IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


’’පොලිස්පති ධුරය හිස් වෙලා නෑ’’

(අංජුල මහික වීරරත්න)

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැතැයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී තිබේ.

විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පති ධුරය හිස්ව නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවක් නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.

මේ හේතුව නිසා අදාල නීති ගැටලුව ලිහාගන්නා තුරු පොලිස්පති ධුරය  එලෙසම තිබෙනු ඇතැයි  රජයේ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සිදුවී ඇත්තේ පොලිස්පතිවරයාට රාජාකාරි කරගෙන යාමේ බාධාවක් පමණක් බවද රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා  සඳහන් කළේය.

 



අදහස් (24)

’’පොලිස්පති ධුරය හිස් වෙලා නෑ’’

අරවින්ද මොනරවිල Thursday, 25 July 2024 03:42 PM

දැන් හදන්නේ පොලිස්පතිවරයෙක් නැතුව ඡන්ය ද තියන්න බැහැ කියන කතාව කියන්න.

:       0       5

Surain Thursday, 25 July 2024 03:55 PM

තව මාස 2යි ඔය සෙල්ලම් පට්ටම ගලවුන දවසෙම ඔබට නඩු

:       0       5

Surain Thursday, 25 July 2024 03:59 PM

ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිවම වැඩබලන අයිජිපී කෙනෙක් පත්කරන්න කියලා තියෙනවා. ! අධිකරණයට ගරු කරනු....

:       0       6

Hafeel Thursday, 25 July 2024 04:30 PM

මෙයාට බලය අත්හරින්න බය වගේ. මෙයා දැන්ම දැනගන ඉන්නේ ඔහු පරාජයට පත් වනවා බව.

:       0       3

Nimal 1 Thursday, 25 July 2024 04:30 PM

තවමත් දඩබ්බර ගති මැකිලා නැහැ වගෙයි .ඔය රැඟුම් තව කෙටි කලයි

:       0       7

විජිත් Thursday, 25 July 2024 04:35 PM

නීති උපදේශක මහාචාර්ය ( ඇඟට නොදැනී රත්තරන් මාල කැඩීම පිලිබඳ විශේෂඥ ) රෝහිත අබේගුනවර්ධනද ? නැත්නම් මහාචාර්ය ( මහපාරේ කජු විකුණන දුප්පතුන්ගේ සිට ඕනෑම ලොක්කෙකුගෙන් කප්පම් ගැනීම පිලිබඳ විශේෂඥ) අප්‍රසන්න රනතුංග ද ? ලැජ්ජයි සියේ...ඔයා දැන් කොහොල්ලා බබා වගේ , ගහන ගහන ගැටේ පත්තුවෙලා ..හිරේ යන එක ඉක්මන් කරගන්නවා. දේශබන්ධු ආයේ පොලිස්පති වෙනවා බොරු.. දැන් අධිකරණය මිනිහාට විරුද්ධව තියෙන පෙත්සම් විභාගයට අරගෙන අනිවාර්යයෙන්ම ඒකාව හිරේට නියම කරනවා .රනිල් සීයේ ,ඔයාගේ තනියට කූඩුවට දාන්න සෑහෙන ගානක් අපරාධ කාරයෝ ඉන්නවා.ඔයාගේ දුක සැප බෙදාගන්න සාගල නෝනා ඉන්නවා එයාගේ අල්ලස් නඩුවලින් පැරදිලා, එතකොට ඔයාගේ උපදේශක නාකි මයිනා ..එයා නෑවිත් කොහොමද .

:       0       9

Liyanage Thursday, 25 July 2024 04:40 PM

නිලන්ත ජයවර්ධන මහතාගේ රාජකාරි වෙන සුදුසු කෙනෙකුට පවරන්නේ නැද්ද ?කැකිල්ලේ නීතියද ?ඉල්ලන් කන්නයි හදන්නේ

:       0       5

Piyal Thursday, 25 July 2024 04:52 PM

පොලිස් පති ධුරය හිස්වෙලා නෑ කියලා මුලින් කියනවා. පහල තියෙනවා නීති ගැටලු විසදන තුරු තනතුර හිස් කියලා. රනිල්ට නොතේරෙන්නෙ ඔයටික තමා.

:       0       6

බණ්ඩා Thursday, 25 July 2024 04:56 PM

දේශබන්දු තෙන්නකෝන් ගේ පත්වීම අපට අනුමත කල නොහැකි වුවත්, ජනාධිපති වරයා අබිබවා යාමේ හැකියාවක් අධිකරණයට ඇතයි මා නම් සිතන්නේ නැත. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර තුලනයක් නොමැති නම් එය රටේ පරිපාලනයට බරපතල ගැටලුවකි.

