එළවඵ හා පළතුරු ප්‍රවාහනයට ප්ලාස්ටික් ඇසුරුම් අද සිට අනිවාර්ය කිරීමත් සමග දඹුල්ල ආර්ඵීක කලාපය අද පාළුවට ගියේය.
මඤ්ඤොක්කා රැගත් ලොරියක් යාපනයෙන් ආ බවත් වෙනදා උදේ වන විට ලොරි 100-150 එන නමුත් අද එකක්වත් එහි නොපැමිණි බවත් එහි වෙළෙන්දෝ කියති . තඹුත්තේගම ගොවියෝද විරෝධතාවය පළකරමින් රත්ඤ්ඤා පත්තු කළහ.
ප්ලාස්ටික් ඇසුරුම් නැතිව ප්‍රවාහනය කළ ලොරි 40ක් පමණ හංවැල්ලෙන් හා මීගොඩින් අත් අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
ප්ලාස්ටික් ඇසුරුමක මිල රුපියල් 560 සිට 1600 දක්වා වන බවද ඒවා මිලට ගැනීමට ශක්තියක් නැති බවද ප්ලාස්ටික් ඇසුරැම් වලින් එළවඵ ප්‍රවාහනයට අධික මුදලක් ගෙවීමට සිදුවන බවද එළවඵ ටික විකුණා බසයෙන් ගෙදර යන ගොවීන්ට ප්ලාස්ටික් ඇසුරුම් ද රැගෙන යාමට වාහන කුලියක් ගෙවීමට සිදු වී ඇති බවද ගොවියෝ පවසති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් අයටමයි වෙන්නේ
දුප්පත් කමත් අර කවුද වගේ...
නීති සේරම දුප්පත් ජනතාවට...
ඔය ප්ලාස්ටික් කූඩ රජයෙන් දුන්නොත් නේද හොඳ?
කවදාවත් මිරිස් පැළයක්වත් හිටවපු නැති නිලධාරීන්
ඇමතිතුමා එක දවසක් ආර්ථික මධ්‍යස්ථානෙ ලග හිටියොත් තේරෙයි මේ වැඩේ කරන්න අපි තාම දියුණු නෑ කියලා.