IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


පොලිස් සැරයන් ඒ.එස්.පීට තගක් දාලා

(ඉන්දිකා රාමනායක)

නිලාවේලි පොලිසියේ පැවැත්වු මාසික පරීක්ෂණයේ දී සපත්තු ජෝඩුව සහ බඳ පටිය නිසි ලෙස ඔප නොකළේ මන්දැයි කළ කරුණු විමසීමේ දී පොලිස් සැරයන්වරයකු සහකාර පොලිස් අධිකාරි වරයාට පිරිස ඉදිරියේ උස් හඩින් කතා කර ඇතැයි  පොලිස් ආරංචි මාර්ග පවසයි.

“අපේ මේ අඩුපාඩු ඔච්චර කියන්න දෙයක් ද, මේවා ප්‍රශ්න ද මීට වඩා ප්‍රශ්න අපට තියනවා , අපි ට තියන ප්‍රශ්න දන්නේ අපි විතරයි, ඕන දෙයක් කරන්න, ඕනේ නම් මගේ වැඩ සහනම් කරයි, ඒත් මම බය නැහැ යැයි” මෙම මාසික පරීක්ෂණයේ දී සහකාර පොලිස් අධිකාරිවරයාට පවසා ඇත.

රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පොලිස් නිලධාරීන් වෙනුවෙන් වෙනම පේලියක් තිබෙන අතර මෙම පොලිස් සැරයන්වරයා වෛද්‍ය නිර්දේශයකින් තොරව සහ උසස් පොලිස් නිලධාරීන්ගෙන් නිසි අවසරයකින් තොරව එම පේලියේ සිට මෙම ක්‍රියාව සිදුකර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සැරයන්වරයාගේ මෙම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් මූලික විමර්ශනයක් පවත්වා ඊයේ (17) දින සිට ඔහු වැඩතහනමට ලක්කර ඇති බවද එම උසස් නිලධාරියා කියා සිටියේය.

 



අදහස් (10)

පොලිස් සැරයන් ඒ.එස්.පීට තගක් දාලා

Vira Friday, 19 May 2023 07:56 AM

ඔය මනුස්සයාව හිරේ දාන්න ඕනේ .කොච්චර වරදක්ද කරලා තියෙන්නේ .අනික පගාවක් ගහලා කුඩු කාරයන්ට හොරුන්ට උදවු කලානම් කමක් නෑ .මේක ඇත්තම කියලානේ

:       2       18

කසුන් Friday, 19 May 2023 08:18 AM

විනය තකා නිසි පියවර ගන්නා අපේ උඩින් ඔපේ යටින් හපේ පොලිසිය. ආදරෙයි පළන්න තරම්. ඒ සැරයන්ට මල් මිටක් මෙන්න.

:       3       19

Anura Friday, 19 May 2023 08:24 AM

හොඳ පුහුණුවක් පරිපූර්ණ භාවයක් වනු ඇත. එය ඉහළ සිටම පැමැනේ . අද ඒක පොලිස් දෙපාර්තමේන්තුවේ දකින්න බැහැ.

:       0       6

Senarath Friday, 19 May 2023 08:55 AM

පහත් තැනින් ගලා බසී ජලේ තමා. S S P ල ගන්ජ වවනව විතරක් නෙමේ, ගන්ජ සිවිලිම් වල තියාගෙන විකුනනව. ඩෙශපලකයන්ට ක‌ඩේ යනව. මෙවට කිසිම විනය පරීක්ෂනයක් නැහැ.

