IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පොලිස් කොමිසම වැඩ අරඹයි

පොලීසිය සම්බන්ධයෙන් ලැබූ පැමිණිලි 120 ක් සඳහා විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.

පොලීසිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, පක්ෂපාත වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ වැඩ බලන ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පළාත් කාර්‍යාල නවයට නිලධාරින් පත්කොට ඇති බව පැවසූ ඒ මහතා ඒ ඒ පළාත් වලින් ලැබෙන පැමිණිළි පළාත් මට්ටමින් සිදු කරන බවද පැවසීය.

පළාත් මට්ටමින් පරික්ෂණ සිදු කිරිමේදී ලැබී ඇති පැමිණිළි අතුරින් විශේෂ සිදුවීම් ඇතොත් එය කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් සිදුකරන බවද ඔහු කීවේය.  

යම් ආකාරයකින් ලැබී ඇති පැමිණිල්ලට අනුව එම චෝදනා නිවැරදි බවට ඔප්පු වුවහොත් ආයතන සංග්‍රහයට අනුව අදාල නිලධාරියාට එරෙහිව  විනය පරික්ෂණ පැවැත්වීමටත් ඔහුට එරෙහිව නඩු පැවරීමටත් කටයුතු කරන බවද ආරියදාස මහතා වැඩිදුරටත් පැවසීය පැවසීය.

ලේකම්, ජාතික පොලිස් කොමිෂන් සභාව, අංක 9 ගොඩනැගිල්ල, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය, කොළඹ 07 ලිපිනයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර මීට අමතරව පළාත් මට්ටමින් ඇති කාර්‍යාලයන්ටද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ලේකම්වරයා සඳහන් කරයි.

පොලිස් කොමිසම සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විතයි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරී හෙට්ටිගේ මහතා එහි සභාපතිත්වන අතර ෆ්‍රෑන්ක්ද සිල්වා, තිලක් කොල්ලුරේ, ඇන්ටන් ජෙයනාදන්, එම්.පී.එච්. මනතුංග, වයි.එල්.එම්.සවාහීර් සහ සාවිත්‍රි විජේසේකර යන මහත්ම මහත්මීන් පොලිස් කොමිෂන් සභාවේ සෙසු සාමාජික සාමාජිකාවෝ වෙති.



අදහස් (0)

පොලිස් කොමිසම වැඩ අරඹයි

ප්‍රියන්ත නානායක්කාර Monday, 26 October 2015 11:15 AM

සුළු මහජන පැමිණිලි විභාග කිරීම පමණක් සදහා පොලිස් කොමිෂම ක්‍රියා කිරීම මහජන මුදල් නාස්ති කිරීමකි. (ර)

:       0       0

සුරනිමල Monday, 26 October 2015 03:53 AM

දියුණු ලෝකයේ සැකකරුවෙක්ගෙන් ප්‍රශ්න කරන ආකාරය ගැන විද්‍යාත්මක ඉගෙනුමක් සියලුම පොලිස් නිලධාරීන්ට ලබාදිය යුතුය.දේශපාලකයන්ගේ අතකොලු නොවී කොන්ද කෙළින් තියාගෙන ජීවත්වීමේ අගය කියාදිය යුතුය (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 26 October 2015 05:23 AM

පොලිස් කොමිසම ගැන ජනතාවගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වීම ඔබ සැමගේ වගකීම බව අමතක කරන්න එපා. (නි)

:       0       0

වසන්ත Monday, 26 October 2015 01:46 AM

අපක්ෂපාතීව මහජනතාවට සේවය කිරීම අපි බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 1567 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


බදුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


වැලිගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 129 0


බදුල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 581 0

බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ ජය ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


පුත්තලම තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 117 0


ගම්පහ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 326 0

අනුර කුමාර දිසානායක ගම්පහ දිස්ත්‍රික් තැපැල් ඡන්ද 33226 ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14640 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 46 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 219 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site