උඩුගම හෝමදොළ දී පියා දියණිය හා පුතකු කපා කොටා ඝාතනය කිරීමට වරදකරුවන් වූ දෙදෙනකුට දකුණු පළාත් බද මහාධිකරණ විනිසුරු පද්මා හේමා පලිහක්කාර මහත්මිය විසින් අද (29) මරණ දඬුවම් නියම කළාය.
මතුගම වතු අධිකාරි එන්.ඒ.පී.ප්‍රේමසිරි හා දාඹුර හේවගේ සරත් යන දෙදෙනාට මෙලෙස මරණ දඩුවම් නියම කැරිණි. 2012 පෙබරවාරි මස 12 වැනිදා උ උඩුගම හේමාදොළ දී කකුලෙ විතානගේ විතානගේ සුනිල් ජයවීර (41) නිසංසලා ජයවීර (13) හා ශෙහාන් හර්ෂජයවීර (11) මරා දැමීයැයි ශ්‍රී ලංකා දණ්ඩ නීතී සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ ඔවුන්ට දඬුවම් නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මරණ දඬුවම් කීවට ටික කලකින් නිදහස් වෙනවා. එ්ත් ඉතින් දිට්ට ධම්ම වේදනීය කර්මයෙන් නම් නිදහස් වෙනවා බොරු.(නදී)
උසාවියෙන් දඩුවම් නියම කලාට වැඩක් නැහැ ක්‍රියාත්මක කරන්නේ නැත්තම්. අතිගරු ජනාදිපතිතුමනි ඔබතුමන් මරණිය දණ්ඩනයට අත්සන් නොකරන නිසා එල්ලුම් ගස ක්‍රියාත්මක නොවන බව මා අසා ඇත. ඔබතුමන් එලෙස කරන්නේ සිදුවන පාපය ගැන සිතා නම් රටේ සිදුවන දුෂණ වංචා නිසා ඔබට කොතරම් පාපයක් සිදුවන බව සිත බැලුවාද? (නදී)
මරණ දඩුවම දීලා මදි උල තියලා මරන්න ඕනි (නදී)
මම නම් දිවා රෑ මා අදහන ආගම සිහිකරලා කියන්නේ එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කිරීමට වගකිවයුත්තන්ගේ නුවණැස පෑදේවායි කියලයි. (නි)
සාධාරණ නඩු තීන්දුවක් , තරාතිරම නොබලා ලොකු කම නොසලකා ,හරියට නිතිය කරපු විනිසුරු වරියක් (දිල්)
දේශපාලන සම්බන්ධයක් නැතුව ඇති (නි)
උල තියල මරන්න ඕන (අ)
අවුරුදු දෙකකින් තීන්දුව දීම පුදුමයක් .මේ මිනිස්සු පොඩි ළමයි දෙන්නෙකුත් මරල තියෙන්නේ මොන වරදක් කරලද?තීන්දුව ඉතාම හොඳයි. (අ)
ඔය කට්ටියම මේ ලෝකෙට ආවේ ඔය විදියට ආපසු යන්නද? (අ)
තීන්දුව ඉතාම හොඳයි. (අ)
මෙම සිද්ධිය සිදුවූයේ 2002 පෙබරවාරි 12 වනදායි.අවුරුදු14ක් වෙනවා (අ)
කුමා ඉතින් මොකෝ (අ)
කුමා 2012 ඉඳල අදට අවුරුදු 14 ක්ද? මොන ඉස්කෝලෙටද ගියේ ? මිනී මරුවන් හැමෝටම මේ තීන්දුව තමා හරි. (ස)