හාලිඇළ පොලිස් මුරපොල අසල දී අද (22) සන්ධ්‍යාවේ කඩු පොලු රැගත් පිරිසක් එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා සමඟ ගමන් කළ වාහන කිහිපයකට පහර දී අලාභ හානි කළැයි පොලිසියට පැමිණිලි කර ඇත.
එම පහර දීමෙන් හරීන් ප්‍රනාන්දු මහතා ගමන් කළ වාහනය ඇතුළු වාහන තුනකට අලාභා හානි සිදුවී ඇත. එම අවස්ථාවේ එතැනින් ගමන් කරමින් සිටි මාධ්‍යවේදියකුගේ වෑන් රියකට ද ගල් පහරක් වැදී විදුරු කැඩුණු බවට ඔහු බදුල්ල පොලිසියට පැමිණිලි කළේය.
හරීන් ප්‍රනාන්දු මහතාගේ ලේකම්වරයකු පැවසුවේ සිද්ධිය ගැන පැමිණිලි කිරීමට හරීන් ප්‍රනාන්දු මහතා හාලි ඇල පොලිසියට ගිය බවයි.
ඔහු මෙසේද කීවේය.
‘එක්සත් ජාතික පක්ෂයේ කටවුට් හා කාර්යාල කඩා පිළිස්සූ සිද්ධියක් ගැන වාර්තාවීමෙන් පසුවයි අපි හාලිඇලට ගියේ. අපේ කටවුඩ් කඩා ගිනි තබනු දුටුවා. තුන් හාරසියයක පමණ පිරිසක් එහි සිටියා. හාලිඇල පොලිස් මුරපොල ඉදිරිපිට සිටි ඔවුන්ගෙන් සමහරකු අත කඩු, පොලු තිබුණා.
අපි යද්දි අපේ වාහනවලට කඩු පොලුවලින් ගැහුවා. අපේ වාහනවලට හානි වුණා. හරීන් මහත්තයා ගිය වාහනයේ පිටුපස කුඩු වුණා. මේස කැලසුම් කරලා කරපු දෙයක්.‘
සිද්ධියෙක් කිසිවකුට තුවාල නොවූ බව ද ඔහු කීවේය.
(ඡායාරූප හා වීඩියෝ අතුල ජයලත්)




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැර ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඕකට තමයි (නදී)
හරීන්ගේ ජය උහුලගන්න බැරි මුරුගයෝ තමයි ඕව කරන්නේ. හා පුරා කියල බදුල්ලට අාපූ හරීන් මහත්තය 88% ක මනාප ගත්තම, දයාසිරි මහත්තයටත් වැඩි ප්‍රතිශතයක් ගත්තම ලජ්ජා නැතුව නොවෙයිනේ. හරීන් මහත්තයෝ ඔය දඩ බල්ලන්ගේ වැඩ , ප්‍රවේසමෙන් ඉදිරියට යමු. (නදී)
අැයි ප්‍රජාතන්ත්‍රවාදී රටක නිදහස් මැතිවරණයකින් පසුව පාරෙවත් ගමන් කරන්න බැරිද? නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී යන අරුතේ තේරුම මේක ද? (නදී)
ඕවා කරන්නේ නැහැදිච්චි වනචරයෝ, ඊළඟ මැතිවරණයේදීම ඉගෙන ගනීවි. (නදී)
පොලිස් මුරපොල අසලදී ....කව්ද මේ ප්‍රහාරය එල්ල කලේ....? (නදී)
සුද්දට වැද වැටිලා හෝ මානව හිමිකම් කාර්යාලයක් ලංකාවේ ඉස්තාපිත කර ගත්තේ නැතිනම් අනාගතයේ මිට වඩා දරුණු විපාක වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා. විපක්ෂයේ අයව එක එකාව හොදින් හෝ නරකින් බිලිබා ගන්නවා. විපක්ෂය අතුගාලම දාන්නයි ඔය හදන්නේ. (නදී)
මෝඩ කමත් එක්ක ඊරිසියාවට කරපු දෙයක් (නදී)
පරාජයෙන් වියරු වැටිලා අපි ඉදිරියට යමු. කලබල වෙන්න එපා තව ජනාදිපතිවරණය ඉදිරියට තියෙන්නේ. (නදී)
මෙහෙමත් මෝඩ රැලක්. මට පොඩි සැකේකුත් ඇතිවෙනවා. (නදී)
පාඩු උනත් ජනප්‍රිය වෙන්න මේවා තමා ඕනේ.. ඇත්ත නැත්ත මොකද හැබෑට (නදී)
වැඩේ කියන්නේ හරින් මහතාගේ වාහනේ පිටිපස්සට නේ ගහල තියෙන්නේ. (නදී)
බත් පැකට් එකට කහින දඩ බල්ලන්ගේ වැඩ. (නදී)
එකට කන බොන අයත් හිටිගමන් පොඩි කචල් ද දාගන්නවා.. කල බල වෙන්න එපා.. (නදී)
අපොයි ලංකාවට ගිය කලක්. මේ දේවල් වලට සම්පුර්ණ වග කියන්න ඕනි රජය. මී ලඟ ඡන්දෙදි මේ අයව අතුගලම දාන්න වග බලාගන්න ඕනා. නැත්නම් පාරේ බැහැලා යන්න බැරි වෙයි (නදී)
