IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘පොලිසිය විහිළු සපයනවා‘

ශිෂ්‍යයන්ගේ පෙළපාළියට පහර දීම ඉතා වැරදි බව පුරවැසි බලය ව්‍යාපාරයේ ගාමිණී වියන්ගොඩ මහතා කියයි.

‘ශිෂ්‍ය සටන්වලට කාලයක් තිස්සේම පාලකයන් ගැහුවා. එකයි අපි වෙනසක් කළේ. ප්‍රජාතන්ත්‍රවාදය ගේනවායැයි කියන අලුත් පාලනය යටතේ මෙවැනි පොලිස් පහරදීම් කිසි සේත් බලාපොරොත්තු වෙන්න බැහැ.

ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් සාධාරණ ද අසාධාරණ ද, ඔවුන් මෙහෙයවන්නේ කවුද කියාත් සොයා බැලිය යුතුයි. ඒ කුමකින්වත් සිසුන්ට පොලිසියෙන් පහරදීම සාධාරණී කරණය කරන්න බෑ.‘

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් -

‘පොලිසිය අවම භලය භාවිත කළා කිව්වා.  පසුගිය ආණ්ඩුව කළෙත් ඕකයි. මුලින් බැටන් පොල්ල, කඳුළු ගෑස්, ජල ප්‍රහාර, රබර් උණ්ඩ ඉන් පස්සේ වෙඩි උන්ඩ. පසුගිය ආණ්ඩුවක් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරද්දි පහර දුන්නා.

මේ පහර දීම සාධාරණී කරණය කරන්න උත්සාහ කිරීමම හොඳම විහිළුවක්. සිසුන් ආයුධ සන්නද්ධව හිටියේ නෑ. ඉල්ලීම් වෙනුවෙන් පාගමන් යන පිරිසට පහර දීම දැඩි ලෙස හෙළා දකිනවා.‘

නීතීඥ ප්‍රතිභා මහානාමහේවා -

‘1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වැනි පරිච්ඡේදයේ 14 වැනි වගන්තිය අනුව පුරවැසියන්ට භාෂණයේ නිදහස තිබෙනවා. සාමකාමීව රැස්වෙන්න පුළුවන්.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් තිබෙනවා විවියන් ගුණවර්ධන එදිරිව හෙක්ටර් පෙරේරා කොල්ලුපිටිය ස්ථානාධිපති. විලිවියන් ගුණවර්ධන ඇතුළු පිරිස පෙළපාළියක් යද්දි කොල්ලුපිටිය පොලිසිය ළඟින් පෙළපාළිය නවත්වනවා. ඉදිරියට යන්න දෙන්නේ නෑ. පහර දී පෙළපාළිය විසිරවනවා. ඒ ගැන නඩු තීන්දුවේ සඳහන් වෙනවා සාමකාමී පෙළපාළි යා හැකි බව.

පෙළපාළිය සාමකාමී නැති නම් විසිරුවා හරින්න පොලිසියට බලයක් තිබෙනවා. එම බලය අවම බලය විය යුතුයි. අවම බලය අවස්ථාවෝචිතයි.

වැටුණු පසුත් පහර දෙන්න බෑ. එළවා එළවා ගහන්න බෑ. එසේ වී තිබෙනවා නම් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ හැකියි.‘



අදහස් (0)

‘පොලිසිය විහිළු සපයනවා‘

මාගලි ෆොන්සේකා Friday, 30 October 2015 12:30 PM

බලාගෙන දැන් පින්තුර ගත්තු අය... (ර)

:       0       0

ඩොනල් වික්‍රමසිරි Saturday, 31 October 2015 03:21 AM

තමුන්ට වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වැදෙන්න පින නැති නූගත් සම්පත් වැනි අය උගත් සිසුන්ට වෛර කරන බව අපට සිතා ගත හැක (අ)

:       0       0

සාගර Saturday, 31 October 2015 04:04 AM

කමක් නැහැ...යහපාලානේ තියෙනවනේ. (අ)

:       0       0

රොහාන් Saturday, 31 October 2015 06:08 AM

ඩොනල් වික්‍රමසිරි තමන් ගිහින් තියෙන්නේ වැස්සට විතරද?සම්පත් කියපු දේ වරදක් නැති බව පිලි ගන්න. මම හොඳට දන්නා නිසා කියන්නේ මේ වගේ රැලියකට සියයට 75 යන්නේ කිසිම දෙයක් නොදැන.මචන් වරෙන් කිව්වම යනවා අපිත් ගිහින් තියෙනවා බර පතල කම දන්නේ යමක් වුනාට පස්සේ. (අ)

:       0       0

රවී Friday, 30 October 2015 01:28 PM

දැන් කාලයක් යනකන් මේ දේ අල්ලගෙන දගලයි කට්ටියම.(හේ)

