IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


පසුගිය කාලෙ අතේ සතපහ නැති වෙලාවේ නොගැළපෙන චරිත මට රඟපාන්න සිදුවුණා

2016-06-09-ent-62

ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වූ දස්කොන් ටෙලි නාට්‍ය‘යේ "දස්කොන්" චරිතය නිරූපණය කළ ඔහු පසුගියදා පැවති "රයිගම්" ටෙලි සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙස සම්මාන හිමිකර ගත්තේය. මේ දිනවල ස්වාර්ණවාහිනී නාළිකාවේ "ගොළු තාත්තා" ටෙලි නාට්‍ය‘යෙන්ද රංගන දායත්වය ලබා දෙන ඔහු රොෂාන් රවින්ද්‍රය. මේ කතාබහ ඔහු සමගය.

 

2016-06-09-ent-61හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වීම ගැන කතා කරමු?

සම්මානය පිළිබඳ මට තියෙන්නෙ සතුටක්. වසරකට වරක් මෙවැනි සම්මාන උලෙළක් පවත්වන එක හොඳයි. ටෙලි නාට්‍යක හොඳම නළුවා වීමට මම කුඩා කල දැකපු හීනයක්. ඒ හීනය සැබෑ වීම සතුටක්. ඒ සම්මානය ගෙනත් ගෙදර තියලා සතුටු වුණාට නැවත සුපුරුදු ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා. සම්මානයක නියම වටිනාකම භූක්ති විඳින්න මේ රටේ බැරිවීම සම්බන්ධව දැඩි සේ කම්පාවට පත්වෙනවා.

 

රංගන ශිල්පියෙකු වීම ගැන පසුතැවීමක්ද තියෙනවද?

ඒ ගැන මගේ පසුතැවීමක් තියෙනවා.

 

රංගන දායකත්වය සැපයූ "දස්කොන්" චරිතය ගැන කිව්වොත්?

ටෙලි නාට්‍ය ජීවිතය තුළ පසුගිය කාලේ "දස්කොන්" ටෙලි නාට්‍ය ඉතාමත් ඉහළින් තිබුණ ටෙලි නාටයක්. නිෂ්පාදනය අතිනුත් වටිනාකමක් තිබුණා. ඒ සේරටම වඩා ජැක්සන් ඇන්තනී මහත්තයාගේ නිර්මාණයක් වීම, එවැනි නිර්මාණයකට දායක වීමට ලැබීම ගොඩක් වටිනවා. "දස්කොන්" කියන්නෙ පසුගිය කාලයේ මට ලැබුණ හොඳම අවස්ථාවක්.

 

ඔබ "දස්කොන්" නාට්‍ය‘යේ චරිතයට කලින් තමයි "ඇඩ්‍රස් නෑ" කියන සිනමා නිර්මාණයට සම්බන්ධ වෙන්නේ?

දස්කොන්ට පෙර තමයි ජැක්සන් ඇන්තනී මහත්මයා එක්ක ප්‍රථම වතාවට "ඇඩ්‍රස් නෑ" චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නෙ. එයින් මම පසුගිය වසරේ හොඳම සහය නළුවා ලෙස දෙරණ සම්මාන උලෙළේදී නිර්දේශ වෙනවා. ජැක්සන් ඇන්තනී ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඔහුත් එක්ක සම්බන්ධව වැඩ කිරීමට ලැබීම සතුටක්.

 

සම්මාන උලෙළවල් පිළිබඳ එතරම් පැහැදීමක් නැද්ද?

සම්මාන උලෙළක් විනිශ්චය කරන විනිශ්චය මණ්ඩලය කුමනාකාරයක විනිශ්චය මණ්ලයක්ද කියලා මුලින් බලන්න ඕනෑ. මේ මාධ්‍ය ගැන දැනුමත් තියෙන අයද කියලා බැලිය යුතුයි. සම්මාන උලෙළෙවල් කරන අයගෙන් මම ඉල්ලා සිටින්නේ, සුදුසු නැති අය සම්මාන උලෙළෙවලට දැමීමෙන් වළකින්න කියලා. එහෙම වුණාම සම්මාන උලෙළෙවල් සාර්ථක කර ගන්න පුළුවන්. ලංකාවෙ සම්මාන උලෙළෙ විනිශ්චය මණ්ඩලයෙ හිටියෙ විෂයට කිසිම සම්බන්ධයක් නැති අය. පොතක් දෙකක් ලියූ පමණින් සම්මාන උලෙළෙක විනිශ්චය කරන්න බැහැ. ඔවුන්ට ඒ ගැන කිසිම අවබෝධයක් තිබ්බෙ නැහැ. මම ඒ සම්මාන උලෙළෙවල් සාධාරණයි, අසාධාරණයි කියන්ත උත්සාහ කරන්නෙ නැහැ. මේ වෙලාවෙ මම ඉන්නෙ සම්මාන ලාභියෙක් වෙලා. ඒ නිසා එය නිර්ධය ලෙස හෙළා දැකීම සුදුසු නැහැ. මම කියන්නෙ ලංකාවෙ සියලු සම්මාන උලෙළෙවල විනිශ්චය මණ්ඩලයට ගන්න අය ගැන නැවත නැවත සිතා බලන්න කියලයි.

