IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘පොලිස් මුරපොළ ළඟදි හරීන්ට ප්‍රහාරයක්‘

 හාලිඇළ පොලිස් මුරපොල අසල දී අද (22) සන්ධ්‍යාවේ කඩු පොලු රැගත් පිරිසක් එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා සමඟ ගමන් කළ වාහන කිහිපයකට පහර දී අලාභ හානි කළැයි පොලිසියට පැමිණිලි කර ඇත.

එම පහර දීමෙන් හරීන් ප්‍රනාන්දු මහතා ගමන් කළ වාහනය ඇතුළු වාහන තුනකට අලාභා හානි සිදුවී ඇත. එම අවස්ථාවේ එතැනින් ගමන් කරමින් සිටි මාධ්‍යවේදියකුගේ වෑන් රියකට ද ගල් පහරක් වැදී විදුරු  කැඩුණු බවට ඔහු බදුල්ල පොලිසියට පැමිණිලි කළේය.

හරීන් ප්‍රනාන්දු මහතාගේ ලේකම්වරයකු පැවසුවේ සිද්ධිය ගැන පැමිණිලි කිරීමට හරීන් ප්‍රනාන්දු මහතා හාලි ඇල පොලිසියට ගිය බවයි.

ඔහු මෙසේද කීවේය.

‘එක්සත් ජාතික පක්ෂයේ කටවුට් හා කාර්යාල කඩා පිළිස්සූ සිද්ධියක් ගැන වාර්තාවීමෙන් පසුවයි අපි හාලිඇලට ගියේ. අපේ කටවුඩ් කඩා ගිනි තබනු දුටුවා. තුන් හාරසියයක පමණ පිරිසක් එහි සිටියා. හාලිඇල පොලිස් මුරපොල ඉදිරිපිට සිටි ඔවුන්ගෙන් සමහරකු අත කඩු, පොලු තිබුණා.

අපි යද්දි අපේ වාහනවලට කඩු පොලුවලින් ගැහුවා. අපේ වාහනවලට හානි වුණා. හරීන් මහත්තයා ගිය වාහනයේ පිටුපස කුඩු වුණා. මේස කැලසුම් කරලා කරපු දෙයක්.‘

සිද්ධියෙක් කිසිවකුට තුවාල නොවූ බව ද ඔහු කීවේය.

(ඡායාරූප හා වීඩියෝ අතුල ජයලත්)

Grabbed-Frame-270 Grabbed-Frame-272 Grabbed-Frame-273 Grabbed-Frame-274 Grabbed-Frame-276 Grabbed-Frame-280 Grabbed-Frame-282 Grabbed-Frame-283 Grabbed-Frame-284 Grabbed-Frame-285 Grabbed-Frame-286 Grabbed-Frame-288 Grabbed-Frame-289 Grabbed-Frame-290 Grabbed-Frame-291 Grabbed-Frame-292 Grabbed-Frame-293 Grabbed-Frame-294 Grabbed-Frame-295

 

 



අදහස් (0)

‘පොලිස් මුරපොළ ළඟදි හරීන්ට ප්‍රහාරයක්‘

බිමල් Tuesday, 23 September 2014 02:25 PM

රටේ සදාචාරය කෝ? (නි)

:       0       0

හේරත් Monday, 22 September 2014 04:36 PM

මේ මොකද වෙන්නේ? (නි)

:       0       0

ඉන්දික Monday, 22 September 2014 04:40 PM

මේවා අපි අනුමත කරන්නේ නැහැ.හැබැයි 89 කාලෙත් මතකයි අපිට.ඒවා එක්ක බලද්දී නම් ඉතින් මේවා සුළු සිදුවීම්. (නි)

:       0       0

පද්මිණි Monday, 22 September 2014 04:46 PM

ටිකිරි, ඔබ ලංකාවේ ඉන්නවා නම් ප්‍රවේශම් වෙන්න. අපි නම් පැනගත්තා. (නි)

:       0       0

රත්නායක වීරකැටිය Monday, 22 September 2014 05:04 PM

හරීන්, බයවෙන්න එපා. ඔබට අනාගත රට බාරයි (නි)

:       0       0

සුපුන් Monday, 22 September 2014 05:03 PM

පාසල් අධ්‍යාපනයක්වත් නැති අය තමයි මෙහෙම හැසිරෙන්නේ (නි)

:       0       0

රාමා Tuesday, 23 September 2014 07:28 AM

මේක පුදුම ලෝකයක්, කාටවත් තුවාල නැහැ කියල වාර්තාවේ තියෙනවා, ඒ වුනාට තුවාල වෙච්ච අයගේ පින්තුර දාල තියෙනවා, පෙළපාලි යන්න බැහැ කියද්දී පෙළපාලි ගිහින් තියෙනවා (දී)

:       0       0

සෑම් Tuesday, 23 September 2014 07:30 AM

මට හොඳටම විශ්වාසයි අපේ බන්දුල පෙරේරා මහත්මය ලොන්ඩරියක වැඩ කරලා තියෙනවා (දී)

:       0       0

සමන්ත Monday, 22 September 2014 05:28 PM

පැරදුන අය දිනුම් කියලා හිතන එකම රට මේක වෙන්නේ ඇති. (නි)

:       0       0

අංජන Monday, 22 September 2014 05:33 PM

කාන්තාරෙට දිය බිඳක් වැටුනා වගේ තමා අද විපක්ෂයට.කියන්නේ ජනතා දුක නිවන්න එනවා කියලා. ඒත්? අනේ මෙහෙමත් විගඩමක්? (නි)

:       0       0

අජන්ත Monday, 22 September 2014 05:51 PM

අනේ මන්දා ඉතින් මේවා! (නි)

:       0       0

විදුර Monday, 22 September 2014 06:01 PM

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඕකටද? මාසෙන් මාසෙට ඡන්ද. පස්සෙ ගහගන්නවා (නි)

:       0       0

භක්ති Tuesday, 23 September 2014 07:41 AM

මට පෙනෙන විදිහට හැමකෙනාම එක වගේ.වෙනසක් නැහැ.මෙයාලත් ඒ වගේ එයාලත් ඒ වගේම තමයි. බලයට එන්න විතරමයි දඟලන්නේ (නි)

:       0       0

අනිල් රෝහණ Monday, 22 September 2014 06:10 PM

නැවතිල්ලේ හිතද්දී මේකත් තමන්ම කරගත්තු දෙයක් වගේ නේද පේන්නේ? සමහර විට තිස්ස ගිය නිසා එයාගේ කට්ටියට දුක හිතිලා කලාද දන්නේ නැහැ නේද ? මොකද හරීන් නිසානේ තිස්සට යන්න උනේ නේද ? (නදී)

:       0       0

ලසිත Tuesday, 23 September 2014 07:41 AM

ලංකාවේ පොලිසිය ගැන අපිට විශ්වාසයක් තියන්න අමාරුයි (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 22 September 2014 06:17 PM

අනේ ජිනීවා අපිව බේරගන්න. (නදී)

:       0       0

තුෂාර Tuesday, 23 September 2014 07:45 AM

එයාලා කවුරුත් ඡන්දේ දිනයි .අපි (ජනතාව) හැමදාමත් පරාදයි. (නි)

:       0       0

සිල්වා Tuesday, 23 September 2014 07:52 AM

නූගත්කමේ විපාක! (නි)

:       0       0

නන්ද Monday, 22 September 2014 06:28 PM

මේවට සම්බන්ධ වෙන අයගෙයි මේවා මෙහෙයවන අයගෙයි හත්මුතු පරම්පරාවේ මොකක් හරි අඩුවක් තිබෙනවා. (නදී)

