චීනයේ හා ශ්‍රී ලංකාවේ ජනපතිවරුන් හමුවේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික කලා මාධ්‍ය අතර සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමට ගිය සංස්කෘතික ඇමති ටී.බී.ඒකනායක මහතා ගේ පාවහන් දෙකේ අඩිය ගැලවී තිබුණත් ඒ බව ගණනකට නොගත් ඇමති එම ගිවිසුමට අත්සන් තැබීය.
චීනයේ හා ශ්‍රී ලංකාවේ ජනපතිවරුන් හමුවේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික කලා මාධ්‍ය අතර සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමට ගිය සංස්කෘතික ඇමති ටී.බී.ඒකනායක මහතා ගේ පාවහන් දෙකේ අඩිය ගැලවී තිබුණත් ඒ බව ගණනකට නොගත් ඇමති එම ගිවිසුමට අත්සන් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙකක් නෑ, ෂුවර් එකටම චීන සපත්තු කුට්ටමක් වෙන්න ඇති (දිල්)
අනේ පව් පාවහන්දෙකක් ගන්න වත් සල්ලි නැතුව ඇති ...කවුරු හරි දානපතියෙක් උදව් කරන්න මෙතුමාට (අ)
පව් මෙයටත් අර ලක්ෂ එකහමාරේ සෙට් එකක් ගන්ඩනේ තිබුනේ, එහෙමෙ නැත්ටම් එදා කොල්ලුපිටියේ දුවපු පාරේද දන්නේ නෑ අඩිය ගැලවුනේ . (අ)
ඉතින් ඔය පාවහන් ගලවල දාලා ගියානම් ඉවරයිනෙ.විලි ලැජ්ජාව බෑ ඕක දැන් චීනයේත් නිව්ස් වලට පෙන්නයිද දන්නෑ .මෙච්චර දවසක් ඕක හදාගන්න දැකල නැද්ද? අලුත් එකක් ගන්න සල්ලි නැති කෙනෙක් නෙවෙයිනෙ. (අ)
අනේ අසරණ ඇමතිතුමා..කව්ද කියන්නේ අැමතිවරු රජ සැප විදිනබව. (අ)
චීනයේ හදපු සපත්තු දෙකක් වන්න පුළුවන්. මේඩ් ඉන් චීන (අ)
මට නම් හිතාගන්න බෑ . මේක හිනා වෙන්න වත් අඩන්න වත් ඕනි දෙයක් නෙවේ එත් . කොටි ගණන් වියදම් කරන ඇමති වරු අතරේ මෙහෙම දෙයක් දැක්කම . ඇමතිතුමා මේ කරන්නේ රඟපෑමක් නෙවේ නම් අපේ රටට ඕන මෙහෙම ඇමතිවරු තමා (අ)
ගානක් නෑ. ඇහුවනම් දෙන්න තියෙන්නේ සරල උත්තරයක්. "මේඩ් ඉන් චයිනා" !!. මොකෝ නෑ කියන්නද? ඕනෙම නම් නොරොච්චෝලේ එක්ක ගිහින් තව ඒවා පෙන්නන්න පුළුවන්නේ. (අ)
මෙන්න තවත් ආශ්චර්යක් ! (දිල්)
මමත් ඉදුනිල් සමග එකග වෙනවා.. රගපෑමක් නොවේ නම් මෙතුමා උතුම් පුද්ගලයෙක්... ඒ වගේම වටිනා අමාත්‍යංශයක් තම ලැබිල තියෙන්නේ.. ඒ මගින් රටට ජාතියට යහපතක් කරයි කියල බලාපොරොත්තු වෙනවා (දිල්)
මේකේ ප්‍රතිචාර දමන බොහෝ දෙනෙකු චීන නිෂ්පාදන අවතක්සේරු කර තිබුණට .අද ලෝකයේ සේම රටකම පාවිච්චි කරන්නේ චීන නිෂ්පාදන , විශේෂයෙන් යුරෝපය සහ ඇමරිකාව , චීන නිෂ්පාදන ප්‍රමිතියෙන් ඉතා උසස් ඉන්දියන් නිෂ්පාදන වලට වඩා , සමහර අනුකරණ නිෂ්පාදන ලාබෙට තිබෙන ඒවා ප්‍රමිතියෙන් තොර ඉක්මනින් කැඩී යනවා , ගෙවන මුදලට තමා සියල්ල (දිල්)
