IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පොහොට්ටුවේ 92ක් ජනපතිට සහය පළ කරති

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී  සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92 ක් අද (30) ඒකමතිකව තීරණය කරනු ලැබූහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ  සහභාගීත්වයෙන්  ජනාධිපති මන්දිරයේදී  පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී  මන්ත්‍රීවරු මෙම එකඟතාවය පළ කළහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා  මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා එම යෝජනාව ස්ථීර කර තිබේ.

⁣මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද  ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවට මෙම කණ්ඩායම් රැස්වීමේදී ප්‍රතිඥා දී ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පක්ෂව එහි විධායක සභාවේදී  ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වී නොසිටි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමට නොහැකි බව දැනුම් දී තිබුණි. 

වන ජීවී සහ වන සම්පත් අංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද  මෙම කණ්ඩායම්  රැස්වීමට සහභාගී වී සිටියාය.

 



අදහස් (23)

පොහොට්ටුවේ 92ක් ජනපතිට සහය පළ කරති

රංබොඩ Tuesday, 30 July 2024 07:31 PM

ඔන්න ඡන්ද 92 ක් තියෙනවා

:       13       65

රංගොඩWednesday, 31 July 2024 06:47 AM

මංත්‍රී 92 ක් ඉන්නවා කියන රංබොඩ උන්නැහේ මතක තියාගන්න ඔය 92 අගට බිංදු පහක් එකතුවෙනවා කියලා ඒක වයිමටවත් වෙනස්කරන්න බැහැ

:       1       0

රනේ Tuesday, 30 July 2024 07:48 PM

ගංවතුරට ගහගෙන යනවා.. බෝක්කුවක් ගාව රැඳෙනවා.. සංසාරේ..

:       11       66

වජිර Tuesday, 30 July 2024 09:11 PM

අනේද කියන්නේ...? මනමේ කුමාරිලා 92ක් වැදි රජාට කඩුමිට දෙන්න දඟලනවා. ඉතින් වැදි රජා දිනුවාමයි කියමුකෝ. මොකද මේ එක කුමාරියෙක්ටවත් අගමැතිකම දෙයිද අරෙහෙ සිරිකොතේ වැදී රැනක්ම ඉන්න එකේ. නූතන මනමේ කුමරියන් ටික බෝක්කුවක් අස්සේවත් ඉතුරු වෙයිද?

:       0       2

reks Tuesday, 30 July 2024 08:19 PM

මුට්ටි නෝනාට කියලා මතුරපු මුට්ටියක්වත් දියවන්නාවට දාලා ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමු!

:       11       48

sunil Tuesday, 30 July 2024 09:26 PM

මේ රනිල්ට ලැජ්ජාවක් නැහැනේ. තමන්ට පක්ෂයක් තියාගෙන, වෙන අයගේ සහය ඉල්ලන්ට...

:       13       48

පිටරැටියා Tuesday, 30 July 2024 09:32 PM

පොහොට්ටුවෙන් හරි හමන් එකෙක් තවම හොයාගන්ඩ බැරි වෙචිච එකේ රනිල්ගේ පිහිට මිස වෙන සරණක් නැහැ නේ?

:       1       0

අරවින්ද මොනරවිල Tuesday, 30 July 2024 09:45 PM

පොහොට්ටුවේ ඉන්න රටටම එපා වු දූෂිත හා හොරකම් මැරකම්වලට ප්‍රසිද්ධ අපරාධකාරයෝ පිරිවරාගෙන රනිල් මේ තමන්ට හිමි ඡන්ද ටිකත් අහිමි කරගෙන යන්න හදන්නේ දේශපාලන කනත්තටයි. ඒක එයාට ලබන සැප්තැම්බර් 21දායින් පස්සේ දැනගන්න ලැබෙයි.

:       0       1

Rohana Tuesday, 30 July 2024 09:59 PM

පොදුජන පෙරමුණේ කණ්ඩායම දෙකකට බෙදී තිබීම ගැන ජනතාව සතුටෙන්.

:       1       0

Nandalal de Silva - France Tuesday, 30 July 2024 10:01 PM

පොහොට්ටුකාරයන්ට දැන් ඉදලා ඇති වෙලා වගෙයි. ජනාධිපති තරගයට පස්සෙ එන මහ මැතිවරණය ගැන පුදුම බයක් මෙම මන්ත්‍රී , ඇමතිවරුන්ට තියෙන්නේ. තමන්ගේ ආසනය රැක ගැනීමේ පරමාර්ථයෙන් "දිනන පැත්තට හොයියා" කියන රංචුව ක් !!!

