(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පිළියන්දල නගරයේ ප්‍රසිද්ධ විද්‍යාලයක් ආසන්නයේදී පාසල් වෑන් රථයක සිටි වයස අවුරුදු හයයි මාස නවයක දැරියකට ලිංගික අතවර කළ බව කියන පාසල් වෑන් රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
දැරියට නිසි ආරක්ෂාවක් සැපයීමට අපොහොසත් වූ දැරිය ගමන් ගන්නා වෑන් රථයේ රියදුරුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය රෝහල් ගත කර ඇත.
පාසල් වෑන් රථයෙන් පිලියන්දල පාසල කරා පැමිණෙන අතර අද දහවල් පාසල නිමවීමෙන් අනතුරුව රියදුරා දැරිය වෑන් රථය තුළට ගොඩකර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව අනික් දැරියන් රැගෙන ඒම සඳහා පාසලේ ගේට්ටුව අසලට යාමේදී වෙනත් පාසල් වෑන් රථ රියදුරකු වෑන් රථය කරා පැමිණ දැරියගේ ශරීරය අතපතගාමින් දැරියට ලිංගික අතවර කර ඇති බව පොලිසිය කියයි.
ලිංගික අතවර කිරීමට පෙර දැරිය ගේ මූණට යමක් ඉසිමෙන් අනතුරුව දැරියට නින්ද ගිය බවට පැමිණිල්ලෙන් පැවසුව ද විමර්ශනවලදී ඒ බව තහවුරු වී නැති බව විමර්ශන සිදු කරන පොලිස් නිලධාරියකු පැවැසීය.
අතවරයට පත් දැරිය ගමන් ගන්නා වෑන් රථයේ පාලිකාවක් නොමැති බවට විමර්ශනවලදී අනාවරණය වීමෙන් අනතුරුව එහි ගමන් ගන්නා දරුවන්ට නිසි ආරක්ෂාවක් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් දැරිය ගමන් ගන්නා වෑන් රථ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාසල් වෑන් රියැදුරෙක් දැරියකට කැත වැඩක් කරලා
prasanna Wednesday, 17 May 2023 08:44 PM
මේ රටේ මෙවැනි ළමා අපචාරවලට දඬුවම් දෙන්න නීතිය පුදුම මැලිකමක් දක්වන්නේ... කරුම රටක්...
ගොයම් ගහට මුවා වෙලා වෙඩි තියමු!Thursday, 18 May 2023 04:24 AM
කලු කපුටා ඇවිත් කියයි ස්ව කැමැත්තෙන් කරල තියෙන්නෙ.ගෙදර බල්ල බඩගින්නෙ.වහාම ඇප දෙන්න කියල!!! සල්ලි ඇතිපදමට ලැබුනොන් ඕනෙ කැත වැඩක් සුචරිත වැඩක් කරල ගනී
Pradeep KumaraThursday, 18 May 2023 09:36 AM
දඩුවම් දෙනවට අකමැති අයත් ඉන්නවා, මොවුන් තමයි නියම අපරාධකාරයෝ. නැත්නම් මේ කමෙන්ටුවට ඩිස්ලයික් දාන්න ඕනද?
රටවැසියා Thursday, 18 May 2023 08:25 AM
ළමයි ට අපල කාලයක්. දෙමව්පියෝ ඒ ගැන සැලකිලිමත් වෙන්න.
බණ්ඩාර Thursday, 18 May 2023 08:51 AM
ඔය වගේ එවුන්ව සමාජෙ යහපත තකා සමාජෙන් තුරන් කරලාම දාන්න ඕනෙ
Aprasanna Thursday, 18 May 2023 09:08 AM
හමදාම නිවුස් යන්නෙ කැත වැඩ ගන විතරයි . ලස්සන වැඩ ගන කිසිවෙක් කතා කරන්නෙ නැහැ.අපි තමා හොදටම කරේ
Bunny Preena Thursday, 18 May 2023 09:32 AM
බස් රථයකට කොන්දොස්තර වරයෙකු ඉන්නවා වගේම පාසල් වෑන් රථයටත් කාන්තා සහයකවරියක් සිටීම අනිවාර්ය කල යුතුයි .කාන්තා සහයකවරියක් නැති වෑන් රථවලට පාසල් ළමුන් රැගෙන යාමට බලපත් නිකුත් නොකළ යුතුයි