IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පොලිසිය පඹහින්න අට්ටාලය ගලවන් යයි

සබරගමු සරසවි සිසුන්  පිරිසක් දින 46ක් පමණ පඹහින්නේ ඉදිකර තිබූ සත්‍යග්‍රහා අට්ටාලය පොලිසිය අද (18) ගලවා රැගෙන ගියේය.

නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීම, ශිෂ්‍යභාවය අහෝසි කළ සිසුන් පිරිසකට යළි ඉගෙනීමේ අවස්ථාව ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන  සිසුහු මෙම සත්‍යග්‍රහය කළහ.

සබරගමුසරසවි භූමියේ ඉදිකර ඇති සත්‍යග්‍රහ අට්ටාලය ඉවත් කරන්නැයි  බළංගොඩ අධිකරණය ලබා දුන් නියෝගය අනුව පොලිසිය අද එම අට්ටාලය ගලවා ඉවත් කළේය.

200  201 202 203



අදහස් (0)

පොලිසිය පඹහින්න අට්ටාලය ගලවන් යයි

මදූ Sunday, 19 October 2014 03:08 AM

බන්දුල පෙරේරා මහතානෙනි, ඔබ සමග තරහා නැහැ. කෙටි වාක්‍ය ලියන්න. එවිට ඔබගේ උත්සාහය අපතේ නොයනු ඇත. (නදී)

:       0       0

පාලිත Sunday, 19 October 2014 03:25 AM

ගමගේ , බිමල්, ඉන්දික, ඔබගේ අදහස් වලට මමත් එකඟයි. මොකද අපේ කාලේ නිදහස් අධ්‍යාපනය කිව්වට කිසිම අරමුදලක් දුන්නේ නැහැ. දුන්නේ ණය මුදලක්. ඒකත් පිටවුණාට පස්සේ ණය ගෙවන්න ඕනෑ.දැන් මහපොළත් ගෙවනවා. බලධාරීන්ට මතක් කිරීමක් හැටියට මමත් කියනවා, සියලුම දෙන දිමනා ඉවත්කර විශ්ව විද්‍යාල නේවාසිකාගාර පහසුකම් වලින් ඉවත් කරන්න. (නි)

:       0       0

යොහාන්‍ Sunday, 19 October 2014 03:37 AM

නීතිවිරෝධී වැඩ වල‍ට ඉඩදෙන්න නරකයි (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 19 October 2014 03:47 AM

ලුම්බිණි, විශ්ව විද්‍යාලය කියන්නේ සටන් බිමක් නෙමෙයි. ඒක තියෙන්නේ ඉගෙනගන්න කැමති දක්ෂ ළමයින්ට ඉගෙනගෙන තමන්ගේ ජිවිතය ජයගන්න මඟ පෙන්වන්න. නිදහස් අධ්‍යාපනය කියන්නේ අයිතිවාසිකමක් නෙමෙයි, රජය විසින් සපයන සේවාවක් පමණක් කියලා සිසුන්ට සරසවියට ඇතුලුවෙනකොටම අවබෝධ කරවලා දුන්නා නම් මේ ගැටළු ගොඩක් විස‍ඳේවි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 19 October 2014 03:52 AM

අට්ටාලයත් සමගම ඔය සිසුන් ටිකත් සරසවි භූමියෙන් ඉවත්කර මේ සුන්දර සරසවිය නැවතත් සිසු සිසුවියන්ට නිදහසේ ඉගෙනගත හැකි සාමකාමී පරිසරයකින් හෙබි සරසවියක් බවට පත්කරන්න. (නි)

:       0       0

මොහොට්ටි Sunday, 19 October 2014 12:15 PM

සරසවියට ගියාම පළමු සිසුන්ගෙන් නවක වදයට ගොදුරු වෙලා, ඊළඟට එන අයට මෙම වදයට ගොදුරු උන අයම අලුතෙන් එන අයට නවක වදය දෙනවා. ජීවත්වන්නේ ලොකු හීනමානයකින්. ඔවුන් සිතන්නේ සරසවි සිසුන් උන පලියට ඔවුන් සියල්ල දත් අය කියා. මොවුන් පිටුපස බංකොලොත් නුගත් දේශපාලන පක්ෂ සිටිනවා. මොවුන් උසිගන්වා මෙහෙයවන්නට කාලයත් සමග ඔවුන් යතාර්ථය දැනගන්නා විට පරක්කු වැඩියි. පසුව ඔවුන්ම තමා මේ විප්ලවකාරයන්ට විරුද්ද වන්නේත් (නදී)

