(මනෝප්‍රිය ගුණසේකර)
පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා ගැනීම ඉලක්ක කර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංවිධනාත්මකව කරගෙන යන කටයුතු පිළිබඳ සිහිබුද්ධියෙන් යුතුව විමර්ශන කරන්නැයි මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය පොලිස් නිලධාරීන්ට අවවාද කළාය.
මත් පුවක් යොදා නිපදවා ඇති ‘මාවා” නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා ගැනීමේ මුල්ම පියවර බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරිය රටේ අනාගතය වන පාසල් සිසුන් ඉන් බේරා ගැනීම සඳහා වහාම පියවර ගැනීමටද නියම කළාය.
මෝදර මට්ටක්කුලිය මරදාන ආදී ප්‍රදේශ ආශ්‍රීතව මත් පුවක් යොදා නිපදවා ඇති ‘මාවා” නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය පැසල් අවට විකුණීමේ චෝදනවන් මත විත්තිකරුවන් කිහිප දෙනකුම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය පොලිසියට එලෙස අවවාද කළාය.
පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ විකුණුම්කරුවන් කිහිප දෙනෙකු පමණක් බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය නියම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන මෙහෙයවන ලෙස අවවාද කළාය.
අලෙවි කිරීමට මත්ද්‍රව්‍ය ලබාදුන්නේ කවුරුන්දැයි විමසමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරිය මත් පුවක් යොදා නිපදවා ඇති ‘මාවා” නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා ගැනීමේ මුල්ම පියවර වන හෙයින් සැකකරුවන්ගෙන් ඇත්ත හෙළිකරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන මෙහෙයවන ලෙස වැඩිදුරටත් අවවාද කළාය.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘‘පාසල් දරුවන් මත් කරන අයගැන විමසිල්ලෙන් සිටින්න‘‘
Nihal Sunday, 11 February 2024 08:57 PM
කොන්ඩේ කපන (ජිම්) කාය වර්ධන ස්ථාන වලට දරුවන් තනියම යැවීම අතිශයින්ම භයානක ය