(අජිත්ලාල් ශාන්තඋදය )
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් පත් කිරීම සම්බන්‍ධයෙන් වූ දිස්ත‍්‍රික් කමිටු තීරණයන්ට පටහැනි වෙමින් එක්සත් ජාතික පක්‍ෂයේ සහාය ද ගෙන රත්නපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාගැනීමට පක්‍ෂ නායකත්වයට බලපෑම් කළ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි සහ සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න යන දෙදෙනා ඇතුලූ පාවාදුන් අයට එරෙහිව වහාම ඉතාම විනිවාදභාවයෙන් පෙනෙන පරීක්‍ෂණයක් පවත්වා පොහොට්ටුව පිරිසිදු කර දෙන මෙන් පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන අයතන මන්ත‍්‍රීවරු පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලා සිටියහ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතරය හිමි රත්නපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස එම පක්‍ෂයෙන් නම් කළ නියෝජිතයාට අහිමි කිරීම, උප නගරාධිපතිධූරය එක්සත් ජාතික පක්‍ෂයට ලබාදීමට ක‍්‍රියා කළ පොහොට්ටුවේ සියලූ දෙනාට එරෙහිව විනය පරීක්‍ෂණයක් පවත්වා තීන්දුවක් දෙන බවට වූ පොරොන්දු දින වකවානු ගෙවී ගියත් එය සිදු නොවීම සම්බන්ධයෙන් දැනුවත් කිරිමට ඊයේ (29) මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
සබරගමු පළාත් සභාවේ හිටපු සමාජ සුබසාධන අමාත්‍ය රංජිත් බණ්ඩාර මහතා රත්නපුර මුද්දුව නිවසේ දී මෙය පැවැත්විණි.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පවිත්‍රාට - කංචනට එරෙහිව විනය පරීක්ෂණයක් ඉල්ලති
mahinda Sunday, 29 April 2018 06:35 AM
බොහොම හොඳයි. ඒ වගේම අනිත් සමහර සභාවල වැඩි මන්ත්‍රී ආසන එජාපෙ අරන් තියනකොට පොහොට්ටුව සල්ලි වලට අරගෙන කරපු පත්කිරීම් එහෙමත් හොයලා ජනතාවට කියන්න.
sahan rathnayaka Sunday, 29 April 2018 07:03 AM
මේ ගොල්ලන්ට කිරි කලේට ගොම නොදා ඉන්න බැරි නම් මහින්ද මහත්තයෝ මොනවා හරි කරන්න. ඔබතුමාලා වැඩ කරන්නේ රට වෙනුවෙන් කියලා හිතලා. අපි ලංකාදීපයේ කතා කරනකොට මේ අමන වැඩ දැක්කම අපේ කටවල් මින්පස්සේ ඇරෙන එකක් නැහැ.
කමල්Sunday, 29 April 2018 10:44 AM
තේරෙන්නේ නෑ. කිරි කලේ කිව්වේ මොකක්ද?
sam Sunday, 29 April 2018 07:31 AM
ගම් සභාවේ ඉඳලා පාර්ලිමේන්තුව දක්වාම, බලය ලබාගැනීම සඳහා කරන බලුපොරය නිසා ලංකාවේ දේශපාලනය බල්ලට ගිහින් කියලා කීම නිවැරදියි.
Hafeel Sunday, 29 April 2018 08:07 AM
මෙතන අච්චාරුවක්නේ.. පවිත්‍රා නියෝජනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා. නමුත් විනය පරීක්ෂණය ඉල්ලන්නේ පොහොට්ටුවෙන්. අපේ රටේ වර්තමාන ජනාධිපති ඇතුළු පාර්ලිමේන්තුව, පළාත් පාලන ආයතනවල් සහ දේශපාලන පක්ෂවල් සේරම විහිළුවක් තමයි.
Gil pappa? MooSunday, 29 April 2018 09:54 AM
ගෙදරට වැඩට ගන්න කොට ගෘහමූලික අයිතියක් තියෙනවා.... ආරක්ෂක නිලධාරී තීරණයට යටත්වීමට...
erdi Sunday, 29 April 2018 10:23 AM
මේ වගේ හරක් අපිව පාලනය කරන රටක ඉපදීමත් පවක්... බහුතරයක් රටේ මිනිස්සුන්ගේ කැමැත්ත එක එක්කෙනාට කඩේ යන එක... ඔය දේශපාලනය කරන අයගේ වුවමනාව ජනතාවට සේවය කිරීමට නම් ඕක ඇතුලෙත් මොකටද? ඡන්ද බහුතර බලය පිහිටුවා ජනතාවට සේවය නොකර...
s.shiha Sunday, 29 April 2018 01:02 PM
ඔවුන් පමණක් නොවෙයි පොහොට්ටුවේ සියලු දෙනාටම...
rocky Monday, 30 April 2018 02:13 AM
කමල් ළමයෝ. කිරි කලේ දැන් නැහැ. දැන් කාලෙ කරන්නේ ගොම කලේට කිරි දැමිල්ල! කිරිත් දැන් ඉස්සර වගේ නෙමෙයි ලාටු වගේ ඇලෙනවා .. රබර් කිරි !.
Bamunuarachchi Monday, 30 April 2018 04:10 PM
මිනිස්සුනේ මේක තේරුම් ගනිල්ලා මේ පක්ෂ දෙකේම ලොකු ඩීල් එකක් තිබෙනවා. මුන්ට රැවටෙන්න එපා