:       0       0

රෝහිණී Sunday, 19 October 2014 04:32 AM

ප්‍රශ්න පටන්ගත්තේ සිසුවියන්ගේ නේවාසිකාගාර මුල්කරගෙන වුණත් මේ ඡායාරූප වල නම් මට පෙනෙන හැටියට එක සිසුවියෙක්වත් පෙනෙන්න නැහැ (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 19 October 2014 12:39 PM

උගත්කම කියන්නේ ඔය උපාධි කඩදාසිය නෙමෙයි සත්‍යපාල මහත්තයෝ. සමාජයත් එක්ක ගැටීමෙන් ලබන ජීවිතය පිළිබද අවබෝධය. ඔබ තුමා ට ඕන ආයේ 88/89 වගේ මේ සිසුන්ව මුරුංගා අත්තේ තියල ටයර් සෑයවල යනවා දකින්නද. පොලිසියෙන් වෙඩි කනවා දකින්නද.? අපිට එහෙම දකින්න අවහ්‍ය නැහැ. අපි ඒ විනාසය දැක්ක හින්දයි මේ තරම් මේ දේවල් වලට අදහස් දාන්නේ. සරසවි සිසුන් එක්ක තරහක් අපේ නැහැ. අපි තරහ ඔවුන්ව බිලිගන්නා හදන ඔවුන්ගේ මළමිනී මතින් තම දේශපාලන අවශ්‍යතා සපුරාගන්න හදන මේ කොන්ත්‍රාත් කාරයෝ එක්ක. (නදී)

:       0       0

චරිත් Sunday, 19 October 2014 05:02 AM

ඕක ගලවන්න තිබුනේ ගහපු දවස් වලමයි (නදී)

:       0       0

සිහින Sunday, 19 October 2014 05:55 AM

සිසුන්ගේ වරදක් නැහැ. ඒකපාර්ස්වික පාලනයක් තියෙන විට රටපුරාම මෙහෙම වෙනවා (නදී)

:       0       0

රෝහණ Sunday, 19 October 2014 01:28 PM

මම බන්දුල වගේ කඩේ යනවා නම් නෙවෙයි. නමුත් වර්ජන සහ ඔය විරෝදතා වලට මම කැමති නැහැ. මමත් කාලයක් හමුදාවේ හිටියා. 88-89 කාලේ ගෙදර ආවම මමත් හැංගිලා තමයි හිටියේ. අම්මට සහ තාත්තට කියල ගිහින් තිබුනා අස්වෙන්න කියන්න හමුදාවෙන් නැත්නම් මරනවා කියලා. අපිට තාම ඒවා මතකයි. (නදී)

:       0       0

සමන් පැරිස් Sunday, 19 October 2014 06:11 AM

සෙනෙවි මහත්තයෝ, අපි රටෙන් පිට ඉන්නේ කැමැත්තකින් නෙවේ. ඒ අපේ අතපහු උන දේවල් ලබාගන්න වෙන කරන්න දෙයක් නැති නිසා. ඒත් අපි හදවතින් ශ්‍රී ලාංකිකයි. අනික උපයන දේ උපරිමයෙන් ලංකාවට එවන්නේ නැතිව වියදම් කරලා හිස් අතින් එන්නෙත් නෑ. (නදී)

:       0       0

ධනංජය Sunday, 19 October 2014 06:31 AM

නංගිලා මල්ලිලා, තේරුම්ගන්න, අපිත් ඔය ලනුව කෑවා අවුරුදු හතරක්. අපිවත් නිදහස් අධ්‍යාපනය රැකගන්න කියල කඩේ යැව්වා. දැන් තේරෙනවා මොකාද එ්කෙන් ලකුණු දාගත්තේ කියලා. ඉගෙන ගන්න එක කරගන්න ඕන මොක නැතත් (නදී)

:       0       0

සරත් Sunday, 19 October 2014 06:49 AM

ගමගේ ඔබ 100% හරි (නදී)