:       0       0

වසන්ති Tuesday, 23 September 2014 03:31 PM

කෝ අර පොලිස් නිලධාරීන් 12000? කාටද මේවා කියන්නේ? (නි)

:       0       0

ශාන්ත Monday, 22 September 2014 06:33 PM

අනේ ඉතින් මෙ අය අපිට සෙවය කරන්න ගන්න මහන්සිය නේද මේ?අපි බේදබින්න වෙලා අනාගත රට භාරගන්න ඉන්න දරු පරපුරට දෙන ආදර්ශය මොකක්ද? (නි)

:       0       0

දයාල් Tuesday, 23 September 2014 07:55 AM

ඕවා සමහරුන්ගේ පරණ පුරුදු. ඔහොම යමු (නි)

:       0       0

නන්දිපාල Tuesday, 23 September 2014 07:55 AM

කවදාවත් හැදෙන මිනිස්සු ඉන්න රටක් නෙවෙයි මේ ලංකාව. මේකට තමයි කියන්නේ පාදඩ දේශපාලනය කියලා. අපොයි දෙයියනේ ලංකාවට ගිය කලක්! විහින් වැනසෙන ජාතියක් ඉන්න රටක්. (නි)

:       0       0

නෝනිස් Tuesday, 23 September 2014 07:59 AM

හරීන්ගේ ජය උහුලගන්න බැරි මුරුගයෝ තමයි ඕව කරන්නේ. හා පුරා කියල බදුල්ලට අාපූ හරීන් මහත්තය 88% ක මනාප ගත්තම, දයාසිරි මහත්තයටත් වැඩි ප්‍රතිශතයක් ගත්තම ලජ්ජා නැතුව නොවෙයිනේ. හරීන් මහත්තයෝ ඔය දඩ බල්ලන්ගේ වැඩ , ප්‍රවේසමෙන් ඉදිරියට යමු. (ස)

:       0       0

සදුන් Tuesday, 23 September 2014 07:59 AM

මොකක්ද ලෝකෙට පෙන්වන සදාචරය? මොකක්ද රටේ තියෙන විනය ? ලංකාව ගමන් කරන්නේ වනචාරී යුගයකටද ? මෙවැනි පිලිකුල් සහගත ක්‍රියා හෙලා දකිනවා. ජනතාවට සාමකාමී ව ජීවත් වෙන්න දෙන්නේ නැද්ද? ඡන්දය මැරකමින් තක්කඩි කමින් ගන්න බැහැ. එය ලබා ගත යුක්තේ සේවය කරලා. බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාව මෙවැනි නින්දිත ක්‍රියා හෙලා දකිනවා. රටේ සාමය සමාදානය ඇති කරීමට රජය වග බලා ගත යුතුය. (ස)

:       0       0

තමරා Monday, 22 September 2014 06:51 PM

පරාජයෙන් වන ලැජ්ජාව වහගන්න කරන මෝඩ වැඩ මේවා. (නි)

:       0       0

චමින්ද Tuesday, 23 September 2014 08:05 AM

නොසැලී ඉදිරියටම යමු. (ස)

:       0       0

හමීඩ් Tuesday, 23 September 2014 04:10 PM

මේකද ආස්චර්ය (නදී)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 23 September 2014 08:06 AM

මේවා කවුරු කලත් වැරදි වැඩ. හැබැයි රජයට මේවා කරන්න උවමනාවක් නැහැ. මෙතන මනාප ප්‍රශ්නයක් තිබෙන බවකුත් පේනවා. කවුරු කලත් දැන් 88-89 කාලේ වගේ නෙමෙයි. වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලැබෙයි. (ස)

:       0       0

ඇන්ටන් Monday, 22 September 2014 06:59 PM

මේක පැරදුන කවුරුහරි ලැජ්ජාව වහගන්න කළ වැඩක් වෙන්න පුලුවන් (නි)

:       0       0

පද්මිණී Tuesday, 23 September 2014 04:14 PM

මෙහෙම අඳ බාලයෝ වැඩි නොවුනොත් කොහොමද ඡන්දෙ ගන්නේ. තව තවත් අඳ බාලයින් බිහි වේවා! (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 23 September 2014 04:14 PM

ප්‍රභාත් කුලතුංග, "කටු කන බල්ලන්ට මේවා සුළු දේවල්. (නදී)

:       0       0

ධම්ම Monday, 22 September 2014 07:13 PM

දිනුවා හෝ පැරදුනා ටික දවසක් සද්ද නැතුව ඉන්න එක තමයි ඇඟට ගුණ. මේක පොඩි ඉල්ලන් කෑමක් කියලත් හිතෙනවා. (නි)

:       0       0

මිනිපෙ Tuesday, 23 September 2014 04:15 PM

මේ චන්ඩි ක්‍රියාවලින් බලාපොරොත්තු වෙන ප්‍රතිපලය කුමක්ද? දේශපාලකයන් වෙනුවෙන් දාමරික කම් කරන අය තවම මේ රටේ ඉන්න එක හරිම පුදුමයක් (නදී)

:       0       0

දයාජ Tuesday, 23 September 2014 08:14 AM

මතට තිත තිබ්බොත් මෙවන් දෑ යම් පමණකට හෝ පාලනය කල හැක. අපේ රටේ සිටින මෙවන් අය නිසා අපට ලෝකයට මුහුණ දිය නොහැක. (ස)

:       0       0

රනා Tuesday, 23 September 2014 08:15 AM

පොලිසිය ඉස්සරහදී ගහපු කවුරුවත් පොලිසියේ අය දකින්නේ නැහැ දැකලත් නැහැ. එහෙම උනෙත් නැහැ කියල කියයි. (ස)

:       0       0

නිමල් Tuesday, 23 September 2014 04:26 PM

භීෂණය නැති කළා කියලා කිවුවට වඩා වැඩි භීෂණයක් ලංකාව පුරාම පැතිරිලා හැඩයි. පරාජයේ වියරුව තමයි මේකෙන් පෙනෙන්නේ. (නි)

:       0       0

ටානියා Tuesday, 23 September 2014 08:26 AM

මේ වැඩ නිසා අපි තමයි දුක් විදින්නේ (දී)

:       0       0

සුපුන් Tuesday, 23 September 2014 04:34 PM

අපි ඉවසමු හරින් මහත්තයෝ. පොලියත් එක්ක අපේ ආණ්ඩුවකදී දෙමු. (නදී)

:       0       0

හමීඩ් Tuesday, 23 September 2014 08:29 AM

බන්දුල නංමාර මනුස්සයෙක් (දී)

:       0       0

ගිහාන් Monday, 22 September 2014 09:30 PM

අනේ බන්දුල උන්නැහේ, වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ගත්තාට පසුවත් මේ මනුස්සයාට තව මොනවද ? අනෙක ඡන්දයකට වියදම් කළාට පසුවත් තිබෙන වාහන ටික කඩාගන්නේ ඔලුවේ අමාරුවටද? සමහරුන්ගේ දේව භක්තිය ක්‍රියාවෙන්ම පෙන්වන එක තමයි හොඳ ! (නි)

:       0       0

රාජුන් Monday, 22 September 2014 09:33 PM

ඇත්තටම මේ වගේ මිලේච්ඡ, නින්දිත කෙනෙහෙලිකම් වලින් මේ අඥානයින් බලාපොරොත්තු වෙන්නේ මොනවද? (නි)

