ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ සොයුරු ආනන්ද විජේවීර සහ තවත් තිදෙනකු 1989.11.14 - 18 කාලයේදී මහරගම, මොරටුව හා මහනුවරදී පැහැරගෙන මරා දැමීයැයි අධිචෝදනා ලබා සිටි පොලිසියේ අට දෙනාම මහනුවර මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා විසින් නිදොස් කැර නිදහස් කරනු ලැබූහ. ආනන්ද විජේවීර, සුනිල් රාජිත පෙරේරා හා ඩබ්ලිව්.ජී. මෙන්ඩිස් සරත් ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මරා දැමී යැයි මහනුවර පොලිසියේ පොලිස් පරීක්ෂක අශෝක බණ්ඩාර හේරත් පොලිස් පරීක්ෂක ඞී.එම්. සීලරත්න, උප පරීක්ෂක දයානන්ද වීරකෝන්, සැරයන් පාරුක් යුෂුෆ්, පොලිස් පරීක්ෂක ලින්ටන් අමුණුගම, උප පරීක්ෂක අතුල රුබේරු, උප පරීක්ෂක එච්. සෝමරත්න හා පොලිස් පරීක්ෂක පාලිතගේ යන අයට එරෙහිව නීතිපති විසින් චෝදනා 8ක් යටතේ නඩු පවරා තිබිණි. ප‍්‍රධාන සාක්කිකරු නිහාල් රත්න ද සිල්වා සාක්කි දීමට නොපැමිණියෙන් ඔහු සොයා ගත නොහැකි බව පැමිණිල්ල උසාවියට දැන්වීය. ඔහු නැතිව නඩුව පවත්වාගෙන යෑම නිෂ්ඵල කාරියකැයි රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා විනිසුරු හමුවේ කියා සිටියේය. ඒ අනුව විත්තිකරුවෝ නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොදයි.... නිදොස් කොට නිදහස් කරලා (දී)
නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ (ස)
භයානක මිනීමැරුම් නඩුවක් මොනතරම් පහසුවෙන් විසඳුවාද? ලෝකයේ අනිත් නඩුකාරයන් ලංකාවේ උසාවියෙන් නඩු විසඳන හැටි උගත යුතුයි. ජයවේවා(ස)
මේකත් හොඳ අදහසක් , සාක්කිකාරයාට ගේම දුන්නම නඩුව අහක .(ස)
ඒ අය වැරදි කරලා තියෙනවානම් ලබන ආත්මේ හරි දඩුවම් ලැබේවි (ස)
අනේ මන්දා
අපරාදේ නිදහස් කරේ , තව ටික දවසක් තියාගන්න තිබුණනේ (ස)
මගේ හිතේ සාක්කිකාරයෝ කටුගෙට දාලා වෙන්න ඇති .(ස)
අධිකරණය කියනවානම් එච්චරයි (දී)
අපේ රටේ නීතියක් නැහැ. ඒකයි ඔය වගේ වැඩ කරන්නේ (ස)
නීතිය අකුරට (දී)
දැන් ගෙදර ගිහින් හොඳින් ජීවත් වෙන්න. (දී)
ප්‍රදාන සාක්කි කරු නැති කලේ කව්ද ??? (ස)
නිදහස් වුණත් හිත නිදහස් නැතුව ඇති....මොකද්ද සිද්ධ වුණේ කියලා දන්නේ ඒ ගොල්ලෝ විතරනේ (ස)