ශ්‍රී ලංකා පාසල් ක්‍රිඩා සංගමයේ ලේකම් ඩිල්ෂාන්ද සිල්වා සංගමයේ උප සභාපති ජගත් සේනාරත්න මහතාගේ මවගේ මළ ගෙදරදී කරන්දෙනිය ලංකාදීප වාර්තාකරු සුසිල් ප්‍රියන්තට බැන වැදී පහර දෙන්නට උත්සාහ කළැයි අම්බලන්ගොඩ පොලීසියට පැමිණිලි කැර ඇත.
ගුරුවරයකු ද වන ඔහු බොහෝ පිරිසක් ඉදිරිපිට තමාගේ චරිතයට හානි වන අයුරින් තමා පසු එළැවු බවත් වාර්තාකරුගේ පැමිණිල්ලේ සඳහන් වේ.
පැමිණිල්ල විභාග කිරීමට පැමිණෙන ලෙස එම පුද්ගලයාට පොලීසියෙන් දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කියනවා වාර්ථාකරුවන් හට ලංකාව කරදරනැතිලු.(අ)
මං හිතුවේ මහා ක්‍රිකට් මණ්ඩලේ කට්ටිය විතරයි චන්ඩි කියල ඒ ගොල්ල කරන දේවල් බැලුවහම. ප්‍රාදේශීය චන්ඩිත් ඉන්නවනේ දැන් බලනකොට. දේසපාලුවොත් එහෙම නේ. (අ)
දේශපාලකයන්ගේ උදව්වෙන් එක එක තනතුරුවලට පැනගන්න අය තමන් එම තනතුරු දැරීමට නුසුදුස්සන් බව ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්නු එක අවස්තාවක් හැටියට තමයි ඔය සිද්ධිය අපිට තේරුම් ගන්න වෙන්නේ(අ)
රනිල් මහත්තයාගෙ වසනාව.ජීනීවා වලට තවත් පැමිණිල්ලක්. (දී)
හැම එකටම ගහන බනින එක අද කලාවක් වෙලා. මැති ඇමැතින්ගේ චන්ඩිකම් ඒ අය පස්සේ යන අයටත් බෝවෙලා. දැක්ක නේද චන්දෙන් පස්සේ උන දේවල්. මෙයාගෙන් තිබෙන කරදර මැද්දේ වාර්තාකරුවන් කරන්නේ අපරිමිත සේවයක්.(දී)
මේ චන්ඩින්ද අපේ පාසල් යන දරු දැරියන්ට ආදර්ශයක් දෙන්නේ? (දී)
දේසපාලනයට පුරුදු පුහුණු වෙනවා වෙන්ට ඇති මගේ හිතේ ??(දී)
ඒ මනුස්සයට මොනවා හරි ජරා වැඩක් කරන්න ඇති. නැතුව නිකන් ගහන්න එලවන්නේ නැහැනේ. (දී)
චණ්ඩින්ට කිසේම තනතුරක් දෙන්න එපා. (දී)
ඔය ඉතින් පිටිපස්සේ ඉන්න දෙසපාලකයින්ගේ හයියනේ පෙන්නන්නේ (දී)
මෙහෙම මිනිස්සුන්ටද මහත්තයා කියන්නේ (දී)
සකුන්තලා නංගි, ඔයා තාම ලාබාල වැඩියි පත්තර වාර්තාකරුවෙකුට ලොකු ලොක්කෝ,යම් යම් දේශපාලන බලවතුන් තර්ජන ගර්ජන කරන්නේ ඇයි කියන එක තේරුම් ගන්න.දන්න කියන කෙනෙක් ගෙන් ඒ ඇයි, කියලා අහලා දැනගන්න. (දී)
ඔය කට්ටිය චන්ඩි වෙන්නේ අපි එයාට ගරු කලොත් විතරයි (දී)
මාධ්‍යවේදීන්ට පහරදීම තරයේ හෙළා දකිමි. සියලු වෘත්තීන් දේශපාලනීකරන වීමේ අතුරු පල මේවා තමා.(අ)
කෙනෙක් තව කෙනෙකුට අවමන් කිරීම, පහරදීම, තරවටු කිරීම නීතිය මඟින් සපුරා තහනම්. ශිෂ්ට සම්පන්න රටවල මෙහෙම දෙයක් කවුරුන් හෝ කළොත් කළ කෙනාට ඉතින් දෙවියන්ගේම පිහිට තමයි. (නි)