:       0       0

ගුණවතී Tuesday, 23 September 2014 08:32 AM

සිද්ධියෙන් කිසිවකුට තුවාල නොවූ බව ද ඔහු කීවේය. ඒක ලොකු දෙයක්. (දී)

:       0       0

නිහාල් ප්‍රනාන්දු Tuesday, 23 September 2014 08:32 AM

මුළු රටම පිරිහිලා මේ ප්‍රජාතන්ත්‍ර වාදයට වැඩිය හොඳ ක්‍රමයක් වෙන නැද්ද? (දී)

:       0       0

සුපුන් Tuesday, 23 September 2014 04:39 PM

අපේ රටේ අවසනාවට මේ වගේ පාලකයෝ බිහිවෙන්නේ.. (ස)

:       0       0

හැරිසන් Monday, 22 September 2014 11:31 PM

මේක ගැන මට නම් හිතාගන්න අමාරුයි (නි)

:       0       0

නුවන් Monday, 22 September 2014 11:52 PM

ජය පරාජය විඳදරා ගන්න සැවොම පුරුදු වෙන්න ඕනෑ (නි)

:       0       0

එල්.කේ. Tuesday, 23 September 2014 08:42 AM

ලංකාදීපයට ස්තුතියි මේවා රටට ලෝකයට පෙන්නුවට (නදී)

:       0       0

දිල්හානි Thursday, 25 September 2014 07:09 AM

අනුවන මිනිස්සුන්ගේ වැඩ (දී)

:       0       0

කුමාරි Tuesday, 23 September 2014 08:54 AM

මේ ඔක්කොම අංගොඩ පටවන්න.මේ වගේ ගොන් බඳින කණුද දේශපාලනේ කරන්නේ.යුනිෆෝන් ඇදල ඉන්න අර රාලහාමි විතරක් මොනවා කරන්නද?කෝ දැන් ඔහේ ඉන්නවා කිව එස් ටි එෆ් කට්ටිය.? බල්ලොත් එක්ක නිදා ගත්තම වෙන දේ.?මේ දේවල් ජාත්‍යන්තරයට ගියාම ඒ මිනිස්සු රට ගැන කියන කතා ඇහුවම අපිට කට උත්තර නැහැ. දැන් මේ රටට සේවය කරන්න බැරි උනා කියලද පොලු අරන් ඉන්නේ? පාට බේදයකින් තොරව මේ මෝඩ රැළටම දඬුවන් කරන්න. (ස)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 23 September 2014 01:14 AM

ඩුබායි තිලක් මරු කියවනවා..මෙහෙ කොහෙද දැන් ඡන්දෙ දෙන්න මි හරක්. ඔක්කොම දැන් ඉන්නේ පිටරට. පේන්නේ නැද්ද මේ එසැන පුවත් බැලුවම. හොදට අදුනන කියන එක්කෙනෙක් පැනල ඉන්නවා ඩුබායි වල.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 23 September 2014 01:18 AM

ඉස්සර යු අන් පි එක ඡන්දයක් දිනුවම විරුද්ධ පාක්ෂිකයෝ රාත්‍රිය ගත කරන්නේ කැලෑ වල. සන්ධානේ දිනුවම කට්ටිය රථ පෙලපාලිත් යනවා. පේනවනේ දෙකේ වෙනස. (නදී)

:       0       0

ශාන්ත Tuesday, 23 September 2014 01:22 AM

ඔය පක්ෂ දෙක තුනම එකඊ. යු එන් පී එකට බලය නැති නිසා ගුටි කනවා. මෙතන කොමෙන්ට් දාන කව්රුත් එක්කෝ බදුල්ලේ අය නෙවෙයි. නැත්තම් 1988 1989 හිටිපු අය නෙවෙයි. ඒ කාලේ වැඩියෙන්ම මිනි මෙරුවේ බදුල්ලේ. අද හොඳ ළමය් වෙන්න හදන ජ වී පෙ ...බදුල්ලේ තිබ්බ උසාවියට පහල පාරේ වදකාගාරයක් ...අද ඔය ගැටුම ඇති වෙච්ච තැන මිනී පුච්චන තැනක්. (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 23 September 2014 01:23 AM

ආගමක් දහමක් පිළිපදින මිනිස්සුනම් මේ වාගේ පහත් වැඩ කරාවිද? (නදී)

:       0       0

සිරිසේන Tuesday, 23 September 2014 05:53 PM

මමත් අදින් පස්සේ එක්සත් ජාතික පක්ෂයට. හරීන් මම ඔබ සමගයි. (නදී)

:       0       0

ග්‍රාම්‍යා Tuesday, 23 September 2014 01:26 AM

කඩු පොලු තිබුනා නම් අනිවාර්යෙන්ම බස්නාහිර පළාතෙන් ගිය "කටු ලෙව කන්නෝ" ටිකක් වෙන්න ඕනා. උෟව පළාතේ අය ගේන්නේ උදලු, කැති, යකඩ ඉනි වගේ දේවල්. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 23 September 2014 05:51 PM

මම අද මේකට මුකුත් කියන්නේ නැහැ. ප්‍රභාත් කුලතුංග මහතාගේ අදහසට ඉතා ඉහලින් එකඟ වෙනවා. (නදී)

:       0       0

ක්‍රිස් Tuesday, 23 September 2014 01:42 AM

ඔන්න ඩිලාන් ඇමතිගේ බල පෙදෙසේ වැඩ. කටින් ප්‍රජාතන්ත්‍රවාදේ (නදී)

:       0       0

සදරුවන් Wednesday, 24 September 2014 08:24 AM

මෙන්න සමහරු අළුතින් ඉපදිලා ප්‍රභාකරන්ගෙ ගුණ වයනවා. අනේ අපොයි සිංහලයගෙ මතකය. ගුණමකු වීම ගැන පුදුම විය යුතු නැහැ. (නදී)

:       0       0

උපාලි Tuesday, 23 September 2014 01:58 AM

ඡන්ද අඩුවෙලා අාසන අඩුවෙලා. එ්කත් පරාජය ක් තමයි. එ්කත් ඉවසගන්න බැරිනම් සත්තුන් වගේ හැසිරෙනවා නම් ඊළඟ සැරේ සොරිම තමා. (නදී)

:       0       0

ටිරෝන් Tuesday, 23 September 2014 01:58 AM

මේවා වැරදි ආදර්ශ පාසැල් වලත් සිදුවන්නේ මේවායි. දේශපාලුවන් මේවාට වගකිවයුතුයි. මැච් එකක් තිබුනත් සිදුවන්නේ මේවා. අනේ රටකට ගිය කලක් (නදී)

:       0       0

අජිත් Tuesday, 23 September 2014 07:06 PM

කවුරු බලයට ආවත් මේවා නවතින්නේ නැහැ. අරක්කු බෝතලයකුයි බත්පැකට් එකකුයි දුන්නා නම් අපේ සමහර අයියලා ඕනෑ වැඩක් කරයි. මේවා අපේ අවාසනාවද රටේ අවාසනාවද කියලා දන්නෙ උඩ ඉන්න දෙවියන් තමයි (නි)

:       0       0

ප්‍රබාෂ් කුලරත්න Tuesday, 23 September 2014 02:00 AM

මේ නම් හොදටම බයවෙලා කරපු දෙයක්. ආසනේ පැරදුන නිසා දුක දරාගන්න බැරිව කරන දේවල්. මොකද ලොක්ක ආපු ගමන් කන්න වෙන බව දන්නවනේ. අපරාදේ බදුල්ලට අගමැති කමත් නැතිවෙනවා දැන්. (නදී)

