එජාප මන්ත්‍රී රංගෙ බණ්ඩාරගේ හෝටලයට වෙඩි තැබූ පිරිස අද අලුයම වෑන් රියකින් පැමිණි බව පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ. පොලිසිය හා පොලිස් මුරපොළක් ආසන්නයේදී මෙම ප්‍රහාරය එල්ලවී ඇතැයිද ටී56 තුවක්කුවකින් හෝටලයේ වීදුරුවලට වෙඩි තබා ඇතැයිද කියති. තබ්බෝව වැව සමීපයේ මේ හෝටලය පිහිටියේය. පෙරදිනයේ රංගෙ බණ්ඩාර හා කරුවලගස්වැව ප්‍රාදේශීය සභාපති නීල් වීරසිංහ අතර ගැටුමක්ද හට ගත්තේය. රංගෙ බණ්ඩාරගේ උපන් ගමද කරුවලගස්වැව සමීපයේ පිහිටියේය.
වෙඩි තැබීමෙන් හෝටලයේ කිසිවකුටත් තුවාල සිදුවී නැති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගැන කතා කරලා වැඩක් නැහැ (දී)
ඊයේ සිද්ධිය වහ ගන්නද?ෆොන්සේකා මහත්තයට ඌවේ සිදුවුන පරාජය හමුවෙ ලඟ හිටපු උදවු කරුවන්ට නැවත තමන්ගෙ පක්‍ෂ වලට යන්න සිදධ වෙලා තියෙන්නෙ සද්ද දාගෙනම වගෙයි.නැත්තම් අල්ලපු අත්තත් නැහැ. පය ගහපු අත්තත් නැහැ. (ස)
ආරක්ෂාව ඇතිවනේ දැන් වෙඩි වදින්නේ. (ස)
එහෙමනම් ඉතින් ගිහින් පොලිසියට හොඳ හූවක් කියල එන එකයි තියෙන්නේ. (දී)
බන්දුල පෙරේරා. (ස)
පොලිසිය ළඟයි කියලා ඒ මිනිස්සු මොනවා කරන්නද? ඒ මිනිස්සු ඉන්නේ රස්සාව කරන්නනේ (නි)
නිශාන්ත, විකාර කතා කියන්න එපා. (නි)
අනේ මන්දා මේවා! (නි)
පොලිසිය තිබිල මොකටද? පොලිසිය ඇතුලේ දේශපාලකයෝ ගහ ගන්න කොට. ගුටි කාපු එකා උසාවියට ගියා. ගහපු එවුන් අල්ලපු බවක් අහන්නවත් නැහැ. මේකත් එහෙම තමයි. ඕවට රාජකාරි කරන්න ගිහින් මොකටද රස්සාව නැති කරගන්නේ කියල රාළහාමිලා පැත්තකට වෙලා ඇති. මතකනේ දඩ කොලේ දීපු රාලහාමිට වෙච්ච දේ. (දී)