මං හිතන්නේ මෙයාටත් අාධාර දෙන්න වෙලාවගේ (අ)
පුරාවිද්‍යාවත් අයිති මේ ඇමතිතුමාටද? (අ)
කවුද හිතුවේ යටින් ෆොටෝ ගනී කියලා. වැඩ තියෙන්නේ උඩනේ. (නදී)
මට හිතෙන්නේ යටි පතුලට පාවහන් පතුල සෞඛය වශයෙන් පාවිච්චි කරන්න අගුණ කෙනෙක් වගෙයි (නදී)
පාවහන් දීමනාවක් අනුමත කරවාගන්නවද්ද මන්දා හදන්නේ? (නි)
මීට වඩා වැදගත්නේ ඔය පාවහන් ගලවලා ගියා නම්. පාවහන් දාන්නේ පා වහන්නනේ. අනික අඩිය ගැලවුණා කියලා ලැජ්ජාවට ගිවිසුම අත්සන් නොකර ඉන්නද? මේකේ අවනම්බුව එතුමාට විතරක් නෙමෙයි රටේම ජනතාවටයි ... (නි)
දැන් චීන ජනපති ඕක බලාගෙන ගිහින් ඔය විදිහේ සපත්තු කුට්ටම් නිපදවන්නත් පටන් ගනීවි. (නි)
මේක මුදල් පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න බැහැ කොහොමටවත්ම (නි)
මේ හුඟක් ඇමතිලට තියෙන්නේ අමුතු ලෙඩ. නැත්නම් මෙයාලා දමයි රත්තරන් වලින් සපත්තු. (නි)
සපත්තු දෙක දානකොට තේරිලාවත් නැද්ද මං අහන්නේ? කකුල බිම ගෑවෙනකොටවත් තේරුනේ නැති හැටි. (නි)
මොකද වෙන්නේ පාවහන් නැතිව ගියා නම්? සරම ඇඳලා පාවහන් නැතුව කොයිතරම් අය ලංකාවේ යනවද? (නි)
ම්ම්ම්... සපත්තු දෙකක් ගන්න සල්ලි නැතුවාවද්ද? (නි)
වැදගත් අවස්ථාවකට සහභාගිවීමේදී ඒ ගැන මීට වඩා සැළකිළිමත් වෙන්න ඕනෑ නේද? (නි)
මේකෙන් හෑල්ලුවට ලක්වෙන්නේ මෙතුමාගේ යම් දෙයකට සුදානම් වීමේ හැකියාව . තමාගේ පිළිවෙළ. තමාගේ ඇඳුම් පැළඳුම් ගැනවත් පිළිවෙලක් නැති කෙනෙක් කොහොමද රටක පිළිවෙලක් ගැන හිතන්නේ. මෙතුමා නියෝජනය කරන්නේ රට. ලංකිකයා ඔය තරම්ම අපිළිවෙලද කියලා අනිත් ජාතීන් හිතන්න පුළුවන්. සපත්තු දෙකේම අඩිය ගැළවීම හදිස්සියේ වෙන්න බැහැ. මීට වැඩිය සැළකිලිමත් වීම කාටත් හොඳයි (නි)
අර නාලිකාවක් කරන කෙනෙක් දාන්නේ ලක්ෂ එකහමාරක සපත්තු. අන්න එයාගෙන් ඉල්ලුවා නම් හරි (නි)
මේක නම් හිතාගන්න බැරි දෙයක්. මට පෙනෙන්නේ නොසැළකිල්ල වගේ. සපත්තු දෙකක් ගන්න වෙලාව නැති වුණාවද්ද...? (නි)
රෙක්ස් !!! මේ ඇමති තුමාට පුරාවිද්‍යාව අයිති නැහැ , පොඩි සපත්තු කඩයක් නම් තියෙනවා. (ස)
අනේ මට ඇඩුනා.මේ තවත් ඇඩෙනවා. වාවාගන්න බැහැ. 365 දවසේම පැය 24ම ජනතාව වෙනුවෙන් කැපකරන මේ උත්තමයට තමන් ගැන බලන්න වෙලාවක් නැතුව ඇති. පව් දෙවියනේ! අපි කොහොමහරි සපත්තු කුට්ටමක් අරගෙන දෙමු. ඔය පඩිය මොනවා කරන්නද? තුන් වේල කන්නවත් මදි ඇති (නි)
මේඩ් ඉන් චයිනා නේද? (නි)
මේක තමයි කිඹුලා මාර්ක් අලුත් සපත්තු ජාතිය. (නි)
පවු කියලා හිතුනා මට! (නි)
අයියෝ! (නි)