මේ තමයි රතු එලිය. දැන් කාල ඉන්න බැහැ එක්සත් ජාතික පක්ෂයට ජය වේවා (නදී)
මහ බලු වැඩක් කරලා තියෙන්නේ.මේ වෙන දේවල් ජනතාවට පේන්නේ නැහැනේ. මේවා දැක දැක ඡන්දෙ දෙන මී හරක් ඉන්නවනේ. (නදී)
ලංකාව කියන්නේ මිනී මරන මංකොල්ල කන වනචාරින්ගේ රටක් කියල කියන්නේ නිකම් නෙවේ කියල මෙයාල ඔප්පු කරලා පෙන්නන්න හදන්නේ. අනේ අපේ රටට ගිය කල (නදී)
කෝ අර ආණ්ඩුවේ කුණු හෝදන " බන්දුල" නැද්ද මේවට කොමන්ට් කරන්නේ ? (නදී)
බන්දුලටත් ඇතිනේ මොනවා හරි මේකට කියන්න. (නදී)
මොකටද මේ තවත් වාහන පෙළපාලි යන්නේ දැන් ඡන්දෙන් පැරදුනා නම් වැඩක් බලාගන්නේ නැතුව. මට පේන්නේ චන්ඩි වෙන්න ගිහින් ඉල්ලන් කාලා වගේ. (නදී)
මෙයට අපි විමර්ශනයක් කරනවා කියල පොලිස්කට්ටිය කියාවි . (අ)
මේවා දැක දැක ඡන්දෙ දෙන මී හරක් ඉන්නවනේ. (අ)
හරින්ගේ ඡන්ද අනුව ආණ්ඩු පක්ෂය බයවෙලා ඉන්නේ.ඉතින් මේවගේ දේවල් කරනවා.ලංකාවේ මිනිස්සුන්ට බුද්ධිය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා .ලංකාවේ සාක්ෂර තාවය 96% කියනවා,නමුත් මේවගේ වැඩ වලින් පෙන්නේ නුගතුන් වැඩි බවයි.(අ)
ඡන්දෙට කලිනුත් මේ වගේ මැර ප්‍රහාර තිබුන බව මුළු ලෝකෙම දන්නවා. හැබැයි ඉතින් එහෙම නොවුනානම් හරින් දිනන්නේ 98% ප්‍රතිශතයක් එක්ක.(අ)
කාගේ පක්ෂේ වුණත් කව්රු දිනුවත් කව්රු පැරදුනත් අපි හැමෝම මිනිස්සුනේ එහෙම කරන එකනම් හරිම වැරදියි. (අ)
ඌව ඡන්දය යන්තමින් දින්නේ මේවගේ මැරකම් කරලා තමා (අ)
ඔය පිටින් ගෙන්නපු මැරයෝ තමා . (අ)
මේවා කරන උදවිය දැනගන්න ඕනේ කවද අරි පොලිත් එක්ක කන්න වෙනබව ! ළඟදීම ! (අ)
ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා කරගනිමු (නදී)
ජේ ආර් නම් කිව්වේ ..අපේ රටේ නඩු කාරයන්ටත් ගල් ගහන්න නිදහස තියනවා කියල...තාම පොලිසියට නිවාඩු දුන්නේ නැහැ නේද? අනික ලංකාවට ඔය සංස්කෘතිය පුරුදු කලේ හරීන් ගේ පක්ෂයම තමයි (නදී)
අනේ මන්ද .. කඩු පොලු අරන් කාටවත් තුවාල නොවෙන්න ගහපු එකනේ පුදුමේ..ඔහොම ඉතින් කොච්චර ගැහුවත් මොකද..? (නදී)
මම දැකලා තියෙන විදිහට අප්‍රිකා, බංගලිදේශය, පකිස්තානය ඡන්දත් ඔය විදියමයි. (නදී)
ඉතාමත් කණගාටුදායක තත්වයක් මෙතන සිදුවෙලා තියෙන්නේ. මෙය සැලසුම් කරලා කරපු සිදුවීමක්. මේ වට ආණ්ඩුව සම්බන්ද නැහැ (නදී)
මේ පාදඞ දේශපාලු ක්‍රමය වෙනස් කලයුතු නොවේද....? (නදී)
යුද්දේ දින්නනේ. කාට ගහපුවාම මොකද. වරදට දඬුවම් දෙන නිසි නායකයෙක් ඉන්න කල් ලංකාව යන්නේ ගල් යුගයට (නදී)
බන්දුල ඔයාටත් එහෙම ගහන්න පුළුවන් කට්ටිය ඇති. ඔයා ඔය තරම් කැමති නම් ඉල්ලීමක් කරන්න. (නදී)
බන්දුල ඔයාටත් එහෙම ගහන්න පුළුවන් කට්ටිය ඇති. ඔයා ඔය තරම් කැමති නම් ඉල්ලමක් කරන්න. (නදී)
මට හිතෙන්නේ හරින් තමා එකසත් ජාතික පක්ෂේ ජනාධිපති වරණය ට සුදුසුම කෙනා. (නදී)
මේක කළේ නැති නම් තමයි පුදුම වෙන්න ඕනේ (නදී)
මේවා දැක දැක ඡන්දෙ දෙන මී හරක් ඉන්නවනේ. (නදී)
ලෝකයේ මානව හිමිකම් උල්ලංගනය කරන රටවල් වන චීනය,ලිබියාව, ,මියන්මාරය, ස්වාසිලන්තය, කෙන්යාව, සුඩානය සමග මිත්‍ර වෙලා ඉන්නේ ඕකට තමයි. ශිෂඨ සම්පන්න කියන එකම රටක් වත් ලංකාව සමග නැත්තේ ඕක තමයි. (නදී)
