ආසන පටියක් නොපැළ ද යතුරු පැදියක් ධාවනය කිරීම වරදක් සේ සලකා අධිකරණයේ පෙනී සිටින සේ ඉල්ලා ගාල්ල හවුපේ බදු වත්තේ ප්‍රනීත් සිසිර කුමාරට සිතාසියක් ලැබී ඇත.
2014 මැයි 29 වැනිදා නිකුත් කැර ඇති එම සිතාසිය අනුව ලබන 30 වැනිදා පෙරවරු 8.30 ට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටින ලෙස නියෝග කැර ඇත.
රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදිය ධාවන කිරීමේ වරදට තමාට රුපියල් 2500 ක දඩයක් නියම වු බවත් එම දඩය මැයි මාසයේදී ගෙවු බවත් ඔහු කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල මොනවා හරි කියන්නකෝ අපිට ආතල් එකක් ගන්න. (නදී)
ලංකාව විසුළුපුරයක් කරන්නේ වගකිවයුත්තන්ම නේද? (නි)
ඔය කියන්නේ අර යතුරුපැදියේ පිටුපස ලගේජ් එකේ තියෙන බඩු එහෙම ගැටගහගෙන යන ඉලාස්ටික් පටිය ගැනනේ! (නි)
වැරදි ගොඩයි. මේ අංකයෙන් යතුරුපැදි නැහැ නේද? (නි)
නඩු දාන්න ඕනෑ බලනකොට පොලිසියටනේ! (නි)
මේ දඩ කොලය ලියපු,අත්සන් කළ අය වාහන දැකලා නැති ඇමසන් වනාන්තරයෙන් ආ අයද? (නි)
මේ වාහනයේ අංකය බලන්නකෝ. ඒක බර වාහනයක එකක් (නි)
නුසුදුස්සන් වැඩම දැමූවිට මෙහෙම වෙන බව මගේ අදහසයි (නි)
නැහ නැහැ. පොලිසියෙන් බෙදුවට ඕක වෙනස් කරන්න පොලිසියට බැහැ. මොකද මේක උසාවි නියෝගයක් (නි)
අනේ මෙහෙමත් විකාර! (නි)
මේ සිතාසියක්. මේක ලියන්නෙ උසාවියෙන්. හැමදාම පොලිසියට බනින්න එපා. (නි)
සිතාසි ලියන්නෙ උසාවියෙන් පොලිසියට බනින්න එපා (නදී)
නඩුව විභාගයට ගන්න අවස්ථාවේ උසාවිය මේ සම්බන්දව ක්‍රියා කරන ආකාරය දැන ගැනීමට පාඨක අපි දැඩි කැමැත්තෙන් සිටිමු. (නදී)
පොලිසිය කරන වැඩේ එක්ක බැලුවම ඕව අමුතු දේවල් නම් නෙමයි (නදී)
එන් ඩබ්ලිව් වාහන මන් දන්නා විදියට ලංකාවේ නැහැ. ආසන පටි තියෙන බයසිකලුත් නැහැ. (නදී)
එතකොට වරද කාගේද? පොලිසියේද? උසාවියේද? යතුරුපැදිකරුගේද? (නි)
ලංකාව මෙච්චර දියුණුයි කියලා හැමෝම දැනගත්තේ අද? සුබ අනාගතයක්! (නදී)
මම නම් අද ඉදලාවත් බයික් එකේ යද්දී සීට් බෙල්ට් එකක් ගෙන යනවා. පුලුවන්නම් ලියන්නකෝ දඩ කොළ (නදී)
එන්.ඩබ්ලිව් වලින් කොයින්ද යතුරු පැදි? (නදී)
මෙවන් අයුරින් වැඩ කරන පොලිසියේ මහත්තුරුන්ට මගේ උත්තමාචාරය (නදී)
පොලිසියේ පටි රෝල් (නදී)
පසු ගිය කාලය පුරාම සුළු දක්ෂ අවංක පොලිස් නිලදාරීන් කිහිපයක් හැරුනම අනික් පොලිස් දෙපාර්තමේන්තුවම කලේ විහිලු. පොලිසියත් දේශපාලනීය වෙලා නිසා අවංක සේවයක් බලාපොරොත්තු වන්නට බැහැ (නදී)
සුනිල් පෙරේරා මහත්තයාගේ සිංදුව මතක් වෙනවා. මේ ඔක්කෝටම පිස්සු (නදී)
සිතාසි දෙන්නේ පොලිසිය නෙමේ උසාවිය (නදී)
එස්.පී එන්.ඩබ්ලිව් 6571. මේක බස් නොම්මරයක්. බොරුවට පොලීසියට මඩ ගහන්න එපා. අනික දැන ගන්න සිතාසි ලියන්නේ පොලිසියෙන් නෙමෙයි උසාවියෙන්. මෙක උසාවියේ සිතාසිය ලියපු නිලධාරියාගෙන් වූ අඩුපාඩුවක්. වැරදි අඩුපාඩු අපි අතිනුත් වෙනවනේ. ඔය යුනිෆෝම් 1 ඇතුලෙත් ඉන්නේ අපි වගේම සාමාන්‍ය මින්ස්සු. (නදී)
සිතාසිය ලියන්නේ පොලිසියෙන් නොවේ. ඕක උසාවියේ සිතාසි ලියන කෙනාගේ අත් වැරදීමක් වෙන්න ඇති. (නදී)
කමක් නෑ අපි යුද්දේ දින්නනේ (නදී)