කියලා වැඩක් නැහැ. නියම ඡායාරූපය.සමහරවිට මේක අලුත්ම විලාසිතාවද දන්නෙත් නැහැනේ..? සමහර බටහිර ගායිකාවොත්, වේදිකාවට සින්දු කියන්න එනවා කිසිම පාවහන් යුගලක් පැළඳනොගෙන. ඒකත් අලුත්ම ක්‍රමයක්..... අඩිය නැති සපත්තුත් අලුත් ක්‍රමයක් වෙන්න ඇති. (නි)
මම හිතන්නේ එයාගේ කකුල් වල හමේ ලෙඩක් ඇති. ඒකයි මෙහෙම සපත්තු දාලා තියෙන්නේ. ඒක නිසා සපත්තු දෙක යටින් පලාගෙන උඩින් පෙනෙන විදියට දානවා වෙන්නත් පුළුවන් (නි)
ඔහොමහරි පොළවේ පයගහන්න ලැබුන එක කොච්චර වාසනාවක්ද? (නි)
මේවා ගොඩක් වටිනා ඉතාලි සපත්තු. මේවා දාගෙන වූල් කාපට් උඩ යන්න පුළුවන්,අඩිය තුනී ලෙදර් එකකකින් හදලා තියෙන්නේ. (නි)
මෙම මිරිවැඩි සඟලින් පෙනෙන්නේ රටේ සංස්කෘතික පරිහානියයි. (නි)
මමත් ගත්තා ඔය වගේම ක්‍රීම් පාට සපත්තු දෙකක් දැනට අවුරුදු හතරකට වගේ උඩදී, රුපියල් පන්දහසකට වගේ. එක පාරයි දැම්මේ. ඊටපස්සේ දම්මේම නැහැ. මේ ළඟදි එක පාරටම පාටි එකකට දැම්මා. මෙන්න බොලේ ටිකක් වෙලා යද්දී අඩි දෙකම කැඩිලා ඔය විදිහටම කකුල් දෙක එළියට ආවා. විලි ලැජ්ජාවේ බැහැ. පාවිච්චි කළේ නැති හින්දා අලුත් පිට ඇති කියලා හිතපු නිසා දැම්මේ. බැලින්නම් අඩිය හොඳටම දිරලා. මෙතුමාටත් එහෙම වුණාද දන්නේ නැහැ. (නි)
මේක විලාසිතාව වෙන්න ඇති. (නි)
රටක ඇමතියෙක් කියන්නේ හැමදෙයක් ගැනම අවබෝධයක් තියෙන සැළසුම් සහගත මිනිසෙක්. මේ ගතිගුණ කීදෙනෙකුට තිබෙනවද? (නි)
අනේ පවු! (නි)
තැනේ හැටියටනේ ඇණේ ගහන්නේ. (නි)
වායුසමීකරණය කළ සපත්තු වෙන්න ඇති. අනේ පව්. (නි)
අනේ දෙවියනේ! කොහොමද එකපාරටම මෙහෙම සපත්තුවේ අඩි ගැළවුණේ? (නි)
උතුම් කියන්න තරම් දෙයක් මෙතන තිබෙනවාද? (නි)
අනේ පවු! කලින් දකින්නේ නැතුව ඇති (නි)
සමහරවිට එතුමාට කකුලේ අසාත්මිකතාවයක් තිබුන හින්දා ඕනෑකමින්ම එහෙම දාන්න ඇති. විහිළුවක් නෙමෙයි මම කරන්නේ (නි)
මං හිතන්නේ හැම වෙලාවේම වගේ සපත්තු ගලවලා යන්න සිදුවෙන වෙන ස්ථාන තිබෙන නිසා සපත්තු දෙක ගළවන්නේ නැතුවම පතුල් දෙක විතරක් ඕනෑ වෙලාවට එළියට දාගන්න පුළුවන් ආකාරයේ විශේෂ සපත්තු කුට්ටමක් මේක. මේ වගේ ඇඳුම් එහෙමත් නැද්ද දන්නේ නැහැ (නි)
ගිවිසුමේ මුදල් ලද විගස, පළමුවෙන්ම හොඳ පවහන් දෙකක් ගන්න. සිද්ධිය කවුරුත් දැක්කනේ! (නි)
එයාට සෙරප්පු දෙකක් ගන්න මුදල් ඉතිරිකරගන්න තිබුනා. දැන් පේනවානේ! දෙයියෝ සාක්කි ! (නි)
මම නම් හිතන්හේ ලොකු උත්සවයක් නිසා හොඳ ගැළපෙන සපත්තු දෙකක් දාන්න ඇති. ඒ වුණාට දාගෙන ඉන්න බැරි නිසා යටින් අඩිය ගළවන්න ඇති. (නි)
දැන් ඉතින් අඩිය ගහලා ගන්න වෙයි (නි)
මෙතුමාගේ සපත්තුත් මෙහෙම නම් අපේ සපත්තු ගැන මොන කතාද?
