IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පොලිසියේ පිරිසකට මාරු වීම්

(ඉන්දිකා රාමනායක)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා ඇතුලු නියෝජ පොලිස්පතිවරුන් දෙදෙනකුට සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා ද ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා එම තනතුරේ සිට පොලිස් මුලස්ථානයට ස්ථාන මාරුවීම් කර ඇති අතර ඒ මහතාගෙන් හිස් වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට මාතර හා හම්බන්තොට දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්න මහතා පත්කර ඇති බව පොලිස් මුලස්ථාන පවසයි.

මේ අතර ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පිව සිටි නුවන් වෙදසිංහ එම තණතුරට අමතරව මාතර හා හම්බන්තොට දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන්ද පත්කර ඇත.

ස්ථාන මාරුවීම් ලැබු ස්ථානාධිපතිවරුන් පස් දෙනා අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ජී එස් සුසන්ත මහතා මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති වශයෙන් ද, මහනුවර කොට්ඨාසයේ සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් පී අයි සංජීව මහතා පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් ද, මහනුවර කොට්ඨාසයේ සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් ඒ පී රණසිංහ මහතා පොත්තපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් ද, පොද්දල පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් සිටි ප්‍රධාන පොලිස්පරීක්ෂක පී එස් සී සංජීව මහතා මොනරාගල මුලස්ථාන පොලිස් පරීක්ෂක වශයෙන් ද , ඇතිමලේ පොලිස් ස්ථානාධිපති වශයෙන් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක බී. එන් බුලත්සිංහල මහතා බණ්ඩාරවෙල කොට්ඨාසයේ සාමන්‍ය රාජකාරි සදහා ද, නුගේගොඩ කොට්ඨාසයේ සිටි පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ බී අරෝෂන් මහතා ගොතටුව පොලිස් ස්ථානාධිපති වශයෙන් ද, පත්කර ඇති බව පොලිස් මුලස්ථානය ආරංචි මාර්ග පවසයි.

සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 



අදහස් (1)

පොලිසියේ පිරිසකට මාරු වීම්

mudiyanse Thursday, 28 October 2021 03:08 PM

කොහොම හරි කරලා සර් නඩු ටික අයින් කළා. ඇතුලේ ඉන්න අයව එලියට දාලා දෙන්න.සෞභාග්‍ය දොරේ ගලනවා

:       2       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 183 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 1881 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 526 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 343 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1109 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 341 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 343 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1787 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site