:       0       0

සම්පත් Friday, 30 October 2015 01:38 PM

මගී ජනතාව වෙනුවෙන් මේ පාරවල් වහලා උද්ඝෝෂණ කරන,ඒවාට නායකත්වය දෙන කාලකන්නින්ට විරුද්ධව මානව හිමිකම් කොමිසමට යන්න කවුරුත් නැද්ද?මානව හිමිකම් තියෙන්නේ එයාලට විතරද? මිනිස්සු කොතරම් පිඩාවක් කොලඹ නගරයේ මාර්ගයක් ජනාකීර්ණ වෙලාවට අවහිර වුනාම විදිනවද? මුන්ට ගැහුවා මදි මටනම්..(හේ)

:       0       0

සංජීව - හොරණ Friday, 30 October 2015 02:00 PM

හිට්ලර් ගියා. චැප්ලින් ආවා. ලංකාවට ඇඩ්‍රස් නෑ..(බ)

:       0       0

සත්‍යයා Friday, 30 October 2015 02:41 PM

"සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියවූ" කියල වෙන්න ඇති ගහන්න ඇත්තේ...හ්ම්ම් (බ)

:       0       0

සරත් Saturday, 31 October 2015 07:51 AM

මේ සිසුන්ගේ ප්‍රශ්නය බොහෝ කාලයක් තිස්සේ තියන එකක් එකට බැට්ටන් ප්‍රහාර දෙන්න ඕනේ විශේෂයෙන්ම ඉස්සර හිටපු උසස් අධ්‍යපන ඇමති එස්. බි. දිසානායකට. ඔහු තමා උසස් අද්‍යාපන තාක්ෂණ ආයතන විනාශ කරේ. (අ)

:       0       0

රිචි බාලසුරිය Friday, 30 October 2015 03:27 PM

ලංකාවේ පොලිසිය අතීතයේ සිටම කළේ අහිංසක මිනිසුන් වැරදී කරුවන් ලෙස හංවඩු ගැසිම , වැරදී කරු කියා පිළිගන්න තුරු මාරක වද හිංසා කිරීම , එහෙත් රජයේ ලොක්කකු හෝ සල්ලි කාරයකු දුටු ගමන් දෙකට නෙමිලා ඔවුන්ට වැද ආචාර කරලා , ඔවුන් ඉදිරියේ බලු කුක්කන් වගේ සිටීම (බ)

:       0       0

සත්‍යයා Friday, 30 October 2015 04:27 PM

පහර දීම පමණක් නොවෙයි බොරු කීමත් පොලිසියේ රාජකාරියක් කියල පොලිස් කොමිසම හරහා අනුමත කර ගත්තහම මාධ්‍යයට මීට පස්සේ ඕව ගැන කතා කරන්න වෙන්නේ නැහැ. (බ)

:       0       0

චන්න බුවනක Friday, 30 October 2015 04:27 PM

මෙතැන අදහස් දක්වල තියෙන සමහර අය වැස්සකටවත් ඉස්කෝලේ නොගිය කට්ටිය. (බ)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 30 October 2015 04:51 PM

පොලිස් කොමිසමේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා සමග එකතු වී පොලිසියත් මහජනතාවත් අතර සම්බන්ධතාවයේ ගුණාත්මක වෙනසක් කිරීමට කතා බහ කරගෙන පැය ගානක් ගෙවුනා පමණයි. ලංකාදීප පුවත්පත මාධ්‍යය නිදහසක් වෙනුවෙන් මෙන්ම සදාචාර සම්පන්න සිවිල් සමාජයක් ගොඩනංවන්න කරන මෙහෙයෙයි එක උදාර කර්තව්‍යක් මේ සිද්ධිය වාර්තා කිරීමෙන් කර ඇත්තේ. පොලිසියට කරන්න තිබුනේ මාධ්‍යයට දොස් පැවරීම වත් වැටුන ළමයාට පහර දී ඇයව ඔසවා තැබුවා කියන්න වත් නොවේ ජාතිය ව්‍යාසනයට පත්කළ අඳුරු යුගයක් අවසන් කොට ශිෂ්ඨ සම්පන්න රටක් ගොඩ නංවන්න සැවොම සහජීවනයෙන් කටයුතු කළ යුතුව ඇති මොහොතක පොලිසිය මේ අන්දමින් අතීත ආවර්ජනයක යෙදීම අත්තෙන්න්ම ශෝචනීයයි.(රේ)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Friday, 30 October 2015 08:38 PM

දැන් ඉතින් ඔහොම යමුකෝ!! (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 30 October 2015 09:02 PM

චන්න බුවනක, මම ඔබට නවසීලන්තයේ සිට හිස නමා ආචාර කරමි. ප්‍රංශයේ, රුසියාවේ හා ඇමරිකාවේ පවා විශ්ව විද්‍යාල සිසු කලබල වලදී පොලිසිය ඉතා සංයමයෙන් ක්‍රියා කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3022 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 34 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 96 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 115 0


බටහිර අනුරාධපුර අනුරට
2024 සැප්තැම්බර් මස 22 186 0


ගිනිඅවියයි උණ්ඩ 60 ඡන්ද පොලේ දාලා ගිය කොස්තාපල්ට වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 22 73 0

මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී භාරයේ තිබූ ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 60 ක් රාජකාරී ස්ථානයේ දමාගිය කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14662 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 228 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site