කසුන් දන්නේ නැතුව ඇති මෙතුමාගේ යහපත්කම ගැන (නි)
මෙතුමා මෙදා මේ වෙලාවේ සපත්තු දෙක කැඩෙන බව දැනගෙන හිටියේ නැද්ද? (නි)
ඇයි දන්නෙ නැහැ මේකට අඩියක් ගහගන්න බැරිවුණේ? (නි)
රටේ ඉහළම අය මීට වඩා සිතන්න ඕනෑ. ඇත්ත කාටවත් වහන්න බැහැ. එය නොසැළකිල්ල. (නි)
තමන්ගේ දෙයක් හරියට කළමනාකරනය කරගන්න බැරිවීම ගැන දුකයි. තනිකරම නොසැළකිල්ල. (නි)
බලන්නකෝ හරිම වැඩක්නේ. මෙච්චර ගොඩක් ඉස්සරහා මෙතුමාගේ සපත්තුව කැඩුනනේ. (නි)
අනේ ඉඳුනිල්, උතුම් ක්‍රියා කියන්නේ මේ වගේ නොසැළකිලිමත් දේවල් වලට නෙමෙයි. අසරණ දරුවෙකුට පිහිට වෙන්න. අන්න උතුම් වැඩක්. (නි)
ජනතාවට ඉතුරු කරන්න ගිහින් සපත්තු ගන්න සල්ලි නැතුව නෙමෙයිනේ මේ (නි)
අඩියක් ගහගන්න මොන පැත්තටද යන්නේ? (නි)
තව ටික දවසකින් මේක හැමතැනම ප්‍රචලිත වෙයි (නි)
අනේද කියන්නේ දෙනුවන්. මමත් ගැළවුණ අඩි තියෙන සපත්තු දාගෙන පාසල් ගිහින් තියෙනවා (හැබැයි ඒ නම් ඇත්තටම තාත්තට සල්ලි නැති නිසා) හැබැයි කවුරුත් කිව්වෙ නැහැ උතුම් වැඩක් කියලා. ඉඳුනිල්ට නම් මේක මාර උතුම් වැඩක් වගේ. (නි)
හදිසියට මාරුවෙන්න ඇති (නි)
තමුන්ගේම දේ ගැන සැළකිල්ල මෙහෙම නම් ජනතාවටත් රටටත් දෙවි පිහිටයි! (නි)
අපි නම් අහලා තියෙන්නේ බලවතුන් දාන්නේ පිටරටින් ගෙන්වාගත් ලක්ෂ ගණන් වල සපත්තු කියලා.බලනකොට සිරිලක දේ සිරිසැප දේ කියලා පළඳින අපේ අසවල් වෙළඳ නාමය තිබෙන සපත්තු කොච්චර ප්‍රමිතියෙන් අගේද? (නි)
අනේ පව්! අපි කීයක් හරි එකතු කරලා අරගෙන දෙමුද සපත්තු දෙකක්? (නි)
ලංකා දේශපාලනයේ තවත් ඡායාරූපයක් (නි)
සෙනඟ පිරුණු බස් එකක එන්න ඇති (නි)
ඉඳුනිල් භරි (නි)
මෙන්න දැන් රටේ ඉහලම පුරවැසියාටත් වැඩ නැතුව ට තව වැඩක් . මොන්ටිසෝරි බබාලාගේ වගේ ඇමති වරුන්ගේ ඇඳුම සපත්තු හරියට තිබෙනවද බලන එක. (ස)
ජින මැඩම්....කට කට... (ස)
මෙලෝසිහියක් නැතුව ඇවිත් කියන කියන තැන අත්සන් කරනවා. අපේ රටේ මිනිස්සු හරිම උගත් වැදගත් ඇමති මණ්ඩලයක්නේ පත්කරගෙන තියෙන්නේ. ජනතාවට දෙයියන්ගේම පිහිටයි! (ස)
මේක සංකේතාත්මක ප්‍රකාශනයක්. අපේ රටත් දැන් අඩිය ගැලවුණ සපත්තු වගේ (නි)