:       0       0

සමන් පැරිස් Sunday, 19 October 2014 02:47 PM

සත්‍යපාල මහත්තය අපිත් ඔය කියන සරසවි ගිය අය. ඔතන කරන බොරුව හොඳට අත්දැකපු අය. ඔතනදි තරුණ ජවය ගොනාට අන්දන හැටි අපූරුවට දැකල තියෙනවා. (ඔය කට්ටිගේ පව් 86 ඉඳන් 91 වෙනකම් සරසවි වල හිටපු අය තාම ගෙවනවා) ඔතන කෙරෙන්නේ බොරුවක් නෙවේ නම් 1960 ගණන් වල ඉඳන් මේ වෙනකම් බිහි උන සමාජවාදීන් කෝ? ගුවනේ ඉන්න තරුණ පර පුර මහ පොළවට බැස්සම කරපු මෝඩකම් ගැන පසුතැවි, තැවී වැරදි නිවැරදි කරගන්නවා. ඒකයි වෙන්නේ. මේ සිසුන්ගේ මෝඩ වැඩ අගය කරනවා කියන්නේ එයාලව තවත් නොමග යවනවා කියන එක. ඒ අපරාදෙට දායකවෙන්න එපා. ඒකෙන් තමන්ගේ දරුවන්ටත් ශාප වෙනවා. (නදී)

:       0       0

චමින්ද Sunday, 19 October 2014 07:44 AM

මේ අට්ටාලය, උසාවිය ඉවත් කරන්න අවසර නොදීපු අට්ටාලය නේද...?ඒ කියන්නේ උසාවියට වැඩිය බලවත් දැන් පොලිසිය. මේ පිලිබදව මම කියවපු පුවත් අනුව පෙනීයන්නේ පොලිසිය, උසාවිය නොමග යවලා අලුත් උසාවි නියෝගයක් ලබා ගෙන වගෙයි. ඒකෙන් මේකෙන් පොලිසියට නැවත ඉහල උසාවියටත් යන්න වෙයි වගෙයි. (නදී)

:       0       0

දිසානායක Sunday, 19 October 2014 03:30 PM

පවු අහිංසක දෙමාපියන්! (නි)

:       0       0

අමර දත්ත Saturday, 18 October 2014 03:10 PM

රට පුරාම තියෙන මේ වගේ අට්ටාල ගලවල දාන්න, ඉගෙන ගන්න බැරි උන් ගෙදර යවල අනික් ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන්න ....(අ).

:       0       0

ගයාන් Saturday, 18 October 2014 03:37 PM

ඔය ඉන්නේ නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් කරන කට්ටිය. ඉගෙනගන්න කට්ටියට ඉඩදීලා යන්න පිටවෙලා. රස්තියාදු කාරයන්ට විශ්වවිද්‍යාල වල ඉඩ නැහැ. (අ)

:       0       0

ෂයිනි Saturday, 18 October 2014 04:29 PM

ගයාන් ඔයා ඉස්කෝලේ ගියෙත් නෑ නේද (අ)

:       0       0

ගමගේ Saturday, 18 October 2014 04:34 PM

ඔය අට්ටාලේ ගැලෙව්වට ඕන තරම් අට්ටාල ගහන්න සල්ලි පොම්ප කරාවි පිට රටින්.මේ වගේ වෙලාවට ඔය වීරයෙක් විධියට දඟලන චරිත බිහි කරන්නෙ දුෂ්කර පලාත් වල අඟහිග කම් වලින් පිරුනු පවුලක දරුවෙක් තුල සමාජ වෛරය වපුරලා.එයාලට හොඳ විදුහලකට ගියපු මධ්‍යම පැලැන්තියේ දරුවෙක් වුනත් පේන්නෙ හතුරෙක් විධියට.නවක වදේ කියලා දස වද දෙන්නෙ මෙයාලා තමයි.පස්සේ මෙයාලා එක්කො රටකට පනිනවා.නැත්නම් වීරයෙක් විධියට පෙනී ඉදලා සල්ලි තියන පවුලක කෙල්ලක් රවට්ටගෙන ඒ ගෙදරට පැන ගන්නවා.ඔය ඔතන චාටර් වෙන අනිත් ළමයි තව අවුරුදු දහයකින් ඇහුවොත් කියන්නෙ ඒ කාලේ අපි නිකම් අහු වුනානෙ.දැන් නම් මතක් වෙන කොටත් ලජ්ජයි කියලා.මිනිස්සුන්ට දැන් මෙයාලව අප්‍රිය වෙලා.මෙයාලා ඩයස්පෝරාවෙන් යැපෙන නොරටුගාමීන්ගෙ ඉත්තො වෙලා.දෙමව්පියො අසරණ වෙලා.(අ)

:       0       0

සමන් පැරිස් Saturday, 18 October 2014 04:51 PM

අවුරුදු 4 පාඨමාලාවට අවු. 6 (85 - 91) සරසවියක කල්මරපු කෙනෙක් හැටියට ගමගේ එක්ක මම 70% ක් එකඟයි. ඔය බළල් අත් කලේ තරුණ ජවය වැරදි අතට මෙහයවපු එක. (අ)

