශිරන්ත අමරසිංහ මහතා පැවැසීය.
මෙම දේවස්ථානයේ භාරකාරිත්වය දරන මැල්කම් රංජිත් කාදිනල්තුමන් ද මෙම ඉදිකිරීම වළක්වන ලෙස දන්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තම විරෝධය පළ කර ඇතත් කිසිදු ප්‍රතිපලයක් වී නැතැයි ද අමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිමුත්ලා, අබේරත්නලා, බමුණුලා මෙතන ඉතිහාස කතා තළුමරමින් කයිවාරු ගැහුවට, කසිප්පු වලට පෙරේත බේබද්දෝ කවුද කියලා රටම දන්නවා. කටින් බතල හිටෙව්වාට, නිකම් අනුන්ගෙන් පිනට ලැබෙනවා නම්, කාලා බීලා එතනම පහරලා යන පින්වන්තයෝ ගැන අපි නොදන්නවද? (නි)
බමුණුසේන රිටිගල ජයසේන ගෝඨයිම්බර සමඟ සටන් කළේ සුරා පානය කිරීමෙන් පසු බව මහසෝනා කථාව දන්න ඕන කෙනෙක් දන්නවා. ඒ පෘතුගීසින් එන්න කලින් බව ඔබේ දැනගැනීම පිණිස ලියා තබමි. (බ)
ලංකාවේ වැඩිම මත්පැන් පානය කරන්නේ කතෝලිකයෝ අනික මත්පැන් ඒ ගොල්ලොන්ගේ ආගමට අනුව තහනම් නැහැනේ. ඉතින් එකේ එතන තිබුන කියල ප්‍රශ්නයක් නැහැනේ. දෙවෙනිව මත්පැන් පානය කරන්නේ දෙමල අය ඊට පස්සේ සිංහල අය ඊට පස්සේ මුස්ලිම් අය.(බ)
මහජන අයිතින් සුරැකීමේ ව්‍යාපාරය කාගේ ව්‍යාපාරයක්ද කියල දැන් තේරෙනවනේ. ඔය වගේ ව්‍යාපාර ගොඩක් තියෙනවා මේ රටේ. පන්සල ඉස්සරහම, ඉස්කෝල ඉස්සරහම දාන බාර් පේන්නේ නැති දෙවියන්ට කැපවූ අයට පල්ලිය ඉස්සරහ දාන බාර් එක තමා පේන්නේ. ඒවත් ගමේ පල්ලිය ඉස්සරහ දාන එක නෙමේ. මම කියන්නේ මේ වගේ එන්ජීඕ කාරයෝ නිකන් කාලෙකට පාරක් නම දාගන්න ඔහොම ටිකක් කෑ ගැහුවට හදවතින් ආගමික නැඹුරුවක් නෑ. (අ)
විරෝදය දැක්වීමෙන් පමණක් පලක් නැහැ. කෙසේ හෝ එය ඉවත් කල යුතුයි. එහෙත් මේ මහජන සුරැකීම ව්‍යාපාරයට සිංහල බෞද්ද අයිතිය වැනසෙන විට ඇහැරෙන්නේ හෝ කට ඇරෙන්නේ නැහැ නේද? (අ)
බමුණුආරච්චි සහ හිරාන්, කොහොමහරි කමක් නැහැ බෞද්ධ බහුතරය සෑම මසක්ම අනුභව කරන නිසා ලංකාවේ සත්ව ඝාතනයට ඔවුන්ද ඍජුව දායක වෙනවා. බුදු දහම මිනිස් චර්යාවට තහංචි පනවන්නේ නැති නිසා ඊනියා බෞද්ධයෝ තම දහම සැහැල්ලුවට ගෙන තිබෙනවා. (නි)
සත්‍යා, ලංකාවේ මස් කඩ ඔක්කොම කරන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෑද. මොකද සත්තු මවලා තියෙන්නේ මිනිසාගේ යහපතට සහ පරිභෝජනයට කියලනේ කියන්නේ (නි)
පන්සලක් ළඟ දැම්මොත් කතාකරන්න කවුරුත් නැහැ. (නි)
සත්‍යයා, මස් කඩ තියාගෙන ඉන්නේ බෞද්ධයින් නොවෙයි. බෞද්ධයින් කරන්නේ හරකා මස් කඩේට විකුණන එකයි, මස් කන එකයි. අපි ඔය දෙකම නවත්වන්න උත්සාහ කරමු. අනෙක් ආගම වලට අනුව මස් කෑම පාපයක් නොවෙයි. හැබැයි රතුමස් කෑමේ විපාකය ඔවුන් මේ අාත්මයේදීම විඳිනවා. එ්ක බලාගන්න ඕනෑනම් හෘද රෝග අංශයට යන්න. (නි)
ජයරත්න, පන්සිල් පද පහ හැදුවේ ලංකාවේ නොවෙයි. නාලාගිරි ඇතාට රා පෙව්වේත් ලංකාවේ නොවෙයි. නමුත් පල්ලිය තිබෙන්නේත් සුරාසල තිබෙන්නේත් ලංකාවේ. මගේ කෙටි පිළිතුර එයයි. (නි)
රටක් පිරිහීමේ ළකුණු තමයි මේ (නි)