:       0       0

සමන් කුමාර Tuesday, 23 September 2014 02:09 AM

ඌව පළාත් සභාව එජාපය දිනුවා නම් එජාප මන්ත්‍රීවරුන්ට මොකද වෙන්නේ කියලා හිතාගන්න පුළුවන්. හැබැයි, වැඩිකල් යන්න කලින් ඔය මැරයින්ට කරන පව් ගෙවන්න සිද්ධ වෙයි. (නි)

:       0       0

සුරංග Tuesday, 23 September 2014 02:25 AM

හරීන්, ඕවට සැළෙන්න එපා. අපි ඉන්නවනේ (නි)

:       0       0

සෙන්සාන් Tuesday, 23 September 2014 02:29 AM

සියලුම ආරක්ෂක විධිවිධාන යොදලත්, පොලිසිය පමණක් 12000 ක පිරිසක් යොදලත් ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන්න බැහැ කියන්නේ මේක මැරයින්ගේ ක්‍රියාවක් වෙන්න විදියක් නැහැ කියන එක නේද? (නි)

:       0       0

වසන්ත Tuesday, 23 September 2014 02:35 AM

මැර දේශපාලනය නිසා වෙන්නේ ජනතාවට හොඳටම එපාවෙන එකයි. මහත්වරු වෙන්න ඉගෙනගන්න (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 23 September 2014 02:43 AM

මොළය කළදක් තිබෙන ඕනෑම කෙනෙකුට වුණත් සත්‍යය පේනවනේ. (නි)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Tuesday, 23 September 2014 08:21 PM

සුපුන්, මොන වගේ පාලකයෝද? (නි)

:       0       0

මධූ Tuesday, 23 September 2014 08:26 PM

හිතාගෙන ඉන්නේ මේ රට එක කට්ටියකට පමණක් අයිතියි කියලද? (නි)

:       0       0

නිමල් ලලිතා Tuesday, 23 September 2014 03:01 AM

මේකද මහා ලොකු දේශපාලන නායකයන් උදේ සවස දෙපැත්තෙන්ම කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය. මේ රටේ දේශපාලනය කරන වැඩි දෙනෙක් දන්නේ නැහැ මහත්මා දේශපාලනය කියන්නේ කුමක්ද කියලා. හැම පක්ෂයකම වගේ බහුතරයක් දේශපාලන වහල්ලු. තමන් ගැතිකම් කරන නායකයා අතේ පැහරුවත් සුවඳයි කියන්න සුදානම් අය. ඒ නිසා දේශපාලන නායකයොත් එවැනි වහලුන්ව රකිනවා. (නදී)

:       0       0

අකිත Tuesday, 23 September 2014 09:59 AM

මෝඩ මිනිස්සු ! දේශපාලකයෝ ටික දවසකින් පැති මාරු කරයි !! (නදී)

:       0       0

තරිඳු නදීශාන් ගුණවර්ධන Tuesday, 23 September 2014 10:01 AM

බල තන්හාවෙන් මෙහෙමත් මිනිස්සු මිනිස්සු ගහ ගන්නවා කියන්නේ තිරිසන් සත්තු ගැන මොන කතාද? (නදී)

:       0       0

දිනේෂ් Tuesday, 23 September 2014 03:27 AM

ලංකාවේ දේශපාලනය කියන්නේ ඕක තමයි. ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවෙන් තුරන් වෙලා ගොඩක් කල්. මේ වගේ දේවල් තව ඉස්සරහට බලාපොරොත්තු වෙමු. රට ගැන හැගීමක් තියෙන මිනිහෙක් ළඟදීම කරලියට එයි (නදී)

:       0       0

රාජුන් Wednesday, 24 September 2014 12:07 AM

හැම පක්ෂයක කෙනෙක්ම තමන්ගේ නම හෑල්ලු කරගන්නේ මෙන්න මේ වගේ වැඩ නිසා. (නි)

:       0       0

සුනිල් Tuesday, 23 September 2014 03:48 AM

ලංකාවේ අය ඡන්දයක් ඉවර උනහම හැමදාම මෙහෙම දේවල් කරනවා. මොලේ තරම තමයි (නදී)

:       0       0

මධුභාෂිනී Tuesday, 23 September 2014 03:51 AM

හරින මහත්මයාගේ පිටුපස කුඩු උනායි කියන වාහනයේ පින්තුරයක් පලකරන්න. මහජන ප්‍රසාදය දිනාගත් තරුණ හිටපු මන්ත්‍රීතුමාගේ වාහනය පෙන්වන්නකෝ. එතකොට කොමෙන්ට් තව වැඩිවෙයි. (නදී)

:       0       0

ලංකා Wednesday, 24 September 2014 12:22 AM

බන්දුල පෙරේරා , මේ පිටුවට දෙන ප්‍රතිචාර වලින් පෙනෙනවා නේද ආණ්ඩුව පරදින බව? (නි)

:       0       0

රකිත් Tuesday, 23 September 2014 03:56 AM

ඒගොල්ලොත් ඒ කාලේ ගැහුවා ඒ නිසා අපිත් ගැහුවට කමක් නැහැ කියන පිළිවෙත කවදාවත් කෙළෙවර නොවේ. මෙය කොතනින් හෝ නැවතිය යුතුය. කවුරු කලත් වරද වරදය. රටේ නිතිය තරාතිරම නොබලා හරියට ක්‍රියාත්මක කරන බව කියන පරිදිම ක්‍රියාත්මක කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලමි. (නදී)

:       0       0

ගිහාන් Tuesday, 23 September 2014 04:00 AM

යකා කියන තරම් කළු නැහැ කිවා වගේ අපිට දන ගන්නට ලැබුණු ආකාරයට මේ තරම් කෑ ගහන්නට තරම් දෙයක් වෙලා නැහැලු. මේ පුවතේ අවසාන වැකියෙන් ගම්‍ය වන දේ තමයි නියම ඇත්ත. (නදී)

:       0       0

පිටිගල Tuesday, 23 September 2014 04:04 AM

88 89 කාලේ තරුණ ළමයි පන බේරා ගන්න කැලේ පැනලා රැය ගතකලේ වරදක් කරලා නෙවෙයි. උසස් අධ්‍යාපනයක් ලබපු තරුණයෝ ලස්සන තරුණියෝ හිටපු එක දෙමාපියන්ට ශාපයක් වෙලා තිබුනා. ඒවා නිසා තමයි ඒ ගොල්ල දැන් අවුරුදු 20 විතර විපක්ෂයේ ඉන්නේ. වග කිව යුතු වැඩකාරයෝ ඔක්කොම දිට්ඨ ධම්ම වේදනීය කර්මයෙන් යන්නම ගියා. මේ ආණ්ඩුව කොච්චර වැරදි කලත් ඒ ගොල්ලන්ට ඡන්දයක් දෙන්න මට තවමත් හිත හදා ගන්න බැහැ. (නදී)

:       0       0

රිකාස් Tuesday, 23 September 2014 11:01 AM

අයෙත් කියන්නේ , මේ ගෝත්‍රික සමාජයක්. (ස)

:       0       0

නිශාන්ත පෙරේරා Monday, 22 September 2014 01:12 PM

මැර ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඕකට තමයි (නදී)

:       0       0

සැමුවෙල් Wednesday, 24 September 2014 02:31 AM

කවුරුන් කළත් කුමන පරිමාණයෙන් කළත් හිංසාව අනුමත කළ නොහැක. එහෙත් 81 ලාම්පු කලගෙඩි සෙල්ලම, යාපනයේ සංවර්ධන සභා ඡන්දය, 86- 90 භීෂණ කාලය දුටු අයට නම් මේවා නිකම්ම නිකම් සෙල්ලම් පමණි. (නි)

