IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


‘පුවර්ටෝ රිකෝ’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලිය නිලූක කරුණාරත්න රන් පදක්කම දිනයි

දකුණු ඇමරිකාවේ රාජ්‍යයක් වන පුවර්ටෝ රිකෝ’හි පැවැති ‘පුවර්ටෝ රිකෝ’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ (2011) පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න අද (7) සමත්විය. අන්තර්ජාතික බැඞ්මින්ටන් සම්මේලනයේ තරග කාලසටහනට වාර්ෂිකව ඇතුළත්වන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගත් පළමු අවස්ථාව මෙයවේ. පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී  ඕස්ටි‍්‍රයාවේ ක‍්‍රීඩක මිචෙල් ලොන්ස්ටිනේ පරදවා නිලූක තරග වට 2-0 ක පහසු ජයක් ලැබීය. එහිදී ලකුණු තත්ත්වය 21-18, 21-15 ක් ලෙස සටහන්විය. නිලූක හමුවේ පරාජය ලැබු මිචෙල් ලෝක බැඞ්මින්ටන් ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ 56 වැනි ස්ථානයේ සිටින ප‍්‍රබල ක‍්‍රීඩකයෙකි. මිචෙල් මෙම තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ශ්‍රේණිගත කිරීමේද පළමු ස්ථානයේ සිටියේය. නිලූක අවසන් පුර්ව තරගයේදී ජැමෙයිකාවේ ගේ‍්‍රත් හෙන්රි (21/11, 21/14) ක් ලෙස පරදවා අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය. සත්කාරක පුවර්ටෝ රිකෝ, ඇමරිකාව, ඊශ‍්‍රයලය,  ඕස්ටි‍්‍රයාව, ඉතාලිය, බ‍්‍රසීලය, මෙක්සිකෝව, ඉන්දියාව, ඉරානය, කැනඩාව, ඉන්දුනීසියාව, ග‍්‍රීසිය වැනි රටවල් රැුසකින් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ මෙම තරගාවලියට සහභාගිවුහ. ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක පසුගියදා පැවැති 59 වැනි ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී ත‍්‍රිත්ව ශූරතා දිනා ගැනීමට ද සමත්විය. මෙම තරගාවලියට චන්ද්‍රිකා ද සිල්වා සහ ලසිත මේනක ද සහභාගිවු අතර ඔවුන් කේවළ ඉසව්වේ දෙවැනි වටයේදී පරාජයට පත්වුහ. නිලූක මෙම තරගාවලියෙන් පසුව යුරෝපයේ පැවැත්වෙන තරගාවලි දෙකකට ද සහභාගිවීමට නියමිතය.



අදහස් (0)

‘පුවර්ටෝ රිකෝ’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලිය නිලූක කරුණාරත්න රන් පදක්කම දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මලින් පීරීගිය නුවරඑළිය වසන්තය
2025 අප්‍රේල් මස 19 704 0

නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.


ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා
2025 අප්‍රේල් මස 19 2217 0

මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය


පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි
2025 අප්‍රේල් මස 19 552 0

පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද


දළදා වඳින්න අද මහ සෙනඟක්
2025 අප්‍රේල් මස 19 571 0

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.


එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට
2025 අප්‍රේල් මස 19 282 0

අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.


හාලිඇල දුම්රියපළ පාර ජලයෙන් යටවෙයි
2025 අප්‍රේල් මස 19 520 0

හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site