රථ වාහන වැරදි කළ රියදුරන්ට දඩ කොළ වෙනුවට වේදිකා නාට්‍යයක ටිකට් පත් අලෙවි කළ සිද්ධියක් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිසියකින් අද (17) වාර්තා විය.
ප්‍රදේශයේ රංග ශාලාවක ප්‍රදර්ශනය කිරීමට නියමිත වේදිකා නාට්‍යයක ටිකට් පොත් කිහිපයක් විකුණා දෙන්නැයි එම පොලිසියේ ස්ථානාධිපතිවරයා රථවාහන අංශයේ නිලධාරීන්ට ලබා දී ඇත.
ඒ අනුව රථවාහන අංශයේ නිලධාරීන් ඊයේ (16) සහ අද (17) රථවාහන වැරදි කරන රියදුරන් හට දඩ කොළ වෙනුවට එම ටිකට් පත් අළෙවි කළ බව පොලිස් ආරංචි සඳහන් කළේය.
පොලිසිය අලෙවි කළ ටිකට් පතක වටිනාකම රුපියල් දහසකි.
උසාවි ඉදිරිපත් කළ යුතු වරදක් හෝ වැඩි දඩ කොළයක් නිකුත් කළ යුතු වරදක් රියදුරකු කළේ නම් ඒ වෙනුවට ටිකට්පත අලෙවි කළ බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ථානාධිපති ඇතුළුව සියලුම නිලධාරීන්ට විරුද්ධව විනයානුකූල පරීක්ෂණයක් පැවැත්වුවහොත් හොඳනැද්ද.පොලිස්පතිතුමනි මාධ්‍යප්‍රකාශ තුමනි.මෙම ක්‍රියාව සම්පුර්ණයෙන්ම නීතිවිරෝධීනේද?(අ)
ලැජ්ජයි පොලිසිය ගැන (නි)
මටත් ඔය වගේ වැඩක් උනා නිට්ටඹුවේ පොලිසියේදී. මමත් ගියා රට යන්න පොලිස් වාර්ථාවක් ගන්න. ඉක්මනට වාර්ථාව ගන්න නම් මටත් දුන්නා රුපියල් අටසීයට දඩ කොලයක්. මමත් ගෙවලා ආවා 2008 අවුරුද්දේ මේක උනේ (නදී)
? (ස)
මේ ගොල්ල පොලිස් කියන වචනය ඉංග්‍රීසියෙන් හැදුනු හැටි සහ වචනවල තේරුම නොදන්නවාද ,නැතිනුම් අමන කමද? (ස)
මෙහෙම දෙයක් අපේ පැත්තෙත් වුණා (නි)
රථවාහන නීති ක්‍රියාත්මක කෙරෙන අත්තනෝමතික ක්‍රමය මේ ප්‍රවෘත්තියෙන්වත් පෙනෙන්නේ නැද්ද? (නි)
වේදිකා නාට්‍යයේ නම රථ ගාය වෙන්න ඇති (නි)
මේක නිතරම සිද්ධවෙන වැඩක් මහත්වරුනි. හඳුනන හෝ වෙනත් ලෙන්ගතුකමක් තිබෙන නාට්‍යකරුවෙකුට පොඩි තල්ලුවක් දෙන්න ඕනෑ වුණාම කරන දෙයක්. රියදුරන්ට නම් ඉතින් කාට දුන්නත් එකයි. ලංකාණ්ඩුවට තමයි පාඩුව. (නි)
මොකක්ද අදාළ පොලිස් ස්ථානය? (නි)
ලංකාදීපෙට බොහොම ස්තුතියි. අපේ ප්‍රකාශකතුමා මේවා ගැන මොකද කියන්නේ? (නි)
ලොක්කෝ මිලියන වලින් ටිකට් කඩනකොට සොක්කෝ දහසින් බැඳී පියල්ලෙන් ටිකට් කැඩුවම මොකෝ. (නි)
හොඳ වැඩක්....(අ)
දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ... මාර දඩයක්නේ .. ගම්පහ රංගන ශාලාවක ටිකට් පතක් 1000 /= ක් නම් නෙලුම් පොකුණේ ටිකට් පතක් 10,000/= ක් වත් වෙයිනෙ බොලේ ! (ස)
මොන ආඥා පනතින්ද එ්ක සම්මත කරලා තියෙන්නේ ? (අ)
ලේන්සුවක් එලාගෙන හිඟා කන්න .මීට වැඩිය හොඳයි .(අ)
වේදිකා නාට්‍යයේ නම බල්ලොත් එක්ක බෑ නේද? (අ)
රජයට ලැබිය යුතු ආදායමක් නො ලැබී යාමට සැලැස්වීම සම්බන්ධයෙන් මෙසේ කිරීම වරදක්. මේ සම්බන්ධයෙන් පොලිස් මාද්‍ය ප්‍රකාශක තුමාගේ අදහස කුමක්දැයි විමසමු. (නදී)
නියමයි ශ්‍රී ලංකා පොලිසිය (නදී)
පොලිස් ප්‍රකාශකතුමා නැහැ කිව්වට පොලිසියේ පුණ්‍ය සෝමෙල ඉන්නවා. (ස)
අනේ මෙහෙම රටක් නීතියක්(දිල්)
මෙවන් පොලීසියට උසස් වීම් ලබාදිය යුතුය. (නදී)
කෝ මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා. මොනවා හරි කියන්නකෝ (නදී)
මම නම් කියන්නේ අව්ලක් නැහැ එහෙම කරපු එක හොදයි. පොලිසියටත් ජනතා සුබසිද්ධිය වෙනුවෙන් පාරේ දුවන මගමරුවන් පාලනයට ගෙනා අලුත්ම පනත් හකුලාගන්න උන එකේ මේක හොද උපාය මාර්ගයක්. තව තවත් නාට්‍යම පෙන්වන්න ජනතාවගේ ජිවිත බේරගන්න මේවා පුද්ගලික බස්වලටම දෙන්න. (නදී)
මේක පත්තරේ දාන්න දෙයක් නොවෙයිනේ (ස)
අරයා මේක දන්නේ නැතිව ඇති. දැනගත්තොත් මොනවා කරයිද ? මොනවා කියයිද ? (ස)