:       0       0

නිශාන් Tuesday, 23 September 2014 04:28 AM

ලස්සන වැඩේ කියන්නේ දැන් මේවා කරන්නේ ජේ. ආර්. ගේ ප්‍රේමදාසගේ කාලේ මේවා වෙනකොට ඒවා නවත්තනවා කියලා බලයට ආපු අය (නදී)

:       0       0

ශාන් Tuesday, 23 September 2014 04:32 AM

මේ වගේ වැඩ කරන්නේ කටු කන බල්ලෝ තමයි (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 22 September 2014 01:26 PM

හරීන්ගේ ජය උහුලගන්න බැරි මුරුගයෝ තමයි ඕව කරන්නේ. හා පුරා කියල බදුල්ලට අාපූ හරීන් මහත්තය 88% ක මනාප ගත්තම, දයාසිරි මහත්තයටත් වැඩි ප්‍රතිශතයක් ගත්තම ලජ්ජා නැතුව නොවෙයිනේ. හරීන් මහත්තයෝ ඔය දඩ බල්ලන්ගේ වැඩ , ප්‍රවේසමෙන් ඉදිරියට යමු. (නදී)

:       0       0

චාමර අනුර සම්පත් කුමසාරු Monday, 22 September 2014 01:26 PM

අැයි ප්‍රජාතන්ත්‍රවාදී රටක නිදහස් මැතිවරණයකින් පසුව පාරෙවත් ගමන් කරන්න බැරිද? නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී යන අරුතේ තේරුම මේක ද? (නදී)

:       0       0

දම්මික Wednesday, 24 September 2014 03:13 AM

කවුරු බලයට ආවත් මේවා නවතින්නේ නැහැ.ඉවසමු හරින් මහත්තයෝ රටේ සදාචාරය කෝ?මමත් අදින් පස්සේ එක්සත් ජාතික පක්ෂයට. හරීන් මම ඔබ සමගයි (දී)

:       0       0

ජයන්ත Wednesday, 24 September 2014 03:11 AM

වැරදි කාරයෝ පෙනී පෙනීත් වගකියයුත්තන්ට කොන්ද පන නැත්තේ ඇයි මේ අයට දඩුවම් දෙන්න මේකද මහා ලොකුවට දොඩවන ප්‍රජාතන්ත්‍ර වාදය මේකද (දී)

:       0       0

චරක Tuesday, 23 September 2014 04:49 AM

ඇමති තුමා කැඩිච්ච සපත්තු දාගෙන හිටියට, ගහන කට්ටිය නම් හොඳ සපත්තු දාගෙන.(නදී)

:       0       0

දිමුතු Monday, 22 September 2014 01:38 PM

ඕවා කරන්නේ නැහැදිච්චි වනචරයෝ, ඊළඟ මැතිවරණයේදීම ඉගෙන ගනීවි. (නදී)

:       0       0

හර්ෂ රත්නායක Tuesday, 23 September 2014 04:50 AM

රාජ්, හැමදාම අතීතයේ දේවල් වර්තමානයට ගේන්න එපා. ඉස්සර එහෙම උනා කියා අද එහෙම වෙන්නේ නැහැ. අපිට වැදගත් අද වෙන දේවල් සහ හෙට වෙන්න තියෙන දේවලා. ඒවා හරි මගට ගන්නයි අපිට ඕනේ (නදී)

:       0       0

රෝසා Monday, 22 September 2014 01:44 PM

පොලිස් මුරපොල අසලදී ....කව්ද මේ ප්‍රහාරය එල්ල කලේ....? (නදී)

:       0       0

සම්පත් Tuesday, 23 September 2014 05:02 AM

ගෙම්බෙක්ට පිම්බෙන්න පුළුවන් ප්‍රමාණයක් තියනවා. කටවුට් හා කාර්යාල කඩා පිළිස්සූවට මේගොල්ලෝ මොකටද නීතිය අතට අරන් එතනට ගියේ. පොලිසියට කියන්නනේ තිබුනේ. හරින්ට කවදාවත් බැහැ දයාසිරි වෙන්න. දයාසිරි කියන්නේ ඡන්ද ලක්ෂ තුනහමාරකට වැඩිය ගත්ත ජනප්‍රිය චරිතයක්. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 22 September 2014 01:45 PM

සුද්දට වැද වැටිලා හෝ මානව හිමිකම් කාර්යාලයක් ලංකාවේ ඉස්තාපිත කර ගත්තේ නැතිනම් අනාගතයේ මිට වඩා දරුණු විපාක වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා. විපක්ෂයේ අයව එක එකාව හොදින් හෝ නරකින් බිලිබා ගන්නවා. විපක්ෂය අතුගාලම දාන්නයි ඔය හදන්නේ. (නදී)

:       0       0

මාලි Monday, 22 September 2014 01:49 PM

මෝඩ කමත් එක්ක ඊරිසියාවට කරපු දෙයක් (නදී)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Tuesday, 23 September 2014 05:05 AM

දියුණු රටවල් වල ඡන්ද කටයුතු කරන හැටි මේ මෝඩයන්ට පෙන්නලා දෙන්න ක්‍රමයක් නැතිවීම ගැන මම කණගාටු වෙනවා. (නදී)

:       0       0

තමරා Monday, 22 September 2014 01:50 PM

පරාජයෙන් වියරු වැටිලා අපි ඉදිරියට යමු. කලබල වෙන්න එපා තව ජනාදිපතිවරණය ඉදිරියට තියෙන්නේ. (නදී)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Tuesday, 23 September 2014 05:04 AM

ශාන් කටු නොකන බල්ලෝ කොහෙද ඉන්නේ ? (නදී)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 23 September 2014 05:08 AM

මම නම් ඔය එක්කෙනෙක්ගේ වත් පැත්තකට නෑ එ්ත් මේ කරලා තියෙන්නේ කොන්ද පන නැති වැඩක්. මේ වගේ අය ඉන්නකම් ලංකාවේ සාමකාමී දේශපාලනයක් නැහැ (නදී)

:       0       0

සංජීව සුදර්ශණ Tuesday, 23 September 2014 05:12 AM

පිටගල වගේ අය ඉන්න නිසා තව රට කන්න පුළුවන්. ඔහොම යන් රට චීනට ගියාම උඹලාටත් ඉන්න වෙන්නේ කැලේ (නදී)

:       0       0

සුනෙත් Monday, 22 September 2014 01:58 PM

මෙහෙමත් මෝඩ රැලක්. මට පොඩි සැකේකුත් ඇතිවෙනවා. (නදී)

:       0       0

රූපවතී Tuesday, 23 September 2014 05:13 AM

පාටින් පක්ෂයෙන් කොහෙත්ම වැඩක් නැහැ. මේවා දකිනකොට මට හැඟුනේ ලංකාවේ ඉන්නේ ඔක්කම තිරිසන් වෙස්ගත්තවුන් වගයි. ඇමරිකාවෙන්වත් ඇවිත් මානව හිමිකම් කවුනසල් රටේ හැමතැනම ස්ථාපිත කරත්වා (නදී)

:       0       0

සේනාදීර Monday, 22 September 2014 02:02 PM

පාඩු උනත් ජනප්‍රිය වෙන්න මේවා තමා ඕනේ.. ඇත්ත නැත්ත මොකද හැබෑට (නදී)

:       0       0

රුමේෂ් Tuesday, 23 September 2014 05:13 AM

ජනාධිපති තුමනි මේවා නම් මහා ජරා වැඩ (නදී)