එන්.ඩබ්ලිව් තාම පටන් අරගෙනත් නැහැ. (නදී)
අමුතු මානසිකත්වයකින් පෙළෙන අයෙක්ද මෙහෙම නඩු දාලා තියෙන්නේ? (නි)
විශ්වයේම ආශ්චර්ය...අනේ අපේ රට බල්ලට ගිහින් (නදී)
මටත් දැනට අවුරුදු 3 කට කලින් සිතාසියක් එව්වා නොකරපු වරදකට (නදී)
දෙයියෝ සාක්කි. (නදී)
මුන්ට පිස්සුද? නැත්තන් අපිට පිස්සුද එහෙමත් නැත්නම් කාටද පිස්සු (නදී)
ලොකුම හිනාව. බයික් වලට කොහෙන්ද ආසන පටි. (නදී)
නඩුව දැමූ රාළහාමිට මීටපස්සේ එයාගෙ යතුරුපැදියට ආසන පටියක් සවිකරගන්න නියෝග කරමු (නි)
මේ පැමිණිල්ල ලියපු පොලිස් මාමා බොන්නේ මොනවද දන්නෙ නැහැ.සේවය අගයලා තරුවක් දෙන්න වටිනවා. (නි)
පොලිසිය කරන වැඩත් එක්ක බැලුවම ඕක මොකක් ද (නදී)
ඉනේ පටියක් දමා ඉන්න නැතුව ඇති. (නි)
තමන්ගේ වටිනා කාලය නාස්ති කිරීම ගැන වන්දියක් ඉල්ලන්න (අ)
ඔය රජයේ තැන් වල ඉන්නේ හොදට රාජකාරිය දන්නා ඉගෙන ගත්තු අයනේ එකයි ඔයා නොදන්නා වුණාට අනේ (අ)
අලුත් නීතියක් හදලද දන්ණෙත් නැහැ. මොකද නීතියක් වෙනස් වෙනකොට මහජනතව දැනුවත් කිරීමක් අපෙ රටෙ සිදුවෙන්නෙත් නැහැනෙ. අනිත් රටවල් එක්ක සසඳනකොට අපෙ රටෙ තියෙන්න වසි අතට හරවන්න පුලුවන් නීති පද්ධතියක්. දැන් ඔය සිදු වැරැද්දටත් මොනවා හරි දෙයක් කියල එයලට වාසි විදියට හරවයි..(අ)
අලුතෙන් නීතියක් හදන්නට පාපැදි වලට හෝ මෝටර් සයිකල් වලට ආසන පටියක් නැහැ , ඉතින් මේවා විහිලු , මෙම නඩු අහන විනිසුරුවරුණත් විහිලුකාරයන් වනවා , අහිංසකයන් රස්තියාදු කිරීම (අ)
නිකනුත් පටි තද කරගන්න සිද්ධවෙලා තියෙන කාලේ ඕක මොකද්ද? (නි)
නඩු, නඩු පාරේ බැහැලා යන්න බැහැ පොලිසියෙන් හැංගිලා ඉදලා වැරදි හොයනවා. (නදී)
එන් ඩබ්ලිව් සීරිස් එකේ යතුරුපැදි ගාල්ලේ තියෙනවද දන්නේ නැහැ නේද? (නි)
මේ පොලිස් කාරයා ගෙදර යවන්න (නදී)
යතුරුපැදියක් කියා ලියා තිබුනට නොම්මරය බර වාහනයක වගේ. පොලිසියට අකුරු අමතක වෙලා (නදී)
තව අවුරුදු කීපයකින් අපිට ගෙදරට බිලක් එවයි අර ලයිට් බිල එනවා වගේ ඉහලට ගන්න හුස්ම ටිකට බද්ද ගෙවන්න කියලා. ගෙව්වේ නැති උනාම අපි හැමෝටම උසාවියෙන් දඩය ගෙවන්න සිතාසි එවයි ගෙදරට. බුදු හාමුදුරුවනේ අපි ගොඩාක් අසරණයි වගේ මට දැනෙනවා. (නදී)
ඔව් නිකම් අරින්න එපා. වන්දි ඉල්ලන්න. අපහාස නඩු දාන්න පුලුවන් හැමදේම කරන්න (නදී)
අපේ පොලීසිය ඔහොම තමයි. මගේ බයිසිකල් එකේ කොම්පැනියෙන් හදල එවපු කොටසකුත් ගලවන්න කිව්වා (නදී)
මේ ඔක්කොම කරන්නේම පිස්සු (නදී)
මේ පාලන ක්‍රමය වෙනස් කරන්න කාලය ඇව්ත්ලා වගේ. සෝහිත හිමියන් කිව්වේ මොනවද කියා හිතන්න කාලය ඇවිත් (නදී)
පොලීසිය බල්ලට ගිහින් නොවෙයි බල්ලෝ පොලිසියට ගිහින් (නදී)
පොලිසියෙ යතුරුපැදි වලට ආසන පටි ඇති. ඒකයි මේ ආශ්චර්ය (නි)
අයියෝ! මේක මහ ලොකුවට ගණන් ගන්න එපා කවුරුවත්. නිසැකවම පොඩි අත්වැරදීමක්. මේකම පෙන්නුවම පුළුවන් උසාවියේදී මේ මනුස්සයාට නඩුවෙන් නිදහස් වෙන්න. (නි)
පොලිසිය සාවද්‍ය චෝදනාවක් ගොනුකලා කියල පොලිසියට විරුද්ධව වන්දි ඉල්ලලා නඩුවක් දැම්මා නම් නියමයි (නදී)
මේක ලියපු කෙනා වැස්සටවත් පාසල් ගිහිල්ලා නැද්ද? (නි)
අත අරින්න එපා මචන් දාපන් කෝටි තුන හතරක් ඉල්ලලා නඩුවක් (නදී)