පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගනේ ලකුණු 199ක් ලබා ශ්‍රී ලංකාවේ පළමුවැනියා වීමට ඇඹිලිපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ඩබ්.ඒ.වේනුජ නිම්සත් සමත්ව සිටියි. ලකුණු 198 ක් ලබා පෙළොන්නරුව රාජකීය විද්‍යාලයේ මාලක නෙත්මාල් තිලකරත්න සිසුවා දෙවැනි ස්ථානය ලබා ඇත. තුන්වැනි තැන දිනූවෝ දෙදෙනෙක් සිටිති. බෙම්මුල්ල පිටියේගෙදර ප්‍රාථමික විදුහලේ ගලපිටගෙදර සහනි යශෝදරා ගුණසේකර හා මාවනැල්ල සහිරා මධ්‍ය මහා විද්‍යාලයේ මොහොම්මදු නිස්වාරි ෆාතිමා සාමා ලකුණු 197 බැගින් ලබා තුන්වැනි තැනට පත්ව සිටිති. පසුගිය අගෝස්තු මස 17 දා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයට සිසුහු 327,648ක් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරණයි මගේ පුතේ....(දී)
ඇඹිලිපිටිය පුරවරයට කිර්තියක් ගෙන දුන් චුටි හපනාට ජයෙන් ජය (දිල්)
ගමේ දරුවන් ඉගෙන ගන්නවට ඉරිසියා පිරිසකුත් ඉන්නව වගේ ශිෂ්‍යත්වෙ විතරක් නෙමේ දැන් උසස් පෙළ විභාගෙනුත් වැඩි ලකුණු ගන්නේ ගමේ ළමයි එයාලගෙ දක්ෂතාව හෑල්ලුවට ලක් කරන්න එපා(දී)
ඇඹිලිපිටියට වාසනාවන් (දී)
මේ ප්‍රතිපලවල 3 වෙනියා වැරදිය (දී)
පුතාලාට සුබ පැතුම්. (දී)
ඔක්කොම පිට පළාත්වලට නේ බස්නාහිර පළාත විනාසකලා. (දී)
රටට ,ලෝකයට වැඩදායක පුතුන් ,දියණියන් වේවා ,තෙරුවන් සරණද ලැබේව කියා ඉතසිතින් පතන්නෙමි . (දී)
ඔයාලා සියළු දෙනාටම තෙරුවන් සරණයි .....!!! (දී)
දූ දරුවන්ගේ අනාගතය සාර්ථක වේවා, ගමේ හපනුන් ගැන ආඩම්බරයි (දී)
දරුවනි ඔබ සැමට මගේ ප්‍රණාමය!!! (දී)
රමණි පෙරේරා ,ඔබ කිව්වා හරි මේවත් දැන් මැතිවරණ ජිල්මාර්ට් වගේ තමා ...ගිය සැරෙත් එහෙම වුනා නේද (දී)
ලංකාවේ කොතන බැලුවත් තියෙන්නේ ජිල්මාට් තමයි.හොදින් තේරුම් බේරුම් කර ගන්න මොලේ නැතිනම් කපෝතියි .(දී)
කොළඹට හුරේ,,,, ..තව පසුකම් දෙන්න බලන්න සැප මදි කොළඹට (දී)
රමණි පෙරේරා.අඩුම වසයෙන් එකම කෙනෙක් හෝ සත්‍ය තේරුම් ගැනීම ගැන සතුටු වෙනවා.දැන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය තියන්න දරුවන් සමත් කිරීමට නොවෙයි .දරුවන් අසමත් කිරීමටයි.දරුවන් සමත් වෙනවා කියන්නේ ලොකු පාසල් වල පුටු කිහිපයක් හෝ වෙන් වෙනවා කියන එකයි.ලක්ෂ 5-15 ගානේ මුදලක් අහිමි වෙනවා කියන එකයි.පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වෙනවා කියන්නේ දුප්පත් දෙමාපියන්ගේ අන්තිම බලාපොරොත්තුවත් බිද වැටෙනවා කියන එකයි.මේ ගැන ලියන්න හිතුනේ පන්තියේ 1-2 අතර සිටින මගේ දරුවත් අරන් තිබුනේ 159 ක ලකුණු ප්‍රමාණයක්.මෙවර විබාගයෙන් ලකුණු 199ක්198ක් ගන්නවා කියන්නේ සිහිනයක් පමණයි. (දී)
රට පුරා සම්පත් බෙදී ගිහිල්ලා (දී)
දරුවනි ඔබ සැමට මගේ ප්‍රණාමය (දී)
රමනිගේ කතාව බැහැර කරන්නත් අමාරුයි කොහොම උනත් හැමදාම ගමේ ල,අයි දක්ෂයි (දී)
ගිය පාරත් ඔයටිකමනේ කරේ දරුවන්ව අනාත කරා. ඔය හොර වැඩ කවද හරි එලි වෙයිනේ රටේ අනාගතය වන දරුවන්ට මේ කරන අසාධාරණේ (දී)
මේවා ජිල්මාට් මොකද ළමයි හොද පාසල්වලට එනවාට!! ඔය ඔක්කොම ප්‍රතිපල විකෘති කරලා (දී)
අපෙන් සුබපැතුම් හපනුන්ට (දී)
අල්පෙච්ච ජීවිත ගතකරන,කොම්පියුටර් ගේම් නොදැකපු ,දෙමාපියන් දෙපස තබාගන රූප පෙට්ටියේ ඔලුව ඔබ නොගත් ගමේ එකා ඉහලින් සමත් වුනාම ජිල්මාර්ට් කියන්න තරම් මන්ද බුද්දික දෙමා පියන්ගේ දරුවන්ට නොදුටු දෙවියන්ගේම පිහිටයි. (දී)
නියමයි ! මුල් තුනම ගම්පළාත්වලට. (දී)
දරුවනි සැමට තෙරුවන් සරණයි (දී)
ඔයාලා සියළු දෙනාටම තෙරුවන් සරණ හා සියළු දෙවියන්ගේම පිහිටයි(දී)
තෙරුවන් සරණයි මගේ පුතේ (දී)
මේ නම් ජනප්‍රිය පාසල් වලට තියෙන ඉල්ලුම අඩු කිරීමට කරපු ජිල්මාට් එකක්ද කියලත් හිතෙනවා.(දී)
සියලු දරුවන් රටට වැඩදායි පුරවැසියන් වේවා (දී)
අනේ පුතේ හිස් ටින් එකක් නම් වෙන්න එපා (දී)
පහේ හපනුන්ට සුබ පැතුම් , ගමේ ළමයින්ගේ දක්ෂ කම ගැන සතුටුයි .. (දී)
ඉස්සර ඔක්කොම කොළඹ (දී)