:       0       0

අජිත් Monday, 22 September 2014 02:00 PM

වැඩේ කියන්නේ හරින් මහතාගේ වාහනේ පිටිපස්සට නේ ගහල තියෙන්නේ. (නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 23 September 2014 05:14 AM

අපේ පොලිසියට හොඳම අවස්ථාවක් නීතිය ක්‍රියාත්මක කරන්න. පින්තුර වලින් පෙනෙනවා මේ කවුද කියලා. රටේ නායකයෝ පුන පුනා කියනවා නීතිය හැමෝටම එකයි කියලා. බලමු කොහොමද නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. (නදී)

:       0       0

ගයාන් Tuesday, 23 September 2014 05:16 AM

කටු කන බල්ලෝ කාගන්නවා. පස්සේ හාම්පුතලා ජොලියේ පාටි දානවා. හැබැයි ඉතින් ආණ්ඩුව පෙරලුනොත් මේ කටුකන බල්ලන්ට නම් පනින්න රටක් හොයා ගන්න වෙනවා (නදී)

:       0       0

ජගත් වෙත්තසිංහ Monday, 22 September 2014 02:10 PM

බත් පැකට් එකට කහින දඩ බල්ලන්ගේ වැඩ. (නදී)

:       0       0

රොහාන් Monday, 22 September 2014 02:06 PM

එකට කන බොන අයත් හිටිගමන් පොඩි කචල් ද දාගන්නවා.. කල බල වෙන්න එපා.. (නදී)

:       0       0

බුද්දික Monday, 22 September 2014 02:10 PM

අපොයි ලංකාවට ගිය කලක්. මේ දේවල් වලට සම්පුර්ණ වග කියන්න ඕනි රජය. මී ලඟ ඡන්දෙදි මේ අයව අතුගලම දාන්න වග බලාගන්න ඕනා. නැත්නම් පාරේ බැහැලා යන්න බැරි වෙයි (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 23 September 2014 05:24 AM

එජාපය බස්නාහිර මැතිවරණය තිබු මාස කිහිපයට වඩා ඌවේ මැතිවරණ කාලේ එනවිට විශාල පිබිදීමක් තියන විත්තිය ඇත්ත. මේ කරන පහරදීම් ඇතැම් කෙනෙකුට නරකයි වගේ පෙනෙන්න පුළුවන්. නමුත් අපේ ජනාදිපතිතුමා කෙසේ හෝ බලයේ රැක ගැනීම අද අපගේ ජාතික වගකීමක්. මෙයට හැකි සියලුම බලය අපි යොදා ගත යුතුයි (නදී)

:       0       0

බට්ටා Wednesday, 24 September 2014 04:09 AM

මොකටද මේ තවත් වාහන පෙළපාලි යන්නේ දැන් ඡන්දෙන් පැරදුනා නම් වැඩක් බලාගන්නේ නැතුව. මට පේන්නේ ඉල්ලන් කාලා වගේ (දී)

:       0       0

සේන Tuesday, 23 September 2014 05:24 AM

මේවට යන අයට හොඳ පාඩම් (නදී)

:       0       0

රොහාන් Tuesday, 23 September 2014 05:25 AM

මෙතන තියෙන්නේ තනිකර තකතීරු මෝඩයන්ගේ වැඩක්. මේවා ආණ්ඩුවට ඡන්දෙ දෙන කව්රුවත් අනුමත කරන්නේ නැහැ. මේවා ආණ්ඩුවේ වැඩ නෙමේ මෝඩයන්ගේ තකතීරු වැඩ. (නදී)

:       0       0

වසන්ති Tuesday, 23 September 2014 11:46 AM

රතු ටී සර්ට් එක ඇදන් ඉන්න හාදයා ඇතුළු මැරයින් අත් අඩංගුවට ගත හැකියි නේද? ඔහුගේ අතේ ලොකු පොල්ලකුත් තියෙනවා. වනචාරි මිනිස්සු. අන්තිම කැතයි. මේක මෙහෙයවපු කෙනා කව්ද දන්නේ නැහැ (නදී)

:       0       0

වසන්ති Monday, 22 September 2014 02:22 PM

මේ තමයි රතු එලිය. දැන් කාල ඉන්න බැහැ එක්සත් ජාතික පක්ෂයට ජය වේවා (නදී)

:       0       0

වසන්ත Tuesday, 23 September 2014 11:46 AM

අන්තිම කැතයි මේ වැඩේ නම් (නි)

:       0       0

ඇසල Tuesday, 23 September 2014 05:33 AM

සම්පත් ඔබ හරි ගෙම්බෝ පනිති (නදී)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Tuesday, 23 September 2014 05:35 AM

නන්දන පනාගොඩ මිලානෝ. මොකද මිලානෝ වලින් එලවන්න හදනවද ජිනීවා වලට බැගෑපත් වෙන්නේ. ලංකාවේ ප්‍රශ්ණ වලට නම් ජිනීවා වලට බැගෑපත් වෙලා වැඩක් නැත (නදී)

:       0       0

දර්ශණ සමරකෝන් Monday, 22 September 2014 02:28 PM

මහ බලු වැඩක් කරලා තියෙන්නේ.මේ වෙන දේවල් ජනතාවට පේන්නේ නැහැනේ. මේවා දැක දැක ඡන්දෙ දෙන මී හරක් ඉන්නවනේ. (නදී)

:       0       0

හේමන්ත Tuesday, 23 September 2014 12:01 PM

දැන් ඉන්න බහුතරයක් දෙනා දේශපාලනයක් දන්නා, මනුෂ්‍යත්වයට ගරුකරන, රටේ යහපත පතන අය නොවෙයි. සාධාරන විදිහට යමක් උපයාගෙන ජීවත්වෙන මිනිස්සු තමන් කැමති පක්ෂයකට ඡන්දය දීලා ඉන්නවා මිසක මෙහෙම වැඩ කරන්නේ නැහැ. (නි)

:       0       0

රසිත Monday, 22 September 2014 02:35 PM

ලංකාව කියන්නේ මිනී මරන මංකොල්ල කන වනචාරින්ගේ රටක් කියල කියන්නේ නිකම් නෙවේ කියල මෙයාල ඔප්පු කරලා පෙන්නන්න හදන්නේ. අනේ අපේ රටට ගිය කල (නදී)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Tuesday, 23 September 2014 05:43 AM

ටිකිරි බණ්ඩා මාව පොඩ්ඩක් දැනුවත් කරනවද ප්‍රභාකරන්ට තිබුන ප්‍රතිපත්තිය ගැන. ඔයාට මම කිව්වා කියල හිතා ගන්න (නදී)

:       0       0

දයාන් Monday, 22 September 2014 02:32 PM

කෝ අර ආණ්ඩුවේ කුණු හෝදන " බන්දුල" නැද්ද මේවට කොමන්ට් කරන්නේ ? (නදී)

:       0       0

හේරත් රණවීර Tuesday, 23 September 2014 05:46 AM

ඇස් පනාපිට සිදුවන මේ දේවල්වලට නීතියක් කියා දෙයක් නැද්ද? (නදී)

:       0       0

සුගත් Wednesday, 24 September 2014 04:23 AM

ඕක තමඊ ආණ්ඩුවේ මැර දේශපාලනේ. ජාත්‍යන්තර කුමන්ත්‍රණ, බොරු මානව හිමිකම් සංවිධාන කියා කියා බැන්නට සුද්දගේ මානව හිමිකම් සංවිදානය නැත්නම් අපිව මස් කරලා. මේවා කරපු අයට දිට්ට ධම්ම වේදනීය කර්මය පලදෙවී ඉක්මනටම. (ස)