මිනීමරු ප්‍රබාකරන්ට වුනත් ප්‍රතිපත්තියක් කියල දෙයක් යන්තම් හෝ තිබුනා. මෙයාලට කිසිම ප්‍රතිපත්තියක් නැහැ කියල මොනවට පැහැදිලි කරනවද? (නදී)
මේ මොකද වෙන්නේ? (නි)
මේවා අපි අනුමත කරන්නේ නැහැ.හැබැයි 89 කාලෙත් මතකයි අපිට.ඒවා එක්ක බලද්දී නම් ඉතින් මේවා සුළු සිදුවීම්. (නි)
ටිකිරි, ඔබ ලංකාවේ ඉන්නවා නම් ප්‍රවේශම් වෙන්න. අපි නම් පැනගත්තා. (නි)
හරීන්, බයවෙන්න එපා. ඔබට අනාගත රට බාරයි (නි)
පාසල් අධ්‍යාපනයක්වත් නැති අය තමයි මෙහෙම හැසිරෙන්නේ (නි)
පැරදුන අය දිනුම් කියලා හිතන එකම රට මේක වෙන්නේ ඇති. (නි)
කාන්තාරෙට දිය බිඳක් වැටුනා වගේ තමා අද විපක්ෂයට.කියන්නේ ජනතා දුක නිවන්න එනවා කියලා. ඒත්? අනේ මෙහෙමත් විගඩමක්? (නි)
අනේ මන්දා ඉතින් මේවා! (නි)
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඕකටද? මාසෙන් මාසෙට ඡන්ද. පස්සෙ ගහගන්නවා (නි)
නැවතිල්ලේ හිතද්දී මේකත් තමන්ම කරගත්තු දෙයක් වගේ නේද පේන්නේ? සමහර විට තිස්ස ගිය නිසා එයාගේ කට්ටියට දුක හිතිලා කලාද දන්නේ නැහැ නේද ? මොකද හරීන් නිසානේ තිස්සට යන්න උනේ නේද ? (නදී)
අනේ ජිනීවා අපිව බේරගන්න. (නදී)
මේවට සම්බන්ධ වෙන අයගෙයි මේවා මෙහෙයවන අයගෙයි හත්මුතු පරම්පරාවේ මොකක් හරි අඩුවක් තිබෙනවා. (නදී)
අනේ ඉතින් මෙ අය අපිට සෙවය කරන්න ගන්න මහන්සිය නේද මේ?අපි බේදබින්න වෙලා අනාගත රට භාරගන්න ඉන්න දරු පරපුරට දෙන ආදර්ශය මොකක්ද? (නි)
පරාජයෙන් වන ලැජ්ජාව වහගන්න කරන මෝඩ වැඩ මේවා. (නි)
මේක පැරදුන කවුරුහරි ලැජ්ජාව වහගන්න කළ වැඩක් වෙන්න පුලුවන් (නි)
දිනුවා හෝ පැරදුනා ටික දවසක් සද්ද නැතුව ඉන්න එක තමයි ඇඟට ගුණ. මේක පොඩි ඉල්ලන් කෑමක් කියලත් හිතෙනවා. (නි)
අනේ බන්දුල උන්නැහේ, වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ගත්තාට පසුවත් මේ මනුස්සයාට තව මොනවද ? අනෙක ඡන්දයකට වියදම් කළාට පසුවත් තිබෙන වාහන ටික කඩාගන්නේ ඔලුවේ අමාරුවටද? සමහරුන්ගේ දේව භක්තිය ක්‍රියාවෙන්ම පෙන්වන එක තමයි හොඳ ! (නි)
ඇත්තටම මේ වගේ මිලේච්ඡ, නින්දිත කෙනෙහෙලිකම් වලින් මේ අඥානයින් බලාපොරොත්තු වෙන්නේ මොනවද? (නි)
මේක ගැන මට නම් හිතාගන්න අමාරුයි (නි)
ජය පරාජය විඳදරා ගන්න සැවොම පුරුදු වෙන්න ඕනෑ (නි)
ඩුබායි තිලක් මරු කියවනවා..මෙහෙ කොහෙද දැන් ඡන්දෙ දෙන්න මි හරක්. ඔක්කොම දැන් ඉන්නේ පිටරට. පේන්නේ නැද්ද මේ එසැන පුවත් බැලුවම. හොදට අදුනන කියන එක්කෙනෙක් පැනල ඉන්නවා ඩුබායි වල.(නදී)
ඉස්සර යු අන් පි එක ඡන්දයක් දිනුවම විරුද්ධ පාක්ෂිකයෝ රාත්‍රිය ගත කරන්නේ කැලෑ වල. සන්ධානේ දිනුවම කට්ටිය රථ පෙලපාලිත් යනවා. පේනවනේ දෙකේ වෙනස. (නදී)
ඔය පක්ෂ දෙක තුනම එකඊ. යු එන් පී එකට බලය නැති නිසා ගුටි කනවා. මෙතන කොමෙන්ට් දාන කව්රුත් එක්කෝ බදුල්ලේ අය නෙවෙයි. නැත්තම් 1988 1989 හිටිපු අය නෙවෙයි. ඒ කාලේ වැඩියෙන්ම මිනි මෙරුවේ බදුල්ලේ. අද හොඳ ළමය් වෙන්න හදන ජ වී පෙ ...බදුල්ලේ තිබ්බ උසාවියට පහල පාරේ වදකාගාරයක් ...අද ඔය ගැටුම ඇති වෙච්ච තැන මිනී පුච්චන තැනක්. (නදී)
ආගමක් දහමක් පිළිපදින මිනිස්සුනම් මේ වාගේ පහත් වැඩ කරාවිද? (නදී)
කඩු පොලු තිබුනා නම් අනිවාර්යෙන්ම බස්නාහිර පළාතෙන් ගිය "කටු ලෙව කන්නෝ" ටිකක් වෙන්න ඕනා. උෟව පළාතේ අය ගේන්නේ උදලු, කැති, යකඩ ඉනි වගේ දේවල්. (නදී)