:       1       16

kanthi kusumalatha Friday, 19 May 2023 09:42 AM

අදාල සැරයන් වරයාගේ ක්‍රියාකලාපය හරියටම හරි යයි ම නොකියමි . නමුත් බොහොමයක් පොලිසිවල සිදුකෙරෙන මෙවැනි පරික්ෂණ විහිළු වලින් පිරී ඇතිබව ප්‍රකට කරුණකි. එනම් අදාළ පරීක්ෂණය නිමවනතෙක් අවට ගෙවල් වලින් මල් පෝච්චි උස්සගෙන ඇවිත් පොලෝසි අලොකාර කිරීම . නගරයේ වෙළඳුන් ගෙන් මුදල් එකතුකර ආහාර හා අනෙකුත් දෑ සපයා ගැනීම . අදාල පරීක්ෂණයට පෙර දින පොලිසියේ වාහන සියල්ල සෝදා පිරිසිදුකර එන්ජිමට oil spray කර ඉහල නිලධාරියා රැවටීම හා තවත් බොහෝ උදාහරණ දියහැකිය . මෙම විහිළු නවතා මහජනතාවගේ නිසි ගෞරවය පොලිසිය වෙත ලබාගැනීමට වගකිවයුත්තන් ක්‍රියාකිරීම ඉතේ වැදගත්ය .

:       0       26

dayananda Friday, 19 May 2023 10:07 AM

විනය විරෝදී ක්‍රියාවකට වැඩ තහනම් කිරීම අවශ්‍ය නම් පළමුවෙන්ම වැඩ තහනම් කලයුත්තේ දේශබන්දු තෙන්නකෝන්... මේ පොඩ්ඩන්ට විතරයි නීතිය.. පළමුවෙන්ම ඒ සාජන්ගේ ප්‍රශ්න මොනවද මානසික මට්ටම කොහොමද කියලා බලන්න අවශ්‍යයි..තරු ඔටුනු ඉදිරියේ මිනිසුන් නිවට නියාලු විදියට අබරුණු යුගය දැන් අවසන් වෙමින් අභියෝග කරන යුගය පැමිණ ඇතිබව හැමෝම වටහාගතයුතුය

:       1       18

Visnu Friday, 19 May 2023 10:50 AM

දැන් අපට යම් ප්‍රගතියක් අපේක්ෂා කළ හැකිය. ඒ පොලිස් කොමිසමේ නව සභාපතිවරයා පත්කිරීම නිසා. අපරාධ තුරන් කිරීම සඳහා අධිකරණය සමඟ සම්බන්ධීකරණය කරන නිලයන් කවුදැයි ඔහු දනී. තවත් සහකාර පොලිස් අධිකාරීවරුන් සෘජුවම බඳවා ගැනීම දෙපාර්තමේන්තුවේ ඇති ලොකුම ගැටලුවයි. සීමාවක් නැත. OICC සහ HQII ඔවුන්ගේ මීළඟ උසස්වීම සඳහා පෙළඹවීමක් නැත. මේකට අනුබල දෙන හිටපු වැරදිකාරයා. පළපුරුදු නිලධාරියා දන්නවා නිලධාරීන් පරීක්ෂා කරන්නේ කොහොමද කියලා. පළමුව සෑම පහසුකමක්ම ලබා දී පසුව පරීක්ෂා කරන්න. දැන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පරීක්‍ෂණවලදී පොලිස් ස්ථානයේ අවශ්‍යතා සටහන් කරන්නේ නැහැ. ඊට හේතුව ඔවුන් වාර්තා කරන්නේ කෙසේද සහ ගත යුතු ක්‍රියාමාර්ග ගැන නොදන්නාකමයි. පොලිස් බැරැක්කවල සහ ස්ථාන වල තත්ත්වය බලන්න. ඔවුන් ප්‍රදේශයේ අපරාධ ප්‍රවණතා ඇගයීමට ලක් කර මිනිසුන්ට මඟ පෙන්වයි. නමුත් සමාජය නොදන්නා ඒවා දුම්රිය ස්ථානවල සටහන් නොකර අපරාධ මර්දනය කිරීමට ඔවුන් අනුබල දෙනවා. මේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිමින්ව නිසි ලෙස අධීක්ෂණය කරනවාද?

