IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පොලිසියට පාට් දැමූ 4 ක් අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි)

අලවතුගොඩ ප්‍රදේශයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකු පරීක්ෂා කිරිමට යාමේදී පොලිස් රාජකාරීයට බාධා කළ සැකකරුවන් 4 දෙනකු අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  කෝවකලගල ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 18 ත් 53 ත් අතර පසුවන සිවුදෙනකු බව පොලිසිය පවසයි.

අලවතුගොඩ පොලිසියට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරික්ෂකවරයකු ඇතුළු නිලධාරීන් 4 දෙනකු වැටලීම් රාජකාරියේ යෙදී සිටියදී අලවතුගොඩ ප්‍ර දේශයේ කොනකලගල ප්‍ර දේශයේ සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි සැකකරුවන් දෙදෙනකු පරීක්ෂා කිරීමට යාමේදී එම සැකකරුවන් පොලිස් නිලධාරීන්ට සමග බහින්බස්වීමක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

පසුව ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට දැනුම්දීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට යන අවස්ථාවේදී පුද්ගලයන් 30 ක් පමණ එම ස්ථානයේ රැස්ව සිට ඇති බව පොලිසිය පවසයි.

එහිදී ඔවුන් පොලිසියට විරෝධය දක්වමින් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව එහි සිටි පුද්ගලයන් සිවු දෙනකු සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය කියයි.



අදහස් (1)

පොලිසියට පාට් දැමූ 4 ක් අත්අඩංගුවට

ජයනාත් Friday, 26 July 2024 01:17 PM

සත්‍ය සිද්ධිය මෙකක් වුනත් සාමාන්‍ය ජනතාව නීතියට අවනත වෙන්න ඕන . පොලිසිය තමන්ගේ නිල ඇඳුමින් අනවශ්‍ය ප්‍රයෝජන නොගත යුතුයි.

:       0       41

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 609 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 495 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1728 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site