:       0       0

රෝහණ Monday, 22 September 2014 02:39 PM

බන්දුලටත් ඇතිනේ මොනවා හරි මේකට කියන්න. (නදී)

:       0       0

තිලින Tuesday, 23 September 2014 12:11 PM

මුන් දෙගොල්ලොම එකයි. මරාගන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඔය දෙගොල්ලොම ගජ මිතුරන් කියන එක. (නදී)

:       0       0

රොෂාන් Wednesday, 24 September 2014 04:26 AM

මේ සක්කිලි දේශපාලනය කවදාද ඉවර වෙන්නේ? (ස)

:       0       0

ජගත් Monday, 22 September 2014 02:41 PM

මොකටද මේ තවත් වාහන පෙළපාලි යන්නේ දැන් ඡන්දෙන් පැරදුනා නම් වැඩක් බලාගන්නේ නැතුව. මට පේන්නේ චන්ඩි වෙන්න ගිහින් ඉල්ලන් කාලා වගේ. (නදී)

:       0       0

බමුණු Tuesday, 23 September 2014 12:12 PM

"මතට තිත තිබ්බොත් මෙවන් දෑ යම් පමණකට හෝ පාලනය කල හැක." එතකොට ඒගොල්ලන්ගේ අදායම (නදී)

:       0       0

කසුන් Tuesday, 23 September 2014 06:03 AM

දිනුවට පස්සේ හෝ පැරදුනාට පස්සේ පෙළපාලි යන්න තහනම් බව මේ මන්ත්‍රීතුමා දන්නේ නැද්ද? මිනිසුනේ, දැන්වත් ඔය දේශපාලකයින් පස්සේ යන එක නවත්වන්න. (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 23 September 2014 06:06 AM

සාක්ෂි ඉහත ඡායාරූප වලම තිබෙනවා. රට ජාතිය විනාශ කරන මේ මැරයන්ව වහාම අත්අඩංගුවට ගන්න. (නි)

:       0       0

ජනිස් Monday, 22 September 2014 02:48 PM

මෙයට අපි විමර්ශනයක් කරනවා කියල පොලිස්කට්ටිය කියාවි . (අ)

:       0       0

චානක. Tuesday, 23 September 2014 06:07 AM

ඉතාමත් අභාග්‍යසම්පන්න රටක් මේක (නි)

:       0       0

හේමන්ත Tuesday, 23 September 2014 12:18 PM

ටිකිරි බණ්ඩාරගේ වාසගම වේලුපිල්ලේද ? (නදී)

:       0       0

ප්‍රසාද් Monday, 22 September 2014 02:52 PM

මේවා දැක දැක ඡන්දෙ දෙන මී හරක් ඉන්නවනේ. (අ)

:       0       0

නිශාන්ත Tuesday, 23 September 2014 12:18 PM

මේක තමා ලංකාවේ තන්වය. රට පාලනය කරන්නෙත්, ඡන්දෙ දෙන්නෙත් නුගත් හැදියාවක් නැති මිනිස්සු. රට එන්න එන්න අගාදයට යනවා. වෙන රටක ඡන්ද වලට මිනිස්සු ගහගන්නේ නැහැ. (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 22 September 2014 02:55 PM

හරින්ගේ ඡන්ද අනුව ආණ්ඩු පක්ෂය බයවෙලා ඉන්නේ.ඉතින් මේවගේ දේවල් කරනවා.ලංකාවේ මිනිස්සුන්ට බුද්ධිය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා .ලංකාවේ සාක්ෂර තාවය 96% කියනවා,නමුත් මේවගේ වැඩ වලින් පෙන්නේ නුගතුන් වැඩි බවයි.(අ)

:       0       0

ඉසුරන්දි Tuesday, 23 September 2014 06:22 AM

දැන් ඉතින් ඔය කටවුට් බැනර් ප්‍රදර්ශනය කරගෙන යන්න උවමනා නැහැ. ඡන්දෙ ඉවරනේ. මොකද ඕවා දකිද්දී අලි කොටි වලස්සුත් ඇවිස්සෙනවා ඉබේටම.අනික මේ මැර ප්‍රහාරය එකහෙළාම හෙළා දකිනවා.මෙහෙම ඇන කොටා ගන්නේ මොනවා බෙදාගන්න බැරුවද කියලා නම් මට තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

රොහාන් Monday, 22 September 2014 02:56 PM

ඡන්දෙට කලිනුත් මේ වගේ මැර ප්‍රහාර තිබුන බව මුළු ලෝකෙම දන්නවා. හැබැයි ඉතින් එහෙම නොවුනානම් හරින් දිනන්නේ 98% ප්‍රතිශතයක් එක්ක.(අ)

:       0       0

දේවා Wednesday, 24 September 2014 04:46 AM

සැලසුම් සහගත ප්‍රහාරයක් (දී)

:       0       0

කුමාර Tuesday, 23 September 2014 12:41 PM

ඡන්දෙ ඉවර උන ගමන් නිව්ස් වල. මැතිවරණ නිරීක්ෂකයෝ, පැපරල්, කැෆේ, හැමෝම කීවේ ප්‍රතිශතය 55%-60% අතර කියලා. දැන් ඡන්දෙ ගැනල ඉවර උනහම කොහොමද 75% විතර උනේ. හැමදාම මේක වෙනවා. ඔය කව්රුවත් මේක ගැන හොයන්නේ නැහැනේ (නදී)

:       0       0

ජොනතන් Tuesday, 23 September 2014 06:28 AM

අහුවෙන්න එපා ඕවට හරීන් මහත්තයා. (නි)

:       0       0

ගුණරත්න Wednesday, 24 September 2014 04:48 AM

මේකද ප්‍රජාතන්ත්‍රවාදය (දී)

:       0       0

සෙනරත් Tuesday, 23 September 2014 06:29 AM

මානව හිමිකම් කාර්යාල දැම්මා කියලා ඡන්ද කාලෙට මිනිස්සු කරන ප්‍රචණ්ඩ වැඩ අඩුකරන්න බැහැ. 1977 ඡන්දෙන් පසු තමයි ප්‍රචණ්ඩ ක්‍රියා උපරිම වුණේ. එයට සාපේක්ෂව පසුගිය මැතිවරණ වලින් පසු ප්‍රචණ්ඩ ක්‍රියා අඩුවෙලා තිබුනා. මිනිස්සු හිතන්න ඕනෑ මිනිස්සු විදියට ජීවත්වෙන්න. නැත්නම් පැරදුනාම එයාලටත් මේ ටිකම තමයි. (නි)

:       0       0

ආශා Monday, 22 September 2014 03:06 PM

කාගේ පක්ෂේ වුණත් කව්රු දිනුවත් කව්රු පැරදුනත් අපි හැමෝම මිනිස්සුනේ එහෙම කරන එකනම් හරිම වැරදියි. (අ)

:       0       0

k පෙරේරා Monday, 22 September 2014 03:09 PM

ඌව ඡන්දය යන්තමින් දින්නේ මේවගේ මැරකම් කරලා තමා (අ)

:       0       0

වසන්ත Tuesday, 23 September 2014 06:30 AM

පොලිසිය අපරාධකාරයින්ව අත් අඩංගුවට ගනීද? මේවා ජාත්‍යන්තරය දැනගන්න එකත් හොඳයි. රටේ නීතිය අන්තිමටම පිරිහිලා. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 24 September 2014 04:48 AM

කවුද මේවාට වග කියන්නේ (දී)

:       0       0

උපුල් Tuesday, 23 September 2014 06:31 AM

තරයේ හෙළා දකිනවා. (නි)