:       0       0

ජනක Saturday, 18 October 2014 05:09 PM

ගමගේ ඔයාගේ අදහස් වලට මට ඇඩනවා. ඔයාගේ ගම කොහෙද ? (අ)

:       0       0

සෙනෙවි Saturday, 18 October 2014 05:20 PM

සමන් මහජන මුදලින් නිදහස් අධ්‍යාපනය ලබා තම රටට සේවය කිරීම පැහැර හැර පැරීසියට කඹුරන ගමන් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට සටන් කරන දරුවන්ට ගරහනවා (අ)

:       0       0

ඉන්දික Saturday, 18 October 2014 05:23 PM

ෂයිනි,අපිත් ඉස්කෝලෙත් ගියා ඔය කියන විශ්ව විද්‍යාලේකටත් ගියා.1989 දි සා/පෙළ කර කර හිටපු අපිව පාරට අදාල දාල අපේ ඉස්කෝලේ 3-4 දෙනෙකුට පරලොව යන්න පාර පෙන්නල,ඊට පස්සේ බොහොම අමාරුවෙන් විශ්ව විද්‍යාලයට ගියාම රැග් එකෙන් අපිව නොමරා මැරුව.මොකක්ද වැරැද්ද.?අපේ ඉස්කෝලේ නම.අනික ඒ වෙනකොට ලංකාවෙ එක පුවත්පතක මුල්පිටුවට පොටෝ එකක් ගිය සොහොයුරියක් නවක වදය එකේදී නොමරා මරල අන්තිමට ඒ කෙල්ලට විශ්වවිද්‍යාලත් එපා කෙරෙව්වා.ඒක මෙහෙයවපු මහා එකා අදජේ වී පී පළාත් මන්ත්‍රී. උන්ගේ තියෙන්නෙ කුහක කමයි හීනමානයයි විතරයි. එදා අපි වින්ද දුක් අපි විතරයි දන්නේ. (අ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 18 October 2014 05:29 PM

අට්ටාලයත් සමගම ඔය පිළිල ටිකත් සරසවි භූමියෙන් සදහටම ඉවත් කර මේ සුන්දර සරසවිය නැවතත් සිසු සිසුවියනට නිදහසේ ඉගෙන ගත හැකි සාමකාමී පරිසරයකින් හෙබි සරසවියක් බවට පත් කරන්න..වැස්සකටවත් සරසවී ගියේ නැහැ කියල උගතුන්ගේ සරදමට ලක්වෙන මාත් ඇත්තටම බැලුවොත් කොලඹ සරසවියේ ලියාපදිංචි සරසවි ශිෂ්‍යයෙක්.තොරතුරු සන්නිවේදන උපාධි අපේක්ෂකයෙක්.වෙනසකට තියෙන්නේ අපි ඉගෙන ගන්නේ මුදල් ගෙවල.මුදල් ගෙවා ඉගෙනුම ලබන ශිෂ්‍යයන් කවදාවත් ඔහොම පිස්සු නටන්නේ නැහැ..ඔවුන්ගේ පරමාර්ථය ගෙවන මුදලට වටිනාකම ලබා ගැනීම..මේ සියලු විනාශයන්ට මුල මේ නිදහස් අධ්‍යාපනය..උපාධියට මිලක් නියම කරලා ඒක රැකියාවක් කිරීමේදී වාරිකව කපාගත්තනම් ඒ මුදලත් සරසවිවල පහසුකම් වැඩිදියුණු කරන්න යෙදෙව්වනම් මේ නිදහස් අධ්‍යාපනයේ නියම වටිනාකම රටට එදාට ලැබේවි..නැත්නම් හැමදාමත් මේ වදන බංකලොත් දෙසපාලුවන්ට ජාමේ බේරගන්න උදව් වෙන සටන්පාඨයක් පමණක් වේවි..(අ)

:       0       0

ගමගේ Saturday, 18 October 2014 05:44 PM

යෝජනාවක් විදියට මම කියන්නේ. ඔය අට්ටාල ගහගෙන සරසවි කඩාකප්පල් කරන අයගේ මහපොළ නවත්වන්න ඕනෑ. මොකද අපේ බදු සල්ලි වලින් වැඩක් ගන්න දන්නේ නැති අයට මොකටද අපේ සල්ලි දෙන්නේ? ඒ සල්ලි වලින් වැඩක් ඇති දෙයක් කරන්න පුළුවන්. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 18 October 2014 06:01 PM