චීන බඩුවල තියෙන ගුණාත්මකබව පෙනෙනවා. අඩිය ගැළවුණා වුණත් ගැළවුණ අඩිය කකුලට පෑගිලා තියෙන්න ඕනෑ. මේකේ එහෙම නැහැ. අඩියක් ඇත්තෙම නැහැ. (නි)
බලනකොට මිනිස්සු මොනතරම බොරු කියනවද? අපේ ඇමතිතුමාලට සපත්තු දෙකක් ගන්නවත් සල්ලි නැහැ. කරුණාකර ඇමති පඩිය 100% කින් වැඩි කරන්න. (නි)
මේස් දාලත් නැහැ නේද? (නි)
මේක වැරදීමක් වෙන්න විදිහක් නැහැ. මේස් කුට්ටමත් නැහැ. මෙයාට සපත්තු දාල එක්කෝ පුරුදු නැහැ. එහෙම නැත්නම් කකුලේ දදයක් නිසා අමාරු ඇති. (ස)
පාලු ගෙයි වලන් බිඳිනවා වගේ මේකට අදහස් දාල තියෙන කට්ටිය ඇමතිතුමා හෝ වෙනත් නිලධාරියෙකු ඉදිරියේ ඕවා කියන්නේ නැහැ. හරිම ලැජ්ජයි හලෝ. එතුමා අපේ රට වෙනුවෙනුයි ඒ මොහොතේ වැදගත් ගිවිසුමකට අත්සන් කළේ. එක තේරුම් ගන්න තරම්වත් මොලයක් නැති මේ මිනිස්සුන්ගෙන් කවදා රටට වැඩක් වෙයිද අප්පා..? (ස)
මෙයට මෙහෙම වෙන්න ඇත්තේ එක්කෝ මෙයාගේ සල්ලි සේරම අරයට දෙනවා . එක්කෝ මේක චයිනීස් සපත්තු දෙකක්. එහෙමත් නැත්නම් අර ගගනගාමියා අයින් කරපු ලක්ෂ ගානක් වටිනා සපත්තු දෙකක්. (ස)
කෝසල, ඔබ හරි. මෙය අලුත් විලසිතාවකි. (නි)
සපත්තු ගත්තේ කොල්ලුපිටියේ සපත්තු කඩේකින්ද ? ඒ පැත්තේ සපත්තු ගන්නම දෙයක් නැහැ කියල ආරංචියි. (ස)
මේ මැතිතුමා හැම වෙලාවකම ආදර්ශයක් වෙන වැඩ කරන්නේ. (ස)
චීන ජනාධිපති තුමාට පෙන්නන්න වෙන්න ඇති අපේ දුප්පත් කම .එතකොට ණය වැඩිය දෙනවනේ. (ස)
නොසැලකිලිමත් කම. (ස)
ජනතාව අතරේ ඉන්න හොඳ ඇමති කෙනෙක් බව මෙයින්ම ඔප්පු වෙනවා. (ස)
ඇමති තුමාගේ පරණ පුරුද්දට වැලි පාගාගෙන යන්න සපත්තුවේ අඩිය කපලා. එ්ත් පෙනුමට සමාජයේ තත්වයට උඩින් සපත්තුව (නදී)
මේකත් ගැටයක් වෙන්න බේරී නැහැ. දැන් මිනිස්සු කතා කරන්නේ මේ සපත්තු දෙක ගැන. මොකද දැන් චීනා එක්ක ගහපු ගිවිසුම් ගැන කව්රුවත් කතාකරන්න නැහැනේ. ඔය සපත්තු දැක නේ ලොකුම ගනුදෙනුව. සිංහලය මෝඩයා කියන්නේ මේවගේ ඒවා විස්වාස කරන නිසා. ඇමති ගෙදර ඉදන් අපට හිනවනවා ඇති. (නදී)
ආතරයිටිස්. (ස)
මේක පුදුම වැඩක්. සල්ලි තියෙන කෙනෙක් එහෙම කලාම ආඩම්බර වෙන්න හේතුවක්. එත් දුප්පත් ළමයෙක් කැඩිච ඉරිච්ච දෙයක් පාවිවිචි කලාම අසරණ කමට, එ්ක ලජ්ජාවට කාරණයක්. ඇත්ත කතාව ඇමතිතුමාට සපතු දෙකක් ගන්න සල්ලි තියෙනවනේ, මේක නොසැලකිලිමත්කම එහෙමත් නැත්නම් රඟපෑමක්. මේකෙන් රටේ ප්‍රතිරූපයට හානියක් වෙනවා කියල මම හිතන්නේ නැ. එත් ඒ වැඩේ හොඳ නෑ. (ස)