ඔන්න ඩිලාන් ඇමතිගේ බල පෙදෙසේ වැඩ. කටින් ප්‍රජාතන්ත්‍රවාදේ (නදී)
ඡන්ද අඩුවෙලා අාසන අඩුවෙලා. එ්කත් පරාජය ක් තමයි. එ්කත් ඉවසගන්න බැරිනම් සත්තුන් වගේ හැසිරෙනවා නම් ඊළඟ සැරේ සොරිම තමා. (නදී)
මේවා වැරදි ආදර්ශ පාසැල් වලත් සිදුවන්නේ මේවායි. දේශපාලුවන් මේවාට වගකිවයුතුයි. මැච් එකක් තිබුනත් සිදුවන්නේ මේවා. අනේ රටකට ගිය කලක් (නදී)
මේ නම් හොදටම බයවෙලා කරපු දෙයක්. ආසනේ පැරදුන නිසා දුක දරාගන්න බැරිව කරන දේවල්. මොකද ලොක්ක ආපු ගමන් කන්න වෙන බව දන්නවනේ. අපරාදේ බදුල්ලට අගමැති කමත් නැතිවෙනවා දැන්. (නදී)
ඌව පළාත් සභාව එජාපය දිනුවා නම් එජාප මන්ත්‍රීවරුන්ට මොකද වෙන්නේ කියලා හිතාගන්න පුළුවන්. හැබැයි, වැඩිකල් යන්න කලින් ඔය මැරයින්ට කරන පව් ගෙවන්න සිද්ධ වෙයි. (නි)
හරීන්, ඕවට සැළෙන්න එපා. අපි ඉන්නවනේ (නි)
සියලුම ආරක්ෂක විධිවිධාන යොදලත්, පොලිසිය පමණක් 12000 ක පිරිසක් යොදලත් ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන්න බැහැ කියන්නේ මේක මැරයින්ගේ ක්‍රියාවක් වෙන්න විදියක් නැහැ කියන එක නේද? (නි)
මැර දේශපාලනය නිසා වෙන්නේ ජනතාවට හොඳටම එපාවෙන එකයි. මහත්වරු වෙන්න ඉගෙනගන්න (නි)
මොළය කළදක් තිබෙන ඕනෑම කෙනෙකුට වුණත් සත්‍යය පේනවනේ. (නි)
මේකද මහා ලොකු දේශපාලන නායකයන් උදේ සවස දෙපැත්තෙන්ම කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය. මේ රටේ දේශපාලනය කරන වැඩි දෙනෙක් දන්නේ නැහැ මහත්මා දේශපාලනය කියන්නේ කුමක්ද කියලා. හැම පක්ෂයකම වගේ බහුතරයක් දේශපාලන වහල්ලු. තමන් ගැතිකම් කරන නායකයා අතේ පැහරුවත් සුවඳයි කියන්න සුදානම් අය. ඒ නිසා දේශපාලන නායකයොත් එවැනි වහලුන්ව රකිනවා. (නදී)
ලංකාවේ දේශපාලනය කියන්නේ ඕක තමයි. ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවෙන් තුරන් වෙලා ගොඩක් කල්. මේ වගේ දේවල් තව ඉස්සරහට බලාපොරොත්තු වෙමු. රට ගැන හැගීමක් තියෙන මිනිහෙක් ළඟදීම කරලියට එයි (නදී)
ලංකාවේ අය ඡන්දයක් ඉවර උනහම හැමදාම මෙහෙම දේවල් කරනවා. මොලේ තරම තමයි (නදී)
හරින මහත්මයාගේ පිටුපස කුඩු උනායි කියන වාහනයේ පින්තුරයක් පලකරන්න. මහජන ප්‍රසාදය දිනාගත් තරුණ හිටපු මන්ත්‍රීතුමාගේ වාහනය පෙන්වන්නකෝ. එතකොට කොමෙන්ට් තව වැඩිවෙයි. (නදී)
ඒගොල්ලොත් ඒ කාලේ ගැහුවා ඒ නිසා අපිත් ගැහුවට කමක් නැහැ කියන පිළිවෙත කවදාවත් කෙළෙවර නොවේ. මෙය කොතනින් හෝ නැවතිය යුතුය. කවුරු කලත් වරද වරදය. රටේ නිතිය තරාතිරම නොබලා හරියට ක්‍රියාත්මක කරන බව කියන පරිදිම ක්‍රියාත්මක කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලමි. (නදී)
යකා කියන තරම් කළු නැහැ කිවා වගේ අපිට දන ගන්නට ලැබුණු ආකාරයට මේ තරම් කෑ ගහන්නට තරම් දෙයක් වෙලා නැහැලු. මේ පුවතේ අවසාන වැකියෙන් ගම්‍ය වන දේ තමයි නියම ඇත්ත. (නදී)
88 89 කාලේ තරුණ ළමයි පන බේරා ගන්න කැලේ පැනලා රැය ගතකලේ වරදක් කරලා නෙවෙයි. උසස් අධ්‍යාපනයක් ලබපු තරුණයෝ ලස්සන තරුණියෝ හිටපු එක දෙමාපියන්ට ශාපයක් වෙලා තිබුනා. ඒවා නිසා තමයි ඒ ගොල්ල දැන් අවුරුදු 20 විතර විපක්ෂයේ ඉන්නේ. වග කිව යුතු වැඩකාරයෝ ඔක්කොම දිට්ඨ ධම්ම වේදනීය කර්මයෙන් යන්නම ගියා. මේ ආණ්ඩුව කොච්චර වැරදි කලත් ඒ ගොල්ලන්ට ඡන්දයක් දෙන්න මට තවමත් හිත හදා ගන්න බැහැ. (නදී)