:       0       0

විමුක්ති Monday, 22 September 2014 03:15 PM

ඔය පිටින් ගෙන්නපු මැරයෝ තමා . (අ)

:       0       0

ලංකා Tuesday, 23 September 2014 01:08 PM

සමන්ත, එහෙම වැටෙන්නේ ප්‍රතිචාර යාවත්කාල කරන අයගේ කෙටි නම් (නදී)

:       0       0

ප්‍රභාත් කුලතුංග Tuesday, 23 September 2014 01:14 PM

කටු කන බල්ලන්ට මේවා සුළු දේවල්. උන්ගේ බඩ පිරෙන්නේ කාගේ හරි මස්කටු ලෙව කෑවහම (නදී)

:       0       0

උපුල් Tuesday, 23 September 2014 06:36 AM

තමන්ම ගහගත්තාද දන්නෙ නැහැ (නි)

:       0       0

හ.ස දීන් Monday, 22 September 2014 03:16 PM

මේවා කරන උදවිය දැනගන්න ඕනේ කවද අරි පොලිත් එක්ක කන්න වෙනබව ! ළඟදීම ! (අ)

:       0       0

සුදේශ් විජේනායක Monday, 22 September 2014 03:25 PM

ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා කරගනිමු (නදී)

:       0       0

රාජ් Monday, 22 September 2014 03:32 PM

ජේ ආර් නම් කිව්වේ ..අපේ රටේ නඩු කාරයන්ටත් ගල් ගහන්න නිදහස තියනවා කියල...තාම පොලිසියට නිවාඩු දුන්නේ නැහැ නේද? අනික ලංකාවට ඔය සංස්කෘතිය පුරුදු කලේ හරීන් ගේ පක්ෂයම තමයි (නදී)

:       0       0

කුමාර Tuesday, 23 September 2014 06:45 AM

දිනුවා නම් පාඩුවේ ඉන්න බැරිද මන්දා? (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 22 September 2014 03:32 PM

අනේ මන්ද .. කඩු පොලු අරන් කාටවත් තුවාල නොවෙන්න ගහපු එකනේ පුදුමේ..ඔහොම ඉතින් කොච්චර ගැහුවත් මොකද..? (නදී)

:       0       0

ශාෆික් Tuesday, 23 September 2014 06:46 AM

පාදඩ දේශපාලනය කවදා ලංකාවෙන් තුරන් වේදෝ මන්දා (නි)

:       0       0

සමන්ත Tuesday, 23 September 2014 06:48 AM

පොලිසියේ මහත්තුරු මොකුත් දැකලා නැහැ (දී)

:       0       0

ඩයල්-ලංඩන් Monday, 22 September 2014 03:35 PM

මම දැකලා තියෙන විදිහට අප්‍රිකා, බංගලිදේශය, පකිස්තානය ඡන්දත් ඔය විදියමයි. (නදී)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 22 September 2014 03:36 PM

ඉතාමත් කණගාටුදායක තත්වයක් මෙතන සිදුවෙලා තියෙන්නේ. මෙය සැලසුම් කරලා කරපු සිදුවීමක්. මේ වට ආණ්ඩුව සම්බන්ද නැහැ (නදී)

:       0       0

තුසිත එරංග Tuesday, 23 September 2014 06:49 AM

දැන් රටේ නිතිය කෝ (දී)

:       0       0

ලාල් Monday, 22 September 2014 03:46 PM

මේ පාදඞ දේශපාලු ක්‍රමය වෙනස් කලයුතු නොවේද....? (නදී)

:       0       0

සරත් Monday, 22 September 2014 03:44 PM

යුද්දේ දින්නනේ. කාට ගහපුවාම මොකද. වරදට දඬුවම් දෙන නිසි නායකයෙක් ඉන්න කල් ලංකාව යන්නේ ගල් යුගයට (නදී)

:       0       0

චාමික Monday, 22 September 2014 03:54 PM

බන්දුල ඔයාටත් එහෙම ගහන්න පුළුවන් කට්ටිය ඇති. ඔයා ඔය තරම් කැමති නම් ඉල්ලීමක් කරන්න. (නදී)

:       0       0

සෙනරත් Tuesday, 23 September 2014 07:00 AM

මේක තමයි දිනු අය පැරදුණු අයට ගැසීමේ සංස් කෘතිය 1977 දී මම දැක්ක ගහපු ගැහිල්ල .(දිල්)

:       0       0

චාමික Monday, 22 September 2014 03:50 PM

බන්දුල ඔයාටත් එහෙම ගහන්න පුළුවන් කට්ටිය ඇති. ඔයා ඔය තරම් කැමති නම් ඉල්ලමක් කරන්න. (නදී)

:       0       0

ලියනගේ Monday, 22 September 2014 03:52 PM

මට හිතෙන්නේ හරින් තමා එකසත් ජාතික පක්ෂේ ජනාධිපති වරණය ට සුදුසුම කෙනා. (නදී)

:       0       0

මල්ලි Tuesday, 23 September 2014 07:01 AM

තනිවම ගහගත්තද දන්නෙ නෑ (දී)

:       0       0

ප්‍රේමසිරි විජේසිංහ Monday, 22 September 2014 04:06 PM

මේක කළේ නැති නම් තමයි පුදුම වෙන්න ඕනේ (නදී)

:       0       0

සෙනරත් Tuesday, 23 September 2014 07:02 AM

හරින් පෙළපාලි ගිය එක වැරදියි කියමුකෝ ගහපු එක හරිද එතකොට පොලිසියේ වැඩේ කරලා තියෙන්නේ මැරවරයෝ , මොකද පොලිසිය බලය විමධ්‍ය ගත කරලද (දී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 September 2014 04:09 PM

මේවා දැක දැක ඡන්දෙ දෙන මී හරක් ඉන්නවනේ. (නදී)

:       0       0

මල්ලි Tuesday, 23 September 2014 07:02 AM

පොලිසිය උඩබලන් හිටියද (දී)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 25 September 2014 04:24 AM

මේ රටේ විරුද්ධ පක්ෂ වලට දේශපාලනය කිරීමේ අයිතියක් නැද්ද?? (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 22 September 2014 04:13 PM

ලෝකයේ මානව හිමිකම් උල්ලංගනය කරන රටවල් වන චීනය,ලිබියාව, ,මියන්මාරය, ස්වාසිලන්තය, කෙන්යාව, සුඩානය සමග මිත්‍ර වෙලා ඉන්නේ ඕකට තමයි. ශිෂඨ සම්පන්න කියන එකම රටක් වත් ලංකාව සමග නැත්තේ ඕක තමයි. (නදී)

:       0       0

ග්‍රේඩ් Tuesday, 23 September 2014 07:03 AM

මෙතන වීඩියෝ එක බලනකොට මටනම් පේන්නේ මැතිවරණ නීති අනුව පෙළපාලි තහනම් කරලා තියෙද්දිත් ඒ ජ ප අය කෑ ගහගන කුණුහරප කියාගන පෙළපාලියේ සන්ධානේ අය ඉන්න තැනට ගිහින් අන්තිමට ඉල්ලගන කාල වගේ.(දී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 22 September 2014 04:14 PM

මිනීමරු ප්‍රබාකරන්ට වුනත් ප්‍රතිපත්තියක් කියල දෙයක් යන්තම් හෝ තිබුනා. මෙයාලට කිසිම ප්‍රතිපත්තියක් නැහැ කියල මොනවට පැහැදිලි කරනවද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 332 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 169 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 398 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1376 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 367 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 166 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site