මේ ඇමතිතුමා මා දන්නා දන්නා තරමින් වැඩි වශයෙන් ම දාන්නේ සෙරෙප්පු නැත්නම් සෑන්ඩ්ල්ස් තමයි. මේ විශේෂ අවස්ථාවට මෙතුමා දාල තියෙන මේ සපත්තු කුට්ටම ගොඩක් කලකට පස්සේ වෙන්නැති දාල තියෙන්න. සමහර සපත්තු තියනවා එහෙම තියෙන කොට දිරන ඒවා. මම හිතන්නේ මේ සිද්ධිය ඒවගේ එකක් වෙන්න බැරිද? (ස)
මේ වගේ වෙලාවක ඇමති දැනගන්න ඕන සපත්තු ගැන සැලකිලිමත් වෙන්න. මෙය ලෝකයටම ගිහින් ඉවරයි. රටේ අබිමානයට කළු පැල්ලම. (ස)
මේකත් ඡන්ද ගුණ්ඩුවක්ද දන්නේ නැහැ. (ස)
මේස් දෙක කවුරු හරි ගලවා ගත්තා වත්ද, මෙය අලුත්ම විලාසිතාවක් වේවි. (ස)
ඔය සපත්තු වර්ගය ගලවන්නේ ඔළුවෙන්. වැඩි විස්තර මගෙන් අහන්න. (ස)
මෙය ජනාධිපති තුමා අපහසුවට පත් කරන්න කරපු කඩාකප්පල් කාරී වැඩක් වෙන්න බැරිද ? (ස)
අනේ පව් ඇමතිතුමා (ස)
නිදහසේ 50 වන සමරුවේදී හිටපු පොලිස්පති මහත්තය අලුත් සපත්තු ජෝඩුවක් දමාගෙන කලන්තේ වුනු නිසා මෙතුමා බුධිමත්ව හිතල තමයි මේ තීරණය ගන්න ඇත්තේ. (ස)
කොච්චර හම්බ කරගත්තත් තියෙන ලෝබ කමට සපත්තු 2ක් අරන් නෑ වගෙයි පෙන්නේ. (ස)
ප්‍රංශ ජාතිකයා පළමුවෙන්ම බලන්නේ පාවහන් දෙසලු. මිනිහව මැනගන්නේ එතනින්ලු.. (ස)
ගයන් හරි. ගොඩක් අය ඒක දන්නේ නැහැ (නදී)
අනේ මේ වගේ ලජ්ජා නැති හැටි - සපත්තු නැතුව හිටියනම් ඊට හොඳයි. චීනේ පත්තර වල මේක දැම්මම ඒ මිනිස්සු කීයක් හරි දේවි. පව්. (ස)
මේක මහා රටටම කරපු නින්දාවක්. වැදගත් විදේශ රාජතාන්ත්‍රිකයෙක් ඉදිරියේ හැසිරෙන්න දන්නේ නැති අයද අද රජයේ ඉන්නේ. සපත්තු නැතුව ගියානම් ඇත්තටම නම්බුකාරයි. ජාතික ඇඳුම ඇඳ පාවහන් නොමැතිව සිටින වැදගත් අය තවම ලංකාවේ ඉන්නවා. (ස)
ඡන්ද ගුණ්ඩුවක්ද? (ස)
මෙතුමා ගිවිසුම අත්සන් කරන්න එන ගමන් නැවතිච්ච තැනකදී පාවහන් මාරුවෙලා වගේ. (පොදු තැන්වල එහෙම දේවල් වෙනවා) (ස)
මෙයා සපත්තු දාලා පුරුදු කෙනෙක් නෙමේ (නදී)
හොදට බලන්න සපත්තු දෙක දිහා. මේක හම්පඩ ගැහිච්ච සපත්තු ජෝඩුවක්. හරිනම් සෑහෙන කාලකට උඩදී විසික් කරන්න තිබුනේ. (නදී)
