සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පදවියට පත් වු දවසේ රාජාංගනයේ කඩයකින් රුපියල් 900ක භාණ්ඩ බලෙන් පැහැර ගත්තැයි කියන සිව් දෙනෙක් තඹුත්තේගම පොලීසියෙන් තඹුත්තේගම මහේස්ත්‍රාත් සනත් ජයදේව මොරවක මහතා වෙත ඉදිරිපත් කරනු ලැබුහ.
ආර් ඒ අරුණ ශාන්ත,ආර් ඒ රාජපක්ෂ,ජුඩ් චම්න්ද හා ආර් ජී ප්‍රදීප් එම සිව් දෙනාය.
මහේස්ත්‍රාත් ඔවුන් ලබන 06 තෙක් රිමාන්ඩ් කළේය.
සජිත් ප්‍රේමදාස මහතාට නව තනතුර ලැබීමේ සතුට සැමරීමට ඔවුන් කොළ පාට ඉටි රෙදි ද පැණි බීම බොතල් දෙකක් ද නුල් බෝලයක් ද ඔවුන් බලෙන් රැගෙන ගිය බව පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
එහෙත් කඩ හිමියා වන යු ඩි ගුණරත්න දිව්රුම් ප්‍රකාශයක් මගින් කියනුයේ එම භාණ්ඩ ඔවුන් ණයට ගත් බවයි.
තමාගේ එම ප්‍රකාශය සටහන් කැර ගත් පොලීසිය ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇතැයි ද තමා නොකළ පැමිණිල්ලක් මත මේ නඩුව පවරා ඇතැයි ද ඔහු කියයි.
කඩ හිමියාගේ දිවුරුම් ප්‍රකාශය මත සැකකරුවන්ගේ නෑයෝ පිරිසක් අනුරාධපුර මානව හිමිකම් කාර්යාලයට ද අද (25) පැමිණිල්ලක් කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපුරුයි. ලඟදීම උසස් වීමක් ලැබෙයි (දී)
පොලිසිය ඉල්ලගෙන කනවා.නගරාධිපතිට පොලිසිය ඇතුලෙදි ගහපු දෙන්නව නම් තාම අල්ලගන්න බැරි වුනා.පොලිසියේ මහත්වරුනි,පොලිසියේ ගෞරවය රැකෙන පරිදි තමන්ගේ රාජකාරිය හරියට කරන්න.මට පේන විදියට දැන් පොලිසිය, පොලිසියටම පැමිණිලි කරගන්නවා වගෙයි.කඩ හිමියාත් පැමිණිලි කරේ නැත්නම් මේ සිද්ධිය සම්බන්දව, පොලිසියට තියෙන අමාරුව මොකද්ද....?පොලිසියේ මහත්වරුනි ඕවට පසුතැවෙන්න වේවි ඉදිරියේදී. (දී)
පොලිසියේ මහත්වරුනි, පොලිසියේ ගෞරවය රැකෙන පරිදි තමන්ගේ රාජකාරිය හරියට කරන්න. කාට කාටත් කඩේ යන්න එපා (දී)
අනේ මන්දා (දී)
මම මොනවා කියන්නද (දී)
වැදගත් දේකට කඩේ යනවනම් කමක් නැහැ ,එක අතකට පොලීසියට ඔය වගේ දේවල් කරනවා ඇරෙන්න වෙන වැඩකුත් නැතුව ඇති (දී)
පොලිසිය දේශපාලකයන්ට කඩේ යන මේ ජරා පුරුද්ද වහාම නැවැත්විය යුතුය, අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා නම් මොනවා හරි කියයි ,ඒ උනාට රටකට නිතිය හා සාමය ආරක්ෂාකරන්න බැරි,කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ රාජකාරි කරන්න බැරි පොලිසියකින් ඇති වැඩේ මොකක්ද .(අ)
පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ නිවේදනය කරනතුරු ඉවසා සිටින්න (දී)
ෂුවර් එකටම දේසපලුවෙක්ගේ ඕඩර් එකක් වෙන්න ඇති (අ)
සජිත් ට නව පත්වීම ලැබුනම ඔහුගේ අනුගාමිකයෝ දැම්මම මෙහෙමනම් , ඔහු ජනාධිපති වුනොත් කොහෙන් නවතීද.? තාත්තා කළදේ පුතා නොකලොත් කාගේද පුතා වෙනවලු (අ)
මෙවා එක තැනක විතරක් වෙන ඒවා නෙවෙයි. දේශපාලනයට ගැති වුණ කොන්දක් ඇතිව වැඩ කරන්න බැරි පොලීසිය. දේශපාලකයෙක් කිව්ව ගමන් ඕනම වැඩක් කරනවා දැන් පොලීසිය. රටක නීතිය හා සාමය සුරැකීමට නෙමෙයි වත්මන් පොලීසිය ඉන්නේ. රටතුල පවතින දේශපාලන ස්ථාවරය සුරැකීමටයි.(දී)
මොනවද මේ වෙන වැඩ (දී)
මේවට මොනවා කියන්නද? (නි)
අපිම ගහගෙන, අපිම පැමිණිලි කරලා, අපිම හිරේ යන කාලයක්නෙ මේක (නි)