ලස්සන වැඩේ කියන්නේ දැන් මේවා කරන්නේ ජේ. ආර්. ගේ ප්‍රේමදාසගේ කාලේ මේවා වෙනකොට ඒවා නවත්තනවා කියලා බලයට ආපු අය (නදී)
මේ වගේ වැඩ කරන්නේ කටු කන බල්ලෝ තමයි (නදී)
ඇමති තුමා කැඩිච්ච සපත්තු දාගෙන හිටියට, ගහන කට්ටිය නම් හොඳ සපත්තු දාගෙන.(නදී)
රාජ්, හැමදාම අතීතයේ දේවල් වර්තමානයට ගේන්න එපා. ඉස්සර එහෙම උනා කියා අද එහෙම වෙන්නේ නැහැ. අපිට වැදගත් අද වෙන දේවල් සහ හෙට වෙන්න තියෙන දේවලා. ඒවා හරි මගට ගන්නයි අපිට ඕනේ (නදී)
ගෙම්බෙක්ට පිම්බෙන්න පුළුවන් ප්‍රමාණයක් තියනවා. කටවුට් හා කාර්යාල කඩා පිළිස්සූවට මේගොල්ලෝ මොකටද නීතිය අතට අරන් එතනට ගියේ. පොලිසියට කියන්නනේ තිබුනේ. හරින්ට කවදාවත් බැහැ දයාසිරි වෙන්න. දයාසිරි කියන්නේ ඡන්ද ලක්ෂ තුනහමාරකට වැඩිය ගත්ත ජනප්‍රිය චරිතයක්. (නදී)
දියුණු රටවල් වල ඡන්ද කටයුතු කරන හැටි මේ මෝඩයන්ට පෙන්නලා දෙන්න ක්‍රමයක් නැතිවීම ගැන මම කණගාටු වෙනවා. (නදී)
ශාන් කටු නොකන බල්ලෝ කොහෙද ඉන්නේ ? (නදී)
මම නම් ඔය එක්කෙනෙක්ගේ වත් පැත්තකට නෑ එ්ත් මේ කරලා තියෙන්නේ කොන්ද පන නැති වැඩක්. මේ වගේ අය ඉන්නකම් ලංකාවේ සාමකාමී දේශපාලනයක් නැහැ (නදී)
පිටගල වගේ අය ඉන්න නිසා තව රට කන්න පුළුවන්. ඔහොම යන් රට චීනට ගියාම උඹලාටත් ඉන්න වෙන්නේ කැලේ (නදී)
පාටින් පක්ෂයෙන් කොහෙත්ම වැඩක් නැහැ. මේවා දකිනකොට මට හැඟුනේ ලංකාවේ ඉන්නේ ඔක්කම තිරිසන් වෙස්ගත්තවුන් වගයි. ඇමරිකාවෙන්වත් ඇවිත් මානව හිමිකම් කවුනසල් රටේ හැමතැනම ස්ථාපිත කරත්වා (නදී)
ජනාධිපති තුමනි මේවා නම් මහා ජරා වැඩ (නදී)
අපේ පොලිසියට හොඳම අවස්ථාවක් නීතිය ක්‍රියාත්මක කරන්න. පින්තුර වලින් පෙනෙනවා මේ කවුද කියලා. රටේ නායකයෝ පුන පුනා කියනවා නීතිය හැමෝටම එකයි කියලා. බලමු කොහොමද නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. (නදී)
කටු කන බල්ලෝ කාගන්නවා. පස්සේ හාම්පුතලා ජොලියේ පාටි දානවා. හැබැයි ඉතින් ආණ්ඩුව පෙරලුනොත් මේ කටුකන බල්ලන්ට නම් පනින්න රටක් හොයා ගන්න වෙනවා (නදී)
එජාපය බස්නාහිර මැතිවරණය තිබු මාස කිහිපයට වඩා ඌවේ මැතිවරණ කාලේ එනවිට විශාල පිබිදීමක් තියන විත්තිය ඇත්ත. මේ කරන පහරදීම් ඇතැම් කෙනෙකුට නරකයි වගේ පෙනෙන්න පුළුවන්. නමුත් අපේ ජනාදිපතිතුමා කෙසේ හෝ බලයේ රැක ගැනීම අද අපගේ ජාතික වගකීමක්. මෙයට හැකි සියලුම බලය අපි යොදා ගත යුතුයි (නදී)
මේවට යන අයට හොඳ පාඩම් (නදී)
මෙතන තියෙන්නේ තනිකර තකතීරු මෝඩයන්ගේ වැඩක්. මේවා ආණ්ඩුවට ඡන්දෙ දෙන කව්රුවත් අනුමත කරන්නේ නැහැ. මේවා ආණ්ඩුවේ වැඩ නෙමේ මෝඩයන්ගේ තකතීරු වැඩ. (නදී)
සම්පත් ඔබ හරි ගෙම්බෝ පනිති (නදී)
නන්දන පනාගොඩ මිලානෝ. මොකද මිලානෝ වලින් එලවන්න හදනවද ජිනීවා වලට බැගෑපත් වෙන්නේ. ලංකාවේ ප්‍රශ්ණ වලට නම් ජිනීවා වලට බැගෑපත් වෙලා වැඩක් නැත (නදී)
ටිකිරි බණ්ඩා මාව පොඩ්ඩක් දැනුවත් කරනවද ප්‍රභාකරන්ට තිබුන ප්‍රතිපත්තිය ගැන. ඔයාට මම කිව්වා කියල හිතා ගන්න (නදී)
ඇස් පනාපිට සිදුවන මේ දේවල්වලට නීතියක් කියා දෙයක් නැද්ද? (නදී)
