(නිමන්ති රණසිංහ)
කොල්ලුපිටිය පොලීසියේ රථගාලේ නවතා තිබූ නඩු භාණ්ඩයක් වන ත්‍රිරෝද රථයක් පැහැරගෙන ගිය බව කියන හිටපු ගුවන් හමුදා සාමාජිකයකු ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි හතලිස් පස් හැවිරිදි බණකියනගේ කීර්ති කුමාර නැමැති හිටපු ගුවන් හමුදා සාමාජිකයෙකි.
පොලිස් රථගාලේ නවතා තිබූ මෙම ත්‍රීරෝද රථයේ හිමිකරු වන්නේ ද මෙම සැකකරු බවත්, සැකකරු ඉකුත් 08 වැනිදා කොල්ලුපිටිය ප්‍රදේශයේ දී පුද්ගලයකු සමග ආරවුලක් ඇති කරගෙන ඇති අතර පොලීසිය එම ස්ථානයට පැමිණීමේදී සැකකාර ගුවන් හමුදා සාමාජිකයා ත්‍රිරෝද රථය හැරදමා පලාගොස් ඇති බවත් කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
පසුව හිමිකරුවකු නොමැති ත්‍රිරෝද රථයක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ත්‍රිරෝද රථය නඩු භාණ්ඩයක් වශයෙන් නම්කර පොලිස් රථගාලේ නවතා තිබියදී සැකකරු පැමිණ ඉකුත් 09 වැනිදා මෙම ත්‍රිරෝද රථය පැහැරගෙන ගොස් ඇති බව ද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් කළ විමසා බැලීමේදී සැකකරු එම ත්‍රීරෝද රථය වැලිවේරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට නතර කර තිබියදී අත්අඩංගුවට ගත් අතර, පොලීසිය භාරයේ තිබූ ත්‍රිරෝද රථයේ යතුර සැකකරු ලබා ගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත් වන බවද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොලීස් රථගාලෙන් රෝද තුනක් පැන්නූ හිටපු ගුවන් භටයා රිමාන්ඩ්
Pradeep Kumara Thursday, 11 May 2023 09:04 PM
නම බණකියනගේ උනාට බණ පිළිපදින කෙනෙක් නම් නෙමෙයි වගේ
Bunny Preena Friday, 12 May 2023 12:19 PM
මොහු ලංකාවේ බොහෝ දෙනෙක් වගේ ‘‘බණ‘‘ අහන කෙනෙක් විතරයි... පිළිපදින්නේ නැහැ.