සපත්තු ගැන නොවෙයි බන් වැඩේ වටිනාකම ගැන හිතපල්ලා (නදී)
චාලි චැප්ලින් නමැති විකට නළුවාත් මෙවැනි මිරිවැඩි සඟලක් පැළඳ ගෙන ඉන්නවා මා දුටුවෙමි (නදී)
ඌව පලාතේ මැතිවරණ කටයුතු වලට ඇවිදලා ඇවිදලා සපත්තු කුට්ටම ගෙවිලද.? මේය ජන්ද ගුන්ඩුවක් විය හැක. (නදී)
මෙතුමා ගිවිසුම අත්සන් කරන්න එන ගමන් අඩිය ගැළවුණා වෙන්න බැරිද? (ස)
මේස් දෙකකුත් නෑ . ලොක්කට අනිත් ඇමැතිලාගේ අවශ්‍යතා ගැන හැගීමක් නෑ වගේ . පව්. (ස)
ලංකාදීප ඡායාරූප ශිල්පියාට මගේ උපහාරය (අ)
අපේ සංස්කෘතිය කකුල් දෙකෙන් පෙන්නලා (අ)
සුභ අනාගතයක් මේ වගේ අය ඉන්නකම් (අ)
මමත් ඉඳුනිල් සමඟ එකඟ වෙනවා. මෙතුමා උතුම් පුද්ගලයෙක්. රටට ජාතියට යහපතක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා (නි)
අනේ! අනං මනං කියන්න එපා. අලුතෙන් සපත්තු දෙකක් ගන්නවත් එතුමාට වෙලාවක් නැතුව ඇති (නි)
සාලිය සමඟ එකඟ වෙනවා.මගේ විවාහය දවසේ ඇමරිකාවෙන් යාලුවෙක් එවපු අලුත්ම බෙල්ට් එක ගැලවිලා තව පොඩ්ඩෙන් මහා ජංජාලයක් වෙනවා.මේ ඇමතිටත් මේ වගේ දෙයක් වෙන්න ඇති. සපත්තු ගලවලා ගියා නම් මිනිස්සු කියයි චීන ජනාධිපතිට බයේ පන්සලකට යනවා වගේ ගියා කියලා. (නි)
සපත්තු දෙකේම අඩිය මේ විදියට ගැල වුණාද? ගැලෙව්වද? මට හිතෙන්නේ මෙතුමාට කුමක් හරි සපත්තු දන්නා බැරි අසනීපයක් ඇති. මෙහෙම දෙයක් අහම්බෙන් සිදු වෙන්න බැහැනේ. ජාතික අඩුම ඇදල නිසා සපත්තු ඕනේ නැහැ නේ. (දිල්)
මේක ඇඩිච්ච සපත්තු කුට්ටමක් නොවේ , මේක අලුත් විලාසිතාවකට හදපු එකක් , උෂ්නාධික රටවලට ගැලපෙන්න හදපු , මේවා අපිට මැජික් වුණාට දන්නා අයට සාමාන්‍ය දෙයක් (අ)
ඕනෑම මනුස්සයෙක් සපත්තු දමන්නේ මේස් දෙක අනිවාර්යෙන්ම පැලදගෙනයි. මේකනම් පැහැදිලිවම පෙනෙනවා නුගත්කම සේම නොසැලකිල්ල. ලංකාවේ වගකීම් දරන උසස් පෙළේ මැති ,ඇමතීන් හරියට වැදගත් විදියට කතා කරන්න දන්නේ නැහැ, ලෝකු මල් මාලයක් කරේ දමල පෙර හැරකින් දුප්පත් ජනයා විසින් පිලිගත්තාම, මොලේ ඉදිමිලා වගේ වැඩකරන්නේ, කෝටි ගනණින් ගසා කන්න කයිරාටික මොලේ පමණක්ම තිබුනට මදි, තැනට ඔබිනා නුවනින් සිහියෙන් වැඩකිරීමට මනස තමන් ලඟ තියෙන්න ඕනේ . රටේ ඉහල වගකීම් දරන නිලධාරීන් තම සේවය ගැන ඇති සැලකිල්ලෙ තරම මහජනයා හොදින් විමර්ශනය කරනවා ..!! හෙට ඔන්න පත්තර කාරයව පතුරු ගසයි මේකටත්..?(අ)
