IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූ මවුලවිවරු ඇතුළු 25 ට එරෙහි නඩුව කල් යයි

(මනෝප්‍රිය ගුණසේකර)

කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන ආගමික අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන  බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 250 කට අධික පිරිසක් මරා දමා තවත් 500 කට අධික පිරිසකට බරපතළ තුවාල කළ බවට චෝදනා ලැබ සිටින මවුලවි වරුන් ඇතුළු විත්තිකරුවන් විසි පස් දෙනාට එරෙහි නඩුව ලබන වසරේ ජනවාරී මස 12 වැනිදා යළි කැඳවීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද  (23) නියම කළේය.

විත්තිකරුවන් 25 දෙනාගෙන් අධිචෝදනාපත්‍ර බාරනොදුන් නඩුවේ 15 වැනි විත්තිකරුට මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිචෝදනා පත්‍ර බාරදුන්නේය.

අධිචෝදනා පත්‍රයේ ද්‍රවිඩ භාෂාවේ පිටපත් තමන්ට ලබාදෙන ලෙස විත්තිකරුවන් 25 දෙනාගෙන් 15 දෙනෙකුද ඉංග්‍රීසි භාෂාවේ පිටපතක් තමාට ලබාදෙන ලෙස එක් විත්තිකරුවකුද අධිකරණයෙන් ඉල්ලා සිටි අතර තමන් වෙනුවෙන් රජයේ වියදමින් ද්‍රවිඩ භාෂාව දන්නා නීතීඥවරු පත් කරන ලෙස

විත්තිකරුවන් 25 දෙනාගෙන් 12 දෙනෙකුම මීට පෙර අවස්ථාවකදී අධිකරණයෙන් කරුණු ලැබු ඉල්ලීම ඉටුකරලීම සඳහා කාලය ලබාදෙන්නැයි නීතීපතිවරයා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය කළ ඉල්ලීම් පිළිගනිමින් විනිසුරු මඩුල්ල මෙම නඩුව කැඳවීම සඳහා දින ලබා දුන්නේය.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී දිවයිනේ විවිධ බන්ධනාගාර වල රඳවා සිටි විත්තිකරුවන් බන්ධනාගාර හා පොලිස් නිලධාරීන්ගේ විශේෂ ආරක්‍ෂාව මධ්‍යයේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් වූ මෙයට අදාලව ගොනු කළ ගොනුකළ චෝදනා 23,270 කින් යුත් නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.

මෙම නඩුවේ විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී අධිකරණ සංකීර්ණය ඉදිරිපිටින් වැටී ඇති අධිකරණ මාවත පොලිස් මාර්ග බාධක යොදා වසා දමා තිබු අතර අධිකරණ ඉදිරිපිට මාර්ගයේ හා අධිකරණ සංකීර්ණය තුළ ආයුධ සන්නද්ධ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබ`ථන් යොදවා දැඩි ආරක්‍ෂාව යොදා තිබිණි.

ප්‍රභූ ආරක්‍ෂක නිලධාරීන්ගේ දැඩි පරීක්‍ෂා කිරීම් වලින් අනතුරුව මෙම නඩුව විභාග කළ අධිකරණ ශාලාව සඳහා ඇතුල් කර ගන්නා ලද්දේ මාධ්‍යවේදීන් පමණී.

මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ,සභාපති,  අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවන ලදී.

 

 



අදහස් (5)

පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූ මවුලවිවරු ඇතුළු 25 ට එරෙහි නඩුව කල් යයි

Bamunuarachchi Tuesday, 23 November 2021 06:32 PM

රජයේ වියදමින් කියන්නේ සිංහල අපේ වියදමින්... අපි මොන බම්බුවකටද ත්‍රස්තයින්ට නීතිඥයෝ දෙන්නේ? කොහේ අමාරුවකටද?

:       8       3

BamunuarachchiWednesday, 24 November 2021 12:03 PM

ගෝල්ෆේස් පිට්ටනියට ගේනවා නම් 2කේ 2කේ කළුගල් ලෝඩ් එකෙක් මං ගානේ එවන්නම්...

:       0       1

bandara Tuesday, 23 November 2021 06:46 PM

මේ සිද්ධිය මිනිස්සුන්ට අමතක වෙනකන් නඩුව කල්යනු ඇත. සමහර විට නඩුව වැරදි ලෙස ගොනු කිරීමටත් ඉඩ ඇත. මියගිය අය නැවත ඉපදී තීන්දුව එනතුරු බලා සිටිනු ඇත.

:       0       9

sharm warn Wednesday, 24 November 2021 09:23 AM

සිරිල් ගාමිණී පියතුමාව ප්‍රශ්න කරන එක සාධාරණීකරණය කරන්න .අනේ නැහැ අපි ඒ නඩුව විසඳන්න තමයි මේ හදන්නේ.වගේ දර්ශනයක් දාන්න මේ නඩුව කතා කළා.දුර බැහැනේ .එතකොට මහ මොළ කරු එලියට් එනවනේ.ඉතින් කල් දානවා.මේවා අපිට නම් අලුත් දේවල් නෙමේ

:       0       1

jagath Wednesday, 24 November 2021 10:49 AM

වර්තමාන ලංකාව යනු ජීවත් වීමට සුදුසු රටක් නොවේ.යුද්ධය නිමකළ නමින් ආ රණවිරුවා බියගුල්ලෙකි.අලි සබ්රි ඉදිරියේත් ඥානසාර හාමුදුරුවන් පාවා දුන් ඔහු ජනාධිපති කමට තියා ලංකාවේ පුරවැසි කමවත් ලබාදීමට සුදුස්සකු නොවේ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 32 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 980 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2175 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 294 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 159 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 869 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26660 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1862 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site