‘තව වසර දෙක තුනකින් රටේ ජනතාවගේ ඇහැට පෙනෙයි කණු උඩ ඉදිවෙන මාර්ග, දුම්රිය මාර්ග ඉදි වෙන හැටි. පසුගිය දිනවල ඒකාබද්ධ විපක්ෂය බදුල්ලෙන් ආණ්ඩුව පෙරලන වැඩපිළිවෙළක් ඇති කළා. ඉතිං ඒ ගැන මට කියන්න තියෙන්නේ පිස්සෝ දැඟළුවට දොස්තරලා කලබල වෙන්නේ නෑ කියන එකයි.‘ යැයි ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා අනුරාධපුර නිවාස ව්‍යාපෘතියකට මුල්ගල තැබීමේ උත්සවයකදී පැවසීය.
‘ඒකාබද්ධ විපක්ෂය කියනවා එයාලා එෆ්සීඅයිඩී හා සීඅයිඩී එකට අරගෙන යන්නේ පළිගන්න කියලා. මං තමුන්නාන්සේලාගෙන් අහනවා මේ නිකං ඉන්න මිනිස්සු සීඅයිඩී අරන් යනවද කියලා. මේ අය රෙද්දක් ඇඳගෙනද කියන්නේ එයාලා එෆ්සීඅයිඩී අරගෙන යනවා කියලා. තමන්ගේ හෘද සාක්ෂිය දන්නවනේ පසුගිය කාලයේ එයාලා කරපු වැඩ ගැන. මෙයාලා දැන් කථාකරන්නේ හරියට සිල් ගන්න උපාසකයෝ වගේ. මම කියන්නේ එෆ්සීඅයිඩී එක අද වගේම ඉදිරියටත් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එකයි. එතකොට තමයි මේ හොරකම් කරන අය වංචා කරන අය බය වෙන්නේ.එතකොට තමයි රටේ දූෂණය, වංචාව නැතිවෙලා රටේ නියම සංවර්ධනයක් ඇති කරන්න හැකි වෙන්නේ‘ යැයි ද ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අැයි මේ කලබල වෙලා? (හේ)
හොරු රැලට ඇමැතිතුමා මන්ත්‍රීතුමා කියන්න එපා බයිලා අහන්නත් එපා. (බ)
අපි දන්නවා පිස්සු කාටද කියලා (නි)
වාචාලකම දක්ෂ දේශපලකයෙකුගේ අවශ්‍යම ගුණාංගය ලෙස අපි පිළිගන්නා තෙක් මේවා අහගෙන අනේ අපොයි කියලා ඉන්න එකයි තියෙන්නේ. (නි)
බුද්ධිමත් ජනතාව ඉවසිල්ලෙන් ඔබ සමඟයි (නි)
කයිවාරු ගැහිල්ල නවත්තලා හිටපු මහා බැංකු අධිපතිගේ කෙරුවාව ගැනත් සොයලා බැලුවොත් නරකද. මේ රටේ හැම දේශපාලුවෙකුම සිතාගෙන ඉන්නේ මේ රටේ හැමෝම ඒගොල්ලන්ගේ අසුචිත් සුවඳයි කියන ගැත්තන් කියලා. (නි)
තවම කිසි වැඩක් කරලා නැතුව අපිට සුරංගනා ලෝක පෙන්නන්න එපා මහත්තයෝ (නි)
අනේ ඇමතිතුමනි, මුලින්ම පොළොවේ දුවන දුම්රිය සේවය හරියට හදන්න, කණු උඩ දුවන්න කලින් (නි)
පිස්සෝ කවුද කියලා අපි දන්නවා. බොරුවට උඩ බලාගෙන කෙළ ගහන්න එපා (නි)
ඔය කියන දේවල් දැකගන්න තව වසර දෙක තුනක් ජීවත් වෙන්නේ කොහොමද කියලත් කිව්වානම් හොඳයි මේ බඩු මිලත් එක්ක. (ර)
ඇමති තුමා අහල තියෙනවද මන්ද මේ කතාව. අර ගහක් උඩට නැග්ග පිස්සව බය කරලා පහලට ගන්න දොස්තර මහත්තය පොරොවක් අරගෙන ගහ කපන්න හැදුවට මිනිහ ගාණන් ගත්තේවත් නැහැ. හැබැයි, උදවුවට ආව පිස්සෙක් පොරොව ඉල්ලගත්ත විතරයි ඒක දැකපු අනික් පිස්සා ගහ උඩ ඉඳල එක හුස්මට පහලට රූටාගෙන ආවා. ඒ කියන්නේ දොස්තරලා දැඟලුවට වැඩක් නෑ, පිස්සෝ කලබල නැතුව වැඩේ දෙනවා කියන එකයි. (බ)
ආණ්ඩු පෙරලන එක, අපේ(මහජනතාව) වැඩක්. (බ)
අපි ඒක හිතුවා.(හේ)
දැන් වෙලා තියන්නේ දොස්තරලා වෙච්ච ඔබතුමන්ලා දඟලනවා පිස්සෝ වගේ ඔබතුමන්ලට ඡන්දෙ දුන්න අපි කලබල නැතුව බලා ඉන්නවා! (බ)
කෝ එහෙනම් බැංකු මහා මොළ කාරයා රටින් පැනලත් ගියා (බ)
කෑ ගහන්නේ නැතුව මහත්තයෝ වැඩක් කරලා පෙන්වන්න.(හේ)
එයට කන්නාඩියක් බලාගෙන කියන්න ......(හේ)
මෙයාල හිතාගෙන ඉන්නේ ජනතාව ගොන්නු කියලද (හේ)