දිනුවට පස්සේ හෝ පැරදුනාට පස්සේ පෙළපාලි යන්න තහනම් බව මේ මන්ත්‍රීතුමා දන්නේ නැද්ද? මිනිසුනේ, දැන්වත් ඔය දේශපාලකයින් පස්සේ යන එක නවත්වන්න. (නි)
සාක්ෂි ඉහත ඡායාරූප වලම තිබෙනවා. රට ජාතිය විනාශ කරන මේ මැරයන්ව වහාම අත්අඩංගුවට ගන්න. (නි)
ඉතාමත් අභාග්‍යසම්පන්න රටක් මේක (නි)
දැන් ඉතින් ඔය කටවුට් බැනර් ප්‍රදර්ශනය කරගෙන යන්න උවමනා නැහැ. ඡන්දෙ ඉවරනේ. මොකද ඕවා දකිද්දී අලි කොටි වලස්සුත් ඇවිස්සෙනවා ඉබේටම.අනික මේ මැර ප්‍රහාරය එකහෙළාම හෙළා දකිනවා.මෙහෙම ඇන කොටා ගන්නේ මොනවා බෙදාගන්න බැරුවද කියලා නම් මට තේරෙන්නේ නැහැ. (නි)
අහුවෙන්න එපා ඕවට හරීන් මහත්තයා. (නි)
මානව හිමිකම් කාර්යාල දැම්මා කියලා ඡන්ද කාලෙට මිනිස්සු කරන ප්‍රචණ්ඩ වැඩ අඩුකරන්න බැහැ. 1977 ඡන්දෙන් පසු තමයි ප්‍රචණ්ඩ ක්‍රියා උපරිම වුණේ. එයට සාපේක්ෂව පසුගිය මැතිවරණ වලින් පසු ප්‍රචණ්ඩ ක්‍රියා අඩුවෙලා තිබුනා. මිනිස්සු හිතන්න ඕනෑ මිනිස්සු විදියට ජීවත්වෙන්න. නැත්නම් පැරදුනාම එයාලටත් මේ ටිකම තමයි. (නි)
පොලිසිය අපරාධකාරයින්ව අත් අඩංගුවට ගනීද? මේවා ජාත්‍යන්තරය දැනගන්න එකත් හොඳයි. රටේ නීතිය අන්තිමටම පිරිහිලා. (නි)
තරයේ හෙළා දකිනවා. (නි)
තමන්ම ගහගත්තාද දන්නෙ නැහැ (නි)
දිනුවා නම් පාඩුවේ ඉන්න බැරිද මන්දා? (නි)
පාදඩ දේශපාලනය කවදා ලංකාවෙන් තුරන් වේදෝ මන්දා (නි)
පොලිසියේ මහත්තුරු මොකුත් දැකලා නැහැ (දී)
දැන් රටේ නිතිය කෝ (දී)
මේක තමයි දිනු අය පැරදුණු අයට ගැසීමේ සංස් කෘතිය 1977 දී මම දැක්ක ගහපු ගැහිල්ල .(දිල්)
තනිවම ගහගත්තද දන්නෙ නෑ (දී)
හරින් පෙළපාලි ගිය එක වැරදියි කියමුකෝ ගහපු එක හරිද එතකොට පොලිසියේ වැඩේ කරලා තියෙන්නේ මැරවරයෝ , මොකද පොලිසිය බලය විමධ්‍ය ගත කරලද (දී)
පොලිසිය උඩබලන් හිටියද (දී)
මෙතන වීඩියෝ එක බලනකොට මටනම් පේන්නේ මැතිවරණ නීති අනුව පෙළපාලි තහනම් කරලා තියෙද්දිත් ඒ ජ ප අය කෑ ගහගන කුණුහරප කියාගන පෙළපාලියේ සන්ධානේ අය ඉන්න තැනට ගිහින් අන්තිමට ඉල්ලගන කාල වගේ.(දී)
මේක පුදුම ලෝකයක්, කාටවත් තුවාල නැහැ කියල වාර්තාවේ තියෙනවා, ඒ වුනාට තුවාල වෙච්ච අයගේ පින්තුර දාල තියෙනවා, පෙළපාලි යන්න බැහැ කියද්දී පෙළපාලි ගිහින් තියෙනවා (දී)
මට හොඳටම විශ්වාසයි අපේ බන්දුල පෙරේරා මහත්මය ලොන්ඩරියක වැඩ කරලා තියෙනවා (දී)
මට පෙනෙන විදිහට හැමකෙනාම එක වගේ.වෙනසක් නැහැ.මෙයාලත් ඒ වගේ එයාලත් ඒ වගේම තමයි. බලයට එන්න විතරමයි දඟලන්නේ (නි)
ලංකාවේ පොලිසිය ගැන අපිට විශ්වාසයක් තියන්න අමාරුයි (නි)
එයාලා කවුරුත් ඡන්දේ දිනයි .අපි (ජනතාව) හැමදාමත් පරාදයි. (නි)
නූගත්කමේ විපාක! (නි)
ඕවා සමහරුන්ගේ පරණ පුරුදු. ඔහොම යමු (නි)
කවදාවත් හැදෙන මිනිස්සු ඉන්න රටක් නෙවෙයි මේ ලංකාව. මේකට තමයි කියන්නේ පාදඩ දේශපාලනය කියලා. අපොයි දෙයියනේ ලංකාවට ගිය කලක්! විහින් වැනසෙන ජාතියක් ඉන්න රටක්. (නි)
හරීන්ගේ ජය උහුලගන්න බැරි මුරුගයෝ තමයි ඕව කරන්නේ. හා පුරා කියල බදුල්ලට අාපූ හරීන් මහත්තය 88% ක මනාප ගත්තම, දයාසිරි මහත්තයටත් වැඩි ප්‍රතිශතයක් ගත්තම ලජ්ජා නැතුව නොවෙයිනේ. හරීන් මහත්තයෝ ඔය දඩ බල්ලන්ගේ වැඩ , ප්‍රවේසමෙන් ඉදිරියට යමු. (ස)