:       0       1

kumara Tuesday, 30 July 2024 11:08 PM

පොහොට්ටුවේ 92ක් නෙමෙයි 130 කියමුකෝ මේ පිං ජනපතිට සහය පල කළා කියන්නේ ඊලග ජනපති වෙනවා කියන එකද? එහෙම කොහොමද වෙන්නේ අපිනේ ඡන්දය දෙන්නේ. අපිනේ තීරණය කරන්නේ.

:       0       1

Don perea Wednesday, 31 July 2024 12:27 AM

හොරු සමග හෙළුවෙන්.

:       0       1

සෑම් Wednesday, 31 July 2024 05:22 AM

මේක තමයි රට කාබාසිනියා කරපු රැලේ හෙළුව. මරාගෙන මැරෙනවා කියන්නෙත් මේකටම තමයි.

:       0       1

ජගත් ලියනගේ Wednesday, 31 July 2024 06:57 AM

එක්සත් ජාතික පක්ෂය වැටුණ තැන මතක් වෙනකොට දුකත් හිතෙනවා එක වේලාවකට. ඡන්දේ නැති නිසා එක එකා පස්සේ යන්න වෙලා. හිඟා කනවා වගේමයි.

:       0       1

sugath Wednesday, 31 July 2024 09:36 AM

අන්න හරි ඔහොම යං. රාජපක්ෂලා නැත් නම් රනිල් දිනුම්. රටත් දිනුම්...

:       1       0

Kazi Shajahan Wednesday, 31 July 2024 10:14 AM

රාජපක්ෂලාට හොඳටම වලන් හෝදපු 92 .දැන් රනිල් ගේ වලව්වට මාරු උනා .දැන් වලන් විතරක් නෙමෙයි රනිල්ගේ වසිකිලියත් හෝදයි .නියම බඩු ටික .අපේ රටේ අවාසනාවට ජාතක උන කාලකන්නි හැතිකරය

:       0       2

siri Wednesday, 31 July 2024 10:54 AM

මෙයාලා එහාට මෙහාට පනින විදිහට ජනතාව පනින්න සූදානම් නෑ.

:       0       2

fairoos Wednesday, 31 July 2024 11:26 AM

පොහොට්ටුවට ඡන්දෙ දෙන අය ඉන්නවා නම් තවත් ලංකාවේ මිනිස්සු නම් වෙන්න බෑ.

:       0       1

Wasantha jayasingha Wednesday, 31 July 2024 11:57 AM

මුන්ව ගෙදරම යැවිය යුතුයි

:       0       4

Wasantha jayasingha Wednesday, 31 July 2024 11:58 AM

මුන් ගෙදරම යැවිය යුතුයි

:       0       4

Rata Perata Wednesday, 31 July 2024 12:01 PM

රනිල් තවම හිතාගෙන ඉන්නේ පින් ජනපති උන විදියට මේකත් පුළුවන් වෙයි කියලා වෙන්න ඇති .ඔය චන්ද 92 න් ජනපති වෙලා බලන්නකෝ .අනික් එක ඔකේ වැඩිපුර ඉන්නේ අපේ බදු සල්ලි හොරකම් කරපු පල හොරු

:       0       4

DHARMATILEKE Wednesday, 31 July 2024 12:38 PM

මචං.අපි රනිල්ගේ පැත්ත ගමු .නැත්නම් ඔය මනුස්සයා පාර්ලිමේන්තුව විසිරුවයි.අපි එතකොට අනාතයෝ

:       0       3

කමල් Wednesday, 31 July 2024 02:10 PM

හරිම ලස්සන නාට්‍යක් රඟ පාලා ඉස්සර වගේ රනිල් , මහින්ද ලෙස පක්ෂ දෙකකට කැඩුනා ...දැන් දෙපිල බැන ගනී....රැවටෙන ජනතාව රනිල් හොදයි මහින්ද නරකරයි ,අපි පොහොට්ටුවේ ,අපි රනිල්ට කියලා දෙපැත්තට බැන ගනී.නැවතත් පරණ පීල්ලට මාරු උනා ...කොහොම උනත් මේ අන්තිම අවස්ථාවයි ..රටේ සහ අනාගත දරු පරපුර වෙනුවෙන් බුද්ධිමත් තීරණයක් අරන් චන්දෙ දෙමු .... නැත්නම් උන්ව රජ කරලා අපි මැරෙනකම්ම දුක් විඳිමින් ඉමු..රටේ ආනාගතයත් ,අනාගත දරුපරපුරත් මේ වලටම දාමු

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2772 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1995 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2869 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2886 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 654 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1298 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36034 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 516 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site