:       2       2

සාම Thursday, 25 July 2024 05:00 PM

ඒ නීති ගැටලුව ලිහා ගන්නා තුරු ජනාධිපතිවරනය පැවැත්විය නොහැකිය

:       2       0

Dayan Thursday, 25 July 2024 05:07 PM

ඔව්. ඔබේ මිනිසාට පොලිස්පති ලෙස වැඩ කිරීමට සහ පැණි රස බැලීමට ඉඩ දෙන්න.

:       0       3

Athula Thursday, 25 July 2024 05:08 PM

සොම්බිය හිතන් ඉන්නේ දැන් ඌ තමයි රටේ නීතිය කියලා.. ඌට දැන් මතක නැහැ ඌ ඔතන ඉන්නෙත් ඔය කියන ව්‍යවස්ථාව නිසා.. රටේ අදිකරණයට අපහස කලොත් ජනතාව පාරට එන්න ඕනා එතන විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ... කැබිනට් එකට කොහේද යකෝ බලයක් අදිකරණ තීන්දු හරිද වැරදිද කියලා තීරණය කරන්න..

:       0       2

janak Thursday, 25 July 2024 05:22 PM

එතකොට ජනාධිපති තවම GR ද ?

:       0       2

Nimesh Thursday, 25 July 2024 05:38 PM

පොලිස්පතිට එම ධූරයේ වැඩ කිරීම තහනම් කරලා නම් තියෙන්නේ, ජනාධිපතිට තියෙන්නේ ඔහුව එතනින් අස් කරලා වෙන කෙනෙක්ව පත්කරන එක නේද ?

:       0       3

sugath Thursday, 25 July 2024 07:18 PM

තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට නොහැකි පොලිස්පති වරයෙකුගෙන් රටට ඇති ඵලය කුමක්ද?

:       172       115

සමනලයා Thursday, 25 July 2024 07:36 PM

රාජකාරි කරන්න බැරි කෙනෙක් මොකටද ඒ තනතුරේ තියාගන්නේ? පඹයෙක් වගේ කෙනෙක්ද? පඹයා නම් මොකක් හරි රාජකාරියක් කරනවා...

:       125       102

Asela Thursday, 25 July 2024 08:10 PM

රාජකාරිය කරන්න බැරි පොලිස්පතිගෙන් ඇති වැඩේ මොකක්ද. ආහ්... අමතක වුණා කඩේ යන්න තියෙනවනේ. බඩු බෙදන්නත් පුළුවන්...

:       113       89

John Fernando Thursday, 25 July 2024 09:11 PM

තව දින 82කට නොඅඩු කාලයකින් පොලිස්පති ප්‍රශ්නයට නිසි පිළිතුරක් ලැබෙයි. නව රජයක් යටතෙහි අද වගකීම් පැහැර අරින වගකිවයුත්තන්ට නිසි දඬුවම් ලබාදීම ජනතා අභිලාශයක්

:       3       2

Nimal 1 Thursday, 25 July 2024 10:24 PM

ගරු අධිකරනය නියෝග කර තිබෙනවා වෙනත් පොලිස්පතිවරයකු පත් කරන්න කියා.පිනාට අපි කියන්නේ අධිකරනය සමග සෙල්ලම් කරනු එපා

:       0       4

chandima Thursday, 25 July 2024 10:34 PM

උඩ තට්ටුවයි යට තට්ටුවයි දෙකම ළඟදී හිස් වෙයි

:       0       2

Sithara Lakmal Thursday, 25 July 2024 11:11 PM

එසේනම් නිදහස් පක්ෂ ලේකම් වරයා තනතුරෙහි කටයුතු කිරීම අත්හටුවීමට නියෝග කර ඇති විට වැඩබලන ලේකම් කෙනෙක් පත් කිරීමද වලංගු නොවන බව පැහැදිලිය.

:       0       2

Perera Friday, 26 July 2024 12:39 AM

පොලිස්පති රට ගියා වගේ වැඩක් නේ .රට ගිය කාලය වෙනුවෙන් වැඩ කරන්නේ වැඩ බලන පොලිස්පති කෙනෙක් නේ .මුන්ට ඕක ත්රෙන්නේ නැද්ද ?

:       11       4

Nishan Friday, 26 July 2024 03:29 AM

මේ පොලිස්පති ඉතා හොඳින් රාජකාරිය කරනවා. අධිකරණයට පුළුවන්ද පොලිස්පති රාජකාරි කරන විදිය අධීක්ෂණය කරන්න? ඒ සඳහා ඔවුන්ට තාක්ෂණික දැනුම සහ අවබෝධය තිබේද?

:       4       24

Lelwala Friday, 26 July 2024 08:44 AM

මේ අපේ සිංහල බෞද්ධ රටකි. වෙනත් ආගම් අදහන අයට ඕනෑ විදියට පත් කිරිම් කර නොහැක.

:       3       23

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 601 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 169 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 489 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1717 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 182 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site