මොකක්ද ලෝකෙට පෙන්වන සදාචරය? මොකක්ද රටේ තියෙන විනය ? ලංකාව ගමන් කරන්නේ වනචාරී යුගයකටද ? මෙවැනි පිලිකුල් සහගත ක්‍රියා හෙලා දකිනවා. ජනතාවට සාමකාමී ව ජීවත් වෙන්න දෙන්නේ නැද්ද? ඡන්දය මැරකමින් තක්කඩි කමින් ගන්න බැහැ. එය ලබා ගත යුක්තේ සේවය කරලා. බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාව මෙවැනි නින්දිත ක්‍රියා හෙලා දකිනවා. රටේ සාමය සමාදානය ඇති කරීමට රජය වග බලා ගත යුතුය. (ස)
නොසැලී ඉදිරියටම යමු. (ස)
මේවා කවුරු කලත් වැරදි වැඩ. හැබැයි රජයට මේවා කරන්න උවමනාවක් නැහැ. මෙතන මනාප ප්‍රශ්නයක් තිබෙන බවකුත් පේනවා. කවුරු කලත් දැන් 88-89 කාලේ වගේ නෙමෙයි. වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලැබෙයි. (ස)
මතට තිත තිබ්බොත් මෙවන් දෑ යම් පමණකට හෝ පාලනය කල හැක. අපේ රටේ සිටින මෙවන් අය නිසා අපට ලෝකයට මුහුණ දිය නොහැක. (ස)
පොලිසිය ඉස්සරහදී ගහපු කවුරුවත් පොලිසියේ අය දකින්නේ නැහැ දැකලත් නැහැ. එහෙම උනෙත් නැහැ කියල කියයි. (ස)
මේ වැඩ නිසා අපි තමයි දුක් විදින්නේ (දී)
බන්දුල නංමාර මනුස්සයෙක් (දී)
සිද්ධියෙන් කිසිවකුට තුවාල නොවූ බව ද ඔහු කීවේය. ඒක ලොකු දෙයක්. (දී)
මුළු රටම පිරිහිලා මේ ප්‍රජාතන්ත්‍ර වාදයට වැඩිය හොඳ ක්‍රමයක් වෙන නැද්ද? (දී)
ලංකාදීපයට ස්තුතියි මේවා රටට ලෝකයට පෙන්නුවට (නදී)
මේ ඔක්කොම අංගොඩ පටවන්න.මේ වගේ ගොන් බඳින කණුද දේශපාලනේ කරන්නේ.යුනිෆෝන් ඇදල ඉන්න අර රාලහාමි විතරක් මොනවා කරන්නද?කෝ දැන් ඔහේ ඉන්නවා කිව එස් ටි එෆ් කට්ටිය.? බල්ලොත් එක්ක නිදා ගත්තම වෙන දේ.?මේ දේවල් ජාත්‍යන්තරයට ගියාම ඒ මිනිස්සු රට ගැන කියන කතා ඇහුවම අපිට කට උත්තර නැහැ. දැන් මේ රටට සේවය කරන්න බැරි උනා කියලද පොලු අරන් ඉන්නේ? පාට බේදයකින් තොරව මේ මෝඩ රැළටම දඬුවන් කරන්න. (ස)
මෝඩ මිනිස්සු ! දේශපාලකයෝ ටික දවසකින් පැති මාරු කරයි !! (නදී)
බල තන්හාවෙන් මෙහෙමත් මිනිස්සු මිනිස්සු ගහ ගන්නවා කියන්නේ තිරිසන් සත්තු ගැන මොන කතාද? (නදී)
අයෙත් කියන්නේ , මේ ගෝත්‍රික සමාජයක්. (ස)
රතු ටී සර්ට් එක ඇදන් ඉන්න හාදයා ඇතුළු මැරයින් අත් අඩංගුවට ගත හැකියි නේද? ඔහුගේ අතේ ලොකු පොල්ලකුත් තියෙනවා. වනචාරි මිනිස්සු. අන්තිම කැතයි. මේක මෙහෙයවපු කෙනා කව්ද දන්නේ නැහැ (නදී)
අන්තිම කැතයි මේ වැඩේ නම් (නි)
දැන් ඉන්න බහුතරයක් දෙනා දේශපාලනයක් දන්නා, මනුෂ්‍යත්වයට ගරුකරන, රටේ යහපත පතන අය නොවෙයි. සාධාරන විදිහට යමක් උපයාගෙන ජීවත්වෙන මිනිස්සු තමන් කැමති පක්ෂයකට ඡන්දය දීලා ඉන්නවා මිසක මෙහෙම වැඩ කරන්නේ නැහැ. (නි)
මුන් දෙගොල්ලොම එකයි. මරාගන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඔය දෙගොල්ලොම ගජ මිතුරන් කියන එක. (නදී)
"මතට තිත තිබ්බොත් මෙවන් දෑ යම් පමණකට හෝ පාලනය කල හැක." එතකොට ඒගොල්ලන්ගේ අදායම (නදී)
ටිකිරි බණ්ඩාරගේ වාසගම වේලුපිල්ලේද ? (නදී)
මේක තමා ලංකාවේ තන්වය. රට පාලනය කරන්නෙත්, ඡන්දෙ දෙන්නෙත් නුගත් හැදියාවක් නැති මිනිස්සු. රට එන්න එන්න අගාදයට යනවා. වෙන රටක ඡන්ද වලට මිනිස්සු ගහගන්නේ නැහැ. (නදී)