:       2       5

WasanthaFriday, 19 May 2023 01:48 PM

සහකාර පොලිස් අධිකාරි කියන්නේ විධායක ශ්‍රේණියේ තනතුරක්. එය පරිපාලන සේවයේ 3 වැනි ශ්‍රේණිය, සහකාර රේගු අධිකාරි, විද්‍යාත්මක සේවය, රජයේ ගණකාධිකාරී සේවය වැනි සේවාවලට සමාන වන්නක්. ඍජුව සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස බඳවා ගන්නේ උපාධිධාරීන් තරුණ පිරිසකි. පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස පත්වන්නේ ලෙස පත්වන්නේ උප පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිසියට බඳවාගත් පිරිසක් පොලිස් පරීක්ෂක හෝ ප්‍රධාන පරීක්ෂකවරුන් වීමෙන් පසුවයි. ඔවුන් බඳවාගැනීමේ සුදුසුකම් වන්නේ අපොස උසස්පෙළය. ඍජුව සහකාර පොලිස් අධිකාරිවරුන් බඳවාගැනීම නැවතුවහොත් උපපොලිස් පරීක්ෂක ලෙස පොලිසිට බැඳුණු අය වසර 10කට අඩු කලකදී විධායක ශ්‍රේණියට ඇතුළත් වේවි. එය රාජ්‍ය සේවයේ අමතර ගැටළු ඇති කරන්නකි. උප පොලිස් පරීක්ෂකවරුන් ලෙස උපාධිධාරී තරුණයින් බඳවාගෙන අනෙකුත් අයට වඩා අඩුකාලයකදී ඔවුන්ට සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීම් ලබාගැනීමට ක්‍රමයක් සැකසීම මීට එක් විකල්ප විසඳුමකි. එමෙන්ම පොලිසිය සඳහා විශ්වවිද්‍යාලවල උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා හඳුන්වාදීම මගින් පොලිස් නිලධාරීන්ගේ වැඩිදුර අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම හා අනිවාර්යකිරීමද අවශ්‍ය කරුණකි...

:       1       6

සනත් උබයසේන Friday, 19 May 2023 08:26 PM

උප පොලිස් පරීක්ෂකවරුන් ලෙස බැඳෙන බොහෝ අයට උපාධි තියෙනවා.. ඒ වගේම උපාධි ලබාගන්න අවශ්‍ය උසස් පෙළ සුදුසුකම් තියෙනවා.. කෙලින්ම සහකාර පොලිස් අධිකාරිවරු ලෙස බොහෝ පිරිසක් බඳවා ගැනීම් දැන් පොලිසියට ලොකු ප්‍රශ්නයක් වෙලා. ඔවුන් අත්දැකීම් සහ පලපුරුද්ද නැතිව ඉතාම ඉක්මනටම පොලිස් අධිකාරි, නියෝජ්‍ය පොලිස්පතිවරුන් වීම නිසා දැන් පොලිසිය ඉතාම අවුල් වෙලා.. ඉහළ තනතුරුවල වසර ගාණක් පල්වෙන්න වෙලා, අත්දැකීම් පලපුරුද්ද තියෙන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට සහකාර පොලිස් අධිකාරි උසස්වීම් නැතිව විශාල ගැටලුවක් වෙලා...

:       0       0

Samson Gamalathge Friday, 19 May 2023 11:06 AM

පොලිසි වල සිදුවන දේවල් කියන්න ලැජ්ජයි... පොලිසිවල OICට හිතවත් පිරිසක් සැම පොලිසියකම ඇත. ඔවුන්ට තමයි හැමවිටම වැටලිම් වලට යන්නේ. ඒ කියන්නේ ලාබ ප්‍රයෝජන දේවල් වලට සහභාගි වීම.. ඒ කට්ටියට විතරයි. අනික් අයට ඉතින් පාරවල් ගානේ රස්තියාදු වෙන්න.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 0 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 20 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 106 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 321 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 358 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


නිලධාරීන් මොන දේශපාලන මතයේ හිටියත් අපට කමක් නෑ
2025 අප්‍රේල් මස 21 403 0

නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 474 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site