ගමගේ උන්නැහේ එක්කෝ උසස් පෙළ ඇන ගත්ත පොරක් !! නැත්නම් විශ්ව විද්‍යාලේ ගිහින් අනා ගත්ත පොරක් !! (ස)

:       0       0

චින්තක Saturday, 18 October 2014 06:17 PM

නිදහස් අධ්‍යාපනය රැක ගන්න වෙලා තියෙන්නේ මේ වගේ ළමයින්ව පාරට ඇද දාන බොරුවිප්ලව කාරයන් ගෙන් . මේවා මෙහෙයවන නායකයෝ කවද හරි මන්ත්‍රීලා නැත්නම් බටහිර රටකට පැනල . බලෙන් පස්සෙන් අරන් යන ළමයින්ගේ ජිවිත අතරමන්. (ස)

:       0       0

චින්තක Saturday, 18 October 2014 06:20 PM

ජේ වී පි කාරයොන්ට අද මිනිස්සු සාප කරන්නේ 1970 ගණන් වල ඉඳල මේ රටේ දරුවන් ට කරපු අපරාධ වලට. අධ්‍යාපනේ විනාශ කලේ උන්. තවත් මේ අයට ඉඩ දුන්නොත් ඉදිරි පරම්පරාවත් වනසනවා. (ස)

:       0       0

සත්‍යපාල Sunday, 19 October 2014 09:57 AM

මේකේ දාන අදහස් දිහා බලපුවාම මට හිතෙන දෙයක් තමයි මේ ළමයි කරන්නේ මහා බොරු වැඩක් කියලා. අපේ රටේ අවුරුදු හැට හැත්තෑවක් නිදහස් අධ්‍යාපනය තිබුනට එ්කෙන් ප්‍රයෝජනයක් අරන් තියෙන්නේ බොහොම ටික දෙනයි වගේ පෙනෙන්නේ. නිදහස අධ්‍යාපනයවත් එය රැකගැනීමේ උවමනාවත් වැඩි දෙනුකුට නැහැ. විශේෂයෙන් සරසවි අධ්‍යාපනය මේ රටේ ඉතාමත් අතොලොස්සකට පමණක් ලැබීම නිසා අනිත් අය තුල සරසවි සිසුවා කෙරෙහි ද්වේශ සහගත ආකල්ප ඇතිවී තිබෙන බවක් දක්නට ලැබෙනවා. එහෙයින් සරසවි සිසුන් මෙරට නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා කරන අරගලය හෙලා දකින්නත්, සිසුන් මත වරද පැටවීමටත් අසාර්ථක උත්සාහයක නිරත වෙනවා. මේ නිසා තමන් කරන කාර්යභාරය සමාජයේ ඇගයීමකට ලක් නොවීම හා අවබෝධ කර නොගැනීම නිසා මෙය ඉතාමත් නිෂ්පල ක්‍රියාවක් බවට පරිවර්තනය වී ඇත (නදී)

:       0       0

ආලෝක Saturday, 18 October 2014 10:01 PM

මේ කඩාකප්පල්කාරීන් ජීවත්වෙන්නේ 15 වන සියවසේ කියලයි මට නම් හිතනේනේ (නි)

:       0       0

විජේන්ද්‍ර Saturday, 18 October 2014 10:07 PM

100% එකඟ වෙනවා ගමගේ සමඟ. (නි)

:       0       0

සත්‍යපාල Sunday, 19 October 2014 10:10 AM

ඔය සරසවි සිසුන් ජේ වී පි එකෙයි අරකෙයි මේකෙයි බළල් අත් කියන්නේ මේ රටේ ඉන්න බුද්ධිමත් කොටස සරසවි සිසුන් කියලා පිළිගන්න අකමැති හීනමානයෙන් පෙලෙන කොටස් තමයි. ඔවුන්ව හසුරුවන්ට තව කණ්ඩායම් ඕනා නැහැ තමන් පිලිබදව තීන්දු තීරණ ගන්න ඒ අයට පුළුවන් කම තියෙනවා. එ්ක පිළිගන්න තරම් මේ අය නිහතමානි නොවීම තමයි ප්‍රශ්නය. නිකමට හරි මේ සරසවි සිසුන් පාලකයන්ට උවමනා පරිදි වැඩ කලානම් කොතරම් වැරදි කලත් කොතරම් අපරාධ කලත් මේ අය ඔවුන්වත් පාලකයන් වගේම ආරක්ෂා කිරීමට පෙලබේවි. (නදී)