ඡන්දෙ ඉවර උන ගමන් නිව්ස් වල. මැතිවරණ නිරීක්ෂකයෝ, පැපරල්, කැෆේ, හැමෝම කීවේ ප්‍රතිශතය 55%-60% අතර කියලා. දැන් ඡන්දෙ ගැනල ඉවර උනහම කොහොමද 75% විතර උනේ. හැමදාම මේක වෙනවා. ඔය කව්රුවත් මේක ගැන හොයන්නේ නැහැනේ (නදී)
සමන්ත, එහෙම වැටෙන්නේ ප්‍රතිචාර යාවත්කාල කරන අයගේ කෙටි නම් (නදී)
කටු කන බල්ලන්ට මේවා සුළු දේවල්. උන්ගේ බඩ පිරෙන්නේ කාගේ හරි මස්කටු ලෙව කෑවහම (නදී)
රටේ සදාචාරය කෝ? (නි)
කෝ අර පොලිස් නිලධාරීන් 12000? කාටද මේවා කියන්නේ? (නි)
මේකද ආස්චර්ය (නදී)
මෙහෙම අඳ බාලයෝ වැඩි නොවුනොත් කොහොමද ඡන්දෙ ගන්නේ. තව තවත් අඳ බාලයින් බිහි වේවා! (නදී)
ප්‍රභාත් කුලතුංග, "කටු කන බල්ලන්ට මේවා සුළු දේවල්. (නදී)
මේ චන්ඩි ක්‍රියාවලින් බලාපොරොත්තු වෙන ප්‍රතිපලය කුමක්ද? දේශපාලකයන් වෙනුවෙන් දාමරික කම් කරන අය තවම මේ රටේ ඉන්න එක හරිම පුදුමයක් (නදී)
භීෂණය නැති කළා කියලා කිවුවට වඩා වැඩි භීෂණයක් ලංකාව පුරාම පැතිරිලා හැඩයි. පරාජයේ වියරුව තමයි මේකෙන් පෙනෙන්නේ. (නි)
අපි ඉවසමු හරින් මහත්තයෝ. පොලියත් එක්ක අපේ ආණ්ඩුවකදී දෙමු. (නදී)
අපේ රටේ අවසනාවට මේ වගේ පාලකයෝ බිහිවෙන්නේ.. (ස)
මමත් අදින් පස්සේ එක්සත් ජාතික පක්ෂයට. හරීන් මම ඔබ සමගයි. (නදී)
මම අද මේකට මුකුත් කියන්නේ නැහැ. ප්‍රභාත් කුලතුංග මහතාගේ අදහසට ඉතා ඉහලින් එකඟ වෙනවා. (නදී)
කවුරු බලයට ආවත් මේවා නවතින්නේ නැහැ. අරක්කු බෝතලයකුයි බත්පැකට් එකකුයි දුන්නා නම් අපේ සමහර අයියලා ඕනෑ වැඩක් කරයි. මේවා අපේ අවාසනාවද රටේ අවාසනාවද කියලා දන්නෙ උඩ ඉන්න දෙවියන් තමයි (නි)
සුපුන්, මොන වගේ පාලකයෝද? (නි)
හිතාගෙන ඉන්නේ මේ රට එක කට්ටියකට පමණක් අයිතියි කියලද? (නි)
හැම පක්ෂයක කෙනෙක්ම තමන්ගේ නම හෑල්ලු කරගන්නේ මෙන්න මේ වගේ වැඩ නිසා. (නි)
බන්දුල පෙරේරා , මේ පිටුවට දෙන ප්‍රතිචාර වලින් පෙනෙනවා නේද ආණ්ඩුව පරදින බව? (නි)
කවුරුන් කළත් කුමන පරිමාණයෙන් කළත් හිංසාව අනුමත කළ නොහැක. එහෙත් 81 ලාම්පු කලගෙඩි සෙල්ලම, යාපනයේ සංවර්ධන සභා ඡන්දය, 86- 90 භීෂණ කාලය දුටු අයට නම් මේවා නිකම්ම නිකම් සෙල්ලම් පමණි. (නි)
කවුරු බලයට ආවත් මේවා නවතින්නේ නැහැ.ඉවසමු හරින් මහත්තයෝ රටේ සදාචාරය කෝ?මමත් අදින් පස්සේ එක්සත් ජාතික පක්ෂයට. හරීන් මම ඔබ සමගයි (දී)
වැරදි කාරයෝ පෙනී පෙනීත් වගකියයුත්තන්ට කොන්ද පන නැත්තේ ඇයි මේ අයට දඩුවම් දෙන්න මේකද මහා ලොකුවට දොඩවන ප්‍රජාතන්ත්‍ර වාදය මේකද (දී)
මොකටද මේ තවත් වාහන පෙළපාලි යන්නේ දැන් ඡන්දෙන් පැරදුනා නම් වැඩක් බලාගන්නේ නැතුව. මට පේන්නේ ඉල්ලන් කාලා වගේ (දී)
ඕක තමඊ ආණ්ඩුවේ මැර දේශපාලනේ. ජාත්‍යන්තර කුමන්ත්‍රණ, බොරු මානව හිමිකම් සංවිධාන කියා කියා බැන්නට සුද්දගේ මානව හිමිකම් සංවිදානය නැත්නම් අපිව මස් කරලා. මේවා කරපු අයට දිට්ට ධම්ම වේදනීය කර්මය පලදෙවී ඉක්මනටම. (ස)
මේ සක්කිලි දේශපාලනය කවදාද ඉවර වෙන්නේ? (ස)
සැලසුම් සහගත ප්‍රහාරයක් (දී)
මේකද ප්‍රජාතන්ත්‍රවාදය (දී)
කවුද මේවාට වග කියන්නේ (දී)
මෙන්න සමහරු අළුතින් ඉපදිලා ප්‍රභාකරන්ගෙ ගුණ වයනවා. අනේ අපොයි සිංහලයගෙ මතකය. ගුණමකු වීම ගැන පුදුම විය යුතු නැහැ. (නදී)
මේ රටේ විරුද්ධ පක්ෂ වලට දේශපාලනය කිරීමේ අයිතියක් නැද්ද?? (දී)
අනුවන මිනිස්සුන්ගේ වැඩ (දී)