 

"ගොළු තාත්තා" ‍ටෙලි නාට්‍ය‘යේ රංගන දායකත්වයට සම්මාන බලාපොරොත්තුවක් තියෙනවද?

මම සම්මාන ලැබිය යුතුයි කියලා හිතාගෙන රඟපාන්නෙ නැහැ. මට ඊට එහා දේශපාලන කතිකාවතක් තියෙනවා. මගේ නිර්මාණ ඇතුළෙ මම එහෙම දේවලට දායක වෙලා තියනවා. පසුගිය කාලෙ සතපහ අතේ නැති වෙනකොට, ගෙවල් මාරු කරන කොට, නොගැළපෙන නිර්මාණ කිහිපයක මට රඟපාන්න සිදුවුණා. ඒ රටේ හා මගේ කරුමයක් ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මම ගත්ත සමහර තීන්දු තීරණ, මගේ තීරණ, මගේ ප්‍රතිපත්ති තුළ මම පෙනී හිටපු දේවල්. මම හිතනවා ඒ ගැන මට කතා කරන්න හැකියාව තියෙනවා කියලා.

 

ඔය කියන දේශපාලන කතිකාවතට නිර්මාණයකින් කතා කරන්න ඉඩක් තියනවද?

ලංකාවෙ කලාකරුවෝ නැහැනෙ. කලාකරුවෝ දේශපාලනය කරනවා කියලා පක්ෂ දේශපාලනයට ඇවිත් ඉන්නෙ. නිර්මාණාත්මක දේශපාලනයක් ඔවුන්ගෙ නැහැ. සමහර අය හොඳ නිර්මාණ කරනවා. සමහර අය තමන් කරන්නෙ මොකද්ද දන්නනෙත් නැහැ. ගෙදර ප්‍රශ්න එක්ක සමහර වෙලාවට ඒ කිසිම දෙයක් වැදගත් නැහැ වගේ. ඇත්තටම ඒ වටපිටාව මදි. නිර්මාණවලින් දේශපාලනය කතා කරන්න නම්, නිර්මාණ කරන වටපිටවක් තියෙන්න ඕන. ලංකාවෙ නිර්මාණ කරන්න වටපිටාවක් තමයි නැත්තෙම. ඒ අපේ රාජකාරියක් නෙමෙයි. මේක ඛේදවාචකයක්. රජයක් එකතුවෙලා කළ යුතු දෙයක්. මෙතෙක් හිටපු සියලු රජයන් කලාකරුවන්ගෙන් වැඩගත්තා ඇරෙන්න, මිනිසුන්ටවත්, කලාකරුවන්ටවත් කළ දෙයක් නැහැ.

 

අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නේද?

ඔව්. මේ වනවිට එහි පළමු පියවර තබා අවසන්. මම සිනමා නිර්මාණයක් කරන්න සූදානම් වෙනවා. එය වෙනස් ප්‍රේමකතාවක් වෙයි.

 

මේ ඛේදවාචකය තුළ හැසිරෙන අධ්‍යක්ෂකවරයා කොයි වගේ වෙයිද?

මම තාමත් ජීවත් වෙන්නෙ මේකෙ. අපේ ගමන යද්දි වටපිටාව දීප්තිමත් කරලා දෙන්න පුළුවන් රජයට විතරයි. ඒක අපිට කරන්න බැහැ. අපිට ගෙවල්, වාහන, සෞඛ්‍ය රක්ෂණ ඕන නැහැ. අපිට රැකියාව කරන්න පොළොව හදලා දෙන්න ඕන. බොහෝ දේශපාලඥයන් කලාකරුවන් රවටපු එක කළේ.

විශේෂයෙන් මට කාගෙවත් හිත රිදවන්නවත්, කාටවත් පහර ගහන්නවත් වුවමවකින් නෙමෙයි මම මේ දේවල් සඳහන් කරන්නෙ. සම්මානයක් ලැබුණ එකේ උපරිම සතුට භුක්ති විඳින ගමන් පිරිසිදු ටෙලි නාට්‍ය කාලාවත්, සිනමා කලාවත් ගැන ගෞරවනීය වෘත්තියක බලාපොරොත්තුවකින් කළ ආයාචනයක් විතරයි.

 

2016-06-09-ent-63
2016-06-09-ent-60



අදහස් (0)

පසුගිය කාලෙ අතේ සතපහ නැති වෙලාවේ නොගැළපෙන චරිත මට රඟපාන්න සිදුවුණා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 10 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 211 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 342 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 839 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 289 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 564 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25452 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 346 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site