:       0       0

බිමල් Saturday, 18 October 2014 10:46 PM

ෂයිනි, මම උසස් පෙළ කළේ 1987දී. ඉන්පසු සරසවියෙන් එළියට එනවිට මගේ හොඳම තරුණ කාලය ගෙවිලා වයස 30 ට කිට්ටුයි. ඊටපස්සේ මගේ ජීවිතය ගොඩනඟා ගන්න මට පුදුම දුකක් විඳින්න වුණා. සරසවියේ නිකරුනේ කල් මැරීමට සිදුවුණ නිසා හැමදේටම සුදුසු කලවයස පහුවුණා. අදටත් ඒවායේ ප්‍රතිඵල තිබෙනවා. මගේ වයසේ සරසවි නොගිය අනෙක් අයගේ ළමයින් දැන් විශ්ව විද්‍යාල වල. කල්පසුවී විවාහ වූ මගේ ළමයාට තවම වයස 10යි. කලට වෙලාවට සරසවියෙන් පිටවෙන්න ඉඩ ලැබුනා නම් මගේ ජීවිතය මීට වෙනස්. ඒ නිසා ඔබ ඔතන ඉගෙනගන්න කෙනෙකුටවත් ඒ ටික කරගන්න කරුණාකර ඉඩදෙන්න. (නි)

:       0       0

ඩිලාන් Saturday, 18 October 2014 10:52 PM

චන්ද්‍ර මහතා , ගමගේ කිව්වේ එක්තරා තිත්ත ඇත්තක්. අපේ පැත්තේ ඉන්නවා ඔහොම සරසවියේ සටන් මෙහෙයවපු කෙනෙක්. අන්තිමට එයා සමඟ සටනේ හිටි ළමයින් තවම විභාග අනාගෙන දඟලනවා. සමහරුන්ගේ ගෙවල් වල දුප්පත් දෙමාපියන්ගේ මහන්සිය වක්කඩේ හංගපු හකුරු වගේ වෙලා. (නි)

:       0       0

නිලේන්ද්‍ර Saturday, 18 October 2014 11:07 PM

වෙන්නේ මොකද්ද කියලා හොඳට බලා අදහස් පළකරන්න. (නි)

:       0       0

ලුම්බිණි Saturday, 18 October 2014 11:52 PM

මේක ඉතා අසාධාරණ වැඩක්. විශ්ව විද්‍යාල ළමයින්ට අයිතිය තිබෙන්න ඕනෑ අසාධාරණයට විරුද්ධත්වය පෙන්වන්න. අද සමහර ලොකු ලොක්කෝ වෙලා ඉන්න අයත් විශ්ව විද්‍යාලයේදි මේ විදියට සටන් කළ බව අපිට මතකයි. අවාසනාවට එතුමන්ලාට තමන්ගේ අතීතය අමතකවෙලා (නි)

:       0       0

ලලිත් ගුණදාස Sunday, 19 October 2014 12:13 AM

මේක ඉතා අසාධාරණ වැඩක්. විශ්ව විද්‍යාලයේදි මේ විදියට සටන් කරලා නිදහස් අධ්‍යාපනය රැකගැනීමට විශ්ව විද්‍යාල ළමයින්ට අයිතිය තිබෙන්න ඕනෑ නේද? (නි)

:       0       0

ගීත් Sunday, 19 October 2014 12:47 AM

ඉගෙන ගන්න කාලේ හොදට ඉගෙනගෙන රටට ..සමාජයට වැඩ දායක පුද්ගලයකු වෙන්න (නදී)

:       0       0

සමීර Sunday, 19 October 2014 12:47 AM

ගමගේ ගේ කතාව හරි. අපේ යමක් කමක් තිබෙන ඥාති කෙනෙකුගේ පවුලකට බින්න බැස්සොත් ඔය විදියට අනිත් ළමයින්ව වැරදි පාරේ යවලා තමන් ඇඟ බේරා ගෙන ගොඩ ආපු පොරක් තමයි. සරසවියේදී යාලු වෙලා හිටිය තමන්ගේ ගෑනු ළමයාත් පිකටින් කරන්න යැව්වා. අන්තිමේදී ඒ ලමයාටත් පිටු පාල තමයි අපේ සල්ලිකාර ඥාති අක්කට සෙට් වුනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 78 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2101 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 312 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 391 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1597 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1577 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site