බුදුන්වහන්සේ මෙය සිල් පද පහට ඇතුළත් කරලා තියෙන්නේ සියල්ල දක්නා නුවණින් එහි ආදීනවයන් දැකලා. මේකෙන් මහා ජාතින් සුලුජාතින් බවට පත්වෙනවා. සමාජ,පවුල් සංස්‌ථා දෙදරනවා, පුද්ගලයන්ට ආකාලයේ මරු කැඳවනවා, පොහොසතා දුගියෙක් වෙනවා, දුප්පතා නැත්තට නැතිවෙනවා. (නි)
මත්පැන්, මත්කුඩු වැනි කුමන නරක දෙයක් පිටරටකින් ලංකාවට ආවත්, තමන්ට ප්‍රමාණවත් උගත්කමක් තිබිය යුතුයි ඒ නරක දේවල්වලින් වැළකි සිටීමට. එබැවින්, කරුණාකර තමුන්ගේ මෝඩකමින් වෙන නරක ඇබ්බැහිකම් වලට, පිටරටවලට හෝ අන්‍ය ආගමිකයන්ට දොස් නැඟීමෙන් වළකින්න. (නි)
වයින් මධ්‍යසාර ගණයට අයත්වනවා නේද? (නි)
බම්බලපිටියේ ලෝරිස් පාරත් ඩුප්ලිකේෂන් පාරත් එකට හමුවෙන තැන තියෙනවා ආරියපාල නමින් මත්පැන් කඩයක්. එය අසලම ප්‍රසිද්ධ පල්ලියක්, ඉදිරිපිට කන්‍යාරමයක් සහ මීටර් 10 කට නුදුරින් මෙත්තාරාමය නම් පන්සලක්. කෝ නීතිය ක්‍රියාත්මකවීමක්. බලපත්‍ර අලුත් කරනකොට මේ දේවල් සලකා නොබැලීම හරිම පුදුමයි. එත් ඇත්තයි. (බ)
නරි හුවටත් කුලප්පු වෙන උපාසක අප්පුලා ටික මේකටත් කුලප්පු වෙලා වගෙයි පේන්නේ? පල්ලිය ඇතුලේ පුජාව අවස්ථාවේ පියතුමාත් වයින් ටිකක් බොනවා. දන්නවද ඒක? අනික කතෝලික ජනතාව දන්නවා පිළිවෙලකට මත්පැන් ටිකක් පරිහරණය කරන විදිහ. හැබැයි මම අදයි දැන ගත්තේ බුදුහාමුදුරුවන්ගේ කාලෙත් පන්සල කිට්ටුවට "සුරාමේරය " අරගෙන ඇවිත් තියෙන්නේ පෘතුගීසි කාරයෝ කියලා. (බ)
අනුන්ගේ ආගම්වලට පාච්චල් කිරීම බුද්ධාගමේ උගන්වනවාද? (බ)
අබේරත්න කටේ මසුරං දාන්න ඕනා... අහවල් පොත එක අතකයි අරක්කු බෝතලේ තව අතකයි පිටේ තුවතක්කුවයිනෙ අරගෙන ආවෙ. (අ)
අනේ ජයරත්න, ඔබතුමා පොඩ්ඩක් ක්‍රිස්තියානි ආගමික රොබට් නොක්ස් ලියපු එදා හෙලදිව කියන පොත අරගෙන කියවල බලල පණ්ඩිත කතා කියන්න. (අ)
අර බුද්ධාගම බේරගන්න ඉදිරිපත් වෙනවා කියපු කාදිනල් උත්තමය නේද මේ සුරා පානයටත් විරුද්ධ වෙලා තියෙන්නේ. අනේ කාදිනල් තුමෝ බෞද්ධයින් විසින් පවත්වාගෙන යන මස් කඩ ටිකත් වසා දමන්න ආණ්ඩුවට උදව් කරන්න කෝ! (බ)
බමුණු, ලෝකේ කොහෙත් කොයි කාලෙත් සුරාව තිබුනා. නැත්නම් ඒක පන්සිල් පදයකට ආවෙ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද? (බ)
මෙය වහාම ඉවත් කරන්න.(හේ)
අනාවැකියක් කියන්නම් කිසිදු බලයක් අවැසි නැති මේ සුරාබදු කොමසාරිස් ලගදීම ගෙදර යනවා. (හේ)
මේක ඉතින් බලධාරින් සමඟ සාකච්ඡා කොට විසඳගන්න ඕනේ ප්‍රශ්නයක්.(හේ)
පෘතුග්‍රීසිකාරයෝ නේද ක්‍රිස්තියානි ආගම සහ සුරාව මෙරට ගෙනාවේ ඉතින් කාදිනල්තුමනී දැන් විරුද්ධ වෙන්නේ ඇයි? (බ)
නියමයි .මේ අය තමයි බොන්න පුරුදු කළේ ලංකාවේ මිනිස්සුන්ට. කරපු දේවල් පස්සෙන් එනවා වගේ. දැන් හොදයි සුදු ඇද ගත්ත කට්ටියට හැංගිලා බොන්නේ නැතුව එළිපිටම බොන්න පුළුවන්. (බ)
ලංකාවේ අයට රට අරක්කු බොන්න පුරුදු කළේ ඔය කට්ටියම තමා! (බ)
ආ ...එ්කට කමක් නැහැ... ඒ ගොල්ලොනේ එනකොට බඩු ගෙනාවේ....(බ)