මේක කෞතුක වටිනාකමක් තියෙන පාවහන් යුගලක්. නිදානයකින් වත් ගත්තද දන්නේ නෑ. මේ වගේ මිනිස්සුන්ට ඡන්දෙ දෙන අපිට පුන්නක්කු වලින් ගහන්න ඕන. මේ මිනිස්සු කවදාවත් හරියට වැඩක් කරන්නේ නෑ. අප්‍රසාදයට ලක් වන්නේ ආණ්ඩුවයි.(අ)
මේක හරි කෝලමක් වගේ නේ අර එක මන්ත්‍රී කෙනෙක් ඉන්නේ සෙරෙප්පු දෙකක් වත් නොදාන (ස)
බොරු සෝබනේ මෙයා හෝඩියේ පන්තියට යවන්න සමාජයේ ජීවත් වෙන්න කියල දෙන්න.(අ)
මේ ඇමතිතුමාට දියවැඩියා රෝගය ඇති. (අ)
එක්කෝ දියවැඩියාව නැත්නම් උපදේශකයෝ ගොඩක් වැඩියි. (අ)
සපත්තු දෙකක්වත් ගන්න බැරි නම් අඩුම තරමේ ලාඩන් දෙකක්වත් ගහගෙන යන්න තිබුනනේ..? (අ)
චීනයට ගරහන සහෝදරුන් වෙතටයි. ඔබලා අදහස් පළකිරීමට උපකාර කරගන්න පරිගණකය, මවුසය හෝ යතුරු පුවරුව කුමන රටේ නිපයුමක්ද කියා මුලින්ම සිතා බලන්න. ඔබගේ ජංගම දුරකතනයේ බැටරිය හෝ චාජරය කුමන රටේ නිපයුමක්ද කියා සොයා බලන්න. අද මුළු ලෝකයම චීන නිෂ්පාදන වලින් පිරී ඇතිබව අමතක නොකරන්න. (නි)
මේ දවස් වල ඇමතිලගේ සපත්තු ගැන කථාවෙනවා වැඩියි. සමහරු ලක්ෂ එකහමාරේ සපත්තු දානවා, සමහරු පතුල නැති සපත්තු දානවා. මේ ණය ඉල්ලන්නේ අලුත් සපත්තු ගන්න නෙමෙයි නේද? (නි)
සපත්තු මේ වෙලාවේම කැඩුනේ කොහොමද? එකක් නම් කමක් නැහැ. දෙකම එක වගේ කැඩිලා. හරියට පාද සළං දාලා වගේ. (නි)
මෙවන් අයටනේ රට පාලනය කරන්න දීලා තියෙන්නේ? අහෝ! ශ්‍රී ලංකා ජනතාව ගැන කවර නම් කතාද ?? (නි)
ළඟදීම "ඔස්කාර් " සම්මානය ලංකාවට ලැබෙයි වගේ (නි)
මේකේ අදහස් දාන අය චීන බඩු අවතක්සේරු කරන්නේ මොනවා ගැන දැනගෙනද? ඇමරිකාවෙත් යුරෝපයේත් පාවිච්චි කරන ඉදිකටුවේ සිට පරිඝනක,අයි ෆෝන් සියල්ල චීනයේ නිෂ්පාදිත ඒවා.ලංකාවේ අපි මොනවද හදන්නේ? කියමු බලන්න, අර අපේ ළමයි ටික මහන ඇඳුම් වලට අමතරව? (නි)
අඩිය ගැලවිලා කියලා නොතේරුනේ ඇයි දන්නෙ නැහැ (නි)
රටේ ධනය මෙච්චර මැති ඇමතිවරු වෙනුවෙන් වියදම් කරලත් ජාත්‍යන්තරය ඉදිරියේ රටට අපහාස වන ලෙස හැසිරීම ගැන ගොඩක් කනගාටුයි. හිතාමතාම රටට කල අපහාසයක් කියල හිතෙනවා. (නදී)